lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

කොළොම්පුරේ තවමත් පාළුයි කොළඹ වැසියෝ අමාරුවේ

අනෙකුත් ටවුම් මෙන් නොව අලුත් අවුරුදු කාලයට ඇඳිරි නීතිය දැමුවා සේ කොළඹ නගරය පාළුයි. ඒ කොළඹ රැකියාවල නිරත වූවෝ අවුරුදු කන්නට ගමට යන බැවිනි. ඔවුන් ගම්බිම් බලා පියමනින්නේ අවුරුද්දටත් දින කිහිපයකටත් කලිණි. කොළඹ පෞද්ගලික ආයතනවල මෙන්ම ව්‍යාපාරික ස්ථානවල සේවය කරන බොහෝ පිරිස් ගම්වල සිට කොළඹට රැකියාව සඳහා පැමිණි අයය. ඔවුන් ගම්බිම බලා ගියපසු බොහෝ ව්‍යාපාරික ස්ථානවලට සිදු වන්නේ අවුරුදු දින කිහිපය වසා තැබිමටයි. බොහෝ කෑම කඩවල සේවය කරන්නේද දකුණේ අයයි. මාතර බත් කඩවලට පමණක් ඔවුන්ගේ සේවාවන් සීමා වී නොමැතිය. එම පිරිස් ගම්බිම් බලා ගිය පසු කෑම කඩ හිමියන්ට සිදුවන්නේ දින කිහිපයක් සිය ව්‍යාපාරික ස්ථාන වසා තැබිමටයි.
පසුගිය අවුරුදු සමයේ දිනක අප හිතවතෙකු දුම්රියෙන් නුවර සිට කොළඹට පැමිණියේ සිය පෞද්ගලික අවශ්‍යතාවකටයි. මුළු කොළඹ නගරයම පීරා දිවා ආහාරය ගැනීමට කඩයක් සෙව්වද සොයා ගැනීමට අපහසු විය. අඩුම තරමින් බිස්කට් පැකට්ටුවක් මිලදී ගැනීමට පවා වෙළෙඳසළක් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය.
අවුරුදු කාලයට කොළඹ ගැන දන්නා පිරිස් නම් කොළඹට පැමිණෙන විට කුමන හෝ ආහාරයක් රැගෙන ඒමට අමතක නොකරයි. මේ හේතුව නිසාම අවුරුදු නිවාඩුවට කොළඹ කෑම කඩවල තත්ත්වය පිළිබඳ සොයා බැලීමට අවුරුදු නිවාඩුව ආරම්භ දිනකදී අපි කොළඹ පුරා සැරිසැරුවෙමු. එහිදී අපි මුලින්ම ගොඩ වැදුණේ ඉඟුරුකඩේ හන්දියේ පිහිටි මාතර බත් කඩේටය. වෙනත් දිනක අපි එහි ගොඩවැදුණේ නම් ඇඟිල්ලක් ගැසීමට ඉඩ නොමැති තරම්ය. නමුත් එදින අපට දැක ගත හැකි වූයේ එක්කෙනෙකු දෙන්නෙකු පැමිණ කෑම රැගෙන යන ආකාරයයි.
මේ පිළිබඳ එහි හිමිකරු වූ මාතර ප්‍රදේශයේම පදිංචි සනත් ගමගේ කියන්නේ මෙසේය.
“අද අපේ බිස්නස් හොඳටම බැහැලා. මිනිස්සු නැති තරම්ය. අපිත් දහ වෙනිදා ඉඳලා විසි දෙවැනිදා වෙනකම් වහනවා” මාතර බත් කඩේ ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ කන්ටේනර් රථ පදවන්නන් එහි සහායකයන් හා වරාය පිවිසුමේ සේවකයෝ. ඔවුන් මේ වන විට නිවාඩු ලබා සිය ගම් බිම් වෙත පියමැන තිබේ. එම හේතුවෙන් මාතර බත් කඩේට වෙළෙඳාම් නැති තරම්ය.
කොස්ගස් හන්දියේ මාතර බත් කඩේ වසා ඇත්තේ අවුරුද්දට දින පහටත් කලිනි. එතැනින් පසුව අප දෙමටගොඩ වෙත පියමැනුවෙමු. එහි චන්දන ෆූඩ් සෙන්ටර් විවෘතව පැවැතීය. එය දිවා රාත්‍රී ආපන ශාලාවකි. එහි අයකැමි එම් යෝගා පැවැසුවේ අවුරුද්දට ඔවුන් සිය වෙළෙඳසල වැසීමක් නොකරන බවය.
