lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය අහෝසි කරයිද?

නව වසර උදාවී ඇත්තේ ත්‍රිවිධ හමුදාවේ බොහෝ වෙනස්කම් කෙරෙන බවට ඉඟි පළකරමිනි. ඊට පසුබිම වන්නේ ‍පොතේ හැටියට ත්‍රිවිධ හමුදාපතිවරුන් මේ වසරේදී සිය සේවා කාලය නිමාකර විශ්‍රාම ලැබිමට නියමිතව ඇති බැවිනි. ඒ අතරේ ආණ්ඩුව පැත්තෙන් කියැවෙන තවත් කතාවක් වන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මූලස්ථානය මේ දුරුත්තෙන් පසු අහෝසි වනු ඇති බවය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (Chief of Defence Staff) ධුරය වූ කලී ලංකාවේ සන්නද්ධ හමුදාවල ‍‍‍ජ්‍යෙෂ්ඨතම තනතුරය. එම තනතුරට පත්වන තැනැත්තා ත්‍රිවිධ හමුදාපතිවරු අතරේද ප්‍රධානියා වන්නේය. ත්‍රිවිධ හමුදාපතිවරු සිටින තැන ධුරාවලිය අනුව පළමුවැනියාට සිටින්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාය. ඔහු රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු ගන්නා ජාතික ආරක්ෂක කවුන්සලයේ සාමාජිකයෙකි. වෙඩි නොවදින වාහනයක්, පරිවාර රථ, නිල නිවසක්, නිල කාර්යාලයක් ඇතුළු හමුදාපතිවරුන්ට හිමි බොහෝ වරප්‍රසාද ඒ ධුරයට හිමිය. හමුදාපතිවරුන්ගේ කමිටුවේ සභාපතිවරයා වන්නේ ද ඔහුය. එම තනතුරට පත්විය හැක්කේ තරු හතරේ නිලධාරියකුට පමණි. තරු හතරේ නිලධාරියෙකු යනුවෙන් හැඳින්වෙන්නේ යුද හමුදාවේ නම් ජෙනරාල්වරයෙකු, නාවික හමුදාවේ අද්මිරාල්වරයකු හා ගුවන් හමුදාවේ එයාර් චීෆ් මාර්ෂල්වරයකුය. ආරක්ෂක මාණ්ඩලික ධුරයට ත්‍රිවිධ හමුදාපතිවරු අතරින් අයකු පත්කරනු ලබන්නේ ජනපතිවරයා විසිනි. දැනට එම ධුරය දරමින් සිටින්නේ එයාර් චීෆ් මාර්ෂල් කෝලිත අරවින්ද ගුණතිලකය. හිටපු ගුවන් හමුදාපතිවරයකු වූ හෙතෙම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්වූයේ දෙදහස් පහළොවේ ජූලි පහළොස් වැනිදාය. ‍පොතේ හැටියට ඔහු ගුවන් හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලැබුවද ගුවන් හමුදාවෙන් විශ්‍රාම ලබන්නේ නැත. ඒ දෙදහස් නවයේ සම්මත කරන ලද නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත යටතේ එම ධුරයට පත්වන තැනැත්තා හමුදාපති ධුරය අතහැරියද සක්‍රිය සේවයේ යෙදී සිටින බවට ගණන් ගන්නා බැවිනි. ඒ අනුව ගුවන් හමුදාවේ ප්‍රධානියා ගුවන් හමුදාපතිවරයා වුවත් ගුවන් හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨතා ‍ලේඛනයේ පළමු තැනේ දැන් සිටින්නේ ගුවන් හමුදාපතිවරයා නොව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාය. මක්නිසාදයත් ඔහු නියෝජනය කරන්නේ ගුවන් හමුදාව බැවිනි. යුද හමුදාපතිවරයකු හෝ නාවික හමුදාපතිවරයකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්වූවේ නම් එම හමුදාවල ‍‍‍ජ්‍යෙෂ්ඨතා ‍ලේඛනයේ මුල්තැනේ සිටින්නේ යුද හමුදාපතිවරයා හෝ නාවික හමුදාපතිවරයා නොව එහි හමුදාවලින් පත්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාය. දෙදහස් නවයේ මැයි විසිනව වැනිදා මෙකී නව යෝජනා ඇතුළත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අලුතෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙනාවේ ජාතික ආරක්ෂාව ගැන සිතා නොව ජෙනරාල් සරත් ෆොන්සේකා අරබයා උද්ගත වූ ප්‍රශ්නය සමනය කිරීමේ අදහසිනි.
