lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

ලොරියේ තට්ටුව ගැලවී සිසුවියන් 9ක් රෝහ‍ලේ

පොළොන්නරුව, පුලස්තිපුර ‍පොලිස් වසමේ පුලස්තිගම විජිත මධ්‍ය මහා විදුහ‍ලේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථකින් ගමන් කරමින් සිටියදී ඊයේ (9) පෙරවරු 10.00ට පමණ ලොරි රථයේ තට්ටුව ගැලවී අනතුරකට පත්ව සිසුවියන් 9 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ‍පොලීසිය පවසයි.
‍පොළොන්නරුව මහා රෝහලට ඇතුළත් කෙරුණු තුවාල ලත් සිසුවියන් අතරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවද ‍පොලීසිය පවසයි.
එම විදුහ‍ලේ සිසුවියන් පිරිසක් මේ දිනවල පැවැත්වෙන අධ්‍යාපන කොට්ඨාස ක්‍රීඩා තරග සඳහා ලංකාපුර රතනසාර මහා විදුහල් ක්‍රීඩාංගණය වෙත එම ලොරි රථයේ නැගී ගමන් කරමින් සිටියදී යකඩ බටවලින් සකසා තිබූ එම රථයේ තට්ටුව හදිසියේ කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවද ලංකාපුර ‍පොලීසිය පවසයි.
මෙම  අනතුර සිදුව ඇත්තේ ‍පොළොන්නරුව බි.ඕ.පී. 400 මංසන්ධියේදීය. එම ප්‍රදේශයේ වූ ප්‍රවාහන පහසුකම් අවම තත්ත්වයෙන් තිබෙන අතර නිසි වේලාවට එම සිසු දරුවන්ට ක්‍රීඩා තරගවලට සහභාගි වීමට පමා වන බැවින් එම පාස‍ලේ සිසු දරුවකුගේ පියකු ලබාදුන් ලොරි රථයේ සිසුවියන් ගමන් කර ඇති අතර එය ධාවනය කර ඇත්තේද එම පාස‍ලේම ගුරුවරයකු බවද ‍පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මේ වන විට සිද්ධියට සම්බන්ධ ලොරිය පැදවූ රියැදුරු සහ ලොරි රථය ලංකාපුර ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ලංකා පුර ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ආරියපාල වීදාගම, නිමල් ජයරත්න, මනම්පිටිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 357

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 764

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 2421

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 1813

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2395

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3782

Please publish modules in offcanvas position.