lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

පිළිකා මඩින්න කරවිල ඇට

පිළිකා සෛල මර්දනය කිරීමේ හැකියාවක් කරවිල ඇට සතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ෙසෙල විනාශ කර පිළිකා ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම අඩාල කළ හැකි රසායනිකමය හැකියාවකින් කරවිල බිජ සමන්විත වන බව පර්යේෂණයේ නිරත පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පැවැසීය.
කරවිල ඇට යොදාගනිමින් වර්ෂයක පමණ කාලයක් කරන ලද පර්යේෂණයේදී කරවිල ඇට තුළ ඇති ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් (steric fatty acid) රසායනය මගින් පිළිකා මර්දනය කළ හැකි බව අනාවරණය වූ බව පැවැසූ පශු ව්‍යාධවේද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
කාමිනාශක යෙදීමෙන් තොරවූ පිරිසිදු කරවිල බිජ යොදාගනිමින් මෙම පර්යේෂණය ආරම්භ කළා. විවිධ සතුන් උපයෝගී කරගනිමින් මෙම ප්‍රතිකාරය ලබාදුන් අතර ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇස්ඩ්වලට පිළිකා ෙසෙල නැසීමේ හැකියාව ඇති බව තහවුරු වුණා. දියවැඩියාව සඳහා උචිත ඖෂධයක් වශයෙන් කරවිල ජනතාව අතර ප්‍රචලිතව පවතින නමුත් කරවිල ඇට ආහාරයට ගැනීම බොහෝ දෙනෙකු සිදු කරන්නේ නැහැ. නමුත් කරවිල කරල සම්පූර්ණයෙන්ම ඖෂධීය ගුණයෙන් යුක්තයි. රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවක් කරවිල මදය සතුයි.

මෙම පර්යේෂණය සඳහා ඉතා පිරිසිදු කරවිල බිජ යොදා ගත්තා. කෘමිනාශකවලින් තොර පිරිසිදු කරවිල බිජ කිලෝවක මිල රුපියල් හයදහසක් අට දහසක් අතර මිලක් වෙනවා. නිපදවන කරවිල බෙහෙත් කැප්සියුලයක් සඳහා කරවිල බිජ අටක් පමණ යෙදිය යුතුයි.
මෙම ඖෂධය අතුරු ප්‍රතිඵල නොමැති සම්පූර්ණයෙන්ම ඖෂධීය ගුණයෙන් යුතු කරල්මය ඖෂධයක්. මහනුවර මහ රෝහ‍ලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ රෝගීන් සඳහා මේ වන විට මෙම ප්‍රතිකාරය ලබාදෙනවා. ඖෂධය මේ වන විට සාර්ථක වී ඇති බවත් ඉදිරියේදී මෙම නව හඳුන්වාදීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කරවිල ඇට උපයෝගී කරගනිමින් නිපදවූ කැප්සියුලය මහනුවර රෝහ‍ලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටත් සතියකට දෙවතාවක් ලබාදෙන බව මහාචාර්ය රොහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රසායනික ද්‍රව්‍යය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්‍රෑමයක් රුපියල් 6000.00ක් පමණ වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09ක් පමණ වැයවන බවත් කී මහාචාර්යවරයා රෝගීන්ට මෙම ප්‍රතිකාරය ලබාදෙන්නේ නොමි‍ලේ  බවද පැවැසුවේය.
මෙම කරවිල ප්‍රතිකාරය දීර්ඝ කාලයක් අඛණ්ඩව ලබා ගත්තද ශරීරයට අහිතකර බලපෑම් කිසිවක් ඇති නොවන බවත් ඒ බවද
පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් හෙතෙම කීය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9070

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4190

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2886

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3260

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4153

Please publish modules in offcanvas position.