lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

සපත්තුවක් තරම්වත් ඇගයීමක් නැති සපතේරුවන්ගේ කතාව

සැබැවින්ම “සපතේරුවන්ගේ” දිවිය තුළ රැඳී ඇත්තේ කඳුළ සහ සුසුම පමණක් යැයි පැවැසුවහොත් එය වඩාත් නිවැරදිය. පහතින් පෙළගැස්වෙන්නේ අනේක විවිධ දුක්ඛ දොම්නස්සයන්ට මැදිව ජීවත් වීමේ උරුමය සොයන අවිහිංසක මිනිසුන්ගේ ජීවිත කතාවකි. තවත් කෙනෙකුගේ පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් සමාජය විසින් වටිනාකමක් නොදෙන මේ මිනිසුන් ගැන කියවෙන්නේ හැඟීම්බර සංවේදී කතා පුවතකි.
සපතේරුවන් පස්දෙනෙකු මාතර නගරය නියෝජනය කරමින් එදිනෙදා මග තොටේදී සැරිසරන පිරිස් සමූහයේ ගැලැවෙන පාවහන් යුගළක, සෙරෙප්පු යුගළක හෝ හිසට හෙවණ දෙන කුඩයක සැකිල්ල අලුත්වැඩියා කිරීමෙන් මුදලක් ලබා ගනී. මාතර මහනගර සභාවෙන් ලබාදී ඇති කුඩා කුටිවල රැඳුණු සපතේරුවෝ පස්දෙනා ඔවුන්ගේ වෘත්තීය ගැන මෙසේ අප සමග කතාබහ කළෝය.
“දහයේ පන්තියට යන කා‍ලේ වත් අධ්‍යාපනය හැදෑරුවද කියලා මතකයක් නැහැ. අපේ අම්මා තාත්තලට ඉහළට උගන්වලා අපිව දොස්තරවරු ඉංජිනේරුවරු කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. තුන් වේලටම සප්පායම් වෙන්න මොනවා හරි කන්න දීල ‍පොතක් පැන්සලක් අරන් දුන්නා ඉගෙන ගනින් කියලා. බලපෑමක් නැහැ. සහෝදරයා හිටියා. මේ හැමදෙනාම ස්කෝ‍ලේ ගියේ පහළ ශේ්‍රණිවලට විතරයි. ස්කෝ‍ලේ දවල්ට වැහුවම ගෙදර එන්නේ රෑට සමවයසේ කට්ටියත් එක්කලා පිට්ටනිවල ලඳු කැලෑවල රිංගලා. අධ්‍යාපනයේ බරපතළක් හිතේ තිබුණේ නැහැ.” සුගත් උදය කුමාර සිය අතීතය සිහිපත් කරමින් ප්‍රවේශය ලබා ගත්තේ ඒ විදිහට. “අ.‍පො.ස. සා.පෙළ පස්සේ පාසල් ගියේම නැහැ. අතට කීයක් හරි හොයාගන්න විවිධ දේවල් කරා. ගෙදරින් විරෝධයක් ආවෙත් නැහැ. වැඩිමහල් සහෝදරයනුත් ජීවත් වෙන්නෙත් ඒ අය කැමැති රස්සාවල්වලට යොමුවෙලා. කිහිපදෙනෙක් කුලී වැඩ කළා. 1980 ගණන්වල මම කොළඹට පැන්නා. ටික දවසක් යනකල් ඉබාගාතේ ගියා. මේ විදිහට දින කිහිපයක් ජීවිතය නිස්කාරණේ ගවෛනකොට එකපාරටම ජීවිතයේ වෙනසක් වුණා. කැලණිය පැත්තේ තිබුණ රජයට සම්බන්ධ උළු පැක්ට්‍රේරියක්. ඒකේ මට රැකියාවක් ලැබුණා. උළු පැක්ටරියේ මැෂින්වල වැඩට වැටුණා. ජීවිතය පිළිබඳ අලුත් බලා‍පොරොත්තුවක් ඇතිව රස්සාවට ගියා. මාසේ අන්තිමට අතට කීයක් හරි ලැබෙනවා කියලා.


