lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

2017 ශාන්ත ජුසේ වාස් මුනිදුන්ට

2017 වසර ශාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ වසර ලෙස නම් කරන බව ශ්‍රී ලංකා කාතෝලික රදගුරු සම්මේලනය තීරණය කළ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
“ඇදහිල්ල තිර කරන්න වාස්මුණි අනුව යන්න” යන තේමාව යටතේ මේ වසරේදී කටයුතු සිදු කෙරෙන බව ද කාදිනල් හිමිපාණන් කීය.
කොළඹ රදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව පවසා සිටියේය.
2017 වසර ශාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ වසර ලෙස ජනවාරි මස 14,15 සහ 16 යන දිනවල මෙරට සියලුම රදගුරු පදවල ආසන දෙව් මැදුරුවල සහ දේවස්ථානවල සිදු කෙරන බව පැවසේ.
2015 ජනවාරි 14 වන දින කතෝලිකයන් වන අපිට සුවිශේෂි දිනයක් බවට පත්වුණා. ඒ අප විශ්වීය දෘශ්‍යමාන එඩේරානන් වන අතිඋතුම් ෆ්‍රැන්සිස් සුදුතුම් ශ්‍රී ලංකාවේ සංචාරයේදී ජුසේවාස් පියතුමා ප්‍රථම ශ්‍රී ලාංකේය සාන්තුවරයා බවට ප්‍රකාශයට පත් කිරීම. ශාන්ත ජුසේ වාස් මුනිදුන් වාසය කළ කුරුණෑගල මහ ගල් ගමුව දේවස්ථානයේ හා කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී ජනවාරි 14 වන දින විශේෂ දේව මෙහෙයක් පවත්වන බවත් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී අතිගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවත් එහිදී ජුසේවාස් මුනිදුන් වි‍ශේෂ අවස්ථාවලට  සහභාගිවන විට භාවිත කළ ඇඳුම විශේෂ පෙරහරකින් කැටුව කතෝලික ජනතාවට දැක බලාගැනීමට හා පර්ෂ කිරීමට අවස්ථාව සලසන බව උන්වහන්සේ පැවසීය.
මේ වසර පුරාවට ජුසේ වාස් මුණිදුන් වෙනුවෙන් දිළිඳු පවුල් වෙනුවෙන් වියළි ආහාර පාසල් දරුවන් වෙනුවෙන් පාසල් පොත් පත් ප්‍රධානය කිරීම සෑම කතෝලික පාසල් වලට ආහාර වේලක් ලබාදීම වැනි සත්කාර වැඩ සටහන් ලංකාව පුරා දේවස්ථානවල සිදුකිරීමට ක‍තෝලික සභාව තීරණය කොට ඇති බව මැල්කම් රංජිත් හිමිපාණන් පැවසීය.


සටහන් හා ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 3472

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 2129

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 4358

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු

IMAGE 2017 Mar 24 10:45
තිර‍යකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන්...
Views - 3725

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 2136

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 4133

Please publish modules in offcanvas position.