lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන තරගාවලිය යටතේ තරග 4ක් මෙම සති අන්තයේදී පැවැත්වේ.
අද (28දා) ඉසිපතන සහ සහිරා තරගයත්, වෙස්ලි සහ ශා. ජෝසප් තරගයත් පැවැත්වෙන අතර, හෙට (29දා) රාජකීය සහ ශා. තෝමස් තරගය සහ ශා. පීතර සහ ත්‍රිත්ව අතර තරගය පැවැත්වේ.
පළඟ ශූරතාව යටතේ හෙට (29දා) ධර්මරාජ සහ කිංග්ස්වුඩ් අතර තරගයත්, ශා. අන්තෝනි සහ විද්‍යාර්ථ අතර තරගය මහනුවරදී පැවැත්වේ.

ඩී.එස්. සහ වේල්ස් කුමර අතර තරගය අද (28දා) වැලිසරදී පැවැත්වේ.

සති අන්ත තරග සටහන

ශූරතා කුසලාන

28දා- ඉසිපතන සහ සහිරා අතර හැව්ලොක් පිටිය - වෙස්ලි සහ ශා. ජෝසප් අතර සී.ආර්. පිටිය
29දා- රාජකීය සහ ශා. තෝමස් අතර ශා. තෝමස් පිටිය - ශා. පීතර සහ ත්‍රිත්ව අතර බම්බලපිටිය

පළඟ ශූරතාව
28දා- ඩී.එස්. සහ වේල්ස් කුමර අතර වැලිසර
29දා- ධර්මරාජ සහ කිංග්ස්වුඩ් අතර බෝගම්බර
30දා- ශා. අන්තෝනි සහ විද්‍යාර්ථ අතර නිත්තවල

මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර පැවැති එල්.ඊ. බ්ලසේ කුසලාන රග්බි තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 40-39 ක ජයක් වාර්තා කිරීමට කිංග්ස්වුඩ් විදුහල සමත්විය.
වෙස්ලි මෙවර පාසල් ලීග් තරගාවලියේදී ‘ඒ’ කොටසින් තරග වදින ප්‍රබල කණ්ඩායමක් වන අතර කිංග්ස්වුඩ් මෙවර ‘බි’ කොටසින් තරග වදියි.
මහනුවර බෝගම්බර පිටියේ පැවැති මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට කිංග්ස්වුඩ් ලකුණු 18-11 ක් ලෙස පෙරමුණේ පසුවිය.
කිංග්ස්වුඩ් ගෝල 3 ක් උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබාගත් අතර වෙස්ලි ගෝල 4 ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
කිංග්වුඩ් ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩා විලාසයක නිරතවූ නායක හේෂාන් ජෙන්සන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.
තරගයේ දෙවැනි භාගය ආරම්භයත් සමගම සටන උණුසුම් වූ අතර එක් අවස්ථාවක ලකුණු තත්ත්වය 26-25 ක් ලෙස සටහන් විය.
ඉන් පසු යළිත් දෙපිලම උත්සාහක දිනුම් වාර්තා කර ප්‍රවර්තන සාර්ථකව නිම කිරීම නිසා ලකුණු තත්ත්වය 33-32 ක් ලෙස කිංග්ස්වුඩ් පෙරමුණේ විය.
ඉන් පසු කිංග්ස්වුඩ් උත්සාහක දිනුමක් වාර්තා කර එහි ප්‍රවර්තනය නිම කිරීම නිසා ලකුණු තත්ත්වය 40-32 ක් විය.
තරගයේ අවසන් මිනිත්තුවේදී වෙස්ලි විදුහල උත්සාහක දිනුමක් වාර්තා කර ප්‍රවර්තනය සාර්ථකව නිම කළද ලකුණු තත්ත්වය 40-39 ක් ලෙස කිංග්ස්වුඩ්ට ජය හිමිවිය.
කිංග්ස්වුඩ් වෙනුවෙන් හේෂාන් ජෙන්සන් (2) රාජනායක, ආසිරි සෙනවිරත්න සහ රණවීර උත්සාහක දිනුම් වාර්තා කළ අතර එල්. රණවීර දඬුවම් පහර 3ක් සහ ප්‍රවර්තන 3 ක් සාර්ථකව නිම කළේය.
වෙස්ලි වෙනුවෙන්  ටී.බි. සබාර් (2), වෙත්තසිංහ, ඊ. හර්ෂණ සහ ටී. අ‍පොන්සු උත්සාහක දිනුම් වාර්තා කළ අතර අවිශ්ක ලී දඬුවම් පහරක් සහ ප්‍රවර්තන 3 ක්ද, එම්. සුබේර් ප්‍රවර්තනයක් සහ දඬුවම් පහරක්ද සාර්ථකව නිම කළේය.

මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය මෙහෙයවන සිංගර් කුසලාන අන්තර් පාසැල් පළමු කොටසේ රගර් තරගාවලියේ දක්ෂතා අනුව පෙරමුණ ගැනීමට කොළඹ ඉසිපතන සහ මහනුවර ත්‍රිත්ව විදුහල් සමත්ව සිටී.

තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලද පළමු කොටසේ තරගවලද ඉසිපතන විදුහල තරග 5 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 28 ක් ලබා ඇති අතර කොළඹ රාජකීය විදුහල තරග 5 ක් ජය ගනිමින් ලකුණු 27.05 ක් ලබා දෙවැනි තැන  ලබා සිටී. මේ අතර තරගා වලියේ දෙවැනි කොටසේ තරග දක්ෂතා අනුව මහනුවර ත්‍රිත්ව සහ කොළඹ වෙස්ලි කණ්ඩායම් පෙරමුණට පැමිණ සිටී.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සිංගර් කුසලාන සඳහා පවත්වනු ලබන 2017 පාසල් ලීග් රග්බි තරගාවලියට 15 වැනි වරටත් අනුග්‍රහය දැක්වීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම ඉදිරිපත් වී සිටියි.
මෙවර පාසල් ලීග් රග්බි තරගාවලියට පාසල් 100ක් කාණ්ඩ 3ක් යටතේ තරග වදිති.
සිංගර් ශ්‍රී ලංකා අනුග්‍රහය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් නිකේතනයේදී පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර සිටියේ පාසල් රග්බි ක්‍රීඩාවට සිංගර් සමාගම මතෛක් ලබා දී ඇති අනුග්‍රහය යටතේ පාසල් මට්ටමින්, ජාතික මට්ටමින් රග්බි ක්‍රීඩකයන් රැසක් බිහි කිරීමට පාසල් සංගමයට ප්‍රබල ශක්තියක් ලැබි ඇති බවයි.
මේ වන විට පාසල් 200ක පමණ රග්බි ක්‍රීඩාව ආරම්භ වී ඇති අතර, පාසල් සංගමය පවත්වන රග්බි ශූරතා තරගාවලි හරහා ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලු සහයෝගය ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
මෙම අවස්ථාවට සහභාගි වූ සිංගර් සමාගමේ ප්‍රධාන විධායක අශෝක පීරිස් මහතා සඳහන් කර සිටියේ ක්‍රීඩා කීපයකටම තම සමාගමේ අනුග්‍රහයන් ලබා දෙන අතර, ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙසට පාසල් රග්බි තරගාවලියට සම්බන්ධ වීමට අවස්ථාව ලැබි තිබිම සතුටට කරුණක් බවයි.
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති බි.ඒ. අබේරත්න මහතා මෙහිදී සඳහන් කර සිටියේ පාසල් මට්ටමින් රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා තම සංගමය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ අනුව උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල පාසල්වල රග්බි කණ්ඩායම් ආරම්භ කිරීමට තම සංගමය මේ වන විටත් ක්‍රියාත්මක වී ඇති බවයි.
සිංගර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතාද මෙහිදී අදහස් දක්වමින් පාසල් රග්බි ක්‍රීඩාවට අනුග්‍රාහකයකු නොමැති කාලයේදී සිංගර් සමාගම ඒ සඳහා අනුග්‍රහය දක්වමින් උපකාර කිරීමට හැකිවූ අතර, එම පාසල් රග්බි තරගාවලි හරහා දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමට සිංගර් සමාගමද මේ වන විට ප්‍රබල දායකත්වයක් දරා ඇති බව පැවැසීය.

