lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

කරළියේ රූකඩ නැටෙව්වාට කිසිදා එළියට නොපෙනෙන රූකඩ ශිල්පීන්ගේ කතාව

''රූකඩේ කරළියේ නැටුවාට ලොකුම වැඩේ තියෙන්නේ තිරයෙන් පිටුපස්සෙ. ඒත් අපේ වැඩේ කවදාවත් එළියට පේන්නේ නෑ. එසේ කියමින් කතාව ඇරඹුවේ කේ. ගර්ලිමාලාය. රූකඩවලට ලංකාවෙන්ම කප් ගැසූ දකුණේ රූකඩ කලාවේ ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය.
දැනට ජීවතුන් අතර සිටින දකුණේ පැරණිම රූකඩ ශිල්පිනිය වන්නේ ගර්ලිමාලාය. ඇල්පිටිය, පිටිගල, හත්තක පන්සල ගොඩැල්ල ඇගේ පදිංචියයි. ඇය උපන්නේ 1947 මාර්තු 21 වැනි දිනය. දැන් ඇගේ වයස අවුරුදු හැත්තෑවකි. ඇය රූකඩ කලාවට යොමු වන්නේ, හැටේ දශකයේ මුල් කාලයේය. කාන්තාවන් මෙම වකවානුවේදී රූකඩ කලාවට සම්බන්ධවීම ගැන වැඩිහිටියන් දැක්වූයේ සුබවාදි ආකල්පයක් නොවේ. එහෙත් ගර්ලිමාලා තරුණියට රූකඩ කලා ක්‍ෂේත්‍රයට ඇතුල්වීමට මගපෑදුණේ අම්බලන්ගොඩ ශ්‍රී අනුර රූකඩ කණ්ඩායමේ ආදි කර්තෘ ගම්වාරි ලව්නේරිස් ගුරුන්නාන්සේ නිසාය.
ලව්නේරිස් ගුරුන්නාන්සේ විසින් 1960 දශකයේ මුල් කාලයේදී හත්තක ජාතික කලායතනයේ, රූකඩ කලායතනයක් පිහිටුවන ලදී. ගර්ලිමාලා රූකඩ නැටුම් ශිල්පය හැදෑරුවේ ලව්නේරිස් ගුරුන්නාස්ගෙනි.
ලව්නේරිස් ගුරුන්නාන්සේ මගේ ගුරුතුමා. මම කලායතනයේ ඉගෙන ගෙන පස්සේ ඒ ආයතනයේම ගුරුවරියක ලෙස සේවය කළා. මට එදා ලව්නේරිස් ගුරුතුමා රුපියල් තුන්සීයක (300/-) මාසික පඩියක් දුන්නා. පස්සේ මම අම්බලන්ගොඩ ශ්‍රී අනුර රූකඩ කණ්ඩායමේ ශිල්පිනියක ලෙස කටයුතු කළා. අදත් මම වැඩ කරන්නේ ශ්‍රී අනුර රූකඩ කණ්ඩායම සමගයි. ඒ වගේම දකුණු පළාතෙන් රූකඩ කලාවට එක්වූ පළමු කාන්තාවත් මමයි... ඇය කීවේ දැඩි අභිමානයකින් යුතුවයි.
මම ජීවිතයෙන් අවුරුදු පනහකටත් වැඩි කාලයක් ගත කළේ රූකඩ කලාවටයි. ඒ නිසාම මට විවාහයක් ගැන හිතන්න කාලයක් තිබුණේ නැහැ. මම තවමත් තනිකඩව ජීවත් වෙනවා ඇය කීවේ රූකඩ කලාවට ඇයගේ ජීවිතය කැප කර ඇති බව හඟවමිනි.
සාමාන්‍යයෙන් තිරයේ පිටුපස සිට රූකඩ හඬකැවීම, රූකඩ නැටවීම, ගීත ගායනය, වාද්‍ය භාණ්ඩ වාදනය සහ රූකඩ හැඩගැන්වීමේ ශිල්පීනියන් ඇගැයීමට පාත්‍ර වන්නේ නැත. එහෙත් ගර්ලිමාලාට නම් ඒ වාසනාව උදාවී තිබිණි. ඒ ඇය ලබා තිබූ දක්ෂතා නිසාය. රූකඩ කලාව පමණක් නොව ඇය පහතරට නැටුම්ද ඉගෙන ගෙන තිබුණි.
ඇය අම්බලන්ගොඩ රුහුණු කැලුම් කලායතනයේදී 'නූල් රූකඩ' පිළිබඳ චෙකොස්ලෝවැකියානු රූකඩ ශිල්පීන් වන ඊවා වොඩිශ්කෝවා සහ ජානාහවුලිකෝවා යන අයගෙන් අත් රූකඩ පිළිබඳව හදාරා සහතික පත්‍රද ලබා ඇත.
අම්බලන්ගොඩ ශ්‍රී අනුර කලායතානාධිපති නලින් ගම්වාරිගේ අනුග්‍රහය යටතේ, ඇය 1990 වර්ෂයේ තායිවානයේද, 1988දී ජපානයේද 2003දී පාකිස්තානයේද සංචාරයේ යෙදෙමින් රූකඩ සංදර්ශන පවත්වා තිබේ. එසේම ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ රූකඩ නාට්‍ය රාජ්‍ය උළෙලවල්වලදී රාජ්‍ය සම්මාන හා සහතික පත්‍ර පවා හිමිකර ගෙන තිබේ.
