lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

කුඩා සංචාරක හෝටල් හිමියෝ අසරණවෙලා

සුරාබදු නිලධාරීන් පිස්තෝල ‍පොලු රැගෙන නොමනා අයුරින් කුඩා පරිමාණ සංචාරක හෝටල්වලට කඩා වැදීම නිසා කුඩා පරිමාණ  සංචාරක හෝටල් හිමියන්  දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බැව් දකුණු පළාත් සභාවේ එජාප  මන්ත්‍රී නිහාල් වෙදආරච්චි මහතා පවසයි.
කුඩා පරිමාණ සංචාරක හෝටල් හිමියන්ට විදේශිකයින් සඳහා බියර් විකිණීමට අවසර ලබා දිය යුතු බවට දකුණු පළාත් සභා රැස්වීමට හදිසි යෝජනාවක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය. සුරාබදු නිලධාරීන්
නිල ඇඳුමවත් නැතිව සිවිල් ඇඳුමෙන් සැරසිලා ගංජා, කුඩු, කසිප්පු, ජාවාරම්කරුවන්. මංකොල්ලකරුවන් අල්ලන විදියට තමයි බියර් අල්ලන්න කුඩා පරිමාණ සංචාරක හෝටල්වලට කඩා පනින්නේ. ගාල්ලෙන් කියනවා කොළඹින් කියනවා මාතරින්  කියනවා මේ විදියට තමයි කුඩා පරිමාණ හෝටල්වලට කඩා පනින්නේ. පසුගිය දිනක තංගල්ල මාරකොරලිය ප්‍රදේශයේ සංචාරක හෝටල්වලට බියර් අල්ලන්න මේ විදියට පැන්නා. ඉතාමත් පහත් හා නොමනා විදියට තමයි මේ අය කටයුතු කරන්නේ. මේ නිලධාරීන් ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කටයුතු කරනවාද කියලා මට සැකයක් තියෙනවා.
රටේ ආර්ථිකයට කුඩා පරිමාණ සංචාරක හෝටල් හිමියන් විශාල දායකත්වයක් ලබා දෙනවා. වසර 30ක යුද්ධයෙන් පසු සංචාරක කර්මාන්තය තුළ විශාල දියුණුවක් ඇති වෙලා තියෙනවා. වත්මන් රජය මගින් සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය  පහසුකම් ලබා දී තිබෙනවා. කුඩා පරිමාණ සංචාරක හෝටල් හිමියන්ට  විදේශිකයින්ට බියර් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
පසුගිය රජය කාලයේ සංචාරක කාලය තුළ කුඩා පරිමාණ හෝටල් හිමියන්ට මේ අවස්ථාව ලබා දුන්නා. ඇතැම් කුඩා පරිමාණ  සංචාරක හෝටල් හිමියන් ප්‍රජා සේවා කටයුතුවලටත් යොදවනවා” යැයිද මන්ත්‍රීවරයා කීවේය.

කමල් විජේහේවා - ගාල්ල

Comments  

+6 #1 da silva 2017-02-17 15:09
karunakara kuda sancharaka hotal himiyan ganath balanna , apith ratata widesha winimaya soyala denawa , api widesha sancharakayekuta biyar bothalayak wikunuwa kiyala surabadu niladhariyo hotalaya athulat panala apita batan polu walin gahala oluwata pisthola ellakarala sancharakayo baya wena widihata kriya karana kota api kohomada viyapara karanne ?
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6541

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1067

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3354

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2369

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2815

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.