lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

ලංකාවේ ආර්ථික වර්ධනය ඕස්ට්‍රේලියාව අගයයි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අගය කළ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcolm Turnbull) මහතා මෙරට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබා දෙන අතර දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඊයේ (15) ප්‍රකාශ කළේය.
ඕස්ට්‍රේලියාවේ සිව් දින නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ගෞරවයෙන් යුතුව පිළිගැනීමෙන් පසු කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දීය සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහය ලබා දීමටත්, දෙරට අතර ආර්ථික, දේශපාලන හා සමාජයීය සබඳතා තව තවත් පුළුල් හා ශක්තිමත් කරලීමේ නව ප්‍රවේශයන් කරා එළැඹීමටත් ක්‍රියා කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcolm Turnbull) මහතා පැවැසීය.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේදී ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් ටර්න්බුල් මහතා දෙරට අතර වසර 70 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම නිමිති කොට ගෙන වික්‍රමසිංහ මහතාගේ ඕස්ට්‍රේලියානු නිල සංචාරය සංවිධානය කරලීමට ලැබිම සතුටට කරුණක් බව අවධාරණය කළේය.
ආර්ථික වර්ධනය කරලීම සහ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කරලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ ශ්‍රී ලංකාව නව මාවතකට ප්‍රවේශ වී තිබිම සම්බන්ධව අග්‍රාමාත්‍ය ටර්න්බුල් මහතා ප්‍රසාදය පළ කළේය. ශ්‍රී ලංකාවේ පැරණි මිතුරෙකු වශයෙන් සැම විටම ශ්‍රී ලංකාවට සහය ලබා දීමට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රියා කරන බව ද ඔහු අවධාරණය කළේය.
මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවැසූයේ ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 100කට අධික කාලයක් තිස්සේ පැවත එන බවය. ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවන්හි පවා ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා විශේෂ ස්තුතිය පළ කළේය. දෙවන ලෝක යුද සමයේදීත්, පශ්චාත් යුද සමයේත් දෙරට අතර පැවති සම්බන්ධතා සිහිපත් කළ වික්‍රමසිංහ මහතා කොළඹ ක්‍රමය වැඩ සැලැස්ම ක්‍රියාවට නැංවීමත් සමගම දෙරටේ සම්බන්ධතාවන් නව මානයකට එසැවුණු බව පෙන්වා දුන්නේය.
මිනිස් ජාවාරම් වැළැක්වීම හා නීති විරෝධී සංක්‍රමණයන්ට වැට බැඳීම උදෙසා ශ්‍රී ලංකාව නිරතුරුවම ලබා දෙන සහයෝගය ටර්න්බුල් මහතාගේ පැසසීමට ලක්විය.
කලාපීය වෙළෙඳ කටයුතු ඉහළ නැංවීම සහ ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය කෝට්ටේ ප්‍රකාශනයට අනුව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කරලීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර, කෘෂි ව්‍යාපාර, කැණීම්, බලශක්ති, සංචාරක ආදී ක්‍ෂේත්‍රයන් තුළ ආයෝජන අවස්ථා වැඩි දියුණු කරලීම සම්බන්ධවත්, ඒ ඒ ක්‍ෂේත්‍රයන්හි ගුණාත්මක භාවය හා තාක්ෂණික ශක්‍යතාවන් වැඩි දියුණු කිරීමේ අවස්ථාවන් සම්බන්ධවත් අදහස් හුවමාරු කර ගැනිණි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නව කඩිනම් සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය බලශක්ති උත්පාදනයේ දී ඕස්ට්‍රේලියාව වෙතින් ලබා ගත හැකි සහය සම්බන්ධව ද කරුණු පැහැදිලි කෙරිණි.
අධ්‍යාපන හා ආරක්ෂක ක්‍ෂේත්‍රයන් තුළ දැනට පවත්වාගෙන යනු ලබන ද්විපාර්ශ්වික සහයෝගිතා වැඩපිළිවෙළ අනාගතයේ දී මීටත් වඩා පුළුල් කළ යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය. විශේෂයෙන්ම දෙරටේ නාවික හමුදාවන් සම්බන්ධ කරමින් සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධව ගත යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන් පිළිබඳව සැලකිල්ල යොමු විණි.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙතින්, ඕස්ට්‍රේලියානු ආර්ථිකය හා වෙනත් ක්‍ෂේත්‍ර නගාසිටුවීම සඳහා ලැබෙන දායකත්වය අගය කළ ටර්න්බුල් මහතා, ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි සේවාවන් සම්බන්ධව ද අවධානය යොමු කළ යුතු බව පැවැසීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාංශයක් ස්ථාපිත කරලීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඒ සඳහා සහය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව ටර්න්බුල් මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා සහභාගි වන මෙන් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතාට ආරාධනා කළේය. දෙපාර්ශ්වයටම ගැළපෙන අවකාශයක තමන්ට ඒ සඳහා සහභාගි වීමට හැකි බව ටර්න්බුල් මහතා පැවැසීය.
ඕස්ට්‍රේලියානු පාර්ශ්වය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දෙපාර්තමේන්තුවේ සහ කැබිනට් මණ්ඩල ‍ලේකම් මාර්ටින් පාර්කින්සන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බේ්‍ර හචෙසන් ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූ අතර, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, අග්‍රාමාත්‍ය අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් හිමාලී අරුණතිලක,  අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් මේ සාකච්ඡාවට එක්වූහ.

