lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

පොලිතින් මළු භාවිතය අවම කිරීම සදහා පරිසර හිතකාමී කඩදාසි මළු හඳුන්වා දීමේ වැඩ සටහනක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව විසින් ආරම්භ කර ඇත. එම වැඩ සටහනේ ආරම්භය ආරච්චිකට්ටුව සති පොළ භූමියේදී පසුගියදා සිදු විය. වයඹ පළාත් පාලන කොමසාරිස් චන්දන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩ සටහනේදී සති පොලට පැමිණි පාරිභෝගිකයින්ට පරිසර හිතකාමී කඩදාසි මළු අලවි කිරීම ප්‍රාදේශීය සභා සේවකයින් විසින් සිදු කරන ලදි.

වයඹ පළාත තුළ ඇති සියළුම පළාත් පාලන ආයතන විසින් මේ ආකාරයේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන බවත්, පොලිතීන් භාවිතය අවම කිරීම තුළින් පරිසරය රැක ගැනීමට ජනතාව හවුල් කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇති බවත් වයඹ පළාත් පාලන කොමසාරිස් චන්දන ජයසිංහ මහතා පැවසීය.

වයඹ පළාත් පාලන කොමසාරිස්වරයාද, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ඇතුළු සභා සේවකයින් විසින් පරිසර හිතකාමී පොලිතීන් මළු බෙදා දුන් ආකාරය ඡායාරූප වලින් දැක්වේ.

ජුඩ් සමන්ත

දළදා වහන්සේ අපට පියවි ඇසට දක්නට ලැබෙන්නේ දළදා දැක්මකදී පමණි. එවැනි අවස්ථාවක් එළඹෙන්නේ බොහෝ කාලයකට පසුවය. එහෙත් අප දකින්නේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පමණි. එනමුත් උන්වහන්සේ වැඩ සිටින්නේ අප ඇසට දකින කරඬුව තුළ නොවේ. දළදා වහන්සේ වැඩ සිටින්නේ අප දකින කරඬුව ඇතුළු කරඬු හතක් තුළය.
දළදා මාලිගාවේ ඇතුල් මාලිගාව නොහොත් ගඳකිළිය නම් කොටසෙහි දළදා කරඬුව තැන්පත් කර තිබේ. විශේෂ වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුළ මෙම සුවිසල් කරඬුව තැන්පත් කර තිබේ. ජපන් රජය මෙම වීදුරු ආවරණය දළදා මාලිගාවට පූජා කර තිබේ.
මෙම සුවිසල් කරඬුවෙහි රන්මාල සහ වටිනා මැණික් ගල් අල්ලා තිබෙනු දක්නට ලැබේ. නොයෙක් යුගවලදී රජවරුන්, බිසෝවරුන්, සේනාධිපතිවරුන් සහ විවිධ රාජ්‍ය නායකයන් දෙස් විදෙස් බෞද්ධයන් දළදා වන්සේ උදෙසා එම රන්මාල, මැණික් පූජා කර තිබේ. මෙම පූජාවස්තුන් පූජා කළේ කවුරුන්ද යන්න මාලිගාවේ ඇති කොමසාරිස් ‍පොත නම් ග්‍රන්ථයේ ‍ලේඛනගත කර ඇත.
අතීතයේදී ශ්‍රී දළදා කරඬුව විවෘත කිරීමට පෙර එහි ඇති එම පූජා වස්තූන් ගැන ‍ලේඛනය කියවනු ඇත.
දළදා වහන්සේ වැඩ සිටින දැනට අපට පෙනෙන සුවිසල් කරඬුව පූජා කර ඇත්තේ විමලධර්මසූරිය රජතුමා විසිනි. එය රිදී පාටින් යුක්තය. මෙම කරඬුව ඇතුළේ තවත් කරඬු හයකි. පේසා වළලු ළඟින් මෙම මුල් කරඬුව ගැලවිය හැක.
