Coss Ear2
lakbima.lk
COSS Ear 1

“කල්ලාරු ඇතා”ගේ මරණය ස්වභාවිකව සිදුවූ දෙයක්

වෙඩි තබා මරා දැමූ බවට සැකකෙරුණ කල්ලාරු නම් ඇතාගේ මරණයට හේතුව වෙඩි තැබිමක් හෝ  හදිසි සිදුවීමක් නොව ස්වභාවික හේතුවක් යැයි වනජීවී දෙපාර්තමේන්තුවේ වනජීවී සංරක්ෂණ සෞඛ්‍ය කළමනාකරණ ඒකයේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව පසුගිය හයවනදා නිගමනය කළේය.
ජනවාරි මස (05) වැනිදා කල්ලාරු නමින් හඳුන්වන ඇතාගේ බවට සැකකරන ශරීර කොටස් විශාල ප්‍රමාණයක් සිලාවතුර නාඩ්ඩුකුට්ටු මොල්ලිකුලම් ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සොයා ගත් අතර වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ඇතුළු පිරිස එම ස්ථානයට ගොස් අස්ථි කොටස් සොයාගත් භූමිය නිරීක්ෂණය කළහ.
එම ස්ථානය දැඩි පරීක්ෂාවට ලක්කළ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ඇතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී නැති බව නිගමනය කළේය. එමෙන්ම අකුණු ගැසීමකින් විදුලිය සැර වැදීමක් වැනි හදිසි අනතුරකින් මරණය සිදුවී නොමැති බවද තහවුරු කළේය. ඇතා මියගිය  ස්ථානය පරීක්ෂාවට ලක් කරද්දී එම ස්ථානයේ ‍පොළව විශාල වශයෙන් ගිලා බැසීමක් සිදුව ඇති බව තාරක ප්‍රසාද් මහතා නිගමනයට එළඹි අතර ඇතා ස්වාභාවික හේතුවකින් මියගොස් තිබෙන බවට නිගමනය කළේය.
කල්ලාරු ඇතා වයස්ගතවීමෙන් ඇතිවන රෝගාතුර වීමකින් හෝ වෙනත් රෝගයක් වැළඳී දින කිහිපයක් එම ස්ථානයේ වැටී දැඟලීම නිසා භූමියේ ගිලා බැසීම සිදුව තිබෙන බවත් වෙඩි ප්‍රහාරයක්, අකුණු සැරක් හෝ විදුලිය සැර වැදීමක් සිදුවූයේ නම් ඇතා
ක්ෂණිකවම එම ස්ථානයේ මියයන බවත් එවිට භූමිය මේ අයුරින් ගිලා බැසීමක් සිදු නොවන බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
ස්වාභාවිකව මිය ගිය බවට නිගමනය කරන ඇතා මීට වසර දෙකකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැකකරන අතර දැනට අත්අඩංගුවේ පසුවන මවුලවීවරයා ඇතුළු සැකකරුවන් හෝ වෙනත් පිරිසක් වනෝද්‍යාන භූමියේ සැරිසරද්දී මියගිය ඇතාගේ සිරුර හමු වී ඇත්දළ යුගලය කපා ගන්නට ඇති බවට  ‍පොලීසිය සැක මතු කරයි. කිසියම් අයෙකුට එම ඇත්දළ යුගල හමුවූයේ නම් ඒවා වහාම රජයට බාර දිය යුතු බවත්, නීති විරෝධී අන්දමින් ඇත් දළ ළඟ තබා ගැනීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බවත් ‍පොලීසිය පැවැසුවේය.
සැකකාර මවුලවීවරයා ඇතුළු තිදෙනා අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. පසුගිය වසරේ දෙසැම්බර් මස (28) වැනිදා තන්තිරිමලය සීමාවේදී සැකකරුවන් තිදෙනෙකු විසින් අනුරාධපුර කොට්ඨාසභාර ‍පොලිස් අධිකාරිවරයා ඇතුළු උපාය දූත ‍පොලිස් නිලධාරින් පිරිසකට ඇත් දළ යුගලය රුපියල් පනස් ලක්ෂයකට විකිණීමට යාමේදී ‍පොලිස් අත්අඩංගුවට පත්විය.
අනුරාධපුර කොට්ඨාසභාර ‍පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීෂක නවරත්න අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් ‍පොලිස් සැරයන් (12531) එල්.පී.එන්.සී. සෝමතිලක, ‍පොලිස් කොස්තාපල් (47799) ප්‍රේමරත්න අඩවි ආරක්ෂක එච්.ආර්.ඩී.එස්. සේනානායක යන මහත්වරු පරීක්ෂණයට සහභාගි වූහ.

බුද්ධික මහේෂ්  විජේසූරිය - අනුරාධපුර

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1278

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 721

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2843

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3890

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6925

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6128

Please publish modules in offcanvas position.