lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

අලගල්ල කඳුවැටියේ විශාල පරිසර හානියක්

ඓතිහාසික හා පාරිසරික වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත අලගල්ල කදුවැටියේ  සුන්දරත්වය අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අහිමිවීමේ  අවදානමක් ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි.

අධිරාජ්‍යවාදීන් කන්ද උඩරට ආක්‍රමණය කිරීමේදී කඩුගන්නාවට නුදුරු බලන පිහිටි බැලුම්ගලට සමීපව පිහිටි අලගල්ල කදුවැටියෙන් ලැබී ඇත්තේ විශාල දායකත්වයකි.

ගිරි දුර්ග හා උස් කදුවලින් යුතු අලගල්ල කදු වැටිය තරණය කිරීම එවකට අසීරු කාර්යයක් වී ඇති අතර මේ හේතුවෙන් උඩරට අක්‍රමණිකයන්ගේ ගමන බෙහෙවින් ප්‍රමාදවී තිබුණු බව එම කදුවැටිය ආසන්නයේ පදිංචි පැරැණ්නෝ පැවසූහ.

කන්ද උඩරට අධිරාජ්‍ය රැක ගැනීමට විශාල දායකත්වයක් හිමිකර දුන් අලගල්ල කදු වැටියේ ඓතිහාසික උරුමය සිහිපත් කිරීම සදහා සෑම වර්ෂයකම නිදහස් දින යෙදෙන පෙබරවාරි මස 04 වන දින විශාල ජන පිරිසක් මෙම කදුවැටිය තරණය කිරීමට කටයුතු කරති.එමෙන්ම දේශීය සංචාරකයන් ද මෙම කදුවැටිය නිරීක්ෂණය කිරීමට පැමිණෙන අතර එවැනි ඇතැම් පිරිස් මෙම සුන්දර පාරිසරික කලාපය විනාශ කිරීමට මෑතක සිට කටයුතු කරන බව පරිසරවේදීන් කියයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂිත වනයක් ලෙස නම් කර ඇති මෙම කලාපය මුහුදු මට්ටමේ සිට අඩි තුන්දහසකට වඩා ඉහළින් පිහිටි කදුවැටියක් වන බව මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ සභාපති ප්‍රදීප් සමරවික්‍රම මහතා පැවසීය.

උඩවැඩියා විශේෂ, වර්ෂ හතකට වරක් මල් පිපෙන නෙළු ශාක, ගොඩපර ඇතුලු ශාක මෙන්ම සත්ව විශේෂවලින් යුතු මෙම කදුවැටිය ජල පෝෂක ප්‍රදේශයක් වන බව ද ඒ මහතා කීහ.

පහත් ප්‍රදේශ සදහා ජලය මුදාහැරීමට සමත් ජෛව විවිධත්වයෙන් යුතු මෙම කදු වැටිය හා ඒ ආශ්‍රිත වනාන්තරය පහත රට තෙත් වනාන්තර ලක්ෂණ හා උප කදුකර වනාන්තර ලක්ෂණවලින් සමන්විත ස්ථානයකි. මහනුවර සිට කොළඹ දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ දිගම උමං මාර්ගය පිහිටා ඇත්තේ ද අලගල්ල කදුවැටිය යටිනි.

මෙහි ඇති සුන්දරත්වය නිසා කදුවැටිය නැරඹීමට පැමිණෙන ඇතැම් පිරිස් වනයේ ගස් කපා කදවුරු බැද ඇති අයුරු දැකිය හැකිවේ. ඔවුන් ගිනි මැළ සදහා ජෛව විවිධත්වයෙන් යුතු ශාක කොටස් යොදා ගෙන තිබීමෙන් සිදුවන්නේ විශාල පිරිසර හානියකි. එමෙන්ම මත්පැන් භාවිත කිරීම සදහා පුරුදුව සිටින ඇතමුන් අලගල්ල කදුවැටියට සිදුකොට ඇත්තේ විශාල පරිසර හානියකි. කදුවැටිය පාමුල ප්‍රදේශවල ඇතැම් පිරිස් රක්ෂිත ප්‍රදේශය ආක්‍රමණය කිරීම සිදුකරන බවත් රක්ෂිතය ආසන්නයේ ගස් කැපීම සිදුවන බවත් ප්‍රදේශවාසීන් කියයි. මේ හේතුවෙන් ජල මුලාශ සිදියාමට ලක්ව ඇතැ බව ද ප්‍රදේශවාසීන් සදහන් කළෝය.

කදුවැටියට සිදුව ඇති පාරිසරික තර්ජන නිරික්ෂණය කිරීම සදහා පැමිණි යටිනුවර ප්‍රාදේශීය ලේක්ම් චන්ද්‍රා ජයතුංග මහත්මිය වනාන්තරය සංරක්ෂණය කිරීම සදහා පියවර ගන්නා බව කීවාය.

මහනුවර, කුරුණෑගල හා කෑගලු දිස්ත්‍රික මායිම්ව පිහිටි මෙම කදුවැටිය සංරක්ෂණය කිරීම හා එහි පිහිටි අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක වන වගාවක් ඇති කිරීමට යටිනුවර ප්‍රාදේශීය ලේකම්කාර්යාලය මගින්  වැඩපිළිවෙලක් සංවිධාන කරන බව ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රා ජයතුංග මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Comments  

+4 #1 සල් 2017-02-16 18:13
මේක අලගල්ලට විතරක් නෙවයි. නුවර තියෙන හැම කන්දකටම සහ දිය පහරකටම වෙලාතියෙනවා. ඉස්සර කොළපාටට තිබුණු හන්තැනේ අද ගෙවල් පිරිලා, ආණ්ඩුවට කිසි ප්‍රතිපත්තියක් නැහැ කඳු මුදුන් ආරක්ෂා කරලා ,බිමට වැටෙන වතුර ටික උරාගන්නා හොඳ පරිසරයක් හදල තියන්න. හුළු ගඟ බැලුවොත් එක දිගටම බීලා ඉවත දමපු බියර් බෝතල්, අරක්කු බෝතල්, කෑම කාල විසක් කරපු පොලිතින් කවර, පෙප්සි ,කොකාකෝල,එලිෆන්ට් හවුස් හිස් බෝතල් ,සන්සිල්ක් පැකට් .හැම එකකින්ම කරන්නේ මුළු පරිසරයම අවලස්සන කරන එක සහ පරිසරයට ප්ලාස්ටික් එකතු කරන එක . මිනිස්සු ලස්සන බලල යන තැන කතාකරල එනව ,මාධ්‍ය වලින් වත් වැඩිපුර ප්‍රචාරයක් දෙනවනම් බස් වල සිගරට් බොන එක නැති කළා වගේ මේකත් හදන්න පුළුවන්
Quote
0 #2 Janaka 2017-02-17 08:20
Every Government should be hold onto responsible
Quote
0 #3 gayantha.. 2017-02-17 11:20
Baudda Darmaya pilipadina manussayeknam katawath kalin Soba dahamata Adaraya karanna ona.... Soba dahamata vina karana kisima kenek Bauddayek newei... Namata witharai Baudda...
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6547

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3358

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2369

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.