Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කෝටි 4කට මිල කළ ගොළුබෙලි කටුවක වටිනාකමක් නැති වාලම්පුරිය

අප පාසල් සිසුන් සමයේ වාලම්පුරි නමින් තිරගත වූ සිංහල චිත්‍රපටයක් නැරඹුවා මතකය. එකල බොහෝ දෙනකු වාලම්පුරියක් යනු කුමක්දැයි දැන ගත්තේ එම චිත්‍රපටය නැරඹීමෙනි. ඊට හේතුව එකල අද මෙන් වාලම්පුරි මාකට් කරන්නන් සමාජයේ නොසිටීම බව සැක නැත. කෙසේ වෙතත් අද වන විට ශ්‍රී ලංකාවේ අධිකම මිලට අලෙවි වන සත්ව අවශේෂ බවට වාලම්පුරි හෙවත් දක්ෂිණාවෘත හක්බෙලි කටුව පත්ව ඇත්තේය. 
පසුගිය දෙතුන් මාසය පුරාම විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වාලම්පුරි පිළිබඳ බොහෝ පුවත් පළ විය. ඉන් බහුතරයක වූයේ නීතියේ රැහැනට පැටළුන වාලම්පුරි පිළිබඳ තොරතුරුය. එමෙන්ම ඇතැම් විද්‍යුත් මාධ්‍යවල සිතූ පැතූ සම්පත් ගෙන එන වස්තුවක් ලෙස දක්වමින් වාලම්පුරිවල ගුණ පැය ගණන් ගයන්නෝද හමුවෙති. 
වාලම්පුරි පිළිබඳ අලුත්ම සිදුවීම වාර්තා වනුයේ පසුගිය 31දා රාත්‍රියේය. ට්‍රයිටන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටි හතරකට විකුණන්නට ගිය කණ්ඩායමක් වත්තලදී ‍පොලීසියට කොටුවීමත් සමගය. මෙම සිදුවීමට අදාළ වැදගත් කරුණ වනුයේ මෙකී වාලම්පුරිය විකිණීමට ගිය සුවිශේෂී මිලය. එය ඔබ විශ්වාස නොකරන තරම් විශාල එකකි. එනම් රුපියල් කෝටි හතරකි. කැල්සියම් කාබනේට් ඇතුළු සංඝටක රැසකින් සෑදී දිරායන කාබනික ද්‍රව්‍යයක් වන හක්බෙලි කටුවක් රුපියල් කෝටි හතරකට මිලවීම පිටුපස ඇත්තේ මිථ්‍යා විශ්වාස සමාජය කොතරම් දැඩිව ගිලගෙන ඇත්දැයි යන කාරණය. 
මෙකී වාලම්පුරිය අත්අඩංගුවට ගැනීමට කළ මෙහෙයුමට නායකත්වය දුන් වත්තල ‍පොලීසියේ උප ‍පොලිස් පරීක්ෂක දක්ෂිණ පවසන ආකාරයට රුපියල් කෝටි හතරක වාලම්පුරියක් අලෙවි කරන්නට යන ආරංචිය ඔහුට ගෙන එන්නේ පෞද්ගලික ඔත්තුකරුවෙකි. ඉන් අනතුරුව සිය උපාය දූතයෙකු ගැනුම්කරුවෙකු වෙසින් යවා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ඔහු පවසන්නේය. 
එකී මෙහෙයුම පිළිබඳව උප ‍පොලිස් පරීක්ෂක දක්ෂිණ පවසනුයේ මෙසේය. මුලින්ම ඒ අය අපිට බෙල්ලා පෙන්වූයේ නෑ. බෙල්ලා පෙන්වන්න සල්ලි පෙන්විය යුතු බව ඒ අය කීවා. අපි සාදා ගත්ත සල්ලි බෑග් එකක් අරන් ගියා. ඔවුන් මුලින්ම සල්ලි බෑග් එක බැලුවා. පස්සේ අපිට බෙල්ලා පෙන්නුවා. අපේ ගැනුම්කරු පැවැසුවේ වාලම්පුරිය විදේශිකයෙකුට විකුණන බවයි. බෙලිකටුව මිලට ගන්නට වෙස් වලාගෙන සිටි උපාය දූතයා වාලම්පුරිය හොඳින් පරික්ෂා කළා. 
වාලම්පුරියේ මිල තීරණය වූයේ රුපියල් කෝටි හතරකටය. කිහිප විටක් එය පරීක්ෂා කළ උපාය දූතයා කෝටි හතරකට මිලට ගැනීමට අවසන තීරණය කළේය. 
කෙසේ වෙතත් තමුන් මෙතරම් කේවල් කරමින් මිල තීරණ කරනුයේ ‍පොලිස් නිලධාරීන් පිරිසක් සමග බව වාලම්පුරි හිමිකරුවෝ සිහිනෙන් පවා නොසිතූහ. තමුන් නීතියේ රැහැනට හසු වූ බව ඔවුන් දැන ගත්තේ අවසන් මොහොතේය. ඒ වන විට ඔවුහු සියලු දෙනා ගැලවෙනු බැරි ලෙස ‍පොලිස් දැ‍ලේ පැටලී සිටී. 
මේ කතාවේ අගමුල ‍පොලීසිය සොයා ගත්තේ ඉන් අනතුරුවය. වත්තලදී විකුණන්නට ගිය හක් බෙල්ලා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ධීවරයෙකු සතු එකකි. ධීවරයාගෙන් එය ලබාගෙන ඇත්තේ් විකුණා, පසුව මුදල් දෙන ‍පොරොන්දුව පිටය. තමුන්ගෙන් රැගෙන ආ වාලම්පුරිය රුපියල් කෝටි හතරකට මිල කරනා බව ධීවරයා දැන සිටියේ නම්  ඔහු කිසි විටකත් දෙන්නම් කාසිවලට එය ලබා දෙන්නේ නැත. 
