Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තෙල් සංස්ථාවට විදුලිය බිලියන 52 ක් ණය වෙයි

ලංකා ඛනිජතෙල් සංස්ථාවෙන් මතෛක් ලබා ගත් තෙල් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 52 ක ණයක් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ලබාදීමට ඇති බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා ලක්බිමට පැවැසීය.
මේ අනූව ලංකා විදුලිබල මණ්ඩලය ලබා ගන්නා තෙල් සඳහා විශාල ණයක් දිනෙන දින  එකතුවන බව සඳහන් කළ ඒ මහතා කෙතරම් ණය ඇතත් ලංකා විදුලිබල මණ්ඩලය සඳහා අවශ්‍ය තෙල් ලබා දෙන බවත් පැවැසීය. 
කෙසේ නමුත් ත්‍රිකුණාමල තෙල් ටැංකි පෞද්ගලික ආයතනයකට ලබා දීමෙන් ලංකාවේ සියලුම තෙල් බෙදුම් හල්වලට එම පෞද්ගලික ආයතනයෙන් තෙල් ලබා දීමට සිදුවන බව ඒ මහතා සඳහන් කළේය. මේ නිසා ලංකා ඛනිජතෙල් සංස්ථාව වැසීයාමේ තත්ත්වයකට මුහුණු දිය හැකි බව සඳහන් කළ ඒ මහතා පෞද්ගලික ආයතනයක් කිසිදු ලෙසකින් රාජ්‍ය ආයතනවලට ණයට තෙල් ලබා නොදෙන බවත් පැවැසීය. මේ නිසා සෑම ආයතනයකටම පවතින ණය ගෙවීමට සිදුවන බවත් නැවත එම පෞද්ගලික ආයතනය මගින් ණයට තෙල් ලබා ගත නොහැකි බව ද හෙතෙම පැවැසීය.
එමෙන් මතෛක් පෞද්ගලික ආයනය කොළොන්නාව, මුතුරාජවලින් තෙල් ලබා ගත්තත් ඊට වඩා අඩු වියදමකින් ඔවුන්ට ත්‍රිකුණාමලයේ තෙල් ලබා ගැනීමෙන් තෙල් බෙදිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම මෙතක් කාලයකට තෙල් සම්බන්ධ මිල සූත්‍රයක් රටට හෙළි නොකළ බැවින් රජය විසින් තෙල් සඳහා වූ මිල සූත්‍රය රටට හෙළි කළ යුතු බවද ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පැවැසීය.
 
ප්‍රසාදිකා ජයවර්ධන
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5434

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3737

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5225

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5834

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6673

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4140

Please publish modules in offcanvas position.

X

Right Click

No right click