lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධානය කරන එස්.එල්.ටී. 4ට් ස්ටෑන්ඩර්ඩ් දිස්ත්‍රික් පාපැදි තරගාවලියට අයැදුම්පත් භාර ගැනීම දැන් සිදුකෙරේ.
තරගාවලිය ආරම්භ කරමින් මේ මස 30 දා අනුරාධපුර දිස්ත්‍රික් තරගය පැවැත්වෙන අතර, 31දා ‍පොළොන්නරුව දිස්ත්‍රික් තරගය පැවැත්වේ.
අප්‍රේල් 1දා මඩකලපුව, අප්‍රේල් 2දා අම්පාර, අප්‍රේල් 3දා මොණරාගල, අප්‍රේල් 4දා බදුල්ල සහ අප්‍රේල් 5දා රත්නපුර දිස්ත්‍රික් තරගයද පැවැත්වීමට සැලසුම් කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම දිස්ත්‍රික් තරගාවලියේ සෑම තරගයකදීම පළමු කිලෝ මීටර් 30 තුළ වැඩිම වේගයක් රඳවා ගන්නා ක්‍රීඩකයාට වේගවත්ම ක්‍රීඩකයා කුසලාන සමගින් විශේෂ තිළින ප්‍රධානය කිරීමටද සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
සෑම දිස්ත්‍රික් ජයග්‍රාහකයකුම රුපියල් 25,000ක්ද, දෙවැන්නාට රු. 20,000ක්ද, තෙවැන්නාට රු. 15,000ක් ද සමගින් එස්.එල්.ටී. තෑගා පාර්සල් පිරිනැමේ.
තරගයේ 15 වැනි ස්ථානය දක්වා තළිණ පිරිනැමෙන අතර, තරගාවලියේ දෙවැනි අදියර අප්‍රේල් 19දා සිට මැයි 7 දා දක්වා පැවැත්වේ.
තරගාවලියට සහභාගි වීම සඳහා අයැදුම්පත් ටෙලිකොම් කාර්යාල මගින් ලබාගත හැකි අතර, වැඩි විස්තර 071839574 සහ 0714037578 දුරකථන අංකයන් ඔස්සේ ලබාගත හැකි බව සංවිධායකයින් දන්වා සිටියි.

සුනිල් අභයවර්ධන

1888 වසරේ දී ස්ථාපිත  කරන ලද  ශ්‍රී  ලංකාවේ පැරණිතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන  කළුතර නාගරික  ක්‍රීඩා සමාජයේ (KTC) 129 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය මාර්තු  මස 19 වැනි ඉරිදා එම පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

මේ අනුව  කළුතර  නාගරික ක්‍රීඩා සමාජිකයන් මගින් එහි සභාපති ලෙස දීපාල් වී පෙරේරා මහතා නැවත වරක් තෝරාපත් කරගන්නා ලදී.

දීපාල් පෙරේරා  මහතා සිය සාමාජිකයන් අමතා ප්‍රකාශ කර සිටියේ රටේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් බවට කළුතර නාගරික ක්‍රීඩා සමාජය  පත්කිරීමට තමන් කටයුතු කර සිටින බවත් යළිත් වරක්  ඒ මහතා පිළිගනිමින් මෙම සමාජයේ සභාපති ලෙස පත්කිරීම  පිළිබඳව ස්තූතිවන්ත  වන බවත්ය.

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් පෙන්වා ඉදිරියට යෑමට අපේක්ෂා කරන තරුණ ප්‍රජාව දිරිගන්වන ස්ථානයක් ලෙස  කළුතර නාගරික ක්‍රීඩා සමාජය හැදින්විය හැකියි. තරුණ ප්‍රජාව  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් බවට පත්කිරීමට ජාතික වශයෙන් නිහඩව සහ සෘජුව දායකත්වයක් ලබාදීමට කළුතර  නාගරික ක්‍රීඩා සමාජය කටයුතු  කර සිටින බව දීපාල්  පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.  ඒ මහතා  වැඩිදුරටත් කියා සිටියේ “ ජාත්‍යන්තර ක්‍රීඩකයන් බිහිකරමින්  අපගේ ජාතික  කණ්ඩායමට මෙන්ම අනාගතයේ දී ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ  තනතුරු  දැරීමටත් සුදුසු දක්ෂයන්ට නිසි පන්නරයක් ලබාදී    ජාතික වශයෙන් සේවයක්  ලබාදීමටත් කළුතර නාගරික  ක්‍රීඩා සමාජය  කටයුතු  කර  සිටින  බව ද ඔහු කියා සිටියේය. 

