Coss Ear2
lakbima.lk
COSS Ear 1

ත්‍රිරෝද රථ වෙනුවට කාර්

ත්‍රිරෝද රථ අද මෙරට ‍පොදු ප්‍රවාහන සේවාවේ ඉදිරියෙන්ම සිටින වාහනයකි. දුප්පත් ‍පෝසත් භේදයකින් තොරව අපේ රටේ සියලු සමාජ පන්තිවලට සේවාව සපයන ප්‍රවාහන සේවාවක් ලෙසද ත්‍රිරෝද රථ හඳුන්වා දිය හැකිය. මේ වනවිට ප්‍රවාහන සේවා සපයන ධාවනය වෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 6ත්, 7ත් අතර වෙයි.
කෙසේ නමුත් ප්‍රවාහනයේදී ඇතිවෙන අනාරක්ෂිත බව, නාගරික සංවර්ධනයට බාධා පැමිණීම යන කාරණා මූලික කොටගනිමින් ත්‍රිරෝද රථය මෙරට ප්‍රවාහනයෙන් බැහැර කළ යුතු බවටත්, ඒ වෙනුවට ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් හෝ මෝටර් රථයක් ආදේශ කළ යුතු බවටත් 2018 අයවැය මගින් යෝජනා කොට ඇත.  මේ හරහා මතුවන තත්ත්වය පිළිබඳව ත්‍රිරෝද රථ සංගම් කිහිපයකින් අපි අදහස් විමසා සිටියෙමු. මේ ඒ පිළිබඳව සමස්ථ ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල ජයරුක් දැක්වූ අදහසය.
2018 අයවැය යෝජනා මගින් සංවර්ධනය වන නගර වලින් ත්‍රිරෝද රථ ධාවනය කිරීම යම්කිසි විදිහකින් සීමා කරන ලෙසටත්, ඒ වෙනුවට කුඩා ප්‍රමාණයේ මෝටර් රථ වගේම විදුලි ත්‍රිරෝද රථයක් හඳුන්වා දෙන්න කියලා අපි යෝජනාවක් ඉදිරිපත් කළා. රියැදුරා වෙනස් නොවි පදවන වාහනය වෙනස් වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ සංගමය යටතේ සිටින ලක්ෂ තුනහමාරකට අධික රියැදුරන් පරිසර හිතකාමී යෝජනාවලට විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ.”
ත්‍රිරෝද රථය වෙනුවට ආදේශක ගෙන ඒමේ යෝජනාව පිළිබඳව, සමස්ථ ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මෙලෙස අදහස් දක්වා සිටියේය.
“රටේ ආර්ථිකය දියුණු වෙනවා කියලා ත්‍රීවීල් එකේ හැඩය වෙනස් වෙන්න ඕනේ කියලා නැහැනේ. ඒ වෙනුවට කාර් පදින්න ඕනේ කියලා මම නම් හිතන්නේ නැහැ. අපේ රටට අමුතුවෙන් කාර් හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. ත්‍රීවීල් වෙනුවට කාර් ගෙන්වනවා කියන එක කවදාවත් වෙන්නේ නැති වැඩක්. තාම හරියට රටේ සංවර්ධනයක්වත් නැති එකේ මොකටද කාර් ගේනවා කියලා රියැදුරන් බයවෙන්නේ. මේක ප්‍රායෝගික නැහැ.”
ත්‍රිරෝද රථය වෙනුවට ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් හෝ මෝටර් රථයක් ආදේශ කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව රියදුරන් දක්වන අදහස් තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගෙන්ද අපි අදහස් විමසා බැලුවෙමු.
“මෙවර අයවැය යෝජනාවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර තමයි ත්‍රීවීල් වෙනුවට මෝටර් රථයක් හඳුන්වාදීමේ කතාව කිව්වේ. ඇමැතිතුමාගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මුදල් උපදේශක සමග අපි සාකච්ඡාවක්ද පැවැත්වූවා. එතනදී අපිට කිව්වා ලංකාවේ ත්‍රීවීල් බංග්ලාදේශයට විකුණලා, චීනෙන් අලුත් ත්‍රීවීල් එකක් ගේන්න යනවා කියලා. කාර් එකකුත් හඳුන්වලා දෙනවා කිව්වා. ඇත්තටම දැන් අපිට ප්‍රශ්නෙකට තියෙන්නේ ත්‍රීවීල් එකක් වෙනුවට කාර් එකක් නම් හඳුන්වලා දුන්නට කමක් නැහැ කියමුකෝ. ඒත් ත්‍රීවීල් එකක්ම හඳුන්වා දෙන එක ප්‍රායෝගිකද කියලා අපි