lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

මාතර ශා. තෝමස් සහ ශා. සර්වේෂස් අතර 117 වැනි වරටත් පැවැති ‘රුහුණු නිල් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශා. සර්වේෂස් මුල් ඉනිම ලකුණු 207කට සීමා වූ අතර, ශා. තෝමස් මුල් ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 211ක් වාර්තා කළේය.
ශා. සර්වේෂස් දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6ට ලකුණු 176ක් රැස් කරමින් ඉනිම අත්හිටුවූ අතර, තරගය නතර කරනවිට ශා. තෝමස් කිසිවකු නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය.
මෙම තරගයේදී ශා. සර්වේෂස් වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක තිලාන් ප්‍රශාන් පළමු ඉනිමේදී ලකුණු 61ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 38ක් රැස් කළ අතර, පන්දුවෙන්ද දස්කම් දක්වමින් මුල් ඉනිමේදී ලකුණු 48කට කඩුලු 6ක් බිඳ හෙළීය.
ශා. තෝමස් පළමු ඉනිම වෙනුවෙන් අගනා පිතිහරඹයක් දියත්කළ ළහිරු ඩිල්ෂාන් ලකුණු 72ක් වාර්තා කළේය.
ලකුණු තත්ත්වය :-
ශා. සර්වේෂස්: පළමු ඉනිම - 207 (පන්දුවාර 76.4)
තිලාන් ප්‍රශාන් 61, සුපුන් කාවින්ද 48, මුදිත හෂාන් 36, ශෂික දුල්ෂාන් 21, මලීෂ ද සේරම් 3/24, ළහිරු ඩිල්ෂාන් 2/28, ප්‍රවීන් මධුෂාන් 2/38, හෂින් ඩිල්මාන් 2/64
ශා. තෝමස්: පළමු ඉනිම - 211 (පන්දුවාර 110.1)
ළහිරු ඩිල්ෂාන් 72, රමින්ද ප්‍රවිනාත් 43, තරුෂ කාවින්ද්‍ය 30, තිලාන් ප්‍රශාන් 6/48
ශා. සර්වේෂස්: දෙවැනි ඉනිම - 174/6 (පන්දුවාර 68)
සුපුන් කාවින්ද 42, තිලාන් ප්‍රශාන් 38, සඳරු නෙත්මිණ නොදැවී 25, කේෂර නුවන්ත 24, හෂින් ඩිල්මාන් 4/59
ශා. තෝමස්: දෙවැනි ඉනිම - 20/0 (පන්දුවාර 3.4)

පමෝද් ලසන්ත

බම්බලපිටිය ශා. පීතර සහ මරදාන ශා. ජෝශප් අතර 43 වැනි වරටත් පැවැති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ජයගත් ශා. පීතර විදුහල් පිලට ‘පීටර් පිල්‍ලේ පියතුමන් අනුස්මරණ පළිහ’ හිමිවිය. ජයග්‍රාහී ශා. පීතර නායක ලක්ෂිණ රොද්‍රිගෝට ප්‍රධාන ආරාධිත ඔරිල් ද මෙල් මහතා ශූරතා පළිහ පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දිස්වේ. මෙම  අවස්ථාවට ශා. ජෝශප් විදුහල්පති ටේ‍රවිස් ගේබ්‍රියල් පියතුමන්, ශා. පීතර විදුහල්පති ටේ‍රවෝ මාර්ටින් පියතුමන් සහ ඩයලොග් ආසියාටා සමාගමේ  සාමාන්‍යාධිකාරී (සන්නාම සහ මාධ්‍ය, සමූහ අලෙවි) හර්ෂ සමරනායක මහතාද සහභාගි වූහ.

