lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

නියඟයක් ආවොත් කිසිවකු බඩගින්නේ තබන්නේ නෑ - ජනාධිපති

බරපතළ නියඟයකට ඉදිරියේදී මුහුණදීමට සිදුවුවහොත් ජනතාව කුසගින්නේ නොතියන බව පැවැසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා ඉක්මනින් පිටරටින් සහල් ගෙන්වා අඩු මිලට ජනතාවට ලබාදෙන බව අද (11) පැවැසීය.
මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදාහැරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
ඇලහැර මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී මෙම උත්සවය පැවැත්වුණි.
මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහුකාර්ය යෝජනා ක්‍රමය වන මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදාහැරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙහිදී සිදුවිය. මෙරට වාරි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මෙරට ඉදිවන දිගම වාරි ඇළ වන ඉහළ ඇලහැර ඇළට මංගල පස් පිඩැල්ල කැපීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
වත්මන් රජයට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද රටේ ආර්ථික අර්බුදයක් මතුව ඇත්නම් ඒ ඉකුත් දෙවසර තුළ ඇතිවූ තත්ත්වයක් නොව පසුගිය රජය නිර්මාණය කළ මහා ණය බරත් සමග මතුවූ තත්ත්වයක් බව ජනාධිපතිවරයා පැවැසීය.
අද එම ප්‍රශ්නය විසඳීමේ වගකීම තමන් ප්‍රමුඛ වත්මන් රජය භාරගෙන ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කුමන අභියෝග හමුවේ වුවද භාරගත් එම වගකීම නිසි ලෙසම ඉටු කරමින් මේ රට සමෘද්ධිමත් දේශයක් ලෙස ගොඩනැගීමේ කාර්ය ජනතාව සමග එක්ව නොපිරිහෙළා ඉටුකරන බවද අවධාරණය කළේය.
රජරට ජනතාවගේ කඳුළු කතාව නිමා කිරීමට මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ තමා දුටු සිහිනය සැබෑ කරගනිමින් එහි ප්‍රතිඵල ලබා ගන්නා අද දවස තම ජීවිතයේ ඉතාම සතුටට පත්වන දිනය වනු ඇති බවද ජනාධිපතිවරයා පැවැසීය.
මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය මෙරට කෘෂිකර්ම මෙන්ම වාරිමාර්ග ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කරනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මෙවන් දැවැන්ත ව්‍යාපෘති තුළින් අපේක්ෂා කරන්නේ පෙර රජ දවස තිබූ ස්වයං‍පෝෂිත සහ සමෘද්ධිමත් ආර්ථිකය නැවත රට තුළ ගොඩනැගීම බවද ප්‍රකාශ කළේය.
රටේ කාලගුණික සහ දේශගුණික තත්ත්වයත් සමග අද අපට බරපතළ නියඟයකට මුහුණදීමට සිදුව ඇති අතර එහෙත් ජනතාව කුසගින්නේ තැබිමට රජය සූදානම් නොමැති බවත් ඉතා ඉක්මනින් පිටරටින් සහල් ගෙන්වා අඩු මිලට ජනතාවට අවශ්‍ය සහල් ලබාදීමට රජය තීන්දු කර තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
නියඟය සමග මතුවිය හැකි ඉදිරි අභියෝග පිළිබඳ අවධානය යොමුකරමින් ගොවි ජනතාවට සහන ලබාදීමට සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය සැලසුම් රජය සකස්කර තිබෙන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්ද පත්කර පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපතිවරයා පැවැසීය.
මෙරට විශාලත්වයෙන් හතරවැනි තැන ගන්නා මොරගහකන්ද ජලාශයේ වපසරිය අක්කර අඩි 460,000ක් වන අතර ප්‍රධාන වේල්ලක් හා සදැලි වේලි දෙකකින් යුත් මෙම ජලාශය පසුගිය වසර 30කට පසු මෙරට ඉදිවූ විශාලතම ජලාශය වේ.
මාත‍ලේ, අනුරාධපුරය, ‍පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන් හී ජනතාව බොහෝ කලක් පීඩා විඳි ජල ගැටලුව මඟහරවමින් ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 555.7කි.
ඉහළ ඇලහැර ඇළ මාර්ගය මොරගහකන්ද සිට අනුරාධපුරයේ මහකනදරාව වැව දක්වා ඉදිවන අතර එහි දිග කිලෝමීටර් 103කි. මෙරට වාරි ඉතිහාසයේ ඉදිවන දිගම ඇළ මාර්ගය වන මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම රුපියල් කෝටි 6500කි. ඉදිකිරීම් කාලය වසර 05කි.
ඇලහැර මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවෙන් අනතුරුව මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාව නැවත පදිංචි කරවීම යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
අමාත්‍ය දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන්ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ‍ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ප්‍රියන්ත බණ්ඩාර - ‍පොළොන්නරුව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 3492

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 2138

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 4362

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු

IMAGE 2017 Mar 24 10:45
තිර‍යකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන්...
Views - 3734

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 2136

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 4138

Please publish modules in offcanvas position.