lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

ක්‍රෙඩිට් කාඩ්පතේ අනතුර කියන බැංකු

වරක් ශ්‍රී ලංකා වට පැමිණි අවස්ථාවක මා ඇඳුම් කීපයක් මිලදී ගැනීම සඳහා රෙදි සාප්පුවකට ගොඩ වැදුනෙමි. සාප්පුව තුළ වට කීපයක් කැරකැවී මට අවශ්‍ය ටීෂර්ට්, කමිස හා කලිසම් කීපයක් තෝරා ගත්තෙමි. අනතුරුව ඒවාට මුදල් ගෙවීම සඳහා කැෂියර් කවුන්ටරය වෙත ගියෙමි.
මහත්තයාට අසවල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවද? කැෂියරයේ සිටි තරුණයා මගෙන් විමසුවේය. මම නැතැයි කීවෙමි. අත්පිට මුදලට රෙදි මිලදී ගන්නට පැමිණි මාගෙන් ක්‍රෙඩිට් කාඩ් පතක් තිබේදැයි විමසීම මා කුතුහලයට පත් කළ කාරණාවක් විය.
“ඇයි කේ‍රඩිට් කාඩ් එකක් ගැන ඇහුවේ?” මම තරුණයාගෙන් විමසුවෙමි.
“ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනව නම් කොමිස් එකක් දෙනවා.” තරුණයා පැහැදිලි කරන්නට විය.
“කොමිස් එකක් දෙන්න ඕනේ අත්පිට මුදලට බඩු ගන්නවනංනේ..” මම ඇසුවෙමි. තරුණයා ඊට නිසි පිළිතුරක් නොදී කරබා ගෙන මගේ ගනුදෙනු අවසන් කළේය.
ක්‍රෙඩිට් කාඩ්පත එසේත් නැත්නම් බැංකු ණය කාඩ්පත සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරනු ලබන්නේ මීට හාත්පසින්ම වෙනස් වැඩපිළිවෙළකි. වරක් මම ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීම සඳහා සිඩ්නි නුවර බැංකුවකට ගොඩ වැදුනෙමි. ක්‍රෙඩිට් කාඩ්පතක් අයැදුම් කිරීමට අවශ්‍ය සියලුම සුදුසුකම් මා සතුව  තිබූ බැවින් වහා අයැදුම් පත්‍රය සකස් කෙරිණ. අනතුරුව එම අයැදුම් පත්‍රය රැගත් බැංකු නිලධාරිනියක් මා සමග කාමරයකට ඇතුළු වී දොර ද වසා දමා මට අසුන් ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටියාය. ඇය ද මා ඉදිරිපිට අසුනේ හිඳ ගත්තාය. අනතුරුව ක්‍රෙඩිට් කාඩ් පතක් යනු කුමක්දැයි ඇය විස්තර කරන්නට වූවාය.
ඔබ ඩොලර් පන්දහසක් වටිනා ක්‍රෙඩිට් කාඩ්පතක් ඉල්ලා තිබෙනවා. මෙම අයැදුම් පත්‍රය බැංකුව විසින් අනුමත කළහොත් ඔබට ඒ මුදල අඩංගු කාඩ්පත ලැබෙනවා. නමුත් කරුණාකර ඔබ මතක තබා ගන්න මෙය ණය මුදලක් බව. මෙම කාඩ්පතේ තිබෙන සම්පූර්ණ මුදල ඔබට නොපෙනෙන මුදලක්. ඔබේ ‍පොකැට්ටුවේ තිබෙන මුදල ඔබ සතු සැබෑ වටිනාකමක් සහිත මුදලක්. මෙම ක්‍රෙඩිට් කාඩ් පතෙන් ඔබ මිලදී ගන්නා භාණ්ඩ සඳහා බැංකුව ඔබෙන් ලොකු ‍පොලියක් ලබා ගන්නවා ඒ වගේම මෙම කාඩ්පතෙන් ඔබ  මුදල් පිටතට ගත්තොත් ඊටත් වඩා ‍පොලියක් ඔබට ගෙවන්න සිද්ධ වෙනවා. සමහර විට ඔබ මෙම කාඩ්පතෙන් වටිනා භාණ්ඩ මිල දී ගන්න ඉඩ තිබෙනවා.  එවිට එම භාණ්ඩය අලෙවි කරන ආයතනයත් ඔබෙන් ‍පොලියක් අය කරනවා. මෙම ක්‍රෙඩිට් කාඩ්පත නිසා ඔබ ණයකාරයෙක් වන බව කරුණාවෙන් ඔබට දැනුම් දෙන්න මට සිදු වෙනවා.”
බැංකු සේවිකාවට කීප වාරයක් ස්තුති කළ මා ක්‍රෙඩිට් කාඩ් පත් ඉල්ලුම් පත්‍රය කුණු කූඩයට දමන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමින් බැංකුවෙන් පිට වීමි. සැබවින්ම ඕස්ට්‍රේලියාවේ සුපිරි සාප්පු ආදියේදී හොඳ වට්ටමක් ලබා දෙන්නේ අත්පිට මුදලට සිදු කෙරෙන ගනුදෙනු සඳහාය. නමුත් ක්‍රෙඩිට් කාඩ්පත් ජනතාව අත නැතුවාම නොවේ. ඔවුන් එම කාඩ්පත් පාවිච්චියට ගනු ලබන්නේ ඉතා අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණි. ක්‍රෙඩිට් කාඩ් පතක් ළඟ තබා ගැනීම නොපෙනෙන මුදලක් සන්තකයේ තබා ගැනීමක් ලෙස සලකා ඉතා වැදගත් අවශ්‍යතාවකදී පමණක් එය පරිහරණය කිරීම මා ඇතුළු මෙහි බහුතරයකගේ උත්සාහයයි. වෙළෙඳසල් ආදියෙන් මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය, රෙදිපිළි හෝ ෙදෙනික දිවියේ වෙනත් අවශ්‍යතාවලදී ක්‍රෙඩිට් කාඩ්පත කිසිදු විටෙක යොදා නොගැනීමට අප උත්සහ කරන්නෙමු. අතේ තිබෙන මුදලට සරිලන පරිදි ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අප පුරුදු වී සිටින්නෙමු.
