lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

රියැලිටි තරග ජය ගත්තැයි කියා කතුන්ගෙන් මුදල් ගරන ජාවාරමක්

දිවයිනේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා දෙකක පැවැත්වෙන රියැලටි වැඩසටහන් මගින් පැවැත්වූ ප්‍රේක්ෂක ප්‍රතිචාර තරගවලින් මුදල් ජයග්‍රහණ හිමිවී ඇති බව කියමින් කාන්තාවන්ට ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමේ ජාවාරමක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යයි.අනුරාධපුර කාන්තාවන් විශාල පිරිසකට මෙම ඇමතුම් ලැබි ඇති අතර ජයග්‍රාහි මුදල ලබාගැනීම සඳහා එහි ලියාපදිංචි ගාස්තුව වශයෙන් රුපියල් 15000ක් හා 25000ක් අතර මුදලක් ඊෂි කෑෂ් ක්‍රමයට රූපවාහිනී ආයතනයට බැරකළ යුතු බවට ඇමතුම් ලබාදෙන අය පවසන බව වාර්තාවෙයි.
පසුගිය දිනක එවැනි ඇමතුමක් ලැබුණු තරුණ කාන්තාවක් අදාළ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් මෙසේ කියා සිටියාය. මීට දින කිහිපයට ඉහතදී මට එක්තරා රූපවාහිනී නාලිකාවකින් කියලා හදිසි ඇමතුමක් ලැබුණා. බොහෝම සුහදව මාත් එක්ක කතාකරලා මට එම රූපවාහිනි නාලිකාව මගින් පැවැත්වූ රියැලටි වැඩසටහනකින් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් හිමිවෙලා තියෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා ඒ මුදල ගෙදරටම ගෙනල්ලා දෙන්න නම් රුපියල් 15000ක ලියාපදිංචි ගාස්තුවක් ඕන කියලා.
නැත්නම් ත්‍යාග මුදල බැංකුගත කරන්න රුපියල් 10000ක මුදලක් ලියාපදිංචියට ඕන කියලා මගේ බැංකු ගිණුමේ අංකය ඉල්ලුවා. මම බැංකු ගිණුම් අංකය දුන්නට පස්සේ කිව්වා ඔයාට ‍පොඩි අසාධාරණයක් වෙනවා මේ මුදල ගෙදරටම ගෙනල්ලා දුන්නොත්. මාසයක් විතර රූපවාහිනියේ දැන්වීමක් යනවා එතකොට කාටද ආඩම්බර කියලා. මට තිබ්බ සතුට නිසා මම කිව්වා රුපියල් 15000ක් ලියාපදිංචියට දාන්නම් කියලා. එතකොට ඇමතුම දීපු කෙනා කිව්වා නංගි ටග්කලා දුවලා යන්න ළගම තියෙන කොමිනිකේෂන් එකට. අපි දෙන අංකයට මුදල් දාන්න කියලා.
මම අතේ රුපියල් 15000ක් නොතිබුණු හින්දා ඒ බව මගේ හිතවතෙකුට කියලා රුපියල් 15000ක් ඉල්ලුවා. එයා කිව්වා ඔය බොරුවලට අහුවෙන්න එපා. රූපවාහිනී නාලිකාවලින් එහෙම සල්ලි ගන්නෑ කියලා. මට නැවත විනාඩි 15කට විතර පස්සේ ඇමතුම ආවා. මම කිව්වා තෑග්ග දෙනවනම් ගෙදරට අරන් එන්න එතකොට සල්ලි දෙන්නම් කියලා.
ඒ පාර ඔයා වාසනාවට පයින් ගැහුවා ඔයාට ඕන ඕන විදියට අපි තෑගි දෙන්නෑ කියලා කිව්වා. පස්සේ ඇමතුම විසන්ධි කරා. මම ඊට පස්සේ ඒඅංකයට ඇමතුම් කිහිපයක්ම ගත්තා. නමුත් දුරකථනය සම්බන්ධ කරන්න බෑ කියලා පටිගත කිරීමක් යනවා යනුවෙන් ඇය පැවැසුවාය.මීට පෙරත් මෙවැනිම සංවිධානාත්මක වංචාකරුවන් දුරකථන සමාගම්වලින් පැවැත්වූ තරගවලින් මුදල් ත්‍යාග ඇතැයි කියමින් විවිධ පුද්ගලයන්ට ඇමතුම් ලබාදී රුපියල් ලක්ෂ ගණනින් වංචාකළ බවට ‍පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබි තිබුණි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

Comments  

0 #1 Save 2017-02-19 19:26
Stupid Sri Lankans can easily be trapped for money.

What type of education are they giving in Sri Lanka
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1123

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2115

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.