කළුතර  නාගරික ක්‍රීඩා  සමාජයේ ක්‍රිකට් ක්‍රිඩා ප්‍රමිති තත්ත්වය ප්‍රමුඛ “B”පළමු පංතිය වෙත උත්ශ්‍රේණි කර ඇත. මේ  වන විට කළුතර සමාජය ප්‍රමුඛ B  පළමු පංතියේ (Premier tear B  first class) ක්‍රිකට් ක්‍රීඩා සඳහා තරඟ කරනු  ලබයි.  මෙම  සමාජය  1938 වසරේ දී  ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසගත ක්‍රිකට් ක්‍රීඩා තරඟයක් දිවයිනේ පවත්වමින් ඩේලි නිව්ස් ජය ඵලකය (The Daily news  trophy) දිනා ගන්නා ලදී .

නව කාර්ය නිලධාරීන්

සභාපති: දීපාල් පෙරේරා

පළමු උප සභාපති:පින්සිත්  පෙරේරා
දෙවැනි උප සභාපති  :ඩික්ෂන් පුංචිහේවා.
තෙවැනි උප සභාපති: කොලින් සිල්වා

ලේකම්:  ඩිල්රාන් අබේසේකර

සහායක ලේකම්:ජෝර්ජ් වීරසිංහ

භාණ්ඩාගාරික: සමන් ගුණසේකර

මණ්ඩල ලේකම්:.ලලිත් සමරනායක

ක්‍රීඩා ලේකම්  :පාලිත  ජයනෙත්ති

සමාජ ලේකම් : ප්‍රසන්න ජයසේන

කමිටු සාමාජිකයන්
01.ජී විජේතුංග
02. පර්සි අබේසේකර
03. විල්ස් පෙරේරා
04. අනුර විජේසේකර
05. සුමිත් ලියනගේ

 

 

කොටහේන රෝමානු කතෝලික බාලිකා විදුහල උතුරු කොළඹ අධ්‍යාපන කොට්ඨාස තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් පිට පිටම තෙවැනි වරටත් කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර, එල්‍ලේ ශූරතාවද දිනා ගැනීමට සමත් විය.
නිසි ක්‍රීඩාපිටියක් හෝ ක්‍රීඩා උපාංග නොමැතිව අඩු පහසුකම් මධ්‍යයේ රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ දෙමාපියන්ම පුහුණුකරුවන් ලෙස කටයුතු කරමින් තරගාවලි ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමකි.
විදුහල්පතිනි නිලන්ති රුද්‍රිගු මහත්මිය, ක්‍රිකට් සහ එල්‍ලේ ක්‍රීඩා භාර ආචාර්ය සාලිය මහතා, ක්‍රීඩා භාර ආචාර්යවරුන් සහ පුහුණුකරුවන් සමග ජයග්‍රාහී ක්‍රීඩිකාවෝ ඡායාරූපයේ වෙති.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන ලද 49 වන ජාතික ශූරතා කැරම් තරගාවලියේදී 13 වැනි වරටත් ජාතික ශූරතාව දිනා ගැනීමට සෙලාන් බැංකුවේ චමිල් කුරේ සමත් වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ තෙවැනි වරටත් කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් වූවාය.
පිරිමි කේවල අවසන් තරගයේදී චමිල් කුරේ වට 2-0කින් නිශාන්ත ප්‍රනාන්දු පරාජය කරමින්ද, කාන්තා අවසන් තරගයේදී යසිකා රාහුබද්ධ වට 3-2කින් චලනි ලක්මාලි පරාජය කරමින්ද ශූරතා දිනා ගත්හ.
නිශාන්ත ප්‍රනාන්දු සහ සුරාජ් මධුවන්ත පිරිමි යුගළ තරගයේදී චමිල් කුරේ සහ බ්‍රින්ඩ්ලි වික්‍රමසිංහ පරාජය කරමින්ද, යසිකා රාහුබද්ධ සහ චලනි ලක්මාලි කාන්තා යුගල තරගයේදී ජෝශප් රොෂිටා සහ අරෝෂා වික්‍රමසිංහ පරාජය කරමින්ද යුගල ශූරතා දිනා ගත්හ.

                         