අවුරුදු කීපයක්ම මේ රස්සාව ආසාවෙන් කරගෙන යනකොට ප්‍රේමදාස මහත්තයාගේ පාලන කාලයේ මේ උළු පැක්ටරිය වැහුණා රජයට පාඩුයි කියලා. අපිට රුපියල් 20,000ක වන්දියක් ලැබුණා. ඒ මුදලත් අරගෙන 1989යේ මම නැවත මාතර ගමට ආවා. ඇවිත් කුලී වැඩ කළා. මාළු වෙළෙඳාමේ ගියා. ඒ අතර කිසිම රැකියාවකින් මට මගේ ජීවිතය පිළිබඳව තෘප්තියක් ගොඩනැගුණේ නැහැ. එදා වේල පිරිමැහෙනවා කියලා විතරයි හැඟුණේ. මාතර වීරසූරිය ගොඩනැගිල්ල අසල දමිළ සහෝදරවරු දෙදෙනක් කැඩෙන සපත්තු සෙරෙප්පු මහනවා. කුඩ හදනවා දැක්කා. ඒ 1999, 2000 වර්ෂයේදී. මමත් ඒ අයට කිට්ටු කරලා අත්උදව් දුන්නා. උදේ ඉඳන් සවස් වෙනකම්ම එතැන රැඳුණා. හවසට රුපියල් 50ක් විතර ලැබුණා. වසර කිහිපයක් වැඩ කළත් අරමුදල තමයි දවසට අතට ලැබෙන්නේ. මටත් හිතුණා වෙනමම ‍පොඩියට වැඩේ පටන් ගන්න ඕන කියලා. මමත් ‍පොඩි ලෑලි තට්ටුවක සෙරෙප්පු මහන වැඩේ පටන් ගත්තා. අව්ව වැස්ස මේ දෙකෙන්ම හොඳටම බැට කෑවා. පාරේ අයිනේ ඉන්න බැහැ කියලා ‍පොලීසියෙන් එලෙව්වා. විවිධ බාධක ආවා. ඒත් මම මගේ වැඩේ කරගෙන ගියා. එතැනින් ඉවත් වුණේම නැහැ. සපත්තු සෙරෙප්පු මහන ගමන් ෙදෙනිකව සමාජයේ වෙන දේවල් ඇස් පනාපිටම දැකලා තියෙනවා. දරුණු රිය අනතුරු..... මාල කඩාගෙන දුවන අය එහෙම නැත්නම් මුදල් පසුම්බිය පැහැරගෙන යන අය.... අවස්ථා කිහිපයකදී මාල කඩාගෙන යන අය මුදල් පසුම්බිය පැහැරගෙන යන අය පස්සේ ලුහුබැඳලා අල්ලාගෙන ‍පොලීසියට හරි හිමිකරුට හරි හොරුන් අල්ලා දී තියෙනවා. අපි කවදාවත් අපිට හිමි නැති දෙයක් ලබාගෙන නැහැ. නමුත් අපට සමාජයේ ලැබෙන පිළිගැනීම හරිම කනගාටුයි.
මාතර මහ නගර සභාවේ හිටපු පුරපති හඳුන්ගේ මහත්තයා අපි ගැන නිතරම හොයා බැලුවා. 2015 වසරේදී හඳුන්ගේ මහත්තයාගේ යෝජනාවකට අනුව තමයි. දැනට ඉන්න මේ කුටිය අපිට හිමිවුණේ. මේ කුටිවලට මාසිකව රුපියල් 1400ක මුදලක් අපි මාතර මහ නගර සභාවට ගෙවන්න ඕන. කොහොමහරි ඒ මුදල ගෙවනවා. වැස්ස දවස්වලට වැඩ අඩුයි. සත පහක් එන්නේ නැති දවස් තියෙනවා. එදාට ඉතින් හාමතේ.....
“මම අවුරුදු දහයක ඉඳන්ම සපත්තු සෙරෙප්පු කැඩෙන ඒවා හදලා දීලා කීයක් හරි හොයා ගන්නවා. මට මහන්සිවෙලා කරන්න රැකියාවක් කරන්න බැහැ. මගේ නහරයක් බයිපාස් කරලා තියෙන්නේ. සැත්කමක් කළ නිසා අද මම රෝගියෙක්. ඒත් දරුවෝ දෙන්නෙක් ජීවත් කරන්න ඕන නිසා මහ පාරට ආවා. මිනිසුන්ගෙන් හිඟමන් යදින්න බැහැ.... මිනිස්සු දොස් කියනවා අතපය හොඳට තියාගෙන හිඟාකනවා කියලා. ඒ නිසා මට හිතුණා කියක් හරි හොයාගන්න මේ වෘත්තිය කරන්න ඕන කියලා” කන්දයියා ගනේෂන් සිය වෘත්තීය පිළිබඳව එලෙස සිය අදහස් දැක්වීය. “වැඩිදුර අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ජීවිතයේ බරපතළක් දැනෙන කොට කරන්න පුළුවන් හැම රස්සාවක්ම කළා. කුලී වැඩ ඉඳන් මුට්ට කර ගහන එකත් කරා... ඒ විදිහට කරගෙන යන අවස්ථාවේදී තමයි මට බයිපාස් සැත්කමක් කළේ. එදා ඉඳන් මුකුත් ඇඟ වෙහෙසන වැඩ කරන්න බැහැ. රෝගියෙක් වුණා. අන්තිමට ඇවිත් නතර වුණේ මෙතන...
