lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

කොටකෙතන ඝාතන සැකකරුට නඩු පවරන්න නීතිපති උපදෙස්

කහවත්ත කොටකෙතන 2012 වසරේ ජූලි 17 වෙනිදා මවක් සහ දියණියක් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොටකෙතන කාන්තා ඝාතන රැල්ලට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීල් ලක්ෂ්මන් නමැත්තාට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් ලැබි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
එම ද්විත්ව ඝාතනයට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එකල පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩුද පවරනු ලැබිය. විශේෂ කාරණයක් සේ සලකා කොළඹ මහාධිකරණයේ අදාළ නඩු විභාගය පැවැත්වූ අතර වසර එකහමාරක් තිස්සේ නඩු විභාගය පැවැත්විණි. නාමල් චමින්ද සිල්වා එල්. තුෂාර සහ එල්. මිතිල යන තිදෙනාට එරෙහිව පැවැති එම නඩු විභාගයේ තීන්දුව 2015 මැයි 28 වෙනිදා ප්‍රකාශයට පත්වූයේ දක්ෂ නීතිඥ තර්ක විතර්ක හේතුවෙන් ඒ තිදෙනා නිදොස් කොට නිදහස් වීමෙනි.
එල්ලුම්ගහට යන්නට සූදානමින් සිටි ඔවුන් එසේ නිදහස ලබනවිට කහවත්ත කොටකෙතන ජනතාව වීදිබැස උද්ඝෝෂණය කරන්නට වූයේ එම නඩු තීන්දුව ඔවුන් බලා‍පොරොත්තු නොවූ එකක් වූ බැවිනි.
අනතුරුව නැවතත් කොටකෙතනේ කාන්තා ඝාතන කිහිපයක්ම සිදුවූ අතර 2015 සැප්තැම්බර් 18 වෙනිදා 19 වෙනි ඝාතනය  කළ නාදන් පාඩු නමැති 49 හැවිරිදි කාන්තාව ඝාතනය විය. ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක නිරත වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීල් ලක්ෂ්මන් නමැත්තාව සැකපිට අත්අඩංගුවට ගත්තේය. ඩී.එන්.ඒ. පරීක්ෂාවේදී හෙළිවන්නේ කොටකෙතනේ කාන්තා ඝාතන 07කට ඔහු සම්බන්ධ බවය. ඒ අතර 2012 ජුලි 17 වෙනිදා සිදුවුණු හේවාගමගේ පුෂ්පකුමාරි සහ ලියනාරච්චි ප්‍රේමාවතී යන දියණියගේත් මවගේත් ඝාතන විය. ඔහු එම ඝාතන 07 පමණක් නොව තවත් ඝාතන කිහිපයක්ම කර තිබිණි. ඒවා සිදුකළ ආකාරය ගැන ඔහු හෙළිදරව්වක් කර තිබුණේ එතෙක් කොටකෙතනේ කාන්තා ඝාතන ගැන විමර්ශන පැවැත්වූ නිලධාරීන් පවා විමතියට පත්කරවමිනි. ඒ ඔවුන් එතෙක් කලක් සැකකරුවන් යැයි කියා අත්අඩංගුවට ගෙන තිබුණේ එම ඝාතනවලට කිසිදු සම්බන්ධකමක් නැති පුද්ගලයන් වූ බැවිනි. 2015 අප්‍රේල් 04 වෙනිදා සිදුවුණු චන්ද්‍රකාන්ති ස්වර්ණලතාගේ ඝාතනයද ඒ අතර විය. එම ඝාතනයට සැකපිට ‍පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඇගේ පුතාය. පෙම්වතියට තෑග්ගක් ලබාදීමට රුපියල් 15000ක මුදලක් නොදුන් නිසා මව මරා සිරුර කොටකෙතන ඇළේ සැඟවූ බව පුතා සඳහන් කළ බව ‍පොලීසිය ප්‍රකාශ කළේය. එහෙත් එම ඝාතනයද කර ඇත්තේ නීල් ලක්ෂ්මන් බවත් පුතා ඊට සම්බන්ධයක් නැති බවත් දැන් අනාවරණය වී තිබේ.
කොටකෙතනේ සිදුවුණු ඝාතන 07කට අදාළව නීල් ලක්ෂ්මන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වනවිට නීතිපති උපදෙස් පතා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
ඒ සියලු ඝාතනවලට සැකපිට යැයි කියා ‍පොලීසිය විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබිණි.
 
ගයාන් කුමාර වීරසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6529

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1066

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3350

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2369

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2814

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3965

Please publish modules in offcanvas position.