ලසන්ත වීරකුලසූරිය ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර සිට

Comments  

+10 #1 Alugolle. 2017-02-16 04:36
ලංකාවේ පුරවැසියෙකු නොවන කෙනෙකුට මහබැංකු අදිපතිකම දීම මහබැංකු බැඳුම්කර මගින් රටට කර ඇති විනාශය විදේශිකයෙකු මුදල් නෝට්ටු වලට් අත්සන තැබීම australia අගමැති නොදන්නවා විය හැකිය.
Quote
+1 #2 නිපුන් 2017-02-16 11:27
Quoting Alugolle.:
ලංකාවේ පුරවැසියෙකු නොවන කෙනෙකුට මහබැංකු අදිපතිකම දීම මහබැංකු බැඳුම්කර මගින් රටට කර ඇති විනාශය විදේශිකයෙකු මුදල් නෝට්ටු වලට් අත්සන තැබීම australia අගමැති නොදන්නවා විය හැකිය.

nodannawa neme , ayata owna mehe minisunge olu hadanna, me wage gon part walin, eyalata owna me wage kondak nathi moda nayakayo thiya ganna, ewa eyalage wada walata lesi. owna na nam heta anidda thawath ape rate swabawika sampathak australia wata wikunuwa kiyala ahei. mewata rawatenne epa minisune buddhiya pawichi karanna. meyala genna mul una rawal dan maru wen maruwata meyawa gennala andala , upades deela ewanawa. paw api :(
Quote
+6 #3 lasantha 2017-02-16 11:34
Australia අගමැති විතරක් නෙමෙයි ආන්ඩුවට කඩේ යන ලක්බිමත් රටට වෙලා තියෙන දේ දන්නෙ නැහැ. නැත්තන් සල්ලි වලට ඒ වගේ දේවල් පේන්නෙ නැහැ.
Quote
+6 #4 Angoda 2017-02-16 15:35
Loketa parakase gedarata maragathe
Quote
-7 #5 Dhanushka 2017-02-17 16:27
Ane ithin mahinda janadhipathi honda ekkenane.bendumkara gena katha karanawa ea gena wiwada giya hinda.wiwada nogiya coop waartha kiyak yata gehuwada deshapremiya?ea wancha wala tharamawath danne ne.ea gena katha karamuko mahindata kade yana un.mahinda rata naya kara misak adayam marga heduwada hitiya awurudu 10 di?me aanduwa awurudu dekata rate anagathayata wedagath,rate aarthikaya shakthimath kirimata wedagath panath,karmantha,wyapruthi kiyak karada kiyala hoyala balanna.mahindata konda pana thibbe rata naya karala pampori gahanna witharai.oya lakbimata banina ayage comments demme kage salli walknda danne ne ethakota.anith paththara wala mehema nidahasak dila ne.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1123

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2115

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.