lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ලසන්ත ඝාතනය කළේ බුද්ධි අංශයේ කණ්ඩායමක්

‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය එවකට යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාව සිටි මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති යුද හමුදා බුද්ධි අංශයේ විශේෂ කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතාට දැනුම් දුන්නේය.
එම ඝාතනය සිදුකර ඇත්තේ වෙඩි තබා නොව පහරදීමකින් හිසේ අභ්‍යන්තරයට සිදුවූ දරුණු තුවාල නිසා බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි ද එහිදී පෙන්වා දුන් විමර්ශන නිලධාරීන් හිසේ අභ්‍යන්තරයට එලෙස දරුණු ලෙස හානි සිදුවිය හැක්කේ “බෝල්ට්ගන්” නැමැති හමුදා ක්‍රියාන්විත සඳහා භාවිත කරන විශේෂ ආයුධය උපයෝගි කරගනිමින් එල්ලකරන ප්‍රහාරවලින් බවට නිගමනය කළ හැක්කේ යැයිද පෙන්වා දුන්නේය.
මාධ්‍යවේදී කිත් නොයාර් මහතා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයා ඇතුළු සැකකරුවන් පිරිස මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට කුමන ආකාරයෙන් සම්බන්ධ වූයේ දැයි අනාවරණය කරගැනීමට දීර්ඝ ලෙස විමර්ශන සිදුකරන්නේ යැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නඩුව යළි ජුනි 19 වැනිදා කැඳවීමට දින නියම කළේය. එදිනට පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද එහිදී නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මේ වන විට ඇප මත මුදාහැර සිටින යුද හමුදා බුද්ධි අංශ සැරයන් ප්‍රේම් ආනන්ද උදුලාගම නමැත්තාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අවවාද කළේය. 2009.01.08 වැනිදා උදෑසන අත්තිඩිය මලලගම ප්‍රාථමික විදුහල අසලදී සිය කාර් රථයෙන් ගමන් කරමින් සිටි ලසන්ත වික්‍රමතුංග මහතාට යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් ප්‍රහාර එල්ල කොට පළාගොස් තිබුණි. එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කොට සුළු මොහොතකින් මියගොස්
තිබුණි.

නිශාන්ති රාමනායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9067

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4189

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2885

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3258

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4152

Please publish modules in offcanvas position.