Coss Ear2
lakbima.lk
COSS Ear 1

මුතු පන්තිය දූපත දිය වෙයි

නැවත වතාවක් ආරච්චිකට්ටුව මුතුපන්තිය දූපත ඛාදනය වීමේ අවදානමක් පවතින බව දූපත්වාසීහු කියා සිටිති.
මුතුපන්තිය දූපත තුළ පවුල් 150ක් පමණ ජීවත් වන අතර ඔවුන් කුමන ආකාරයකට හෝ ධීවර වෘත්තීය හා සම්බන්ධ වී සිටිති. ඒ නිසා මුතුපන්තිය යනු සම්පූර්ණයෙන්ම ධීවර ගම්මානයකි.
බටහිරෙන් මහ මුහුදටත්, නැගෙනහිරෙන් හැමිල්ටන් ඇළටත් කොටුවී ඇති මුතුපන්තිය දූපත තවත් පැත්තකින් වටිනා ස්ථානයකි. ඒ මෙම දූපත ආසන්නයේම පිහිටා ඇති ආනවිළුන්දාව රම්සා තෙත් බිම් අභය භූමිය නිසාය. රම්සා අභය භූමියට පැමිණෙන ඇතැම් සංචාරක පක්ෂී වර්ග නිරන්තර මුතුපන්තිය දූපතට පැමිණෙති. ඒ තමන්ගේ ආහාර සොයා ගැනීමට සහ ප්‍රජනන කටයුතු සඳහාය. මේ නිසා සංචාරක පක්ෂීන් දැක ගැනීමට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයන්ද ආනවිළුන්දාව අභය භූමියට මෙන්ම මුතුපන්තිය දූපතටද ගමන් කිරීමට අමතක නොකරති. එම හේතුව නිසා මුතුපන්තිය දූපත තුළ මේ වනවිට සංචාරක හෝටල් කීපයක්ද ඉදිවෙමින් පවතී.
මුතුපන්තිය දූපත මුහුදට බිලිවීමට පටන් ගෙන ඇත්තේ වසර කීපයකට පෙරදීය. ගම්වාසීන් වගකිව යුතු අංශ දැනුවත් කිරීමත්, මාධ්‍ය මගින් මේ සම්බන්ධයෙන් විටින් විට කරුණු දැක්වීමේත් ප්‍රතිඵලයක් ලෙස ඛාදනය වන බවට හඳුනා ගත් ස්ථාන කීපයකට ගල් වැටි යෙදීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. නමුත් පුදුමය වී ඇත්තේ වර්තමානයේ මුහුදු ඛාදනය ආරම්භ වී ඇත්තේ එම ස්ථානවලින්ම වීමය.
පවතින තත්ත්වය නිසා වෙරළට ආසන්නයේ පදිංචිව සිටි පවුල් කීපයක් මේ වනවිට තම නිවාස අතහැර වෙනත් ස්ථානවල පදිංචියට ගොස් ඇත. ඊට හේතුව වී ඇත්තේ මුහුද තම නිවාස ආසන්නයටම පැමිණ තිබිමය. මීටර් 500 කට වැඩි වෙරළ තීරයක් අඩි 50කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට මුහුදට ඛාදනය වී ඇති බව දූපත්වාසීහු කියා සිටිති.
පෙර ගල්  වැටි යොදා ඇති ආකාරයටම ගල්  වැටි යෙදීමක් සිදු නොකර නිසි අධ්‍යයනයකින් අනතුරුව ප්‍රතිකර්මයක් සිදු නොකළහොත් වැය කරන මුදල පවා මුහුදට ගසාගෙන යාමට ඉඩ ඇති බව අපට හමුවූ ධීවරයෝ කියා සිටිති. තාවකාලික පැලැස්තර වෙනුවට ස්ථීරසාර විසඳුමක් ලබාදීමට වගකිව යුතු අංශ කටයුතු නොකරන්නේ නම් මුතුපන්තිය දූපත වැඩි දිනක් යාමට පෙර ලංකා සිතියමෙන් මැකී යාමට ඉඩ ඇති බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
මෙවැනි ව්‍යවසනයන්ට ප්‍රතිකර්ම කිරීමේදී තාක්ෂණය අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. නමුත් ප්‍රායෝගික අත්දැකීම් ඇති ධීවරයන්ගේ දැනුමද ඊට දායක කර ගැනීමට හැකියාව ඇත්නම් වඩාත් වැදගත් වන්නේය. එය අපි වගකිව යුත්තන්ට මතක් කර දෙන්නෙමු.
 
ජූඩ් සමන්ත
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1307

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 737

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2855

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3904

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6937

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6140

Please publish modules in offcanvas position.