lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පී. සරා පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබූ බංග්ලාදේශය තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.
මෙම ජයග්‍රහණය බංග්ලාදේශය ටෙස්ට් තරග 18ක් තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ පළමු ජයග්‍රහණය ලෙස වාර්තා ‍පොතට එක්විය.
මෙම තරගය බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වූ අතර, සියවැනි තරගය ජයගත් සිව්වැනි රට ලෙස බංග්ලාදේශය වාර්තා ‍පොතට එක්විය.
ලකුණු 191ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය කඩුලු 6ට ලකුණු 191ක් ලබමින් ජය වාර්තා කළ අතර, විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් වේගවත් ලකුණු 82ක් ලැබූ තමීම් ඉක්බාල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ෂකිබ් අල් හසන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
ඊයේ ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිම ලකුණු 319කට සීමා වූ අතර, දිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්මාල් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සම්බන්ධතාවක් තැබිමට සමත් වීම කැපී පෙනුණි.
දිල්රුවන් පෙරේරා හතරේ පහර 6ක් සහිතව ලකුණු 50ක් ලබාගත් අතර, ලක්මාල් හතරේ පහර 4ක් සහිතව ලකුණු 42ක් වාර්තා කළේය.
බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂකිබ් අල් හසන් ලකුණු 74ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර,
මුෂ්ටාෆිසූර් රහමාන් ලකුණු 78ට කඩුලු 3ක් බිඳ හෙළීය.
ලකුණු හඹා යාමේදී රංගන හේරත්ගේ පන්දු හමුවේ ලකුණු 22ක් තුළ කඩුලු 2ක් බිඳ වැටුණද තමීම් ඉක්බාල් සහ සබිර් රහමන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක සම්බන්ධතාව තබමින් බංග්ලාදේශයට ජය මාවත විවර කර දුන්නේය.
තමීම් ඉක්බාල් පන්දු 125කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 82ක් ලබාගත් අතර, සබිර් රහමන් හතරේ පහර 5ක් සහිතව ලකුණු 42ක් වාර්තා කළේය.
ඉන්පසු දිල්රුවන්ගේ පන්දු හමුවේ බංග්ලාදේශ කඩුලු කිහිපයක් බිඳ වැටුණද නායක මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 22ක් ලබමින් බංග්ලාදේශ ජය තහවුරු කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් කඩුලු 3 බැගින් බිඳ හෙළීය.

-----------------------------------------------

බංගලිදේශය 467 ශ්‍රී ලංකාවට අභියෝගයක්

ශ්‍රී ලංකා බංගලිදේශ දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (17) දෙවන ඉනිමේ පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමාවන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 54 ක් රැස්කරගැනීමට සමත් විය.

-----------------------------------------------------------------------------

ශ්‍රී ලංකා බංගලිදේශ දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (17) සිය ප්‍රථම ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි බංගලිදේශ කණ්ඩායම ප්‍රථම ඉනිම නිමා කරමින් කඩුලු 10 කට ලකුණු 467 ක් රැස්කරගැනීමට සමත් විය.

බංගලිදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම ට වඩා ලකුණු 129 ක්  ඉදිරියෙන් සිටිමින් ප්‍රබල තත්වයක පසුවෙයි.

දඟපන්දුවෙන් දස්කම් පෑ රංගන හේරත් සහ සඳකැන් පිළිවෙලින් කඩුලු 4 බැගින් සිය කඩුලු මල්ලට එක්කර ගැනීමට සමත් වීම ශ්‍රී ලංකාව පැත්තෙන් කැපී පෙණුනි.

----------------------------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව හා බංගලිදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (17) තේ පානය සඳහා තරඟය නතර කරන විට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංගලිදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 443 ක් ලබා සිටී.බංගලිදේශ කණ්ඩායම කඩුලු 3 ක් අතැතිව ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 105 ක් ඉදිරියෙන් සිටිමින් ඉතා ප්‍රබල තත්වයක පසුවෙයි.

