lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

කොස් - ‍පොළොස් පරණ එළවළුවලින් කොම්‍පෝස්ට් නිපදවන යන්ත්‍රයක්

පොළ භූමිවලින් ඉවත් කරනු ලබන දිරායන ශාකමය අපද්‍රව්‍ය බැහැර කිරීමේදී සිදුවන දැඩි පරිසර හානිය පිළිබඳව අවධානය යොමු කළ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියෙකු නිපද වූ නව නිර්මාණයක් වන කාබනික කොම්‍පෝස්ට් ‍පොහොර සැකසීමේ ඇඹරුම් යන්ත්‍රයක් අනුරාධපුර මහජන ‍පොළ භූමියේදී එළිදක්වනු ලැබිය.
මිහින්තලය ප්‍රාදේශීය ‍ලේකම් ඊ.එම්.ආර්.පී.බි. ඒකනායක මහතාගේ සංකල්පයකට අනුව එම නිර්මාණය එළිදක්වනු ලැබුවේ නව නිර්මාණ හතකට ආසන්න ප්‍රමාණයක් එළි දක්වා පේටන් බලපත්‍ර හතරකට හිමිකම් කියන අනුරාධපුර මිහින්තලය ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ මරදන්කුළම මිහින්තලය ලිපිනයේ පදිංචි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී කමල් ජයරත්න (56) මහතාය.
දෙදරු පියෙකු වන ඒ මහතා 2015 වර්ෂයේ පැවැති ජාත්‍යන්තර නියුටෙක් තරගාවලියේදී නව නිර්මාණ 300ක් අභිභවමින් නිව් ඇග්‍රේරියන් කම්බයින් හාවෙස්ටරය නම් නිර්මාණය ඉදිරිපත් කර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබුණි.
මෙම ගොවි උපකරණයෙන් කුඹුරේ ගොයම්කපා වී අස්වැන්න ලබාගත හැකිය. මෙවැනි උපකරණයන් ශ්‍රී ලංකා වෙළෙඳ‍පොළේ අලෙවියට තිබුණත් එහි මිල රුපියල් ලක්ෂ 76ක් පමණ වන බව නව නිපැයුම්කරු පැවැසූ අතර තමන්ගේ නිෂ්පාදනය ලක්ෂ 10ක් පමණ වන බවද ඔහු පැවැසුවේය.
පෙරේදා (13) අනුරාධපුර මහජන ‍පොළ භූමියේදී එළිදැක්වූ නිව් ඇග්‍රේරියන් කොම්‍පෝස්ට් ක්‍රැෂරය (නැවුම් කොම්‍පෝස්ට් ‍පොහොර සැකසීමේ ඇඹරුම් යන්ත්‍රය) පිළිබඳව අදහස් දැක්වූ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී කමල් ජයරත්න (56) මහතා මෙසේ කීවේය.” මට මේ අදහස දුන්නේ මිහින්තලය ප්‍රාදේශීය ‍ලේකම් රුවන් ඒකනායක මහතා.
මම මේ වනවිට නිපැයුම් හතක් පමණ ඉදිරිපත් කරලා තියෙනවා. ඉන් හතරකට පේටන් බලපත්‍ර තියෙනවා. ෙදෙනිකව රටේ සෑම ප්‍රදේශයකම ‍පොළ භූමිවලින් අපද්‍රව්‍ය ඉවත් කරනවා. මේවා බැහැර කිරීමේදී විශාල ගැටලු හා පරිසර හානි සිදුවෙනවා.
ඒ නිසා මට ලැබුණු අදහසට අනුව මම මේ යන්ත්‍රය නිපදවූවා. ‍පොළ භූමිවලින් ඉවත් කරන එළවළු, ඝණ ද්‍රව්‍ය වන තැඹිලි, කුරුම්බා කෝම්බ, කෙසෙල් කඳන්, වියළි කෙසෙල් පරඬැල් කොස් ‍පොළොස් ඇතුළු ද්‍රව්‍ය විනාඩි කිහිපයකදී කාබනික ‍පොහොර බවට හරවන්න පුළුවන්. ඒවා ඉතා නැවුම් අයුරින් කුඹුරු, හේන් හා ගෙවතු වගාවලට ක්ෂණිකව යොදන්න පුළුවන්. මෙම යන්ත්‍රය තව වැඩි දියුණු කළ යුතුයි. මෙම යන්ත්‍රය නිෂ්පාදනය සඳහා රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් වැයවනවා.
යන්ත්‍ර ක්‍රියාකාරිත්වය ඉතා පහසුයි. යන්ත්‍රය ගෙනත් රෝද හතරේ ට්‍රැක්ටරයේ ක්‍රියාකාරීත්වයට සවිකර ක්‍රියාත්මක කළ පසුව අපද්‍රව්‍ය කුඩා කොටස් බවට පත්වෙනවා. මම මීට අමතරව රෝද දෙකේ අත් ට්‍රැක්ටරයට සවිකළ හැකි කාබනික ‍පොහොර  හා ගව ආහාර සකසන යන්ත්‍රයක්, කුරුඳු ගලවන යන්ත්‍රයක්, ගෙවතු කොම්‍පෝස්ට් නිපදවන යන්ත්‍රයක්, නිවසේ ගෘහනින්ට සහල් සකසා ගතහැකි කුඩා මෝලක් ඇතුළු නව නිපැයුම් හතකට ආසන්න ප්‍රමාණයක් නිපදවා තිබෙනවා.
තවදුරටත් නව නිපැයුම් ඉදිරිපත් කරන්න මා බල‍පොරොත්තු වෙනවා. මෙම යන්ත්‍රයත් වැඩි දියුණුකර පේටන් බලපත්‍රය ලබා ගන්නවා” යැයි ඒ මහතා පැවැසුවේය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුරය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9060

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4187

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2885

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3257

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4152

Please publish modules in offcanvas position.