lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ඉදිරියේදී රුපියල් මිලියන 700ට වැඩි මුදලක් වැයකර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීමට අංගසම්පූර්ණ ක්‍රිකට් පර්යේෂණ විද්‍යායතනයක් මහනුවර ඉදිකිරීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (20දා) මහනුවරදී පැවැසීය.
එම ක්‍රිකට් විද්‍යායතනය ඉදිකිරීමට යෝජිත ඉඩම පවරා දීමට මල්වතු මහා නාහිමියන් සහ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් ඊයේ අත්සන් තැබිය.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා කියා සිටියේ ලංකාවේ ක්‍රිකට් අධිතාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය මහනුවර පිහිටුවීමට කටයුතු කරන බවයි. මෙම ආයතනය මගින් ක්‍රිකට් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කරන බවත්, විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කර තාක්ෂණ පුහුණු විෂය නිර්දේශ ඇතිකිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
තණතිලි සෑදීම සඳහා විශේෂඥ දැනුම ඇති විද්වතුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටින බවත් ඉදිරියේදී ඔවුන්ගේ සහායද මේ සඳහා ලබාගන්නා බවද පැවැසීය. විනිශ්චයකරුවන් පුහුණු කිරීමේදී ඉහළ තාක්ෂණය සඳහා වෙනම කේන්ද්‍රයක් අවශ්‍ය බවත් ඒ සඳහා මහනුවර තෝරාගෙන ඇති බවත් සුමතිපාල මහතා පැවැසීය.
මෙතරම් වටිනා ඉඩමක් ක්‍රීඩාවේ දියුණුවට ලබාදීම පිළිබඳව මල්වතු මහා නාහිමියන්ට ස්තූතිවන්ත වන බව කී සභාපතිවරයා මාස පහක් ඇතුළත මෙම ආයතනයේ මූලික අදියරේ කටයුතු සිදුකරන බවද සඳහන් කළේය.
දිස්ත්‍රික්ක විසි දෙකේම සංචිතවල පුහුණු කඳවුරු සඳහා පහසුකම් ලබා දීමටත්, ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ටද පහසුකම් සලසා මෙම ආයතනය ක්‍රිකට්වලට ඇති වැදගත් ක්‍රිකට් විද්‍යායතනයක් බවට පත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
මෙහි තාක්ෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 200ක් වැය වන බවත්, නේවාසිකාගාර සඳහා වෙනත් ආයතනයක් සම්බන්ධ කරගෙන මිලියන 700 වැඩි මුදලක් වැය කිරීමට බලා‍පොරොත්තු වන බවත් සඳහන් කළේය.

ගයා වන්නිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 195

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 1842

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 1409

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1126

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 676

අත්තනගලු ඔයේ මාළුන්ට දන්සලක් (Video)

IMAGE 2017 Aug 14 12:58
ලක් ඉතිහාසයේ එදා මෙදා තුර වාර්තා වන සුවිසල්ම දානය සිරිසඟබෝ රජතුමා විසින් පිරිනමන ලද්දකි. ඒ...
Views - 2027

Please publish modules in offcanvas position.