අද (17) දවසේ ක්‍රීඩකයා වූ බංගලිදේශ තුන්ඉරියවු ක්‍රීඩක සකිබ් අල් හසන් සිය 5 වන ශතක රැස්කිරීමට සමත් විය.  සඳකැන්ගේ පන්දුවකට දිනේෂ් චන්දිමාල් අතට උඩ පන්දුවක් ලබා දෙමින් පිටියෙන් ඉවත්වන විට ශකිබ් ලකුණු 116 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර පී.සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (16දා) ශ්‍රී ලංකාව මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 338 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලිදේශය දිනය අවසන් වන විට කඩුලු 5 ට ලකුණු 214 ක් ලබා සිටියේය.මේ අනුව බංගලිදේශය කඩුලු 5 ක් අතැතිව ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 124 ක් පසු පසින් පසුවෙයි.
බංගලිදේශ ආරම්භක පිතිකරුවන් ඊයේ සාර්ථක පිතිහරඹයක නිරතවූ අතර විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය නිසි පරිදි ලබා නොගැනීම නිසා කඩුලු ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම මගහැරී ගියේය.
එහෙත් පළමු කඩුල්ල දැවී යාමෙන් පසු සටනට පිවිසුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කඩුලු 5 ක් බිඳ දැමීමට සමත් වූ අතර සඳකැන් කඩුලු 3 ක් බිඳ දමමින් තියුණු තර්ජනයක් එල්ල කළේය.
බංගලිදේශය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් තමීම් ඉක්බාල් සහ සෞම්‍ය සකාර් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවයක් තැබිය.

පන්දු 91 කදී හතරේ පහර 6 ක් සහිතව ලකුණු 49 ක් ලැබූ තමීම් ඉක්බාල් පිටියෙන් ඉවත් කිරීමට රංගන සමත්වීමෙන් පළමු කඩුල්ල බිඳ වැටුණි.
සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 121 කදී හතරේ පහර 6 ක් සහිතව ලකුණු 61 ක් ලැබූ සකාර් පිටියෙන් ඉවත් කිරීමට සඳකැන් සමත් වීමෙන් දෙවැනි කඩුල්ල ලකුණු 130 දී බිඳ වැටුණි.
සබිර් රහමන් සහ ඉම්රුල් කේයස් අතර ලකුණු 62 ක සම්බන්ධතාවය බිද දැමූ සඳකැන් ඊළඟ පන්දුවේදී ටයිජුල් දවා ගැනීමෙන් ලකුණු 192 දී කඩුලු 2 ක් බිඳ වැටුණි.
සබිර් රහමන් ලකුණු 42 කට දවා ගැනීමට ලක්මාල් සමත් වීමෙන් ලකුණු 198 දී 5 වැනි කඩුල්ල බිඳ වැටුණි.
ඉන් පසු පිටියට පිවිසි ෂකිබ් ප්‍රහාරයක් දියත් කළ අතර ඔහු ලබාදුන් පහසු උඩ පන්දුවක් උපුල් තරංග අත් හැරීමෙන් සඳකැන්ට තවත් කඩුල්ලක් අහිමි විය.
දිනය අවසන් වන විට ෂකිබ් ලකුණු 18 ක්ද මුෂ්ෆිකර් ලකුණු 2 ක්ද ලබා කඩුල්‍ලේ රැඳී සිටියේය.
පන්දු යැවීමේ ගෞරව දිනාගත් සඳකැන් ලකුණු 65 ට කඩුලු 3 ක් බිඳ හෙලූ අතර රංගන සහ ලක්මාල්ට එක් කඩුල්ල බැගින් හිමිවිය.
ඊයේ පෙරවරුවේ චන්දිමාල් සහ රංගන අතර ලකුණු 55 ක සාර්ථක සම්බන්ධතාව බිඳ දමමින් රංගන ලකුණු 25 කට දවා ගැනීමට ෂකිබ් අල් හසන් සමත්විය.
ඉන්පසු චන්දිමාල්ට එක්වූ ලක්මාල් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නංවමින් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් පසු ලකුණු 138 ක් ලැබූ චන්දිමාල් පිටියෙන් ඉවත් කිරීමට මෙහෙඩි සමත්විය.
පන්දු 45 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 35 ක් ලැබූ සුරංග ලක්මාල් පිටියෙන් ඉවත් කිරීමට රෝයි සමත් වීමෙන් ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 338 කට අවසන් විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ මෙහෙඩි ලකුණු
90 ට කඩුලු 3 ක් බිඳ හෙලූ අතර මුස්ටාෆිසූර්, රෝයි සහ ෂකිබ් කඩුලු 2 බගින් බිඳ හෙලූහ.
අද තරගයේ තෙවැනි දිනයයි.

මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකා බංගලාදේශ දෙවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි දිනය වන අද (16) තේ පානය වන විට බංගලාදේශ කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා  එක් කඩුල්ලක් දැවී ලකුණු 122 රැස්කීරීමට සමත්ව සිටී. බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ටමිල් ඉක්බාල් ලකුණු 49 ලබා සිටියදී ශ්‍රී ලංකා නායක රංගන හේරත්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව පිටියන් ඉවත් විය. එස්.සර්කාර් නොදැවී ලකුණු 57 ක් ලබා සිටී. ටී.ඉක්බාල් හා එස්.සර්කාර් බංගලාදේශය වෙනුවෙන් පළමු කඩුල්ලට ලකුණු 95 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට ඇද දැමීමට සම්ත්විය.

ශ්‍රී ලංකාව හා බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත් වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දිවා විවේකය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සියළුම දෙනාම දැවී ලකුණු 338ක් ලබා ගැනීමට සමත් විය.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 138ක් ලබා ගැනීමට සමත් විය.

පී සරා ක්‍රීඩාංගණයේ පැවති දෙවනි ටෙස්ට් තරඟයේ පලමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 238ක් ලබා ගැනීමට සමත් විය.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 86ක් රුස් කරගෙන සිටී. රංගන හේරත් නොදැවී ලකුණු 18ක් කඩුල්ලේ රුදී සිටී.

පලමු දිනයේ තේ පානය තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 152 ලබා ගැනීමට සමත් විය.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 54 හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 11ක් ලබා සිටී.


දෙවන ටෙස්ට් තරඟයේ පලමු දිනයේ කාසිය වාසිය ලබා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවා විවේකය සඳහා තරඟය නතර කරන විට කඩුළු 4ක් දැවී ලකුණු 70ක් ලබා සිටී.

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරගාවලි ජය තීරණය කෙරෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (15දා) පී.සරා පිටියේදී ආරම්භ විය.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක රංගන හේරත් මුලින්ම පන්දුවට පහර දීමට තොරා ගත් අතර කණ්ඩායමේ එක් වෙනස් කමක් සිදු කර ඇත. ළහිරු කුමාර වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට එක් වී තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දුර්වල විභාග ක්‍රමයකින් විශිෂ්ටතමයන් බිහිවන්නේ කොහොමද?

IMAGE 2017 Mar 29 17:01
පාසල් අධ්‍යාපනයේ වර්තමාන විභාග ක්‍රමය ඉතා දුර්වල බව ජනාධිපති වරයාගේ සිට රටේ සැවොම එක සේ...
Views - 271

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

IMAGE 2017 Mar 29 16:16
ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව...
Views - 414

උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා

IMAGE 2017 Mar 29 15:58
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ...
Views - 790

වලපනේට බස් රථ බැරි නම් තවලම් සේවයක් වත් ඕනෑ

IMAGE 2017 Mar 29 11:11
මාර්ග පහසුකම් නොතිබූ අතීතයේ කන්ද උඩරට වලපනේ ප්‍රදේශය ප්‍රසිද්ධව තිබුණේ තවලම් සම්බන්ධයෙනි....
Views - 1168

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 931

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 821

Please publish modules in offcanvas position.