“අපේ පාරිභෝගිකයෝ සිංහල බෞද්ධ අය පමණක් නමෛයි. මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි අයත් සිටිනවා. අපේ සේවකයොත් එසේමයි. ඔවුනුත් විවිධ ආගම්වල පිරිස් සිංහල දෙමළ අයට නිවාඩු ලබාදීලා අනෙක් පිරිසත් සමග අපි කඩේ කරගෙන යනවා.”
බොරැල්‍ලේ රුහුණුසිරි බත් කඩේ ටී.එම්.කේ. පතිරණ අවුරුදු නිවාඩුවෙන් බැට කන ව්‍යාපාරිකයෙකි. අපේ කඩෙත් 13, 14, දින දෙක වහනවා. අද හොඳටම බිස්නස් පාඩුයි. අපි හිතන්නේ නැතිව අද උදේත් වෙනදා තරමටම ඉව්වා. ඒත් මිනිස්සු නැති හින්දා කෑම ගොඩක් ඉතිරි වුණා. 15 වෙනිදා කඩේ ඇරියට වැඩ කරන්න වෙන්නේ අපේ ගෙදර කට්ටියට තමයි. මොකද ගොඩක් සේවයට එන්නේ දහසය වෙනිදා පහුවෙලා.
ඉන් අනතුරුව බොරැල්‍ලේම පිහිටි බත් කඩය වෙත පියමැන්නෙමු. එහි සේවකයකු වන රාජා අපට පැවැසුවේ මෙවැන්නකි. “ අපේ කඩෙත් අවුරුදු දවස්වලට වහනවා. මොකද ඒ දවස්වලට අපිට බිස්නස් නැහැ. ඒ වගේම අවශ්‍ය එළවළු, මස්, මාළු ගන්න කඩත් වහලා අපිත් බිස්නස් පටන් ගන්නේ ඒ කඩ ඇරියාම.
කොළඹ කෑම කඩ පමණක් නොව අවුරුදු දිනවලට ත්‍රිරෝද රථයක් හොයා ගැනීමට නොහැකි තරම්ය. බොහෝ ත්‍රිරෝදකරුවෝ නගරයේ කුලි රථ සේවයේ යෙදුණද ඔවුන්ගේ ගම් බොහෝ දුර පළාත්ය. ඇතැමුන් කොළඹ පදිංචිකරුවෝ වුවද විවාහ වී සිටින්නේ ගම්වල තරුණියන් සමගය. ඔවුන්ද සිය ජීවිත රටාවේ වෙනසක් හොයා බිරියගේ ගම් පියසවලට පියමන් කරති.
කෑම කඩ, අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳසල් අවුරුදු දින කිහිපයේ වැසීම හේතුවෙන් වැඩිම අපහසුතාවයට පත්වන්නේ කොළඹ ස්ථිර පදිංචිකරුවන්ය. ඔවුනට නගරය හැර දමා යාමට ගමක් නැත. ඔවුන් අවුරුදු දිනවලදීද ජීවත් වන්නේ නගරයේමය. එම පිරිසට හදිසියට බඩුවක් හෝ කෑමක් යමක් ගැනීමට කඩයක් නොමැති වේ. ඉඳහිට හෝ විවෘතව ඇත්තේ සුපිරි වෙළෙඳසල් හෝ සුපිරි කෑම කඩ පමණි. ඇතැම් කෑම කඩවල මිල ගණන් සාමාන්‍ය ජනතාවට ඔරොත්තු නොදෙන තරම්ය. සුපිරි වෙළෙඳසල්ද බොහෝ විට 13 සහ 14 දෙදින වසා තබයි. එවිට කොළඹ ජනතාවට කෑමක් බිමක් ගැනීමට කඩයක් නැතිව යයි. ඔවුන් අවුරුද්දට කලින් කෑමට බිමට යමක් ගෙදර ගෙන ගොස් තබා නොගත්තා නම් ඔවුනට වන්නේ කුසගින්නේ සිටීමටයි.
