lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ලහිරු කුමාර ළඟදීම 150 වේග සීමාව පසු කරනවා - චම්පක රාමනායක

ශ්‍රී ලංකාවේ නවක වේග පන්දු යවන්නා වන ලහිරු කුමාර ඉතා ඉක්මනින් පැයට කි.මී. 150 වේග සීමාව පසු කරනු ඇති බව ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක පවසයි.
දෙවැනි ටෙස්ට් තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මුල් ඉනිමේ කඩුලු 6 ක් බිඳ දැමීමට ලහිරු කුමාර සමත් විය.
එම තරගයේදී ලහිරු පැයට කි.මී. 145 වේග සීමාව පසු කිරීමට සමත් විය. තවමත් 19 වැනි වියේ පසුවන ලහිරු අනාගතයේදී ලොව පිතිකරුවන්ට තර්ජනයක් වන බව ක්‍රිකට් විචාරක මතය වී තිබේ.
අවුරුදු 19 දී දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායමකට එරෙහිව කඩුලු 6 ක් බිඳ දැමීම විශිෂ්ට දක්ෂතාවයක් බව පවසන රාමනායක නිවැරදි එල්ලයට පන්දු යැවීම නිසි ලෙස ප්‍රගුණ කළහොත් ඔහුට විශිෂ්ට පන්දු යවන්නෙකු විය හැකි බව පවසයි.
වයස අවුරුදු 15 දී ඔහු හඳුනා ගත් බව පවසන රාමනායක පසුගිය 19 න් පහළ එංගලන්ත සංචාරයේදී ඔහු ගැන කතා බහට ලක්වූ බවද කියයි. එම තරගාවලියේදී ලහිරුගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිලට තරගාවලි ජය හිමිවිය.
ලහිරුගේ කඩුල්ල තුළට ඇදී එන ඉන් ස්වින්ග් පන්දුව පිතිකරුවන්ට තර්ජනයක් බව පැවසූ රාමනායක අම්ලා දවා ගැනීමට එම පන්දුව උපකාරී වූ බව පවසයි.
ශ්‍රී ලංකාව සතුව පැයට කි.මී.145 ට වැඩි වේගයෙන් පන්දු යවන චමීර සහ ලහිරු සිටීම අනාගතයේදී ඉතා ප්‍රයෝජනවත් බවද රාමනායක පවසයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6540

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1066

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3353

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2369

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2814

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.