lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

හාල් අර්බුදයෙන් ආපනශාලා වැසීයෑමේ අවදානමක්

හාල් අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබා දීමට රජය අ‍පොහොසත් වුවහොත් ආපනශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.දැනට පවතින හාල් අර්බුදය විසඳීමට ජනාධිපතිවරයාට වහාම මැදිහත් වන ලෙසද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව එහි කැඳවුම්කරු අසේල සම්පත් මහතා පැවැසීය.
ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීම අතර සත්ව ආහාර සඳහා සහල් නිකුත් නොකිරීම, බියර් නිෂ්පාදනයට සහල් යොදා නොගැනීම, සරසවි ආයතන, වෛද්‍ය පීඨ, රාජ්‍ය ආයතනවල ආපනශාලාවන් සඳහා සහල් අඩු මිලට ලබාදීම, ඇතුළු යෝජනා කීපයක් ඇතුළත් කර ඇතැයි හෙතෙම පැවැසීය.
ජනාධිපතිවරයා තමන්ගේ මෙම ලිඛිත ඉල්ලීම්වලට ලබන 20 වෙනිදාට පෙර ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් 20 වෙනිදා උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන සියලුම ආපනශාලා වසා දැමීමට කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

ශ්‍රියානි විජේසිංහ

Comments  

0 #1 Ranjan 2017-02-17 12:56
සත්ව ආහාර සඳහා සහල් නිකුත් නොකිරීම - ehema kiyanne methek kal mema vargaye sahal manushyantah deela thibenbawai.
Quote
+1 #2 kumara 2017-02-17 13:34
ane wahannako
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6547

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3358

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2369

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.