අහනවා. ඔය කියන ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එක ලක්ෂ 13ක් වෙනවා. මං හිතන්නේ කාර් එකක් ලක්ෂ 14ක් වෙනවා. දැන් ලක්ෂ හතහමාරකට විතර තියෙන ත්‍රීවීල් එකක් බොහොම අමාරුවෙන් ගන්න රියැදුරන්ට ඊට වඩා වැඩි ගාණක් ගෙවලා කාර් එකක් හරි ත්‍රීවීල් එකක් හරි ගන්න පුළුවන්කමක් තියෙනවද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා. අපි නම් කියන්නේ ත්‍රීවීල් වෙනුවට වෙනත් ආදේශක ගේනවා නම් රියැදුරන්ගේ පැත්තට උපරිම සාධාරණයක් වෙන්න ඕනේ කියලයි.”
කෙසේ නමුත් ත්‍රිරෝද රථයෙන් තම ෙදෙනික ජීවිතය ගැටගසා ගන්නා දහසකුත් ත්‍රිරෝද රථ රියැදුරන්ට තදින්ම දැනෙන මේ ප්‍රශ්නය පිළිබඳව රියැදුරන් කිහිප දෙනෙකුගේ අදහස්ද අප විමසා සිටියෙමු.  අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල වූ ත්‍රිරෝද රථගා‍ලේ ප්‍රධානී ‘රවුමාන්’ මේ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.
“ආණ්ඩු මාරු වෙනකොට එක එක කතා කියනවනේ. එක පාරක් අපිට යුනිෆෝම් දෙනවා කිව්වා. පැන්ෂන් දෙනවා කිව්වා. ඒ වගේ තමා මේ කාර් දෙනවා කියන කතාවත්. අපි නම් කියන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන අපේ රස්සාව නැති කරන්න එපා කියලයි.”
කොටහේන මන්සන්ධිය අසල වූ ත්‍රිරෝද රථ ගා‍ලේ රියැදුරෙකු වූ ගුණදාස  මේ පිළිබඳව මෙලෙස අදහස් දක්වා සිටියේය.
“මම ත්‍රීවීල් හයර් කරන්නේ අවුරුදු පහළොවක ඉඳලා. කාර් ගේන්න යනවා කියන කතාව හරියන වැඩක් නම් නමෛයි. දැන් තියෙන ත්‍රීවීල් එකත් ලක්ෂ හතහමාරක් ගෙවලත් අපි ගන්නේ බොහොම අමාරුවෙන්. ඉතින් අපි කොහොමද ලක්ෂ 13, 14 දීලා ඔය කියන වාහන ගන්නේ”.
කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් මන්සන්ධියේ වූ ත්‍රිරෝද රථ නැවතුම්‍පොළෙහි කිහිප දෙනෙකු අදහස් පළකළේ මේ ආකාරයටය.
“ත්‍රීවීල් අයින් කරලා කාර් ගෙනාවොත් අපි කොච්චර අසරණ වෙනවද, හරියට තවම අපේ රට සංවර්ධනය වෙලාවත් නැහැ. ඉතිං කොහොමද වාහන වෙනස් කරන ඒවා ගැන කතා කරන්නේ.”
“අනාරක්ෂිතයි කියනවා නම් ඒකට ඉතිං රියැදුරන් දැනුවත් කරන්න ඕනේ. අපි අවුරුදු කීයක් තිස්සේ ත්‍රීවීල් හයර් දුවනවද? අපෙන් කාටත් අහිතක් වෙලා නැහැනේ. එහෙම කියලා ත්‍රීවීල් අයින් කළාම අනතුරු අඩුවෙනවා කියලා අපි කොහොමද හරියටම කියන්නේ. අපි නම් කියන්නේ ඔය ආදේශක ප්‍රායෝගික නැහැ කියලයි.”
මේ ආකාරයට බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන්ට ත්‍රිරෝද රථ ඉවත් කිරීම පිළිබඳව දක්වා ඇත්තේ අසුබවාදී අදහස්ය. රට සංවර්ධනය විය යුතුය. නමුත් ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ජීවනෝපායද සුරක්ෂිත විය යුතුය යන්න බොහෝ දෙනෙකුගේ අදහසය.

සමන්මලී නැලිගම

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1306

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 736

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2854

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3903

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6936

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6139

Please publish modules in offcanvas position.