පළමු සුවිසල් කරඬුව ඉවත්කළ පසු දෙවැනි කරඬුව දක්නට ලැබෙන අතර එහි රන්පත්, සමූහයක් තැන්පත් කර තිබේ. ධම්මචක්කපවත්තන සූත්‍රය සහ වටිනා ධර්ම පාඨ මෙම රන්පත්වල සටහන් කර ඇත. එම කරඬුව බුරුම රජයෙන් පූජා කරන ලද්දකි.
දෙවැනි කරඬුව ඉවත්කළ පසු මතුවන තුන්වෙනි කරඬුව අඩි 1 1/2ක් පමණ උසකින් යුක්තය. දඹ රනින් එය නිමවා තිබේ. එය ඉවත් කිරීමට යතුරක් අවශ්‍ය අතර එම යතුර ඇත්තේ දියවඩන නිලමේතුමා සන්තකයේය.
තුන්වැනි කරඬුවෙන් පසු හමුවෙන සිව්වන කරඬුව රත්තරනින් නිමවා ඇත. මැණික් ආදිය එහි ඔබ්බවා තිබේ. එම කරඬුව විවෘත කිරීමේ යතුර ඇත්තේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහානාහිමියන් බාරයේය.
මල්වතු මහානාහිමියන් එම කරඬුව විවෘත කිරීමෙන් පසු දක්නට ලැබෙන පස්වෙනි කරඬුව පූජා කර ඇත්තේ  ඇහැ‍ලේ‍පොළ මහ අදිකාරම්තුමා විසිනි. මෙහි උස අඩියක් පමණ වේ. මෙම රන් කරඬුවේ යතුර ඇත්තේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානාහිමියන් බාරයේය. හතරවෙනි කරඬුව මල්වතු කරඬුව කියාත් පස්වෙනි කරඬුව අස්ගිරි කරඬුව කියාත් හැඳින්වෙන්නේ ඒවායෙහි යතුරු එම මහානාහිමිවරුන් බාරයෙහි පවතින නිසාය. අස්ගිරි කරඬුව ඇහැ‍ලේ‍පොළ මහ අධිකාරම විසින් පූජා කර ඇති නිසා එය ඇතැම් අවස්ථාවල ඇහැ‍ලේ‍පොළ කරඬුව ලෙසද හැඳින්වේ. එම කරඬුව පූජාකර ඇත්තේ 1816 අගෝස්තු 25 වෙනි ඉරු දිනය.
එම කරඬුවේ පාදමේ ඒ බව සඳහන් කර ඇත. ඇහැ‍ලේ‍පොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් යනුවෙන් එහි මහ අධිකාරම් තුමාගේ නම සටහන් කර තිබෙනු දක්නට ලැබේ.
එම කරඬුව ඉවත් කිරීමෙන් පසු හයවෙනි කරඬුව දක්නට ලැබේ. හයවෙනි කරඬුවේ පැත්තක තව කුඩා කරඬුවක් වේ. එය දන්ත කුමරු හා හේමමාලා කුමරිය සිරිලකට ශ්‍රී දළදා වහන්සේ වැඩමවාගෙන ආ කරඬුවයි.
හත්වෙනි කරඩුව අඟල් හතරකින් පමණ උසකින් යුක්තය. දළදා වහන්සේ වැඩ සිටින මෙම  කරඬුව බුරුමයෙන් පූජා කරන ලද්දක් බව කියැවේ. එහි දළදා වහන්සේ වැඩ සිටිති.
ඇතැම්විට දළදා කරඬුවේ යතුර බාරව සිටින දෙපාර්ශ්වයේ මහානාහිමි නමක් අපවත් වුවහොත් අදාළ පාර්ශ්වයේ කාරක සභික හිමිවරුන් මුලින් මහානාහිමියන්ගේ පන්සලට ගොස් එහි සිටින ප්‍රධාන ශිෂ්‍යයාගෙන් දළදා කරඬුවේ යතුර බාරගනු ලැබේ. එසේ බාරගත් යතුර එම පාර්ශ්වයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන්ට බාර දෙනු ලබන අතර මහානාහිමි නමක් පත්වන තුරු එම යතුර ‍‍‍ජ්‍යෙෂ්ඨ අනුනාහිමි බාරයේ පවතිනු ඇත. ඇතැම් විට ‍‍‍ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් මහානායක ධුරයට පත්වුවහොත් දළදා යතුර දිගටම උන්වහන්සේ බාරයේ පවතින අතර වෙනත් හිමිනමක් මහානායක ධුරයට පත්වුවහොත් එම යතුර 
‍‍‍ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් විසින් අභිනව මහා නාහිමියන්ට නිල වශයෙන් බාර දෙනු ලබේ.
දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනුයේ සුවිශේෂී අවස්ථාවන්වලදීය. එය රටටම වැදගත්වන අවස්ථාවක් විය යුතුය. ඊට මල්වතු අස්ගිරි මහානාහිමි දෙනම හා දියවඩන නිලමේ එකඟ විය යුතුවේ.
වර්ෂ කීපයකට වරක් දළදා ප්‍රදර්ශනය පවත්වන බවට නිශ්චිතයක් නොමැත. මෑතකදී ජාත්‍යන්තර වෙසක් උළෙලට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් දළදා කරඬුව විවෘත කර දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරිණි. එසේම එම වෙසක් උළෙ‍ලේ සමාප්ති උළෙලට පැමිණි නේපාල ජනාධිපතිනිය ඇතුළු රාජ්‍ය අමුත්තන් වෙනුවෙන්ද දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරිණ. 
සුවිශේෂී අවස්ථාවක එක් අමුත්තෙක් වෙනුවෙන් හෝ සමූහයක් වෙනුවෙන් හෝ දළදා වහන්සේ වන්දනා කිරීමට කරඬුව විවෘත කිරීමට බලය ඇත්තේ මහානාහිමිවරු දෙනමට හා දියවඩන නිලමේට පමණි. වෙනත් බලපෑමකින් හෝ මාර්ගයකින් එය කිසිවෙක්ට කළ නොහැක්කකි.
දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනයට තබන අවස්ථාවලදී දළදා වහන්සේ තැන්පත් කිරීමට වෙනම කරඬුවක් වේ. එය ප්‍රදර්ශන කරඬුව ලෙස හැඳින්වේ. රන් නෙළුම්මලක් උඩ කොපුවක දළදා වහන්සේ රඳවා ප්‍රදර්ශනයට තැබේ.
පෙරහර සඳහා හස්තියා මත වැඩම වන්නේ තවත් කරඬුවකි. එය පෙරහර කරඬුව ලෙස හැඳින්වේ. පෙරහර කරඬුව හා ප්‍රදර්ශන කරඬුවද තැන්පත් කර ඇත්තේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පිහිටි වීදුරු කුටිය තුළමය.
දළදා වහන්සේ උදෙසා වෑංජන තිස්දෙකක් සහිත බුද්ධ පූජාව තැබිම රාජ නියමයකින් සිදුවන්නකි.
මේ සඳහා අවශ්‍ය ආහාර පූජා හා ගිලන්පස පූජා පිළියෙල කරනුයේ දළදා මාලිගාවේ මුළුතැන්ගෙහිය. මෙම මුළුතැන්ගෙය භාර මුලාදෑනීයා හඳුන්වන්නේ මුළුතැන්රාල යනුවෙනි. මාලිගාවේ වෙනත් මුලාදෑනිවරුන් මෙන් ඔහු කටයුතු කරන්නේද කාරිය කරවන කෝරාළගේ අනුදැනුමෙනි.
ආහාර පූජාවට ඒ ඒ දිනවලට අවශ්‍ය භාණ්ඩ මාලිගාවේ බඩු ගබඩාවෙන් ලබාගනී. දිනපතා හාල් සේරු 32ක්, වෑංජන තිස්දෙකට එළවළු ආදිය ගබඩාවෙන් ලබාගෙන පූජාව සකස් කරනු ලබන බව වේඬරුවේ ශ්‍රී උපාලි අස්ගිරි අනුනාහිමියෝ කියති.