සිව් වැනි ඊලාම් සටන නිමාවීමෙන් පසුවද ජෙනරාල් සරත් ෆොන්සේකාට යුද හමුදාපති ධුරයේ රාජකාරි කිරීමට දෙදහස් නවයේ දෙසැම්බර් දාහත දක්වා සේවා දිගුවක් ලැබි තිබුණි. එනමුත් ඔහුගේ ජනප්‍රියත්වය තර්ජනයක් ලෙස සැලකූ ආණ්ඩුව සරත් ෆොන්සේකා සතු හමුදාවට අණදීමේ බලතල කප්පාදු කර ඔහු ගෞරවනීය තනතුරකට තැබිමට සැලසුම් කළේය. ඒ වෙනුවෙන් සරත් ෆොන්සේකාට දුන් සීනි තැවරූ තිත්ත බෙහෙත වූයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරය.
ජෙනරාල් ෆොන්සේකා එම නිලයට පත්වීමට පෙරද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යනුවෙන් නාමික ධුරයක් විය. එකල ඊට පත්වූයේ සන්නද්ධ හමුදාවලින් විශ්‍රාම ලැබූ හමුදාපතිවරුය. ජෙනරාල් රොහාන් දළුවත්ත, ජෙනරාල් ලයනල් බලගල්ල, අද්මිරාල් දයා සඳගිරි, එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා පිළිවෙළින් එම නිලය දැරුවෝය.
ඔවුන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්වීමට පෙර එම කාර්යාලය අසූව දශකයේදී ඒකාබද්ධ මෙහෙුයම් අණදෙන නිලධාරී (J.O.C.) යනුවෙන්ද අනූව දශකයේදී ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය (J.O.H.)යනුවෙන්ද හැඳින්වීය. ජෙනරාල් තිස්ස වීරතුංග, ජෙනරාල් සිරිල් රණතුංග, ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, එයාර් චීෆ් මාර්ෂල් වොල්ටර් ප්‍රනාන්දු යන නිලධාරීහු එම ධුරය දැරුවෝය. එල්.ටී.ටී.ඊයට එරෙහි මෙහෙයුම් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ල මර්දනය කිරීම සඳහා මෙහෙයුම් එකල ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයෙන් සම්බන්ධීකරණය කෙරුණි.
කෙසේ නමුදු දෙදහස් නමයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ගෙනාවේ එම පනත යටතේ පත්වන තැනැත්තාට විශාල බලයක් ලැබෙන බවට අණ බෙර ගසමින්ය. එහෙත් එම පනතේ 'අ' යන්නේම තිබුණේ සන්නද්ධ හමුදා හා ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා එම පනත ඉදිරිපත් කරන බවය. සක්‍රීය සේවයේ යෙදී සිටියදී එම තනතුරට පත් මුල්ම හමුදාපතිවරයා වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකාය. එනමුත් ඔහු වැඩි කලක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දැරුවේ නැත. කැමැත්තෙන්ම විශ්‍රාම ලැබිය. ඒ ජනපතිවරණයට තරග කිරීමටය.
ඉක්බිතිව සරත් ෆොන්සේකාගේ නිලකාලයේ ඉතිරි කොටස ඇතුළු තෙවසරක් එම ධුරය දරනු ලැබුවේ එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකය. ඔහුගෙන් ඉක්බිතිව ජෙනරාල් ජගත් ජයසූරිය ද එම ධුරයට පත්වීය. දෙදහස් පහළොවේ ජූලි පහළොස්වැනිදා සිට මේ දක්වා එම ධුරය දරමින් සිටින්නේ එයාර් චීෆ් මාර්ෂල් කෝලිත අරවින්ද ගුණතිලකය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත යටතේ එම ධුරයට පත්වන තැනැත්තාට සන්නද්ධ හමුදාවල මෙහෙයුම් බලතල, අණදීම, නියෝග නිකුත් කිරීමට බලයක් නැත්තේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සෑමවිටම කටයුතු කළයුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාගේ විධානය හා අධීක්ෂණය යටතේය.
