lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

බලංගොඩ ජිනරතන නාහිමියෝ අපවත් වෙති

ලක්බිම දිනපතා පුවත්පත ආරම්භයේ සිටම ධර්ම ශාස්ත්‍රීය ලිපි සැපයූ ‍ලේඛකයෙකු ග්‍රන්ථ කර්තෘවරයෙකු මෙන්ම කවියකු වශයෙන් ප්‍රකට සිටි මහ යතිවරයන් වහන්සේ නමක්වූ බලංගොඩ නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශනාරාමාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක ත්‍රිපිටක ධර්ම විශාරද බලංගොඩ ජිනරතන නාහිමියෝ පෙරේදා (15) රාත්‍රියෙහි අපවත්වූහ.
අපවත්වනවිට 76 වෙනි  වියෙහි පසුවූ ජිනරතන නාහිමියෝ 1941 මාර්තු 10 වෙනි දා උපත ලැබූහ. 1951 දි බලංගොඩ ධම්මරුචි නාහිමිගේ ශිෂ්‍යයකු ලෙස පැවදි බිමට පත් ජිනරතන හිමියෝ 1963 දී උපසම්පදාව ලැබූහ. සිය ගුරුහිමියන් අපවත්වීමෙන් පසු 1974 දි බලංගොඩ නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශනාරාමාධිපති ධුරයට පත් උන්වහන්සේ එම විහාරස්ථානය දියුණු කිරීමට මහත් කැපවීමක් කළහ. මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හා විදේ‍ය්දය විශ්වවිද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනය ලද උන්වහන්සේ බද්දේගම විමලවංශ අනුනාහිමි ඇසුරෙන් ජාතික, ආගමික හා ශාස්ත්‍රීය කටයුතුවලට අවතීර්ණ වූහ. මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙසද කටයුතු කළ උන්වහන්සේ බලංගොඩ නළුවෙල ශ්‍රී ධර්මාරාජ පිරිවනේ පරිවේනාධිපති ධුරයද හෙබවූහ. ඉඹුල්පේ ෙතේ‍රයිනිකායික සංඝසභාවේ සභාපති ධුරය හෙබවූ උන්වහන්සේ අමරපුර එක්නැලිගොඩ පාර්ශවයෙන් හා අමරපුර මූලවංශික නිකායෙන් ගෞරව සම්මානවලින්ද පිදුම් ලැබූහ.
නිතර පුවත්පත්වලට ධර්ම ශාස්ත්‍රිය ලිපි සැපයූ උන්වහන්සේ ග්‍රන්ථ කිහිපයක්ද ලියා පළකර තිබේ.
බලංගොඩ ජිනරතන නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය මෙම 20 වෙනි සදුදා සවස බලංගොඩ නළුවෙල විහාරාසන්න අදාහන මළුවේදී සිදුකෙරේ.

Comments  

+1 #1 Saumya 2017-02-17 11:54
oba wahanseta niwan suwa labeva....!!!
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 485

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1123

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2115

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7541

Please publish modules in offcanvas position.