Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විමල්ගේ කණ්ඩායම ඉවත්වීමෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට බාධාවක් නෑ

ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වුවත් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක්ය කියන කාරණයට බාධාවක් නොවන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) නිවේදනය කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව කීවේය. එහිදී විමල් විරවංශ මහතා මෙසේද කීය.
මම සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියෙන් ඉවත් වෙන බව දැනුම්දීම නිසා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාපිත මණ්ඩලයක් නොවන බවට අප මතු කළ තර්කයට ඔබතුමා පසුව පිළිතුරක් ලබා දෙන  බව කිව්වා. ඒ ගැන මතය අද කරන්න පුළුවන්ද නැතිනම් එම ප්‍රකාශය පසුව කරනවාද කියා දැනගන්න කැමතියි.
කථානායක - 
ඔබ කණ්ඩායම ඉවත්වීම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කටයුතුවලට බාධාවක් නොවන බවට මට නිතී උපදේශකයින් දැනුම්දී තිබෙනවා.
විමල් විරවංශ මහතා - 
ව්‍යවස්ථාපිත මණ්ඩලය මුළු පාර්ලිමේන්තුම වෙනවා කියලා අපට ලිපි ලැබිලා තියෙනවා. එය විය නොහැකියි කියලා තමයි අපි කියන්නේ. අප පස් දෙනා ඉවත්වීම නොවෙයි පනහක් ඉවත් වුණත් බාධාවක් නැහැ කියලද කියන්නේ.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - 
රැස්වෙන මන්ත්‍රීවරු කියන අදහස තමයි මෙතනදී තියෙන්නේ.
විමල් විරවංශ මහතා - 
මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් එකතුවුණත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වෙනවාද
කථානායක - 
ඔබ කණ්ඩායම ඉවත් වුණත් එය ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙස හැදින්විය හැකි බවට තමයි මට උපදෙස් ලැබිලා තියෙන්නේ.
විමල් විරවංශ මහතා -
ඔබතුමා ඔහොම උපදෙස් දෙන අයගෙන් ප්‍රවේසම් වෙන්න
කථානායක - 
පිළිගත් අයගෙන් තමයි මම උපදෙස් ගන්නේ
විමල් විරවංශ මහතා - 
ඒක තමයි ප්‍රශ්නේ.
සභානයක - 
පිළිගත් අයගෙන්.... පිළිගත් අයගෙන් ..... මේ .... අපි වගේ.....
 
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තමන්ද නොදැනුවත්ම ‘නිල් චිත්‍රපටය‘ක රඟපෑ කතක්

IMAGE 2017 Oct 23 15:15
‘කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්?‘ කිසිවෙකු නිවසේ නොමැති විටෙක...
Views - 108

වයිට්නිං ක‍්‍රීම්වලින් ඇත්තටම සුදු වෙනවද?

IMAGE 2017 Oct 23 11:55
අද කාලෙ තමන්ගේ සමේ පැහැය ගැන උනන්දු වෙන්නෙ කාන්තාවන් විතරක් නෙවෙයි. පිරිමි අයත් සුදු හෝ...
Views - 157

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

IMAGE 2017 Oct 23 11:30
වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ තම රංගන කුසලතා පළකළ ඇය “ මද්දහන ” ටෙලි නාට්‍යයේ...
Views - 242

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1878

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 3062

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 2100

Please publish modules in offcanvas position.