එසේම ඇය 2011 වර්ෂයේදී රාජ්‍ය 'කලා භූෂණ' සම්මානයෙන් පිදුම් ලබා ඇත.
අම්බලන්ගොඩ, කන්දේගොඩ එල්.පී. චාලට් දීර්ඝ කාලයක සිට රූකඩ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී සිටින ශිල්පිනියකි. ඇය රූකඩ සංදර්ශනවලට යොමුකර ඇත්තේ ජී. චාලි නමැති ඇගේ මාමා කෙනෙකු විසිනි.
ඇය පළමු වරට රූකඩ සංදර්ශනවල දෙබස් කීමට ගොස් ඇත්තේ බද්දේගම, ක්‍රිස්තුදේව විදුහ‍ලේ පැවැති සංදර්ශනයකදීය.
මම එදා පාසල් යන ශිෂ්‍යාවක්. මට මාමා කිව්වා සිංදුවක් කියන්න කියලා. මම සිංදුවක් කිව්වා. ඒ කා‍ලේ මට දෙබස් කියන්න තේරුමක් නැහැයි චාලට් කීවේ අතීතය ආවර්ජනය කරමිනි.
පසුව ඇය එල්.පී. ගෝමිස් ගුරුවරයා යටතේ රූකඩ ශිල්පය හදාරා ඇත.
මම ගුරුතුමා එක්ක 1960 පමණදී වාද්දුව, ‍පොතුපිටිය විදුහ‍ලේ රූකඩ සංදර්ශනයකට ගියා. දවාලෙ රූකඩ හැඩගන්වනවා. හවසට රිහසල් තියෙනවා. රෑට තමයි අපි රූකඩ රඟදක්වන්නේ. මට හොඳට මතකයි ඒ දවස්වල මම නමෝ නමෝ ශ්‍රී සම්බුදු රාජා... ගීතය ගායනා කළ හැටි ඇය අතීතය හෙළි කළාය.
ඊළඟට අපට මුණගැසුණේ චාලට් ශිල්පිනියගේ සහෝදරියක් වන වතුගෙදර ‍පොකුණ පාරේ පදිංචිව සිටින එල්.පී. වයලට්ය.
ඇයත් කුඩා කාලයේ සිටම රූකඩ ක්‍ෂේත්‍රයට සම්බන්ධවී සිටින ශිල්පිනියකි. රුහුණු රූකඩ කණ්ඩායමේ නායක ඇස්. චාර්ල්ස් සමග සංදර්ශනවලට සහභාගි වූ බවද ඇය සඳහන් කළාය.
කණ්ඩායම ඇගැයීමට ලක් වුණත් පෞද්ගලිකව අපි ඇගැයීමට ලක් වෙන්නේ නැහැ. ඒක තමයි මේ කර්මාන්තයේ තියෙන අඩුපාඩුව. සමහර වෙලාවට පන්සල්වල තියෙන සංදර්ශන අවසානයේ අපට තෑගි බෝග ලැබෙනවා. ඒත් පෞද්ගලිකව සම්මාන සහතික ලැබෙන්නේ නැහැයි වයලට් ශිල්පිනිය සඳහන් කරන්නේ, අනෙක් සෑම කලා ක්‍ෂේත්‍රයකදීම ශිල්පියා ඇගැයීමට ලක්වුවත්, මෙම ක්‍ෂේත්‍රයේදී ඇගැයීමකට හෝ සම්මානයට ලක් නොවන බවයි.
අම්බලන්ගොඩ, බෝගහවත්තේ පදිංචි රංජනී ගංවාරි ශිල්පිනියද රූකඩ කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින්නියකි. ඇය සිය සහෝදරයා නිමල් ගංවාරි ශිල්පියාගේ 'නිපුන' රූකඩ කලාකවයේ ස්ථිර ශිල්පිනියක ලෙස සේවය කරයි.
ඇයත් ක්‍ෂේත්‍රයේ සෑම අංශයකම වාගේ පළපුරුද්දක් ඇති බව පවසයි. ගංවාරි සිරිල් නමැති ශිල්පියා ඇයගේ ගුරුවරයායි.
අපි ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ සංදර්ශනවලට සහභාගි වෙලා තියෙනවා. සල්ලි හම්බ කරනවා. ඒත් ඒ වෙලාවට විතරයි. අද එදා වගේ සංදර්ශන නැහැ. ඒ කා‍ලේ පන්සල්වල දින හත අටක් පමණ සංදර්ශන පැවැත්තුවා. අද ඒක වෙනස් වෙලා. ගමේ පන්සලක, පාසලක නැතිනම් සංචාරක හෝටලයක සංදර්ශනයක් තියෙන්නේ එක දවසයි. ඒකත් මේ කර්මාන්තය පසුබැසීමට හේතුවක්. ගංවාරි රංජනී ශිල්පිනිය සඳහන් කරයි.