සුනිල් අභයවර්ධන/ ඡායාරූප - තුෂාර අතපත්තු

මලයාසියාවේදී පැවැති බෝනියෝ සෙවන්ස් රග්බි තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන් තරගයේදී තායිලන්තයට එරෙහිව ලකුණු 12-05ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වී තිබේ.
මේ අතර පිරිමි තරගාවලියේ පළඟ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 32-20කින් හැව්ලොක්ස් පරාජය කළ මහනුවර ශූරතාව දිනා ගැනීමට සමත් විය.
තියුණු සටනක් පැවැති අවසන් මහ තරගයේදී අවසන් මොහොතේ රිචඩ් ධර්මපාල වාර්තා කළ උත්සාහක දිනුමෙන් මහනුවරට ජය හිමිවිය.
මෙම තරගයේදී මහනුවර වෙනුවෙන් ගයාන් වීරරත්න, ෆාසිල් මරීජා සහ රිචඩ් ධර්මපාල විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත විය.
තරගයේ පළමු භාගය අවසන් වන විට මහනුවර ලකුණු 24-3ක් ලෙස පෙරමුණේ පසුවුවද තරගය නිම වීමට මිනිත්තු 5ක් තිබියදී ලකුණු තත්ත්වය 27-20 දක්වා අඩුකර ගැනීමට හැව්ලොක්ස් සමත් විය.
පළමු භාගයේදී හැව්ලොක්ස් වෙනුවෙන් චිරන්ත පෙරේරා දඬුවම් පහරක් වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.
තිළිණ විජේසිංහ දඬුවම් පහරක් නිම කිරීමෙන් ලකුණු තත්ත්වය 3-3ක් ලෙස සම විය.
ඉන්පසු ක්‍රියාත්මක වූ ගයාන් වීරරත්න උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර, එම ප්‍රවර්තන නිම කිරීමට තිළිණ විජේසිංහ සමත් වීමෙන් ලකුණු තත්ත්වය 17-3ක් විය.
පළමු භාගයේ අවසන් මොහොතේදී ෆාසීල් මරීජා වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක වීමෙන් ලකුණු තත්ත්වය 24-3ක් විය.
දෙවැනි භාගය ආරම්භයේදීම ක්‍රියාත්මක වූ හැව්ලොක්ස් පි‍ලේ නිෂෝන් පෙරේරා උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමෙන් ලකුණු තත්ත්වය 24-15ක් වූ අතර, තිළිණ වීරසිංහ වාර්තා කළ ඩේ‍රාප් ගෝලයෙන් ලකුණු තත්ත්වය 27-15ක් විය.
යළිත් ක්‍රියාත්මක වූ හැව්ලොක්ස් පි‍ලේ දුෂ්මන්ත ප්‍රියදර්ශන වාර්තා කළ උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට අසමත් වීමෙන් ලකුණු තත්ත්වය 27-20ක් විය.
ඒ මොහොතේ දෙපිළම තියුණු සටනක නිරත වූ අතර, ෆාසීල් මරීජා ලබාදුන් පන්දුව උත්සාහක දිනුමක් බවට පත් කිරීමට රිචඩ් ධර්මපාල සමත් වීමෙන් මහනුවරට ලකුණු 32-20ක ජයක් හිමිවිය.

මංගල ධර්මප්‍රේම

Page 1 of 3

IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9081

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1360

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4194

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2892

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3263

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4155

Please publish modules in offcanvas position.