lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

සාටකය පැළඳ අපේ නිදහස සමරන ජර්මානු සොල්දාදුවා

වසර දොළහක් තිස්සේ ලංකාවේ නිදහස් උත්සවය සැමරීම සඳහා මේ රටට පැමිණෙන ජර්මන් ජාතිකයෙකු කොග්ගල ලොන්ජ් බිච් හෝටලයේදී අපට හමුවිය. ඔහු නිදහස්  උත්සවය සැමරීම සඳහා මෙරටට පැමිණෙන්නේ ජර්මනියේ තවත් කණ්ඩායමක්  සමගය. හේ බ්ල්ක් හාට්මුට්ය. බ්ල්ක් හාට්මුට් මෙවර  69 වැනි නිදහස් උත්සවය සැමරීම සඳහා පැමිණියේ ජර්මනියේ සිට තවත් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමගය.
සිංහල ජාතික ඇඳුමෙන් සැරසී ඔහු ඇතුළු පිරිස ජාතික නිදහස් උත්සවය සමරති. ඒ කොග්ගල බිච් හෝටලයේ දීය. බ්ල්ක් හාට්මුට් නිදහස් උත්සවය සැමරීම සඳහා සෑම වර්ෂයකම මෙරටට පැමිණිමට පුරුදුව සිටිති. හේ වෘත්තියෙන් ගුරුවරයෙකි. මීට අමතරව වසර 12ක් ජර්මන් හමුදාවේ  සොල්දාදුවෙකු ලෙසද ඔහු සේවය කොට ඇත.
බ්ල්ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පළඳනු ලබන කුරහන් සාටකයට දැඩි ලෙස ඇලුම් කරන්නේය. ඔහු හිටපු ජනාධිපතිවරයා අනුකරණය කිරීමට දැඩි කැමැත්තක් දක්වන්නෙකි. හිටපු ජනාධිපතිවරයා මෙන් කුරහන් සාඨකය පැළඳගෙන මොහු බිච් හෝටලයේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවය අමතන්නෙ මහත් ආඩම්බරයෙනි.
මම මුලින්ම ලංකාවට ආවේ 2004 වර්ෂයේදි සුනාමියට කලින් මා ජර්මනියට ගියා. නමුත් සුනාමියෙන් විපතට පත් ලංකාවේ අයට උදව් කළා. 2005 වර්ෂයේ ඇවිත් තමයි මුලින්ම නිදහස් උත්සවය සැමරුවේ. ඊට පස්සේ නොකඩවා මේ දිනයට ලංකාවට ඇවිත් නිදහස් උත්සවය සමරනවා. පෙබරවාරි  04 ලංකාවට වැදගත් දිනයක්. ඒ දිනයට ලංකාවට දෙවියන් වඩිනවා. එලිසෙබට් රැජිනගෙන් ලංකාව නිදහස් වීම ගැන ගොඩක් සතුටුයි. මගේ දෙවැනි නිවහන තමයි ලංකාව. ලංකාවේ මිනිස්සු හරි සුහදයි. මම ලංකාවට ආදරෙයි. මැරෙනකම් නිදහස් දිනය සමරන්න ලංකාවට එනවා.
මගේ වැඩිමල් සහෝදරයා විවාහ වුණෙත් ලංකාවේදී. මා  ජර්මනියේ අයට කියන්නේ විනෝදයක් ගත කරන්න එනවානම් ලංකාවට  එන්න කියලා. ලංකාවේ පරිසරයට සුන්දරත්වයට මා කැමතියි. හිටපු ජනාධිපතිතුමා වගේ මේ සාටකය දාගෙන ඉන්න කැමතියි. හබරාදුවෙන් තමයි මහන අයෙකුට කියලා සාඨකය මහ ගත්තේ.
මා හදවතින්ම ලංකාවේ නිදහස දිනය සමරනවා. සමහරක් වසරවල මා වර්ෂයකට දෙවතාවක් ලංකාවට එනවා. මේ වන විට 16 වතාවක් ලංකාවට ඇවිත් තියෙනවා. ලංකාවේ ඉන්නේ කන්න නැති වුණත් හිනාවෙන මිනිස්සු. ඒ අය බොහොම හොඳයි. මම ලෝකයේ වෙනත් රටවලත් සංචාරය කරලා තියෙනවා. නමුත් ලංකාවේ ඉන්නේ හිනාවෙලා ඉන්න මිනිස්සු. හිටපු ජනාධිපතිතුමාට මා කැමතියි. නමුත් හේතුවක් දන්නේ නැහැ. මා හිටපු ජනාධිපතිවරයාගේ ජාතික ඇඳුමට  හා සාඨකයට ගොඩක් කැමති බවද බ්ල්ක් කීවේය.
තිසර හෝටල් සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරි ෂෙල්ටන් ප්‍රේමලාල් මහතා මෙසේ කීවේය.
විදේශිකයින් දහ පහළොස් දෙනෙකුගෙන් තමයි නිදහස් උත්සවය සැමරුවේ. නමුත් මේ වතාවේ  ලෝකයේ විවිධ රටවල විදේශිකයින් 100කට ආසන්න පිරිසක් සහභාගි වුණා නිදහස් දිනය සැමරීමට. බ්ල්ක් තමයි එහි නායකත්වය  ගන්නේ. ඇත්තටම කොග්ගල අය ඕන කෙනෙක් බ්ල්ක් ගැන දන්නවා. අර හිටපු ජනාධිපතිතුමා අඳිනවා වගේ සාඨකය දමාගෙන ඉන්න කෙනා කියලා කවුරුත් දන්නවා.


කමල් විජේහේවා - ගාල්ල

Comments  

+5 #1 Senarath 2017-02-15 09:28
ape minissunge awyaaja sinahawa aduragaththu e nisaama ape ratata aadaraya karana obathumaata saha obe pirisata nirogi suwaya saha dirhaayusha prarthanaya karami.
Quote
-9 #2 arschfikaa 2017-02-16 03:56
ich bin sewhr entäusht das sie mit dieser sinhale
sen zusammen lebe,die sind sehr gefährliche menschen,wegen ein kleine stückchen gelbe pul-
ver,eigene mutter umgebrachte mörderische volk
sind sinhalese,ich empfehle ihnen das schnell wie möglich das land verlassen und nach deutschland
zu kommen,damit Ihre letzte tagen ruhig verbrin
gen,sonst die sinhalese bringen sie um wegen
Ihre vemögen zu klauen.
Quote
+6 #3 Wajira Wansa 2017-02-17 14:17
German are great people, we love them.
Ayubowan, May you live long.
Quote
+2 #4 ruwan 2017-02-19 21:36
German are great not like bullshit english
Quote
+3 #5 Amila 2017-02-19 23:35
Germans have best Engineering in the world. I work daily side by side with them. The systematic way of working is the secret of Germans. Hope Sri Lankans also can learn that. That is an essential part for sustainable development.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.