lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

මහනුවර අපරාජිත වාර්තාව කොළඹ හමුවේ බිඳ වැටෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය යටතේ ඊයේ (20දා) පැවැති තරගවලදී ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි මහනුවර අපරාජිත බව බිඳ හෙළීමට කොළඹ සමත්විය.
ඊයේ එන්.සී.සී. පිටියේ පැවැති තරගයේදී කොළඹ හමුවේ මහනුවර ලකුණු 106කින් පරාජය ලැබූ අතර, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැති තරගයේදී දඹුල්ල හමුවේ ගාල්ල එක් කඩුල්ලක පරාජයක් ලැබිය.
මේ අනුව ඊයේ පැවැති තරගවලදී ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ මහනුවර සහ ගාල්ල පරාජය ලැබිම කැපී පෙනෙන සිදුවීමක් විය.
කොළඹ - මහනුවර                                                                                                                               
කොළඹ සහ මහනුවර අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 288ක් රැස් කළ අතර, මහනුවරට පන්දුවාර 38කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 182ක් පමණි.
කොළඹ ජයග්‍රහණය වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 76ක් සහ ඩිල්ෂාන් මුණවීර ලකුණු 52ක් රැස් කළ අතර, වනිඳු හසරංග ලකුණු 49ක් සහ පන්දුවෙන්ද දස්කම් දක්වමින් කඩුලු 3ක් බිඳ
හෙළීය.
කොළඹ: 288/8 (පන්දුවාර 50) දිනේෂ්
චන්දිමාල් 76, ඩිල්ෂාන් මුණවීර 52, වනිඳු හසරංග 49, ළහිරු තිරිමාන්න 49, සචිත්‍ර සේනානායක 18, ෂෙහාන් ජයසූරිය 12, කිත්රුවන් විතානගේ 12, නුවන් ප්‍රදීප් 3/56, චරිත් අසලංක 2/32
මහනුවර: 182 (පන්දුවාර 38) සචිත් පතිරණ 46, චාමර කපුගෙදර 36, සඳුන් වීරක්කොඩි 29, චතුර පීරිස් 19, ළහිරු ගමගේ 13, හෂාන් වීරක්කොඩි 10, වනිඳු හසරංග 3/37, සචිත්‍ර සේනානායක 3/39, ඩිල්ෂාන් මුණවීර 2/18
කොළඹට ලකුණු 106ක ජයක්.
ගාල්ල - දඹුල්ල
ගාල්ල සහ දඹුල්ල අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 250ක් රැස් කළ අතර,
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල තරගයේ අවසන් පන්දුවේදී අදාළ ඉලක්කය පසු කරමින් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළේය.
දඹුල්ල ජයග්‍රහණය වෙනුවන් හර්ෂ කුරේ ලකුණු 46ක්ද, මිලින්ද සිරිවර්ධන ලකුණු 39ක්ද වාර්තා කළහ.
ගාල්ල: 250/8 (පන්දුවාර 50) චතුරංග ද සිල්වා 56, සීක්කුගේ ප්‍රසන්න 46, සුරංග ලක්මාල් නොදැවී 33, උපුල් තරංග 26, චාමික කරුණාරත්න නොදැවී 24, දිමුත් කරුණාරත්න 24, ධනංජය ද සිල්වා 17, මිනෝද් භානුක 11, මිලින්ද සිරිවර්ධන 2/18, දිල්රුවන් පෙරේරා 2/28, ළහිරු කුමාර 2/52
දඹුල්ල: 251/9යි (පන්දුවාර 50) හර්ෂ කුරේ 46, මිලින්ද සිරිවර්ධන 39, අශාන් ප්‍රියන්ජන් 33, උදාර ජයසුන්දර 33, දිල්රුවන් පෙරේරා 29, කුසල් මෙන්ඩිස් 21, අවිශ්ක ප්‍රනාන්දු 19, නුවන් කුලසේකර 11, චාමික කරුණාරත්න 2/23, මලින්ද පුෂ්පකුමාර 2/47, චතුරංග ද සිල්වා 2/36, සීක්කුගේ ප්‍රසන්න 2/46
දඹුල්ලට එක් කඩුල්ලක ජයක්

පමෝද් ලසන්ත

IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2626

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1071

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8832

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3897

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.