(ප්‍රභාත්)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ 2017-2018 වසර සඳහා නව නිලධාරී මඬුල්ලක් තෝරා පත්කර ගැනීමේ නිලවරණයේ සභාපති තනතුර සඳහා 6 දෙනකු අතර සටනක් නිර්මාණය වී තිබේ.
මීට අමතරව ‍ලේකම් ධුරය සඳහාද 5 දෙනෙක් නාම යෝජනා භාර දී තිබිම විශේෂ සිදුවීමක් වන අතර, උප සභාපති තනතුර 7ක් සඳහා 19 දෙනකු නාම යෝජනා භාර දී තිබේ.
බැඩ්මින්ටන් නිලවරණය මේ මස 24දා බැඩ්මින්ටන් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙවර නිලවරණයේදී සෑම තනතුරක් සඳහාම තරග පවතින අතර, ඉකුත් වසරේ සභාපති ධුරය ඉසිලූ සුරාජ් දන්දෙණිය මහතා මෙවර උප සභාපති ධුරයක තරග වැදීම කැපී පෙනෙ සිදුවීමකි.
පසුගිය වසරේ සුරාජ් දන්දෙණිය මහතා සමග සභාපති ධුරයට තරග වැදුණු මහාචාර්ය රංජිත් සිල්වා මහතා මෙවර කිසිදු තනතුරක් සඳහා නාම යෝජනා භාරදී නොමැත.
පාසල් බැඩ්මින්ටන් සංගමය නියමිත වේලාවට තම නාම ‍ලේඛනය ඉදිරිපත් කිරීමට අ‍පොහොසත් වීම හේතුවෙන් ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳවද ගැටලුවක් පැන නැගී ඇති බව වාර්තාවේ.
බැඩ්මින්ටන් නිලවරණයට ලැබි ඇති නාම යෝජනා සභාපති :- රොෂාන් ගුණවර්ධන, පරාක්‍රම බස්නායක, ප්‍රින්ස් කුක්, පාලිත හෙට්ටිරච්චි, රොහාන්ද සිල්වා, නිශාන්ත ජයසිංහ ‍ලේකම් :- අමල් ඩයස්, දුමින්ද ජයකොඩි, ප්‍රින්ස් කුක්, ක්ලැරන්ස් ඔමාර්, ප්‍රභාත් සේනානායක
භාණ්ඩාගාරික :- රොෂාන් ප්‍රනාන්දු, කැලුම් කැටපෙආරච්චි, ප්‍රභාත් සේනානායක, ජී.ජී. මංගල
උප සභාපති (තනතුරු 7) :- පරාක්‍රම බස්නායක, ප්‍රින්ස් කුක්, පාලිත හෙට්ටිආරච්චි, ගෲප් කපිතාන් රංජිත් සේනානායක, ඩබ්ලිව්.ජී. පුංචිහේවා, චාමර අලුත්ගේ, බ්‍රිගේඩියර් ප්‍රභාත් සේනානායක, ගෲප් කපිතාන් රංජිත් සේනානායක, මොහාන් විජේසිංහ, ජී. බුද්ධික මොහාන් විජේසිංහ, ඕෂධ පණ්ඩිතරත්න, හර්ෂ හිරිපිටිය, ජීවන් ජයතිලක, ක්ලැරන්ස් ඔමාර්, චාමර පෙරේරා, රොහාන් ද සිල්වා, නිශාන්ත විජේසිංහ, දුමින්ද ජයකොඩි, සුරාජ් දන්දෙණිය
නියෝජ්‍ය ‍ලේකම් (තනතුරු 2) :- සමන් විජේසිංහ, එස්.ඩබ්ලිව්. කුමාර, තිලක් ජයසිරි
උප භාණ්ඩාගාරික :- පී.ජී. මංගල, එස්.ඩබ්ලිව්. කුමාර, අලියර් ෆයිසර්

සුනිල් අභයවර්ධන

ජපන්-ශ්‍රී ලංකා ක්‍රීඩා සහයෝගිතා පදනම යටතේ සංවිධානය කරන අවුරුදු 16න් පහළ බාලක ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් මේ මස 11දා සිට කොළඹදී පැවැත්වේ.‘හෙට දිනයට ක්‍රීඩාව‘ තේමාව යටතේ ජපන්-දකුණු ආසියානු ක්‍රීඩා දක්ෂතා හුවමාරු වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලකාවේ පැවැත්වෙන මෙම පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකාව සමගින් නේපාල, භූතාන සහ ජපන් පාපන්දු කණ්ඩායම් සහභාගි වේ.
ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම පාපන්දු තරග 11, 12 සහ 14 දිනයන්හිදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සුනිල්

Page 1 of 4

IMAGE

දුර්වල විභාග ක්‍රමයකින් විශිෂ්ටතමයන් බිහිවන්නේ කොහොමද?

IMAGE 2017 Mar 29 17:01
පාසල් අධ්‍යාපනයේ වර්තමාන විභාග ක්‍රමය ඉතා දුර්වල බව ජනාධිපති වරයාගේ සිට රටේ සැවොම එක සේ...
Views - 271

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

IMAGE 2017 Mar 29 16:16
ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව...
Views - 414

උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා

IMAGE 2017 Mar 29 15:58
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ...
Views - 790

වලපනේට බස් රථ බැරි නම් තවලම් සේවයක් වත් ඕනෑ

IMAGE 2017 Mar 29 11:11
මාර්ග පහසුකම් නොතිබූ අතීතයේ කන්ද උඩරට වලපනේ ප්‍රදේශය ප්‍රසිද්ධව තිබුණේ තවලම් සම්බන්ධයෙනි....
Views - 1168

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 931

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 821

Please publish modules in offcanvas position.