lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ලංකාවේ සිනමාවට ඓතිහාසික කතා හැර වෙනත් තේමාවන් නැද්ද?

ඉතිහාසයේ එන සුවිශේෂී සිදුවීම් මාලාවක් පදනම් කර ගනිමින්  චත්‍ර වීරමන් විසින් නිර්මාණය කරනු ලැබූ ‘ආලෝකෝ උදපාදි’ සිනමාපටය මෙම මස 20 වැනිදා සිට   ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල්වලදී තිරගත වේ. තුසිත විජයසේනගේ නිෂ්පාදනයක් වන මෙහි උද්දික ප්‍රේමරත්න, රොෂාන් රවීන්ද්‍ර, දිල්හානි ඒකනායක, මේනකා පීරිස්, නිරෝෂා  තලගල ඇතුළු ජනප්‍රිය නළු නිළියෝ රැසක් රංගනයේ යෙදෙති.
 
ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙන් ඔබට ප්‍රධාන වශයෙන් නිරූපණය කිරීමට වුවමනා වුණේ වළගම්බා රජුගේ වීරත්වයද? එසේත් නැත්නම් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේදී භික්ෂුන් වහන්සේලා කළ කාර්ය භාරයද?
 
වැඩිම අවධානයක් යොමු කළේ ඔය අතරින් දෙවැනි කාරණය පිළිබඳවයි. වළගම්බා රජුගේ චරිතය  වැඩිපුර හුවා දක්වන්න වුවමනා වුණානම් චිත්‍රපටයෙන් රජතුමා පිළිබඳ  තවත් කාරණා ඉස්මතුකර පෙන්වන්න හැකියාව මට තිබුණා. බුදු දහම මතු පරපුර සඳහා  ආරක්ෂා කිරීමට  ගත් ඉතා සුවිශේෂී පියවරක් විදිහට ත්‍රපිටකය ග්‍රන්ථාරූඪ කිරීම හඳුන්වන්න පුළුවන්.
වළගම්බා රජුගේ පළමු රාජ්‍ය සමයේ භික්ෂුන් වහන්සේලාට රාජ්‍ය අනුග්‍රහය ලැබුණත් ඉන් පසු රට අරාජිකවීමත් සමග බුදු දහම රැක ගැනීමට භික්ෂුන් වහන්සේලාට විශාල  දුක් කන්දරාවක් විඳීමට සිදුවෙනවා. එකල සිදු වූ සමාජ විපර්යාසයත් සමග භික්ෂුන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන්  බුදු දහම රැකගෙන මතු පරපුර සඳහා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන  පුවතයි මෙහි කතා තේමාව.
 
‘ඔබ ‘ආලෝකෝ උදපාදි’ හි වැඩකටයුතු ආරම්භ කරන්නේ  ඓතිහාසික කතා තේමා පදනම් කරගත් සිනමාපට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියව තිබෙන කාලයකයි. නමුත් ප්‍රේක්ෂකයන් ඉතිහාස කතාවලින් හෙම්බත්ව සිටින සමයකයි එය එළි දකින්නේ. මෙකී තත්ත්වය තුළ ප්‍රේක්ෂකයන් චිත්‍රපටය මොන විදිහට පිළිගනීවිද?
 
ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවගේ වේවිද කියලා නම් දැන්ම කියන්න අමාරුයි. විවිධ කාලවලදී විවිධාකාරයේ සිනමාපටවලට  තමයි ඔවුන් කැමැත්ත දක්වන්නේ. හැබැයි අපි බලා‍පොරොත්තු වෙනවා මේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ගේ කටින් කට ප්‍රචාරයෙන් එයට හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා. මොකද ‘ආලෝකෝ උදපාදි’ කියන්නේ ප්‍රේක්ෂකයන්ට වෙනත් ඓතිහාසික කතාවලට වඩා නැවුම් ආකාරයේ  අත්දැකීමක් ලබාදෙන චිත්‍රපටයක් නිසා.
කොහොමද ඔය කියන නැවුම් බව චිත්‍රපටය තුළ රඳවා ගත්තේ?
 
මූලික  කාරණය තමයි අපි චිත්‍රපටයේ  තාක්ෂණය ගැන හුඟාක් දුරට සැලකිලිමත් වුණා. පුරාවිද්‍යා සාධක සහ ප්‍රකට  ඓතිහාසික මූලාශ්‍ර හදාරද්දී අපට කිසිසේත්ම  බැහැ ඒ  යුගයේ තිබු දියුණුව මගහැර යන්න. ඒ නිසා එකල තිබූ රජමාලිගා පවා දැවැන්ත ලෙස චිත්‍රපටය සඳහා ප්‍රති නිර්මාණය කිරීමේදී අපට නවීන තාක්ෂණය උපයෝගිකර ගැනීමට සිදු වුණා. වැඩිම වියදමක් දරලා නිර්මාණය කරන චිත්‍රපටයකට වුණත් බජට් එක   සීමා කිරීමට  සිදුවන අවස්ථාවන් තියෙනවනේ. අපිත් දෘෂ්‍යප්‍රයෝග යොදාගැනීම මගින් අපේ බජට් එක අඩු කර ගත්තා.
 
ඒ සඳහා චිත්‍රපටයෙන් උදාහරණ දෙන්න පුළුවන්ද?
 