ත්‍රිවිධ හමුදාවල ඒකාබද්ධ න්‍යාය පුහුණුව සහ වෘත්තීය යුද හමුදා අධ්‍යයනය, හමුදා අධ්‍යයනය සඳහා පිහිටුවා ඇති ආයතනවල පවත්වනු ලැබිය හැකි වැඩසටහන් හා පාඨමාලා, සන්නද්ධ හමුදාවල මෙහෙයුම් හා සම්බන්ධ තොරතුරු රැස් කිරීම, සංශෝධනය කිරීම සහ ගබඩා කිරීම සඳහා සමුදායන් හා පද්ධති පිහිටුවීම, සාම සාධක මෙහෙයුම් සඳහා වන ප්‍රතිපත්ති වැනි කටයුතු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට පැවැරී තිබුණි. එනමුත් මේ සියල්ල කිරීමට දැනටමත් ත්‍රිවිධ හමුදාවල වෙන වෙනම අංශ තිබේ. උදාහරණයක් ලෙස යුද හමුදාවේ පුහුණුවීම ගැන සොයාබැලීම සඳහා වෙනමම පුහුණු අධ්‍යක්ෂවරයෙක් සිටී. නාවික හමුදාවේ පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ද සිටී. එය එසේ
තිබියදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයකින් වෙනම වැඩපිළිවෙළක් කිරීම තවදුරටත් අවශ්‍යදැයි ආණ්ඩුව කල්පනා කරමින් සිටී.
රජය ආණ්ඩුව පැත්තෙන් කියැවෙන හැටියට ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී කාර්යාලය වූ කලී සුදු අලියෙකි. ඒ නිසා ආණ්ඩුව මුහුණදී ඇති ආර්ථික අඟහිඟකම් මැද එවැනි සුදු අලියකු තවදුරටත් නඩත්තු කිරීමෙන් ඵලක් නැත්තේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේ කාර්යාලයක් පවත්වාගෙන යාම ඇතුළු තවත් විශාල මුදල් ඒ වෙනුවෙන් කැපකර තිබේ. නමුත් යුද්දෙට නැති කඩුව කොස් කොටන්නටද යනුවෙන් කීවා සේ යුද්ධයක් නැති වටපිටාවක සන්නද්ධ හමුදා හා ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධීකරණය කිරීමට සුදු අලියකු නඩත්තු කිරීමේ ඵල ප්‍රයෝජන කුමක්දැයි කල්පනා කිරීම වරදක් නැත. හැරත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය වෙනුවෙන් එකී ධුරය පිහිටුවූ දා සිට හමුදාපතිවරු අතරේ සීතල යුද්ධයක් තිබුණු බවට නොරහසකි. එය පටන් ගත්තේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හා ජෙනරාල් සරත් ෆොන්සේකාගෙනි. ඒ නිසා අවසානයේදී ආණ්ඩුව සරත් ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කරන විට අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ හිත සැනසීමට ඔහු ජාතික ආරක්ෂක උපදේශක ලෙසද මහාමාර්ග අමාත්‍යාංශයේ ‍ලේකම් ලෙසද පත් කිරීමට සිද්ධ විය.
කෙසේ නමුදු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය උදෙසා හමුදාපතිවරු අතරේ සීතල යුද්ධ ඇතිවීම අනවශ්‍ය ප්‍රශ්නයකි. මේ කරුණු නිසා මේ මස තිස්එක් වැනිදා  සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වසා දැමීමට ආණ්ඩුවට යෝජනා වී තිබේ. කෙසේ නමුදු රජයේ ආරංචිමාර්ගවලින් සඳහන් වන්නේ ආණ්ඩුව තවමත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවය. එම අවසාන තීරණය ගත යුත්තේ සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාය. මක් නිසාදයත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත යටතේ එම බලය ඇත්තේ ජනපතිවරයාට බැවිනි.
මේ අතරේ නව වසරේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේද වෙනසක් වීමට නියමිතය. මේ වසරේ මුලින්ම විශ්‍රාම ලැබිමට නියමිතව සිටින්නේ දෙසතියකට ඉහතදී ආන්දෝලනයට තුඩුදුන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නය. වයස අවුරුදු පනස්පහ පිරීම නිමිතිකොට ඔහු පෙබරවාරි විසි දෙවැනිදා විශ්‍රාම ලැබිය යුතුය. හම්බන්තොට වරායේදී ඔහු පුවත්පත් කලාවේදියෙකුට කළ පහරදීමෙන් ඉක්බිතිව ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ ඔහුට සේවා දිගුවක් නොදෙන බවය. එනමුත් මේ තීරුවට ආරංචි වන ආකාරයට නාවික හමුදාපතිවරයා කිසි දිනක සේවා දිගුවක් තමන් විසින්ම ඉල්ලා නැත. නාවික හමුදාපති ධුරයේ දිවුරුම් දුන් දිනයේදී සිය ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමතූ නාවික හමුදාපතිවරයා තමන් කිසිවිටකත් සේවා දිගුවක් ඉල්ලන්නේ නැතැයි පැවැසූ බව සඳහන්ය.