ශ්‍රී ලංකා පිලට පළමු එක්දින තරගය පරාජය වීමට සිදුවූයේ දුර්වල පන්දු රැකීම නිසා බව ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළ දිනේෂ් චන්දිමාල් තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“අපි හොඳින් පන්දු රැක්කා නම් බංගලිදේශය ලකුණු 280 කට තියන්න තිබුණා. එසේ වුණා නම් අපිට තරගය ජය ගත හැකිව තිබුණා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්” යැයි චන්දිමාල් පැවැසීය.
සියලුම ක්‍රීඩකයන් හොඳින් පන්දු රැකීමේ පුහුණුවේ යෙදෙන බව පවසන චන්දිමාල් තරගයේදී එය සිදු නොවීම කනගාටුවට කරුණක් බව පවසයි.
ශ්‍රී ලංකා පි‍ලේ බොහෝ ක්‍රීඩකයන් තරුණ ක්‍රීඩකයන් බවත් ඔවුන්ට වැරදි හදාගෙන පෙරට පැමිණීමට අවස්ථාවක් ලබාදිය යුතු බවත් චන්දිමාල් පවසයි.
මෙම තරගයේදී බංගලිදේශ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළ බව පැවැසූ චන්දිමාල් එහි ගෞරවය ඔවුන්ට හිමිවිය යුතු බව කියයි.
“බංගලිදේශ පි‍ලේ ඉන්නේ වසර 7 ක් 8 ක් දිගටම ක්‍රීඩා කරලා අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් පිරිසක්. ඔවුන්ගේ වත්මන් සාර්ථකත්වයේ රහස ඒකයි” යැයි චන්දිමාල් පැවැසීය.
කාසියේ වාසිය දිනා පන්දු යැවීමට තීරණය කළේ රාත්‍රියේ පින්න ඇතිවන නිසා බව පැවැසූ චන්දිමාල් තරග දිනයේ පින්න ඇති නොවීමද අවසානයේ අවාසිදායකවූ බව පවසයි.
“අපි පසුගිය දින කිහිපයේදීම පුහුණුවීම්වලදී දැක්කා රෑට පින්න තියෙනවා. ඒකයි පන්දු යවන්න තීරණය කළේ. ඒත් තරගය දවසේ පින්න තිබුණේ නෑ” යැයි චන්දිමාල් පැවැසීය.
ලකුණු අතර සිටින දික්වැල්ල සහ කුසල් ජනිත් නොමැති වීම පාඩුවක් වූ බව පවසන චන්දිමාල් නිත්‍ය නායක මැතිව්ස් නොමැති වීමද පාඩුවක් බව පැවැසීය.
තරගාවලියේ පළමු තරගයෙන් පරාජය වීම අසීරු අත්දැකීමක් බව පවසන චන්දිමාල් සිදු වූ සියලු වැරදි නිවැරදි කරගෙන ඊළඟ තරගයට සාර්ථකව මුහුණ දීමට සූදානම් බව පැවැසීය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ “සිංගර් කුසලාන” අවු. 19න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත් විය.
කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී (26දා) පැවැති අවසන් මහ තරගයේදී රිච්මන්ඩ් විද්‍යාලය ඩක්වර්ත්  ලුවිස් ක්‍රමයට කොළඹ තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8 කින් පරාජය කළේය.
පන්දුවාර 43ට සීමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් තර්ස්ටන් ඉනිම පන්දුවාර 38.2කදී ලකුණු 141කට සීමා වූ අතර, ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට රිච්මන්ඩ්ට ලකුණු 139ක ඉලක්කයක් හිමි විය.
රිච්මන්ඩ් පන්දුවාර 25.3කදී කඩුලු 2ක් දැවී අදාළ ඉලක්කය පසු කරමින් ජය වාර්තා කළේය.
ධනංජය ලක්ෂාන් පන්දු 52කදී හතරේ පහර 12ක් සමගින් ලකුණු 61ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී ලකුණු 38ක් සහ තවීෂ අභිෂේක් නොදැවී ලකුණු 24ක් රැස් කරමින් රිච්මන්ඩ් ජය තහවුරු කළහ.
රිච්මන්ඩ් වෙනුවෙන් රවිෂ්ක විජේසිරි සහ තිලංග උදීෂ කඩුලු 3ක් බැගින් බිඳ හෙලූහ.
ලකුණු තත්ත්වය :-
තර්ස්ටන්: 141 (පන්දුවාර 38.2) යේෂාන් වික්‍රමාරච්චි 37, චරණ නානායක්කාර 26, නිපුන් ලක්ෂාන් 20,
රවිෂ්ක විජේසිරි 3/27, තිලංග උදීෂන 3/29, කමිදු මෙන්ඩිස් 2/10, සඳුන් මෙන්ඩිස් 2/19
රිච්මන්ඩ්: 140/2 (පන්දුවාර 25.4) ධනංජය ලක්ෂාන් 61, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 38, තවීෂ අභිෂේක් නොදැවී 24