 කෙසේ වෙතත් මේ පුවත ඇසූ බොහෝ දෙනකුට ඇති වූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ වාලම්පුරියක් විකිණීම ‍පොලිස් කූඩුවේ වැටෙනා වරදක්ද යන්නයි. අප ඒ පිළිබඳ වත්තල ‍පොලීසියේ ස්ථානාධිපති එරික් පෙරේරාගෙන් විමසීමක් කළෙමු. ඔහු පවසන පරිදි සෑම බෙල්ලෙකුම ළඟ තබා ගැනීම වරදක් නොවේ. ඒත් මේ බෙල්ලා සුවිශේෂ වර්ගයකට අයත් එකෙකි. 
මේ පිරිස විකුණනන්නට ගිය බෙල්ලා charonia tritonis (tritonis) වර්ගයට අයත් එකෙකි. 1993 අංක 43 දරන වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම වර්ගය සංරක්ෂිත සත්ව කොටසක් ලෙස නම්කර තිබේ. එලෙස නම් කරන ලද සතෙකු හෝ සත්ව මළ සිරුරක් හෝ ශරීර කොටසක් එවැනි සතෙකුගේ බිත්තර වැනි දෙයක් පවා ළඟ තබා ගැනීම, අලෙවි කිරීම මිලට ගැනීම තහනම්ය. මේ කණ්ඩායම නීතියේ දැලට කොටුවූයේ ඒ නිසාය. 
පරිසර නීතිඥ ජගත් ගුණවර්ධනද පවසනුයේ මෙම බෙල්ලා වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 ආ වගන්තියෙන් ආරක්ෂිත සතෙකු බවය. මේ බෙල්ලා ඉතා දුර්ලභයි. නමුත් මේක වාලම්පුරියක් නොවෙයි. මේ බෙලිකටුව වාලම්පුරියක් ලෙස හඳුන්වා විකිණීමට යෑම වංචනික ක්‍රියාවක්. මේ බෙල්ලා දුර්ලභ නිසා තමයි ආරක්ෂිත සතෙකු ලෙස නම්කර තියෙන්නේ, එවැනි කෙනෙකු හෝ සතෙකුගේ කොටසක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම, ළඟ තබා ගැනීම බරපතළ වරදක්. එවැනි කෙනෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට ‍පොලීසියට වගේම වනජීවී දෙපාර්තමේන්තුවටත් පුළුවන්. 
වාලම්පුරි වැනි සත්ව අවශේෂවලට මෙතරම් මිලක් නියම වීමට හේතුව වංචනික පුද්ගලයන් විවිධ මාධ්‍ය භාවිත කරමින් ඒ පිළිබඳ කරනා නොමග යවනා සුලු ප්‍රචාරයන්ය. වාලම්පුරියකත් ඔබගේ ගෙවත්තේ නිතර දෙවේ‍ලේ හමුවන අප්‍රිකානු ගොළුබෙල්ලාගේ කටුවේ වටිනාකමේත් කිසිදු වෙනසක් නැත. ඒ දෙකම සෑදී ඇත්තේ අස්ථි පද්ධතියක් නොමැති ඒ සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. ඒ හැර එහි මිනිසුන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන කිසිදු බලයක් නැත. 
සෙ.මී. 43ක් දිග ග්‍රෑම් 1285ක් බර බෙලි කටුවක් විකුණා කෝටිපතියන් වීමට ගිය මේ ජාවාරමේ මොළකරුවන් සියලු දෙනා කොළඹ මරදාන, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස් වැනි ප්‍රදේශවල පදිංචිකරුවෝය. ඔවුන් බලා‍පොරොත්තු වූයේ රුපියල් කෝටි හතරක් එක රැයින් හම්බ කර 31 වැනිදා රාත්‍රිය ජයට සමරන්නටය. එහෙත් සිදු වූයේ අනිකකි. ඔවුන් සියලු දෙනා 2018 වසරේ පළමු හිරු රැස් දැක්කේ වත්තල ‍පොලිස් කූඩුවේ සිටය.
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1401

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 881

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 666

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3147

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2738

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3042

Please publish modules in offcanvas position.

X

Right Click

No right click