කොළඹ පදිංචිකරුවන්ට සිය නිවෙස්වල බතක් මාළුවක් උයා පිහාගෙන කෑමට හැකියාවක් පවතී. නමුත් සේවා මුර ක්‍රමයට කොළඹ නැවතී සේවය කරන සේවකයින්ට නම් දෙවියන්ගේ පිහිට පමණි. වරක් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය නැවතුම් ‍පොළක ස්ථානාධිපතිවරයකුටද අත්වූයේ එවැනිම ඉරණමකි. ඔහු සිය දරු මල්ලන් ගමේ යවා නැවතුනේ සේවය සඳහායි. නමුත් ඔහුගෙන් පසුව සේවය භාර ගැනීමට සිටි පුද්ගලයා නොපැමිණීම හේතුවෙන් අවුරුදු දින කිහිපයම ඔහුට සේවා ස්ථානයේ රැඳී සිටීමට සිදුවිය. නමුත් ඔහුට කෑමට කිසිදු කඩයක් එම ප්‍රදේශයේ විවෘතව නොතිබුණි. අවසානයේ ඔහු දින කිහිපයක්ම ආහාරය ලෙස තුන් වේලටම ගත්තේ ක්ෂණික නූඩ්ල්ස් වර්ගයකි. ඔහුට මෙන්ම බොහෝ පිරිසකට අත්වන්නේ එවැනි ඉරණමකි.
කොළඹ කෑම කඩ වැසෙද්දී තවත් පිරිසක් පසුවන්නේ කුසගින්නේය. ඒ කොළඹ කාක්කන්ය. අවුරුදු දිනවල කෑම කඩ වැසීම හේතුවෙන් කොළඹ කුණුද අඩු වේ. ඒ නිසා කොළඹ ජීවත්වන කාක්කන්ට අවුස්සගෙන කෑමට කුණුද නැතිය. ඔවුන්ද මෙම දිනවල පසුවන්නේ දැඩි කුසගින්ණෙනි. කාක්කන්ට සුළු හෝ කෑම සුවඳක් දැනුණු සැණින් ඔවුන් සිය ගණනින් එම ස්ථානවලට රැස් වෙයි. බල්ලන්ට අත් වන ඉරණමද එයමය. ඔවුන්ද කෑම සොයමින් ඇවිඳින්නේ එකිනෙකා සමඟ කුළල් කාගනිමිනි. එතරම්ම බල්ලන්ද පසුවන්නේ දැඩි කුසගින්නේය.
මෙවර අවුරුදු නිවාඩුව ඉතා දිගුය. එය ඇතැමුන්ට දින දහයක් පුරා පවතී. එම කාලය පුරාම කොළඹ තාවකාලික පංදිචිව සිටි පිරිස රැඳෙන්නේ ඔවුන්ගේ ගම්වලයි. එම කාලය තුළම කොළඹ දකින්නට ඇත්තේ මෙවැනි තත්ත්වයකි.
ඡායාරූප : ප්‍රෑන්ක් ද සොයිසා
 ශිරෝමී රත්නායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 805

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 2862

වාහන පර්මිට් වික්කෙ මොකද?

IMAGE 2017 May 22 11:13
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශේෂ වරප්‍රසාදයක් වන තීරුබදු රහිත බලපත්‍ර විකුණු...
Views - 2579

නෑ හිතමිතුරන් පළා ගිය පසුත් හාම්පුතාගේ දේහය රැකගත් ජිමී

IMAGE 2017 May 22 10:23
ශ්‍රී ලංකාවේ බඹර ප්‍රහාරවලට නිරතුරුවම ලක්වන්නේ මධ්‍ය කඳුකරයේ වතු කම්කරුවෝය. හැටන්,...
Views - 2009

කාටත් නොකී රහසක් නිරෝෂා හෙළිකරයි

IMAGE 2017 May 21 21:03
නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම...
Views - 3919

විජේවීරගේ චරිතය රඟපා නිමවන තුරු කළ කැපවීම කමල් හෙළි...

IMAGE 2017 May 21 13:33
ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු විදිහට කවුරුත් දැන හඳුනාගෙන සිටින කමල් අද්දර ආරච්චිට පසුගිය...
Views - 2934

Please publish modules in offcanvas position.