lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

චීනය සමඟ ගිවිසුම්වලදී රටේ ස්වාධීනත්වයට හානියක් නැහැ

චීනය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් රැසකට එළඹෙන බවත් එ සියලු ගිවිසුම් ශ්‍රී ලංකාවේ අභිමානයට, ස්වාධීනත්වයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චෑන්ග් වන්ක්වාන් මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට චීනයෙන් ලැබෙන සහය අගය කළේය.දීර්ඝ කාලයක සිට ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදාවන් සඳහා චීන රජයෙන් ලබාදෙන පුහුණු අවස්ථා පිළිබඳව ජනාධිපතිවරයා ස්තූතිය පළ කළ අතර මෙරට යුද්ධය පැවැති තීරණාත්මක අවස්ථාවේදී චීනය ලබාදුන් සහයෝගයද ඇගයීමට ලක්කෙරිණි.එමෙන්ම මෙරට ආරක්ෂක හමුදාවන් සඳහා අවශ්‍ය පුහුණුවීම් අඛණ්ඩව චීන රජයෙන් ලබාදෙනු ඇතැයිද ජනාධිපතිවරයා තම විශ්වාසය පළ කළේය.
මෙහිදී අදහස් දක්වමින් චීනයේ ආරක්ෂක අමාත්‍ය ජනරාල් චෑන්ග් වන්ක්වාන්  මහතා සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ ජනතා සුබසිද්ධිය සඳහා ශක්තිමත් පදනමක් වැටී ඇති බවයි.එය චීන රජයේ සතුටට කරුණක් බව ප්‍රකාශ කළ චීන ආරක්ෂක අමාත්‍යවරයා චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම්ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනැමීය.චීනය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා අරඹා වසර 60ක් වැනි දීර්ඝ කාලයක් බවත් එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම රටේ අරමුණ බවත් චීන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9058

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4187

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2883

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3257

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4152

Please publish modules in offcanvas position.