රජතුමා ආහාරයට ගත් වෑංජන 32 ඊට පෙර බුද්ධ පූජාවට තැබිය යුතු බව රාජ නියමය වේ. රාජ  යුගයේදි අධිකාරම්වරුන්, නිලමේවරුන්, පදිංචිව සිටි වලව් පිහිටා තිබුනේද රාජමාලිගය ආසන්නයේමය. ඇතැම් විට එම වලව්වල පිසින වෑංජන වර්ගද රජතුමාට ලබාදීම නිසා වෑංජන 32ක් එකතු වන්නට ඇත.
දළදා වහන්සේට දානය පාත්තර කිහිපයක තබා පූජා කෙරේ. එහි විශාලම පාත්තරයමාරම්පාත්තරේ යනුවෙන් හැඳින්වේ. මාලිගාවට අවශ්‍ය කරන හාල් මාලිගාවේම ඉඩකඩම්වලින් ලැබේ. කළුගොමුව, ඒදඬුවාව, කිරගල්ල, රදාගොඩ, මුංවතුගොඩ, අලදෙණිය, කිතුල්පේ, අලපලාවල, අංගොඩ යන ගම් නවයෙන් මෙම සහල් සැපයේ.
මාලිගාවට අයත් සහල් හම්බා යනුවෙන් හැඳින්වේ. මුළුතැන් ගෙයි පිළියෙල කරන දානය වැඩ සිටින මාලිගාවට ගෙන එන්නේ කත්වලිනි. මුකවාඩම් බැඳගෙන එම දාන කත් ගෙන එනු ලැබේ.
සියම් අමරපුර රාමඤ්ඤ යනුවෙන් තුන් නිකායක් ලංකාවේ තිබුණද ඒ අතරින් බලවත්ම නිකාය ලෙස සැලැකෙන්නේ සියම් මහා නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශ්වය. ඊට හේතු වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව සිටින්නේ අස්ගිරි, මල්වතු පාර්ශ්ව වීමය. තේවාව වසරින් වසර මල්වතු - අස්ගිරි දෙපාර්ශ්වයට මාරුවේ. මේ දිනවල දළදා වහන්සේ උදෙසා තේවාව බාරව තිබෙන්නේ මල්වතු පාර්ශ්වයටය.
තේවාවට තුන් නමක් වැඩ සිටිති. ප්‍රධාන නාහිමියන්ට සහය වීමට තවත් දෙනමක් වේ. මෙයින් දෙනමක් ගඳ කිළියෙහි හෙවත් දළදා කරඬුව ඇති වැඩසිටින මාලිගයෙහි තේවාව කරති. අනෙක් හිමියන් පල්‍ලේමා‍ලේ බුදුගෙයි තේවා භාරව වැඩ සිටිති. පල්‍ලේමා‍ලේ තේවාවෙන් පසු උඩුමා‍ලේ තේවාවට එම හාමුදුරුවන් සුදුසුකම් ලබයි.
අස්ගිරි - මල්වතු දෙපාර්ශ්වයෙන් දළදා තේවාව සඳහා භික්ෂූන් වහන්සේ තෝරා ගනු ලබන්නේද චිරාගත සම්ප්‍රදායක ක්‍රමයකටය.
අස්ගිරි විහාරයෙන් තේවාවට පත්වන්නේ විශේෂ පන්සල් දෙකකිනි. මැද පන්සල හා පහළ පන්සල ලෙස එම පන්සල් හැඳින්වේ.
මල්වතු මහ විහාරයෙන් මල්වතු මහානාහිමියන්ගේ අනුමැතියෙන් තේවාවට හිමිවරුන් තෝරා ගැනේ.
දළදා මාලිගාවේ තේවාවට භික්ෂූන් වහන්සේ තෝරාගන්නේ කෙසේද හා තේවාවට අදාළ වගකීම් කවරේද යන්න 1858 ජුනි 19දා අස්ගිරි පාර්ශ්වයේ සඟරුවන සම්මත කරගත් පරමධම්ම කතිකාවතේද සඳහන් වෙන බව අස්ගිරි පාර්ශ්වයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි හිමියෝ පෙන්වා දෙති.
