lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පවත්වන මැයි දින රැලිය සඳහා සහභාගි නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පක්ෂය හැරගියා සේ සලකන බව එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පැවැත්වූ ඉහළ පෙළේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ගාලුමුවදොර පිටියට සහභාගි වන්නැයි සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් කරන ලද ඉල්ලීම ඉතාමත් බරපතල ප්‍රකාශයක් බව ද එම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මැයි දිනෙන් පසු ඉක්මන් දිනයකදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් විසින් ගැටඹේ පැවැත්වෙන මැයි රැළියට සහභාගි නොවන පිරිස පක්ෂය හැර ගියා සේ සලකන ලෙස  යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවැසේ.

 කමණී හෙට්ටිආරච්චි

ලෝක කම්කරු සටන් දිනය නිමිති කොට කොළඹ නගරයේත්, පිට පළාත්වලත් මැයි පෙළපාළි හා රැලි ගණනාවක් සංවිධානය කර තිබෙන අතර එහිදී කොළඹ නගරයේදී පමණක් ප්‍රධාන පෙළේ මැයි රැලි හා පෙළපාළි 07 ක් පැවැත්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි දිනය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන අතර එහි තේමාව වැඩකරන ජනතාවගේ ජය තහවුරු කරන සමගි මැයි රැලිය නමින් පැවැත්වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය දිනන ජනතාවගේ මැයි රැලිය මැයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදි පැවැත්වේ.ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය කොළඹ බි.ආර්.සී.  පිටියේදී  පක්ෂයේ නායක අනුර දිසානායක ඇතුළු පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. එහි තේමාව ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය ජාතික සමගිය ගොඩ නැගීම වෙනුවෙන් ජන බලය ගොඩ නගන රතු මැයි රැලිය” යනුවෙනි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැයි රැළිය පැවත්වෙන්නේ කොළඹ විහාරමහ දේවි එළිමහන් රංග පීඨයේදී පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ඩියු ගුණසේකරගේ ප්‍රධානත්වයෙනි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලිය පිටකොටුව පෞද්ගලික බස් රථ නැවතුම්‍පොළ ඉදිරිපිටදි පැවැත්වෙන අතර එහි තේමාව අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව වැඩ කරන ජනතාවනි නැගිටිව් යනුවෙනි.
ලංකා සමසමාජ පක්ෂය, නව සමසමාජ පක්ෂය, ජාතික වෘත්තීය සමිති පෙරමුණ, නිදහසේ වේදිකාව. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කේන්ද්‍රය යන පක්ෂ සහ සංවිධාන එක්ව, මැයි දිනය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

පද්මිණි මාතරගේ

ඉවතලන කැළි කසළ ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව අනුමත කළේය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී මහ‍ලේකම් ධම්මික දසනායක ගැසට් නිවේදනය සභාවට කියවා ප්‍රසිද්ධ කිරීමෙන් පසු කථානායක කරු ජයසූරිය ගැසට් නිවේදනයට සභාවේ අනුමැතිය විමසීය. ඒ අනුව ඡන්ද විමසීමකින් තොරව ගැසට් පත්‍රයට සභාවේ අනුමැතිය හිමිවින.මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුමැතිය ගැනීම සඳහා පාර්ලිමේන්තුව පෙරේදා රැස්විය.
වීදියෙන් ඉවතලන කැළි කසළ, නිවාසවලින් ඉවතලන කැළි කසළ හෝ වෙනත් දෑ ඉවත් කරලීම, එක්රැස් කරලීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, පිරිසැකසුම, වෙන් කිරීම, පිළියම් යෙදීම, බැහැර කිරීම සහ විකිණීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් විසින් හෝ එබඳු යම පළාත් පාලන ආයතනයක් සඳහා හෝ වෙනුවෙන් ඉෂ්ඨ කරනු ලබන හෝ පවත්වාගෙන යනු ලබන හෝ කිසියම් කාර්යය පැවරුමක් සම්බන්ධයෙන් ඉටුකරනු ලැබිය යුතු හෝ ඉටු කිරීමට අවශ්‍යවන්නා වූ කවර වුව ආකාරයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමය යෙදවීම යන කරුණු අරභයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

 ලසන්ත වීරකුලසූරිය/ පැතුම් වික්‍රමරත්න

සුරාබදු ආඥා පනත යටතේ මත්පැන් සමාගම් සඳහා බදු සහන ලබාදීම වළක්වන ලෙස මුදල් කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කර තිබේ.මුදල් කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති එම්.ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවට සිය වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව නිර්දේශ කර ඇත.
සුරාබදු ආඥා පනත යටතේ මත්පැන් නිෂ්පාදන සමාගම් 23කට පමණක් සහන දෙන බව මෙම වාර්තාව මගින් සිය කමිටුව පෙන්වාදෙන බව එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේය.සමාගම් 23කට පමණක් බදු සහන දුන්නද බදු ගැනීමේ සුදුසුකම් සපුරා ඇති තවත් සමාගම් 100ක් පමණ පවතින බවද සුමන්තිරන් මහතා කීවේය. එම නිසා කිසිදු සමාගමකට බදු සහන ලබා නොදෙන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කළ බවද ඒ මහතා සඳහන් කළේය.

