lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

විල්පත්තුවේ නිදන් සෙවූ දෙදෙනෙක් අත්අඩංගුවට

එළුවන්කුලම - පල්ලිවාසල්කුලම් ප්‍රදේශයේ පිහිටි පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකුව උපකරණ කීපයක්ද සමග එළුවන්කුලම වන ජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් නිධානය ගොඩ දැමීම සඳහා සුදානම් වී තිබූ ස්ථානය පිහිටා ඇත්තේ විල්පත්තුව වනාන්තරය තුළ බව වන ජීවී නිලධාරීන් කියයි. එළුවන්කුලමේ සිට කිලෝ මීටර් 20 ක් පමණ දුරින් විල්පත්තුව වනාන්තරය තුළ එම ස්ථානය පිහිටා  ඇත. වන ජීවී නිලධාරීන් වැටලීම සඳහා කඩා පනින විට එම ස්ථානයේ 15 දෙනෙකු පමණ සිට ඇති නමුත් දෙදෙනෙකු හැර සෙසු පිරිස පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. පලා ගොස් ඇති සැකකරුවන් අතර වනාතවිල්ලුව ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය දේශපාලකයෙකුද වන බව කියති.

සැකකරුවන් විසින් අදාල ස්ථානයේ අඩි 10 ක් පමණ විශ්කම්භයකින් යුත්,අඩි 20 ක් පමණ ගැඹුරු වළක්ද කපා තිබී ඇත.

සැකකරුවන් විසින් නිධානය ගොඩ දැමීම සඳහා යොදා ගෙන තිබූ ජල මෝටරයක් ඇතුළු උපකරණ කීපයක්ද වන ජීවී නිලධාරීන් තම භාරයට ගෙන ඇත.

සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

විල්පත්තුව ජාතික උද්‍යානයේ නියෝජ්‍ය උද්‍යාන භාරකරු පී.ඩී.එම්. දිසානායක මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.

‍ජුඩ් සමන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 198

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 1864

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 1414

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1128

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 677

අත්තනගලු ඔයේ මාළුන්ට දන්සලක් (Video)

IMAGE 2017 Aug 14 12:58
ලක් ඉතිහාසයේ එදා මෙදා තුර වාර්තා වන සුවිසල්ම දානය සිරිසඟබෝ රජතුමා විසින් පිරිනමන ලද්දකි. ඒ...
Views - 2029

Please publish modules in offcanvas position.