Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ලංකා ආණ්ඩුව දුන් ‍පොරොන්දු ඉටුකර නෑ

ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ලබාදුන් ‍පොරොන්දු නිසි ලෙස ඉටුකිරීමට ශ්‍රී ලංකා රජය අ‍පොහොසත්ව ඇති බව ජගත් සංවිධානය අවධාරණය කර සිටී.
දීර්ඝ කාලීන සාමයක් උදා කරගැනීමට සහ වාර්ගික අර්බුදයට විසඳුමක් දීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ අනෙක් අතට හැරවීමට මෙරට රජය තුළ සිටින ඇතැම් කොටස් උත්සාහ දරන බවද එම කොටස් වෙත ඒ සඳහා කිසිඳු ඉඩක් නොදීමට ශ්‍රී ලංකා රජය හා ජනතාව වගබලා ගත යුතු බවද මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටුදැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා පවසයි.
ශ්‍රී ලංකා රජයේ ආරාධනාව පරිදි පස්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බෙන් එමර්සන් මහතා එම සංචාරය අවසන් කරමින් කොළඹ තුන්මුල්ල එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අදහස් පළ කළේය.
වසර 26ක් මුළුල්‍ලේ පැවැති යුද්ධය සමයේදී සහ ඉන් පසු කාලයේදී සිදුවූ දරුණු මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මතෛක් කිසිවක් කර නැතැයිද එමර්සන් මහතා මෙහිදී කීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබාදුන් වසර දෙකක දිගුවෙන් මාස හතරක් ගෙවී ගොස් තිබුණද කවුන්සිලය හමුවේ ඉටු කිරීමට ‍පොරොන්දු වූ ප්‍රධාන අරමුණු ළඟා කරගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඉතාමත් පහළ මට්ටමක පවතින බවත් ඇතැම් අවස්ථාවලදී එම ඉලක්කවලට ගමන් කරන බවක් හෝ නොපෙනන බව ද හෙතෙම කීය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම තීරණය වන්නේ අදාළ වසර දෙකක කාලසීමාව අවසානයේදී බව පැවැසූ බෙන් එමර්සන් මහතා සත්‍ය ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති යුක්තියක් ස්ථාපිත කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැතැයිද කීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන ත්‍රස්ත විරෝධී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ, පාර්ලිමේන්තුවේ සහ මහජන උපදෙස් ලබා නොගැනීම කනගාටුවට කරුණක් බවද ඔහු කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
2015 වසරේදී ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රහය දක්වමින් මානව හිමිකම් සහ සංහිඳියාව වෙනුවෙන් වැඩකටයුතු සිදුකිරීම ආරම්භ කළා. එම එකතුවෙන් අදාළ අරමුණු සාක්ෂාත් කරගන්න දරන උත්සාහය යටතේ ශ්‍රී ලංකා රජය පියවර කිහිපයක් අරගෙන තියෙනවා. කොහොම වුණත් වසර දෙකයි මාස 4ක් ගතවී අවසන්. එහෙත් අදාළ අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි. ඇතැම් දේවල් වචනයට පමණක් සීමා වුණු තත්ත්වයක් දක්නට ලැබෙනවා. අප ඉදිරිපත් කළ නිර්ණායකයන් ඒ අයුරින්ම ඉටුවුණු බවක් අපට පේන්නට නැහැ. යුද වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් පියවර ගැනීමත් මන්දගාමීවයි සිදුවන්නේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 816

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 653

මම මිය ගියේ නැහැ

IMAGE 2017 Sep 24 11:59
රොඩ්නි වර්ණකුල හදිසියේ මිය ගිය බවට බොරු පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ එහා මෙහා වුණා. මේ...
Views - 408

අද කාලේ කඨින පිංකම් අස්සේ 'බෝතල් පාටි'ත් දානවා

IMAGE 2017 Sep 22 15:40
කඨින චීවර මාසයක් ළඟ ළඟම එයි. බෞද්ධයන්ට සිදුකළ හැකි අට මහ කුසල් අතරින් මුල්ම කුසලය වන කඨින චීවර...
Views - 883

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි

IMAGE 2017 Sep 22 11:12
තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව...
Views - 3058

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

IMAGE 2017 Sep 21 12:27
ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22...
Views - 3663

Please publish modules in offcanvas position.