ලසන්ත වීරකුලසූරිය/ පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරයේ එක්රැස් වන කුණු පිළියන්දල කරදියාන කසළ අංගනයට  දැමීම නතර කරන ලෙස කැස්බෑව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් රණවක නියෝග කර ඇත.මීතොටමුල්‍ලේ ඇති වූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉකුත් 17 දා සිට 28 දා දක්වා කසළ මෙට්‍රික් ටොන් 350 ක් කරදියාන කසළ අංගනයට බැහැර කිරීමට ඉඩ දෙන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 17 දා අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියට නියෝග කළේය.
එම නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ප්‍රදේශවාසියෙකු විසින් ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කමණී හෙට්ටිආරච්චි

පල්ලෙකැලේ අභයභූමිය හරහා ගලන දඹුලු ඔයේ ගල්කිරියාගම සූරියගම ප්‍රදේශයේ නීති විරෝධි අයුරින් වැලි කැණීම් කරමින් සිටි පුද්ගලයෝ පස්දෙනෙක් සමග බෝට්ටු දෙකක් ට්‍රැක්ටර් හතරක් ඇතුළු කැණීම් උපකරණ තොගයක් 27 වනදා පස්වරුවේ සිදු කළ වැටලීමකදී ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමට උලුක්කුලම විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහය ලැබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වෙති. සැකකරුවන් අද කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අශෝක එරමිණිගම්මන - දඹුල්ල

නොර්වුඩ් පොලිස් වසමට අයත් අයර්බි වතුයායේ තේ දලු නෙළමින් සිටි වතුකම්කරු කාන්තාවන් පස් දෙනෙකුට එල්ලවු බඹර ප‍්‍රහාරයෙන් වතුකම්කරු කාන්තාවන් පස් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහල  ඇතුලත් කර ඇති නොර්වුඩ්  පොලිසිය කිය.

අද (28) උදෑසන 11.30 ට පමණ තේ පඳුරක් මත බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබු කාන්තාවන් තිදෙනෙක් නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර සෙසු අය බාහිර රෝගි අංශයෙන් ප‍්‍රතිකාර ලබා  පිටව ගිය බවයි  දික්ඔය රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

ජායාරුප සහ සටහන නොර්වුඩි රංජිත් රාජපක්‍ෂ

මේ වන විට කොළඹ හෙට්ටි වීදියේ ස්වර්ණාභරණ අලෙවිහල් වල සැලකිය යුතු ජනගහනයක් එක් රොක් වී ඇති අතර එයට හේතුව ‘අක්ෂය ත්‍රිති’ නම් වන අද (28) දිනයේ ආභරණ ගැනීමෙන් සෞභාග්‍ය උදාවන්නේය යන හින්දු විශ්වාසය බව පැවසෙයි.

හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ අලෙවිහල් රඹ තොරණ වලින් සහ ගොක් කොළ වලින් සරසා ඇති අතර එහි පැමිණෙන පාරිභෝගිකයන්ට යම් යම් වරප්‍රසාද ද හිමිවන බව කියනු ලැබේ.

දමයන්ති ගමගේ

 

සුරාබදු ආඥා පනත යටතේ ඉකුත් කාල පරිච්ජේදය තුළ ‍පොලිස් නිලධාරීන්ට නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට වූ ගැටලුව අවසන් කරමින් ශ්‍රී ලංකා ‍පොලීසියට සුරාබදු ආඥා පනත යටතේ අධිකරණයේ නඩු පැවරීමට නීතිමය බලයක් තිබෙන බවට ඓතිහාසික නඩු තීන්දුවක් පිටු පනස් හතරකින් යුතුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ප්‍රකාශයට පත් කළේය.
නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ මෙම නඩුවේදී ‍පොලිස් නිලධාරියාද සුරාබදු නිලධාරියකු ලෙසට අර්ථ නිරූපණය කරමින් දැක්වූ කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
එම නඩු තීන්දුව අනුව 1912 වර්ෂයේ සිට වසර 105කට ආසන්න කාලයක් වැටලීම් සිදුකළ ආකාරයටම මින් ඉදිරියටත් සුරාබදු ආඥා පනත යටතේ නීතිවිරෝධී මත්පැන් අරක්කු, බියර්, රා ආදී සුරාද්‍රව්‍යවලට අදාළ වැටලීම් කර නඩු පවරන බව නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා ගාල්ල ‍පොලිස් අධිකාරී කාර්යාලයේ පැවැති මාධ්‍ය මුවකදී ප්‍රකාශ කළේය.
මෙම අවහිරය නිසා දිවයිනේ ප්‍රදේශ ගණනාවක දරුණු ලෙස කසිප්පු සහ නීතිවිරෝධී ජාවාරම්කරුවන් හිස ඔසවමින් සිටි බවත් මේ තීන්දුවත් සමග ‍පොලීසියට ලද නීතිමය බලතල අනුව සියලු නීති විරෝධී මත් වතුර සහ මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදුකර ඒවා මර්දනය කරන බවද නියෝජ්‍ය ‍පොලිස්පති (නීතිය) අජිත් රෝහණ මහතා පැවැසීය.
‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර, දකුණු පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පති ඩබ්ලිව්.කේ. ජයලත් ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති, ‍පොලිස් අධිකාරී  ගාමිණී ඉගුරුවෙල හා ගාල්ල මූලමස්ථාන ‍පොලිස් පරීක්ෂක කේ.ඒ. උදයකුමාර ඇතුළු නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