මෙසේ තේවාවට පත්වෙන හිමිවරුන් එම වසරක තේවා කාලය තුළදී අවමඟුල් අවස්ථාවන්ට සහභාගි නොවේ. තමන් වහන්සේගේ ඤාතියෙකු මියගියත් එම අවස්ථාවට සහභාගි නොවන නමුත් යා යුතුම මරණයක් නම් ඇතැම් අවස්ථාවල තම කැමැත්තෙන්ම සම්පූර්ණයෙන්ම තේවාවෙන් ඉවත් වී යාමට අවස්ථාව ඇත. මව හෝ පියා හෝ මිය ගිය අවස්ථාවක නම් එවැනි තීරණවලට තේවාවේ හිමිවරුන් එළෙඹෙනු ඇත. නොඑසේ නම් එම මරණයට සහභාගි වී සති 2-3 ක් පමණ තේවාවෙන් ඉවත් වී සිට නැවත තේවාවට පැමිණෙන අවස්ථාද ඇති බවද වේඬරුවේ ශ්‍රී උපාලි අනුනාහිමියෝ පෙන්වා දෙති.
අලුයම් තේවාව, නව පෑ පූජාව හා සවස පූජාව වශයෙන් දළදා වහන්සේ උදෙසා දිනකට තුන්වරක් තේවාව පැවැත්වේ.
මෙම තේවාවන් කරනුයේ අප්‍රසිද්ධියේය. තේවාව බාර නාහිමිවරුන්ට, වට්ටෝරුරාල, කත් තියන රාල, වැනි මුලාදෑනිවරුන්ට පමණක් එම අවස්ථාවන් විවෘතය.
අලුයම් තේවාව ඇරඹීමට තේවාව බාර හිමිවරුන් උඩු මාලෙට හෙවත් ගඳ කිළියට වැඩම කිරීමට පෙර හේවිසි වාදනය හෙවත් අලුයන්දූරේ ආරම්භ කෙරේ. අලුයන්දුරේ ඇරඹෙන්නේ පාන්දර පහයි කාලට පමණි. තේවාවේ නාහිමිවරුන් සූදානම් වීමෙන් පසු මාලිගාවේ දොරටුවල යතුරු වට්ටෝරු රාළට බාරදෙනු ලැබේ.
වට්ටෝරු රාළ යතුරු පයිංඩ කරගෙන කරේ තබාගෙන වැඩසිටින මාලිගාවේ දොරටුව ළඟට විත් දෙපා සෝදා ගනී. පල්‍ලේමා‍ලේ බුදුගෙයි යතුර පල්‍ලේමා‍ලේ රාලට බාර දෙනු ලබන්නේද වැඩ සිටින මාලිගාවේ දොරටුව ළඟදීය.
උඩුමා‍ලේ තේවාව අතරතුරම පල්‍ලේමාලෙ අලුයම් තේවාවද පැවැත්වේ. තේවාවෙන් පසු නැවතත් වැඩ සිටි මාලිගාවේ දොරටුව අසලදී දෙපිරිසම එකතු වී යතුරු එකට ඔතාගෙන යතුරු පයිංඩ කෙරේ. මෙම ප්‍රධාන නාහිමිගේ කාමරයේ යතුරු තැන්පත් කිරීමට විශේෂ මංජුසාවක් තිබේ. යතුරු එහි තැන්ත් කිරීමෙන් පසු නායක හාමුදුරුවන්ට අනෙක්  හිමිවරුන් හා මුලාදෑනිවරුන් වැඳ වෙන්ව යන චාරිත්‍රයක්ද වේ.
උදේ 9.30ට පමණ නව පෑ තේවාව හෙවත් දෙවැනි තේවාව ආරම්භ කෙරේ. පූජාවට ගත් ආහාර පාන ඉවත්කිරීම හඳුන්වන්නේ බැහැ ගන්නවා යනුවෙන් බව වේඬරුවේ උපාලි අනුනාහිමියෝ කියති. දවසේ අන්තිම තේවාව හැන්දෑ තේවාවයි. එය ඇරඹෙන්නේ සවස 6.30ට පමණය. එහිදී රාත්‍රී 7.30 පමණ හා 8.00ට පමණ ගිලන්පස පූජා දෙකක් පූජා කෙරේ. එය රාජ නියමයකි.
