Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මිනුවන්ගොඩ නාලන්දා සහ වත්තල ශා. ජෝශප්ට පළමු කොටසට උසස්වීම්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර කාණ්ඩ 10ක් යටතේ පාසල් කණ්ඩායම් 77ක් තරග බිමට පිවිසෙති.
පසුගිය තරග වාරයේදී දෙවැනි කොටස යටතේ තරග වැද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලය සහ වත්තල ශා. ජෝශප් විද්‍යාලය මෙවර පළමු කොටසට උසස්වීම් ලබා ඇත.
පසුගිය තරගාවලියේදී කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ශූරයන් බවට පත්වූ අතර, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අනුශූරයන් බවට පත්විය.
ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටයේ ඒ ඒ කාණ්ඩවල දස්කම් දක්වන කණ්ඩායම් 32ක් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබන අතර, එම වටයද කාණ්ඩ 8ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වේ.
මෙවර තරගාවලියේ පළමු වටය සැප්තැම්බර් මස 20 වැනි දිනෙන් ආරම්භවීමට නියමිතව ඇති අතර, ඔක්තෝබර් මස 14 වැනි දිනෙන් අවසන්වීමට නියමිතව ඇත.
 
“ඒ” කාණ්ඩය
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොළඹ මහනාම විද්‍යාලය, කළුතර සිරිකුරුස විද්‍යාලය, පානදුර ශා. ජෝන් විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, නුගේගොඩ ශා. ජෝන් විද්‍යාලය, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය, ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලය
“බි” කාණ්ඩය
කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය, කොළඹ කේරි විද්‍යාලය, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය, කෝට්ටේ ශා. තෝමස් විද්‍යාලය, රාගම බැසිලිකා විද්‍යාලය
“සී” කාණ්ඩය
කඳාන දි මැසිනෝද් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය, වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය, මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය, කොළඹ වේළුවන විද්‍යාලය
“ඩී” කාණ්ඩය
පානදුර රාජකීය විද්‍යාලය, කළුතර විද්‍යාලය, මොරටු විද්‍යාලය, පානදුර මහානාම නවෝද්‍යා පාසල, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, අවිස්සාවේල්ල සීතාවක මහා විද්‍යාලය, මහරගම ජනාධිපති විද්‍යාලය, වත්තල ශා. ජෝශප් විද්‍යාලය
“ඊ” කාණ්ඩය
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, බම්බලපිටිය ශා. පීතර විද්‍යාලය, කොළඹ සහිරා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය, කොළඹ ශා. ජෝශප් විද්‍යාලය, මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලය
“එෆ්” කාණ්ඩය
කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කොට්ටාව ධර්මපාල විද්‍යාලය, කොටහේන ශා. බෙනඩික්ට් විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය, කොළඹ අසෝක විද්‍යාලය
“ජී” කාණ්ඩය
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කෑගලු විද්‍යාලය, මහනුවර ශා. සිල්වෙස්තර විද්‍යාලය, කුරුණෑගල ශා. ආනා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, වෙන්නප්පුව ශා. ජෝශප් වාස් විද්‍යාලය, ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය
“එච්” කාණ්ඩය
කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, ‍පොලොන්නරුව රාජකීය විද්‍යාලය
“ජේ” කාණ්ඩය
රත්ගම දේවපතිරාජ විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, ගාල්ල ශා. ඇලෝසියස් විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, දෙබරවැව ජාතික පාසල, මාතර ශා. තෝමස් විද්‍යාලය, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය
“කේ” කාණ්ඩය
ගාල්ල මහින්ද විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, බෙන්තොට ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ  පී. ද එස්. කුලරත්න විද්‍යාලය, බලපිටිය රේවත විද්‍යාලය, මාතර ශා. සර්වේෂස් විද්‍යාලය
 
පමෝද් ලසන්ත
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2583

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2469

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3963

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4507

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5325

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3172

Please publish modules in offcanvas position.

X

Right Click

No right click