කමල් විජේහේවා - ගාල්ල

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඉදිරිපත් කරන සභාව කල් තැබිමේ යෝජනාව අද (28) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.
එම කල්තැබිමේ යෝජනාව මෙසේය.
2017 අප්‍රේල් 14 වන දින මුළු දිවයිනම සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරමින් සිටින අවස්ථාවේ, මීතොටමුල්ල ප්‍රදේශයේ බොහෝ පදිංචිකරුවන්ට සිදු වූයේ මහත් ව්‍යසනයකට මුහුණ දීමටය.
කන්දක් ලෙස වර්ධනය වී තිබුණු කුණු, නිවාස බොහෝ සංඛ්‍යාවක් මතට කඩා වැටුණි. දින කිහිපයක් පුරා සිදු කෙරුණු මෙහෙයුම් කටයුතුවලින් පසු මළසිරුරු 33 ක් සොයා ගත් නමුදු, තවත් බොහෝ පුද්ගලයන් තවමත් කුණු කන්දට යටව වැළලී සිටීමට පුළුවන.
මින් පෙර බලයට පත්ව සිටි සියලුම රජයන් මෙන්ම, වත්මන් රජයත් මෙම බරපතළ හා දැවැන්ත ජාතික ව්‍යසනය සම්බන්ධයෙන් වගකිව යුතුය.
කුණු බැහැර කිරීම යනු පාලක තන්ත්‍රය සතු වන ඉතා වැදගත් කාර්යයක් වන අතර, ලෝකයේ සියලුම නගර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර, සුදුසු විසඳුම් සෙවිය යුතුය.
දැනට ශෝකාන්තයක් බවට පත්ව ඇති, මෙම තීරණාත්මක ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සොයා ගැනීමට ශ්‍රී ලංකාව අ‍පොහොසත් වී ඇත.
අපේක්ෂා භංගත්වයට හා ශෝකයට පත්වූ මෙම ව්‍යසනයට ගොදුරු වූ පවුල් සමග එක්වෙමින්, එයට මුහුණ පෑ පුද්ගලයන්ට ප්‍රමාණවත් වන්දියක් ලබාදීමටත්, ඔවුන් වෙනත් ස්ථානවල පදිංචි කරවීමටත්, කඩිනම් පියවර ගන්නා ලෙසටත්, මෙය ඉතා වැදගත් කරුණක් ලෙස සලකමින්, රට තුළ වර්ධනය වෙමින් පවතින කුණු අර්බුදය සඳහා කඩිනම් විසඳුම් ලබාදීමටත් කටයුතු කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි.

ශානිකා මාධවී පීරිස්

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව, යුරෝපා පාර්ලිමේන්තුවේදී කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ යෝජනාව බ්‍රසල්ස් නුවර, යුරෝපා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
යුරෝපා පාර්ලිමේන්තුවේදී මෙම යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් පැවැති අතර එහිදී වැඩි ඡන්ද 317 කින්  යෝජනාව පරාජයට පත්විය.
මේ අනුව යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් 436 දෙනකුම, යළි ශ්‍රී ලංකාව ජී.එස්.පී. බදු සහනය ලබාදිය යුතුය යන මතයේ සිටි අතර ඒ අනුව ඔවුහු අදාළ යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කළහ.
යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නේ සාමාජිකයන් 119 දෙනකු පමණි. මෙහිදී යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් 22 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාවට යළි ජී.එස්.පී. බදු සහනය ලබාදීම සඳහා මෙසේ යුරෝපා පාර්ලිමේන්තුවේ බහුතර සහය හිමිවීමත් සමග ලබන මැයි මසදී ශ්‍රී ලංකාවට එම සහනය ලැබෙන බව තවදුරටත් තහවුරු වී ඇති බව ජාත්‍යන්තර නිරීක්ෂකයන් පෙන්වා දේ.
ශ්‍රී ලංකාවට ජී.එස්.පී. සහනය ලබාදීම හෝ නොදීම පිළිබඳ යුරෝපා සංගමයේ අවසන් තීරණය ලබන මැයි මස 15 දින නිකුත් කිරීමට නියමිතය.

පැතුම් වික්‍රමරත්න

Page 1 of 107

IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9070

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4190

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2886

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3261

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4153

Please publish modules in offcanvas position.