මෙහිදී මුල් තේවාවට පලතුරු, සීනි, මීපැණි, උක් පැණි සූකිරි, හකුරු, මුද්දරප්පලම්. දොඩම් යුෂ, දෙළුම්, ආදිය ගැනේ. දෙවැනි පූජාවට සීනි, මී පැණි, සුකිරි, ඉඟුරු, එළඟිතෙල් ආදිය ගැනේ.
මහරජතුමා වෙනුවෙන් රජගෙදර සිදුවූ රාජකාරී සියල්ල වර්තමානයේ සජීවී ලෙස ශ්‍රී දළදා මාලිගාවේදී පමණක් දැකගත හැකි බව පෙන්වා දෙන වේඬරුවේ ශ්‍රී උපාලි අස්ගිරි අනුනාහිමියෝ දළදා වහන්සේ උදෙසා වෑංජන 32ක් පූජා කිරීමද රජුගේ නියමයෙන් සිදුවෙන්නක් බව පෙන්වා දෙති.
වසරක තේවා කාලය අවසන් වන්නේ සෑම වසරකම ඇසළ ‍පෝ දින හෙවත් භික්ෂූන් වහන්සේ වස්වසන දිනදීය. එක් පාර්ශ්වයක තේවාව අවසන් කියා එම නාහිමිවරුන්ට එකවරම පිට වී යා නොහැක. ඒ සඳහාද ක්‍රමවේදයක් ඇත.
තේවාව බාරව සිටි අස්ගිරි හෝ මල්වතු නාහිමිවරුන් වැඩ සිටින මාලිගයේ භාණ්ඩ පාත්‍ර, රන් දැහැටි කූරු, සිවුරු රන් භාණ්ඩ ආදිය මල් ආසනය මත තැබිය යුතුය. එම භාණ්ඩ ‍ලේඛනය මාලිගාවේ ‍ලේකම්වරයකු විසින් කියවන විට තේවාවේ සිටි හිමිවරුන් ඒ භාණ්ඩ තේවාව බාර ගන්නා නාහිමියන්ට බොහෝ විට අතින් බාර දෙනු ලැබේ. එසේ අතින් ඔසවා, බාර දිය නොහැකි භාණ්ඩයක් නම් එය අත දිගහැර පෙන්වයි. ඉන් පසු යතුරු මහානාහිමිවරුන් දෙනමගේ තේවාවේ ප්‍රධාන නාහිමිවරුන් දෙනම හුවමාරු කර ගැනීමෙන් පසු එක් පාර්ශ්වයක තේවාව අවසන් වේ.
 
ධර්ම ශ්‍රී තිලකවර්ධන 

“ත්‍රස්තවාදය අවුරුදු 30ක් පැවැති රටක අපි ත්‍රස්තවාදය අවසන් කළැයි කිව්වට එහි යම් යම් බිජයන් ඒ ආකාරයටම අවසන් වුණයි කියලා කාටවත් කියන්න බැහැ. ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කරපු අවි ආයුධ ලක්ෂ ගණනින් බාර දුන්නත් සියලු අවි ආයුධ ඉවරයි කියන්න බැහැ. අනිත් ඒක ඒ අයගේ තිබුණු පුහුණුව, ජීවන රටාවත් එක්ක තිබුණ ආකල්ප වෙනස් වෙලා නැහැ. එකක් වුණා, දෙකක් වුණා. මේක මේ විදිහට යන්න දෙන්න බැහැ. හුදෙක් ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතාවය පැවැත්ම මෙන්ම මුදල් ඉපැයීම උදෙසා එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින් ආවෙත් ඔය විදිහට. ඒ දේම නැවත වෙනවා මේකට අපි ඉඩ දිය යුතු නැහැ. 
මෙම බරපතළ ප්‍රකාශය කරන ලද්දේ වෙන කවුරුත් නොව ‍පොලිස්පති පූජිත් ජයසුන්දරය.
