lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

කොළඹ කුණු කන්දල් බලහත්කාරයෙන් ඒකලට

කොළඹ මහ නගරසභා සීමාව තුළ දිනපතා එකතුවන කැලිකසල බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වටිනා පාරිසරික පද්ධතියක් තෙත්බිමක් සහ ගංවතුර පිටාර කලාපයක් වන ජාඇල,ඒකල ඔතේකැලේ වෙත බලහත්කාරී අයුරින් ගෙන ඒමේ කඩිනම් සුදානමක් පවතින බව ලක්බිම ඔන්ලයින් වෙත වාර්තා වෙයි. ඒ අනුව එහි පළමු කැලිකසල තොගය ඉදිරි දින කිහිපය තුළදී මෙම තෙත් බිම වෙත මුදාහැරීමට කටයුතු යොදා ඇතැයි දැන ගන්නට ඇත.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් කොළඹ මහ නගර සභා සීමාවේ එකතු වන කසල රඳවනය කලක් තිස්සේ කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටීම නිසා උද්ගතවී තිබෙන අනේකවිධ දුෂ්කරතා මුල්කොට එම ප්‍රදේශවාසීන් විසින් ශේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ශේෂ්ඨාධිකරණය වෙතින් එම කසල අපහරණයට එරෙහිව වාරණ නියෝගයක් අපේක්ෂා කෙරේ. ඉන්පසු කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයේ කසල ඉවත් කිරීමට අන් ක්‍රමයක් නොමැතිවීම මත එවා නිතිපතා මෙම පරිසර පද්ධතිය වෙත ගෙනවුත් මුදාහැරීමට තීරණය වී තිබේ. ඒ පසුගිය වසරේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික කළමණාකරණ කමිටු රැස්විමකදීය.ඒ බව 2016.09.15 දිනැති ලිපියක් මගින් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා ජාඇල ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.එස්.බී.ජයසුන්දර මහතා දැනුවත් කොට ඇත.එම ලිපිය මගින් ඔහු දක්වා ඇත්තේ මීතොටමුල්ල කුණුකන්දේ උස ප්‍රමාණය අඩි100ඉක්මවා යාම මුල්කොට මෙම තිරණය ගත් බවය.

එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයේ අතිශය වැදගත් පාරිසරික කලාපයක් සහ තෙත්බිමක් වන ඔතේකැලේට කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ කැලිකසල බැහැර කරවීම සම්බන්ධයෙන් කිසිදු පාරිසරික බලපෑම් අධ්‍යයනයක්(EIA)සිදු කොට නොමැත. ඒ සම්බන්ධ නිශ්චිත ප්‍රකාශයක් කිරීමට මධ්‍යම පාරිසරික අධිකාරීය ද  අසමත්ව සිටියි.

කොළඹ කුණු ඒකල ඔතේකැලේට බැහැර කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් වලදීද  සියලු පාර්ශවයන්හීද බලවත් විරෝධය පැන නැගී ඇති අතර ඒ බව ජාඇල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ලිපි මගින් කොළඹ නාගරික කොමසාරිස් වරයා ඇතුළු අදාල සියළු පාර්ශවයන් මේ වන විට දැනුවත් කොට ඇත. එහෙත් කසල බැහැර කිරීම සැරසෙනුයේ එම විරෝධතා සියල්ල ද නොතකමිනි.

අත්තනූගලු ඔය අද්දර පිහිටි මෙම ඔතේකැලේ වැසිකාලයන්හිදී අඩි 8ක් පමණ උසට ගංවතුරින් යටවන ප්‍රදේශයකි.එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් හෙක්ටයාර් තුන්දහසක නැතහොත් වර්ග කි.මී.30ක පමණ කුඹූරු යායක් ද මෙම පරිසර පද්ධතිය හා බද්ධව පවතී.ඒ අනුව මෙලෙස කසල බැහැර කිරීමෙන් සිදුවන සෙසු බරපතල පාරිසරික හානිවලට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ සැලකිය යුතු භූමිභාගයක් කොළඹ කුණු වලින් දුෂිතවීම  නොවැලැක්විය හැකි යැයි ප්‍රදේශවාසීහු කියති.

ඊට අමතරව වැසි කාල වලදී මෙම ප්‍රදේශයට ඇතිවන ගංවතුර බලපෑම මත මෙම කසල ගසාගෙන යාමෙන් ආසියානු තෙත්බිම් නාමාවලියේ පවා නම රඳවාගෙන ඇති මීගමු කලපුව ආශ්‍රිතව බරපතල පාරිසරික දුෂණයක් සිදුවිය හැකි බවද ජනතාව පෙන්වා දෙති.

මෙවන් තත්වයක් යටතේ ආර්ථික කටයුතු පිළිබද ආමාත්‍ය පදවිය හොබවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරිසර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලතල සියතට ගෙන මෙවන් මහා පරිමාණ පරිසර ව්‍යවසනයකට මුල පිරීම දේශපාලන වශයෙන් බැරෑරුම් ගැටළුවලට මුල පුරන්නක් බවද නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

මේ අතර ජාඇල,ඒකල පරිසරය සුරකීමේ සමිතියේ සංවිධායක චන්ද්‍රා අමරසිංහ මහතා පවසනුයේ  කොළඹ මහ නගර සිමාවේ කුණු මෙම පරිසර පද්ධතියට මුදාහැරීම මත ප්‍රදේශයේ ජනතාව කුපිතවි පසුගිය සමයේ රතුපස්වල සිදු වූ ඛේදවාචකයට වඩා  බිහිසුණු තත්වයක් පැන නැගීමේ ප්‍රබල අවදානමක් පවතින බවය.

තිලක් සේනාසිංහ

 

Comments  

+3 #1 Alugolle. 2017-02-18 05:21
පරිසර අමාත්‍යාංශය ජනපති යටතේ ඇත. වෙනත් අයට එම බලතල පාවිච්චි කල නොහැක.එනිසා වහාම මෙම විනාශය නතර කිරීම ඔහුගේ වගකීමකි. අගමැති ඔහුගේ සීමාව ඉක්මවා යමින් එකාදිපතියෙකු මෙන් කටයුතු කිරීම ජනාදිපති වහා නතර කල යුතුය. මරික්කාර් අගමැතිගේ කොල්ලෙකු උන පලියට් ඔහු කියන දේවල් කර ජනතා ජීවිත සමග සෙල්ලම් නොකළ යුතුය. කුණු ගෙන එන්නට සිදුවන්නේ මළමිනී මතින් විය හැකිය. මෙම තත්වය ඇතිවීම ජනාදිපතිගේ වග කීමකි. jaela ජනතාවනි එක්වී මෙය පරාජය කරමු.
Quote
0 #2 chanil 2017-02-23 15:48
Kunuth koheta hari danna epaiii.. Nagara Sabawa kannada?
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 396

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 797

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1242

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 529

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 733

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 700

Please publish modules in offcanvas position.