කෙසේ නමුදු නාවික හමුදාපතිවරයා සේවා දිගුවක් නොඉල්ලුවද ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ බලය ඇත්තේ ජනපතිවරයා සතුවය. අවශ්‍ය නම් නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් නොඉල්ලුවත් ජනපතිවරයාට ඔහුට සේවා දිගුවක් දිය හැකිය.
“යම් හෙයකින් නාවික හමුදාපතිවරයා පෙබරවාරි විසි දෙවැනිදා විශ්‍රාම ලැබුහොත් මීළඟ නාවික හමුදාපති ධුරය සඳහා සටනක් ඇරඹෙනු ඇත. නාවික හමුදාපතිවරයාගෙන් පසු ‍‍‍ජ්‍යෙෂ්ඨතා ‍ලේඛනය අනුව දැනට නාවික හමුදාවේ ඊළඟ ‍‍‍ජ්‍යෙෂ්ඨතමයා වන්නේ නැගෙනහිර නාවික ආඥාපති ටී.ජේ.එල්. සින්නයියාය. එනමුත් නාවික හමුදාවේ දෙවැනියා නොහොත් මාණ්ඩලික ප්‍රධානී ධුරය දරන්නේ රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහය. නාවික හමුදාවේ මතෛක් පැවැති සම්ප්‍රදාය වන්නේ දෙවැනියා නාවික හමුදාපති ධුරයට පත්කිරීමය. නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ඇතුළු බොහෝ තනතුරු රැසක් දරා ඇති ඔහු දිය යට සංග්‍රාමික මෙහෙයුම් සඳහා විශේෂඥයෙකි. මහත්මයෙකු ලෙස ඔහු නාවික හමුදාවේ ගෞරවයට පාත්‍ර වූ නිලධාරියෙකි.
කෙසේ නමුදු රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සේම රියර් අද්මිරාල් සින්නයියාද නාවික හමුදාවේ විශිෂ්ට නිෂ්පාදනයය. එහෙත් ඉකුත් කාලයේ රියර් අද්මිරාල් සින්නයියා නාවික හමුදාවේ හුන්නේ නැත. ගිය ආණ්ඩු සමයේ නාවික හමුදාවෙන් ඉවත් වූ ඔහු යළිදු වරක් පත්වීම් ලැබුවේ නව ආණ්ඩුව යටතේය.
මීළඟ නාවික හමුදාපති ධුරයට සටන ඇත්තේ ඔවුන් දෙදෙනා අතරේය. ඒ අතරේ උතුරු ආඥාපති රියර් අද්මිරාල් පියල් සිල්වාට ද නාවික හමුදාපති පුටුවේ වාඩිවීමට වාසනාව ඇත්තේය. ඔහු නාවික හමුදාවේ කිමිදුම් විශේෂඥයාය.
නාවික හමුදාපතිවරයා සේම ‍පොතේ හැටියට මේ වසරේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ද විශ්‍රාම ලැබිමට නියමිතය. සිය තෙවැනි සේවා දිගුවේ සිටින යුද හමුදාපතිවරයා විශ්‍රාම ලැබිමට නියමිතව ඇත්තේ අගෝස්තු විසි එක් වැනිදාය. එසේම එයාර් මාර්ෂල් කපිල ජයම්පති ද ගුවන් හමුදාපති ධුරයට පත්වූයේ වසරක සේවා දිගුවක් සමගය. ඔහු ගුවන් හමුදාපති ධුරයට පත්වූයේ දෙදාස් දාසයේ සැප්තැම්බර් දොළොස් වැනිදාය.
කෙසේ නමුදු ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සේවා දිගු දෙන්නේ දැයි නොදෙන්නේ දැයි තීරණ ඇත්තේ ජනපතිවරයා අතේය. ඒ නිසා මීළඟ හමුදාපතිවරයා වන්නේ කවුදැයි අනාවැකි කීමට තවමත් කල් වැඩිය.

මිහිරි ෆොන්සේකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6554

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3360

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2371

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.