සොලීන් 7000ක පිරිසක් ලංකාවට එන අවස්ථාවේ රටට ඇතිවන අනතුරුදායක  තත්ත්වය දැවැන්ත ලෙස නිරූපණය කරන්න අවශ්‍ය වුණා. අපි තාක්ෂණය  භාවිතයෙනුයි  සොලීින්ගේ  නැව් දැවැන්ත ලෙස නිරූපණය කළේ. චිත්‍රපටය පුරාම භික්ෂුන් වහන්සේලා විශාල  සංඛ්‍යාවක් දකින්නට ලැබෙනවා. එතරම් පිරිසක් සැබෑ ලෙසම යොදා ගැනීමට සිදු වුණානම් අපට විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. එම නිසා  දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයෙන් තමයි ඇතැම් රූපරාමුවල භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පෙන්නුම් කළේ. ඒ තාක්ෂණය යුද්ධය පෙන්වන අවස්ථාවලදීත් අපි භාවිතා කළා.
 
චිත්‍රපටයේ ගුණාත්මක බව පවත්වා ගැනීම ගැන සැලකිලිමත් වුණේ මොන විදිහටද?
 
චිත්‍රපටය රූගත කරන අවස්ථාව වනවිට අපට ඊට හොඳ සූදානමක් තිබුණා. ඊට පෙර මාස  8ක පමණ කාලයක් චිත්‍ර ශිල්පීන් ලවා චිත්‍රපටයට අදාළ රූපරාමු  1000කට අධික සංඛ්‍යාවක් සිතුවම් කළා.  වේෂ නිරූපණ ශිල්පියා, ඇඳුම් නිර්මාණ ශිල්පියා සහ කලා අධ්‍යක්ෂවරයා යන තිදෙනාම පෙර  නිෂ්පාදන කටයුතුවලට එකට සම්බන්ධ කර ගත්තා. චිත්‍රපටයේ ගුණාත්මක බව රැක ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී අපි මුදල් ගැන හිතුවේ නැහැ. කුඩා ශබ්දයක් පවා ප්‍රේක්ෂකයන්ට දැනවිය යුතු නිසා සවුන්ඩ් ඩිසයින් කළේ චෙන්නායිවලදී. පරිගණක මගින් සංගීතය සකස් කළ හැකි වුණත් අපි  ඔකෙස්ට්‍රා වාදනය කරලයි චිත්‍රපටයට සංගීතය සැපයූවේ. චිත්‍රපටයේ වර්ණ සංයෝජනා කටයුතු කළේ මුම්බායිවලදී. ඒ සියල්ල අන්තර්ජාතික ප්‍රමිතියට අනුවයි නිම කළේ.
 
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන උද්දික ප්‍රේමරත්න ‘මහරජ ගැමුණු චිත්‍රපටයේද ගැමුණු රජුගේ භූමිකාව නිරූපනය කළ  නළුවෙක්. චිත්‍රපටයේ නළු නිළියන්  තෝරා ගත්තේ ඔවුන් මීට පෙර රඟපෑ චරිත ගැනත් සැලකිලිමත් වෙලාද?
 
ඇත්තෙන්ම නැහැ. ඔවුන්ගේ පෙර චරිත අපට වැදගත් වුණේ නැහැ. මෙහි එන චරිත සඳහා සාධාරණයක්  ඉටුකළ නළු නිළියන් තමයි අපි තෝරා  ගත්තේ. එහිදී අදාළ චරිතයේ අංග ලක්ෂණ සහ නළු නිළියන්ට අදාළ චරිත සඳහා කළ හැකි කැපවීම ගැන සැලකිලිමත් වුණා.  සුළු චරිත  සඳහා පවා ‘ඔඩිෂන්’ පවත්වලයි නළු නිළියන් තෝරා ගත්තේ.
 
චිත්‍රපට සඳහා කොපමණ වෙහෙසක් දැරුවත්, වැය වූ මුදලවත් ආවරණය කර  ගත නොහැකි වුණොත් ඔබේ වෑයම සාර්ථක නැහැ. ‘ආලෝකෝ් උදපාදි’  ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට පමණක්  සීමාවේවිද?
 
ඇත්තෙන්ම කීවොත් මේ චිත්‍රපටයෙන් ලාභ  ඉපැයිය යුතුයි කියන අදහස මගේ  නිෂ්පාදකවරයාට තිබුණේ  නැහැ. මගේ පියාවන සමන් වීරමන් විසින් රචනා කළ  පිටපතට කැමැත්ත  පළකළ අවස්ථාවේ  සිටම ඔහුට වැදගත් වුණේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම නම් වූ මහගු කාර්යය සිදුවීමේ   කතාන්දරය ගැන මේ චිත්‍රපටයෙන් ජනතාව වෙත ගෙනියන්නේ කොහොමද කියන කාරණය පමණයි. දැනට දිවයින පුරා සිනමාහල්  50කට වැඩි සංඛ්‍යාවක් අපට ලැබි තිබෙනවා. ඊට අමතරව මේ  කතාන්දරය ජාත්‍යන්තරය වෙත ගෙනයාම සඳහාද අපි මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටිනවා. එහිදී ශ්‍රී ලාංකිකයන් ජීවත්වන සෑම විදේශ රටකම පාහේ ‘ආලෝකෝ උදපාදි ප්‍රදර්ශනය කිරීමට අනුමැතිය ලැබි තිබෙනවා. ඒ වගේම බුදු දහම පවතින රටවල මෙය සිංහල හඬ කවා ප්‍රදර්ශනය කිරීමටත් සූදානමක් තිබෙනවා. ඒ සියලු දෑ  චිත්‍රපටය  ශ්‍රී ලංකාවේදී ලබන ප්‍රතිචාරය අනුව තීරණය වේවි.

කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6531

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1066

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3351

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2369

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2814

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.