පමෝද් ලසන්ත

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි
පළමු එක්දින තරග දෙක අහිමි වී තිබේ.පසුගියදා පැවැති බංග්ලාදේශයට එරෙහි පුහුණු එක්දින තරගයේදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් කුසල්ට දින කිහිපයක් විවේක ගැනීමට සිදුවී තිබේ.
එම තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් ලකුණු 64ක් ලබා සිටියදී ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගොස් තිබේ.
පසුගිය දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේදී කණ්ඩායමෙන් ඉවත් කරන ලද කුසල් ජනිත් පෙරේරාට ඉන්පසු පැවැති ඕස්ට්‍රේලියානු 20-20 තරගාවලියේදීද අවස්ථාවක් හිමි නොවීය.
ඉන්පසු ශ්‍රී ලංකාවේදී පැවැති එංගලන්ත ‘ඒ’ සමග තරගාවලියට ක්‍රීඩා කළ කුසල් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් ලකුණු අතරට පිවිස යළිත් එක්දින කණ්ඩායමට එක්වීමට සමත් විය.මේ අනුව කුසල්ට බංග්ලාදේශයට එරෙහි තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතින බව වාර්තා වන අතර, ඔහුගේ ආබාධය බරපතල ආබාධයක් නොවන බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා එක්දින පිල මේ වන විට දඹුල්ල බලා පිටත්ව ගොස් ඇති අතර, කුසල්ට කොළඹ රැඳී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස තේරීම් කමිටුව උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.කුසල් නොමැති වීම නිසා ධනුෂ්ක ගුණතිලක සමග උපුල් තරංග හෝ නිරෝෂන් දික්වැල්ල පළමු තරග දෙකේදී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරනු ඇතැයි පැවසේ.
පළමු තරග දෙක සඳහා කුසල් වෙනුවට ආදේශක ක්‍රීඩකයකු අද නම් කිරීමට නියමිතව ඇති අතර, බොහෝ දුරට එම ස්ථානය මිලින්ද සිරිවර්ධනට හිමිවනු ඇතැයි වාර්තා වේ.ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස හෙට (25දා) පස්වරු2.30ට දඹුල්ල ජාත්‍යන්තච ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මංගල ධර්මප්‍රේම
 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබිමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත්විය.
ඊයේ (21) මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී නාලන්දා ලකුණු 57කින් පැරදවීමට තර්ස්ටන් සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් පන්දුවාර 47.4කදී ලකුණු 208ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාලන්දාවට පන්දුවාර 40.2 කදී සියල්ලන් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 151ක් පමණි.
තර්ස්ටන් ජයග්‍රහණය  වෙනුවෙන් නායක කසුන් අබේරත්න ලකුණු 62ක් රැස් කළ අතර, ඉමේෂ් විරංග ලකුණු 51ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දක්වමින් නවීන් ගුණවර්ධන සහ සඳරු ඩයස් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.
නාලන්දා වෙනුවෙන් ලක්ෂිත රසාංජන ලකුණු 44ක් රැස් කළ අතර, දසුන් සෙනෙවිරත්න ලකුණු 31ක් රැස් කළේය.

ලකුණු තත්ත්වය :-
තර්ස්ටන්: 208 (පන්දුවාර 47.4) කසුන් අබේරත්න 62, ඉමේෂ් විරංග 51, චරණ නානායක්කාර 25, උමේෂ්ක ඩිල්ෂාන් 3/35
නාලන්දා: 151 (පන්දුවාර 40.2) ලක්ෂිත රසාංජන 44, දසුන් සෙනෙවිරත්න 31, කළණ කත්‍රිආරච්චි 23, නවීන් ගුණවර්ධන 3/16, සඳරු ඩයස් 3/20

පමෝද් ලසන්ත

Page 1 of 11

IMAGE

දුර්වල විභාග ක්‍රමයකින් විශිෂ්ටතමයන් බිහිවන්නේ කොහොමද?

IMAGE 2017 Mar 29 17:01
පාසල් අධ්‍යාපනයේ වර්තමාන විභාග ක්‍රමය ඉතා දුර්වල බව ජනාධිපති වරයාගේ සිට රටේ සැවොම එක සේ...
Views - 271

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

IMAGE 2017 Mar 29 16:16
ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව...
Views - 414

උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා

IMAGE 2017 Mar 29 15:58
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ...
Views - 790

වලපනේට බස් රථ බැරි නම් තවලම් සේවයක් වත් ඕනෑ

IMAGE 2017 Mar 29 11:11
මාර්ග පහසුකම් නොතිබූ අතීතයේ කන්ද උඩරට වලපනේ ප්‍රදේශය ප්‍රසිද්ධව තිබුණේ තවලම් සම්බන්ධයෙනි....
Views - 1168

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 931

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 821

Please publish modules in offcanvas position.