මිනිසුන්ගේ මතයක් තියෙනවා. අපි කරන්නේ බොහොම පහත් රැකියාවක් කියලා. අපි දෙස පිළිකුළෙන් බලන පිරිසකුත් අද සමාජයේ ජීවත් වෙනවා. අපි සපත්තු සෙරෙප්පු මහන මනුස්සයානේ කියන හැඟීමෙන් අපි බොහොම පහත් අඩියකට දාලා කතා කරන අය ඉන්නවා. ඒත් අපි කිසිම කෙනෙක් එක්ක අමනාපයක් නැහැ. අපි කරන්නේ සේවයක්.. තවත් කවුරුවත් කෙනෙක් නොකරන සේවයක්. වැඩ කුළියක් බලාගෙන කළත් සමහර අවස්ථාවල මුදල් අය කරන්නේ නැතිව ඒ වැඩේ අවසන් කරලා දෙන උණුවෙන සංවේදී හිතක් අපටත් තියෙනවා. ඇතැම් පිරිස් අපට චෝදනා කරනවා, කෙනෙකුගේ මූණ බලලා ගණන් කියනවා කියලා. කෙනෙකුගේ තරාතිරම බලලා අපිට වැඩ කුළිය ලබාගන්න අවශ්‍ය නැහැ.
“මම කාලයක් මාතර මහානාම පාලමේ අයිනක ගිනි අව්වේ ඉඳගෙන මගතොටේ යන අයගේ කැඩෙන සෙරප්පු සපත්තු මහනවා. කැඩෙන ඒවා  හදනවා. දරු පවුලක් නඩත්තු කරන්න තමයි මේ විදිහට අව්වට වැස්සට වේලෙන්නේ. ජී.එම්.සිරිපාල සිය අතීතය සමග මුසුවුණු වෘත්තීය අරගලය ගැන අප සමග කත කළේ ඒ අයුරිනි. හෙතෙම මේ වෘත්තියෙන් කොතරම් බැට කා ඇති අයෙක්ද යන්න පැහැදිලි වන්නේ ඔහුගේ දෙඅත් තුළිනි. දෙයතෙහි සෑම ඇඟිල්ලකම සපත්තු මහන සෙරෙප්පු මහන ඉදිකටුව ඇනී තුවාල සිදුව තිබේ. ඒ තුවාල සුව වුවද ඒ දෑත් තවමත් ගොරහැඩිය.
“කොයිතරම් මහන්සි වුණත් මහත්තයා... හවසට හරි හමන් ආදායමක් අපේ අතට එන්නේ නැහැ. ඒ ලැබෙන මුදලින් තමයි අපේ දරු පවුල් ජීවත් වෙන්නේ. අපට කියලා හාල් තුනපහ අඩුම කුඩුම දෙන්නේ නැහැනේ මහත්තයා. අපි ගැන පත්තරයට ලිව්වා කියලත් වැඩක් නැහැ. අපේ ජීවිතවල කිසිම වෙනසක් නැහැ.
මාතර පුරවරයේ සපතේරුවන්ගේ ජීවිත කතාව මෙන්ම මුළු දිවයිනේම සිටින මෙවැනි පීඩිත පන්ති නියෝජනය කරන පිරිසකගේ ජීවිත කතාවද මොවුන්ගේ ජීවිත කතාවට සියට සියයක්ම සරිලනු ඇතැයි සිතේ. මොවුන්ද මිහිතලයේ වාසය කිරීමට උරුම ලද්දෝය. ගැටලුව  නම් ඔවුන්ගේ වෘත්තිය අද සමාජය තුළ පිළිගැනීමට ලක් නොවීමය.

චමරි රාජපක්ෂ - මාතර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6554

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3360

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2371

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.