අම්බලන්ගොඩ, බෝගහවත්තේ පදිංචි ලක්නී රාජිකා ගම්වාරිද (22) රූකඩ කලාවේ ළාබාලතම ශිල්පිනියකි. ඇය ශ්‍රී අනුර රූකඩ කණ්ඩායමේ නායක නලින් ගම්වාරිගේ දියණියයි. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකි.
සිය පියාගේ අඩි පාරේ යමින් අවුරුදු 10 වයසේ සිට ඇය රූකඩ කලාවට සම්බන්ධ වී කටයුතු කරයි.
මීට අවුරුදු 11ට කලින් අම්බලන්ගොඩ පටබැඳිමුල්‍ලේ රූකඩ සංදර්ශනයක් තිබ්බා. මගේ අක්කා ජනනි තාරකායි, මමයි ඒකට සහභාගි වුණා. මේ සංදර්ශනය දින දෙකක් තිබුණා. මාලා නැන්දා ඒ දින දෙකේම සහභාගි වුණේ නැහැ. අක්කයි මමයි තමයි රූකඩවලට දෙබස් දුන්නේ. සංදර්ශනය අවසන් වුණාම අපට ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර ලැබුණා. කටහඬ හොඳයි කීවා. ගර්ලි මාලා නැන්දාට කටහඬවල් කිහිපයකින් දෙබස් දෙන්න පුළුවන්. ඒත් අපට ඒ දක්ෂතාව නැහැ.... ලක්නී රාජිකා කියන්නේ, ඉතා නිහතමානී අයුරිනි.
ලක්නි රාජිකාටත්, ඇගේ අක්කාටත් ගීත ගායනා, දෙබස් කැවීම සහ රූකඩ නැටවීම කුඩා කාලයේ සිටම හැකියාව තිබිණි.
තාත්තා අපි සංදර්ශනවලට එක්ක යනවා. දෙබස් වැරුදුණොත් පයින් ගහනවා. මීට අවුරුදු පහළොවකට පෙර බෞද්ධාලෝක වෙසක් කලාපයේදී වෙස්සන්තර ජාතක කතාවේ ක්‍රිෂ්ණජිනා චරිතයට මම හඬ කැව්වා. එය මගේ හඬ දුන්න මුල් අවස්ථාව. මට මාලා නැන්දා එදා ගොඩක් උදව් කළා.
එදා දෙබස් දීම ඉතාම තාත්වික වුණා. කාගේත් ප්‍රශංසාවට ලක්වුණා. තෑගි බෝග පවා ලැබුණා. දවසක් ගාල්ල තල්ගම්පල අටහවුල ප්‍රදේශයේ සංදර්ශනයක් තිබුණා. ඒත් අවුරුදු පහළොවකට පමණ කලින්. එදත් අපට සංදර්ශනය අවසානයේ ප්‍රශංසා කළා. තෑගි බෝග ලැබුණා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දුර්වල විභාග ක්‍රමයකින් විශිෂ්ටතමයන් බිහිවන්නේ කොහොමද?

IMAGE 2017 Mar 29 17:01
පාසල් අධ්‍යාපනයේ වර්තමාන විභාග ක්‍රමය ඉතා දුර්වල බව ජනාධිපති වරයාගේ සිට රටේ සැවොම එක සේ...
Views - 269

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

IMAGE 2017 Mar 29 16:16
ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව...
Views - 412

උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා

IMAGE 2017 Mar 29 15:58
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ...
Views - 785

වලපනේට බස් රථ බැරි නම් තවලම් සේවයක් වත් ඕනෑ

IMAGE 2017 Mar 29 11:11
මාර්ග පහසුකම් නොතිබූ අතීතයේ කන්ද උඩරට වලපනේ ප්‍රදේශය ප්‍රසිද්ධව තිබුණේ තවලම් සම්බන්ධයෙනි....
Views - 1168

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 931

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 821

Please publish modules in offcanvas position.