Coss Ear2
lakbima.lk
COSS Ear 1

20 වන සංශෝධනය ව්‍යවස්ථාදායක මට්ටමෙන් නොවිසඳුනොත් ශ්‍රේෂ්ඨාධිකරණයට

පළාත් සභා ඡන්ද කල් දැමීමට ඉදිරිපත් කර ඇති 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු එරෙහි වුවහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය නොලැබෙනු ඇති බවත් මෙය ව්‍යවස්ථාදායක මට්ටමින් විසඳා ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
සියලුම පළාත් සභා ඡන්ද එකම දිනයකදී පැවැත්වීමට ආණ්ඩුවට අවශ්‍ය නම් කළ යුත්තේ මුලින්ම විසිරෙන පළාත් සභාවලට සමගාමීව අනෙක් පළාත් සභාද විසිරුවා හැර සියලුම පළාත් සභාවල ඡන්ද එකම දිනෙක පැවැත්වීම මිස පවතින පළාත් සභාවල ධුර කාලය 2019 අවසානය දක්වා දික් කිරීමට ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නොවන බව හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභාවල ධුර කාලය තව සති කිහිපයකින් විසුරුවා හැරීමට නියමිත බැවින් යෝජිත විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් මෙම වසරේත් ලබන වසරේත් කල් පිරෙන සියලු පළාත් සභා 2019 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල් දැමෙනු ඇති බවත් ඡන්ද කල් දැමීමෙන් ජනතාවගේ පරමාධිපත්‍යයත්, ඡන්ද බලයත් අමුඅමුවේ උල්ලංඝනය වීමක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.
වත්මන් ආණ්ඩුව මීට වසර දෙක හමාරකට පෙර පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන ඡන්දය දින නියමයකින් තොරව කල් දැමීමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවද මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය කණපිට හැරවීමට පටන් ගත්තේ 2015. ජනවාරි 09 දා බව සඳහන් කරන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 144කගේ සහය තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිවරයා ඉවත් කර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 44ක් සිටි එක්සත් ජාතික පක්ෂ නායකයා අගමැති ධුරයට පත් කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ.
නිදහස ලැබූ දා සිට පැවැති කිසිදු ආණ්ඩුවක් මේ තරම් දරුණු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු නොකළ බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
 
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1186

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 668

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2793

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3830

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6863

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6075

Please publish modules in offcanvas position.