මෙහි බොහෝදෙනා පිළිපදින්නට බොහෝ උත්සහ කරන තවත් වැදගත් කාරණාවක් තිබේ. එනම් ආහාරයට ගැනීමෙන් පසු ඉවත දමන ආහාර කොටස් ප්‍රමාණය හැකිතාක් අඩු කිරීමට උත්සහ කිරීමයි. මුළුතැන්ගෙයි ඉතිරි ආහාර කොටස් දමන්නට එක් කුණු බඳුනක්ද, බෝතල්, ප්ලාස්ටික් කවර ආදිය දමන්නට වෙනත් කුණු බඳුනක් ද තිබේ. ආහාර කොටස් දමන කුණු බඳුනට බහා තිබෙන ප්ලාස්ටික් උරය සතියකදී කිලෝ පහක පමණ බරින් යුක්ත නම් එහි තේරුම ඩොලර් දහයක් තරම් වටිනා ආහාර කොටස් ඉවත දමන බවයි. මෙම මුදල මාසයකදී ඩොලර් හතළිහකි. වසරකදී එය ඩොලර් 480ක් තරම් ඉහළ අගයක් පෙන්නුම් කරන අතර නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයට “ජෙට්ස්ටාර්” ගුවන් යානයකින් ගොස් ආපසු එන්නට වැය වන්නේ (මේ දිනවල) ඩොලර් 338කි. එබැවින් පවු‍ලේ සාමාජිකයන්ගේ අවශ්‍යතාව අනුව පමණක් ආහාර පිළියෙළ කොට කිසියම් මුදලක් ඉතිරි කර ගන්නට බොහෝදෙනා උත්සහ කරති.
කිසිම හේතුවක් නැතිව මුදල් වැය කරන තවත් කාරණාවක් වශයෙන් මෙහි බොහෝදෙනා සලකන්නේ විදුලියයි. පවු‍ලේ සාමාජිකයන් නොගැවසෙන සෑම ස්ථානයකම විදුලි පහන් නොදල්වා තබන්නට බොහෝදෙනා උත්සහ කරති. මීට පවු‍ලේ සියලුදෙනාගෙන් හිමි වන්නේ නොමඳ සහයකි. එපමණක් ද නොව, රාත්‍රියේදී ශීතකරණය හැර අනෙක් සියලුම විදුලි උපකරණ ආදියෙහි විදුලි බලය බිත්තියෙන්ම විසන්ධි කර දැමීම සිරිතකි. මෙමගින්  මාසයකට සිය විදුලි බිලෙන් ඩොලර් දහයක් ඉතිරි කරගත හැකි යැයි බොහෝදෙනා විශ්වාස කරති.
මෙය මසුරුකමක් නොවේ. මෙහි බහුතරයක් දෙනා රැකියා කොට මුදල් උපයන්නට බොහෝ වෙහෙස මහන්සි වෙති. එබැවින් එම මුදලට ඉහළ පිළිගැනීමක් සහ වටිනාකමක් තිබේ. තමන් හරිහම්බ කරන මුදලින් සැපවත් ජීවිතයක් ගත කළ හැකි අතර අරපරිස්සමින් වියපැහැදැම් කිරීම හේතුවෙන් “හොඳ” මුදලක් ඉතිරි කර ගන්නට ද හැකි වනු ඇත. ජීවිතය සුන්දර වන්නේ එවිටයි.

කැන්ගරු දේශයේ සිට අනුර හොරේෂස් ලියයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දුර්වල විභාග ක්‍රමයකින් විශිෂ්ටතමයන් බිහිවන්නේ කොහොමද?

IMAGE 2017 Mar 29 17:01
පාසල් අධ්‍යාපනයේ වර්තමාන විභාග ක්‍රමය ඉතා දුර්වල බව ජනාධිපති වරයාගේ සිට රටේ සැවොම එක සේ...
Views - 271

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

IMAGE 2017 Mar 29 16:16
ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව...
Views - 414

උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා

IMAGE 2017 Mar 29 15:58
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ...
Views - 791

වලපනේට බස් රථ බැරි නම් තවලම් සේවයක් වත් ඕනෑ

IMAGE 2017 Mar 29 11:11
මාර්ග පහසුකම් නොතිබූ අතීතයේ කන්ද උඩරට වලපනේ ප්‍රදේශය ප්‍රසිද්ධව තිබුණේ තවලම් සම්බන්ධයෙනි....
Views - 1168

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 931

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 821

Please publish modules in offcanvas position.