යාපනයේ ස්ථාන කීපයකදී ‍පොලිස් නිලධාරීන් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාර කීපයකින් අනතුරුව යාපනයේ ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයන් එක්ව පැවැති හමුවකදී ‍පොලිස්පතිවරයා මෙම අදහස ප්‍රකාශ කළේය. සැබැවින්ම මෙවැනි අදහස් මීට පෙරද ප්‍රකාශ වී තිබුණි. නමුත් එම අදහස් ප්‍රකාශ කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හා ආණ්ඩු විරෝධී සිවිල් සංවිධාන විසිනි. ඒ අනුව බලන විට ‍පොලිස්පතිවරයාගේ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයකි. මක්නිසාද යත් ‍පොලිස්පතිගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන කාරණාවක් වන්නේ මෙම ප්‍රහාරය පිටුපස හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිටින බවත් එල්.ටී.ටී.ඊ.ය නැවත නැගිටීමේ අවදානමක් තිබෙන බවත් ප්‍රකාශ වීමත්ය. 
‍පොලිස්පති පූජිත් ජයසුන්දර යාපනය සංචාරයට ආසන්නතම හේතුව වූයේ තුන්කා‍ලේ ඔන්ඩච්චිහි පිහිටි නන්දාවිල් කෝවිල අසලදී ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු මැර ප්‍රහාරයට ලක්වීමයි. සුරේෂ් නම් දෙමළ ජාතික ‍පොලිස් නිලධාරියා හා ධම්මික නම් සිංහල ජාතික ‍පොලිස් නිලධාරියා රාජකාරි කටයුත්තක් සඳහා යතුරු පැදියකින් ගමන් ගන්නා විට මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි. දැන ගන්නට ලැබෙන පරිදි කෝවිල අසල ක්‍රීඩාංගණයේ සිටි තරුණයින් පිරිසක් මෙම ප්‍රහාරය කර එල්ල තිබිණි. 15කින් පමණ සමන්විත මෙම පිරිස තියුණු අවිවලින් කපා කොට බරපතළ තුවාල සිදුකර ‍පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදියට පහර දී අලාභ හානි කර තිබිණි. පසුව ප්‍රහාරකයන් යතුරු පැදිවල නැගී පලා ගොස් ඇත. තුවාල ලද ‍පොලිස් නිලධාරීහු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශල්‍යකර්මයකටද භාජනය කර තිබිණි. මෙම සිද්ධිය වී තිබුණේ 30 දා දහවල් 1.45ට පමණය. නමුත් ඊට පෙර 21 දා වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක්ද මැර ප්‍රහාරයකට ලක්ව තිබිණ. යාපනය මනල්කාඩු කුඩාත්තනේ ප්‍රදේශයේ නීති විරෝධී ජාවාරම්කරුවන් පිරිසක් වැටලීමට ගිය අවස්ථාවේදී ගල්වලින් හා වැලි පිරවූ බෝතල්වලින් ප්‍රහාරයක් එල්ල කර තිබුණු අතර නාවික භටයෙකු තුවාල ලබා තිබිණි. මෙම කාලයේදීම එනම් ජූලි 26 දා උප ‍පොලිස් පරීක්ෂකවරයෙකුද ප්‍රහාරයට ලක්ව තිබුණි. තීන්ද්‍රරාජා නම් උප ‍පොලිස් පරීක්ෂකවරයා පේදුරුතුඩුව, කොඩිකාමම් මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය හරස්කර යතුරුපැදිය නවතා හිසට ‍පොල්ලකින් පහරදී තිබුණි. හෙල්මටය පැළඳ සිටි බැවින් හිසට හානියක් සිදුවී නොමැති අතර අසල ලඳු කැලෑවට දිවගොස් බේරුණ උප ‍පොලිස් පරීක්ෂකවරයා පසුව යාපනය චාවකච්ච්ෙරි රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන තිබුණි. 
මෙම පහරදීම් සම්බන්ධයෙන් මේවන විට 07 කු ‍පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මනල්කාඩු කලපු ප්‍රදේශයේ පිහිටි කඩොලාන ශාක නීතිවිරෝධීව කපමින් සිටි 05 දෙනකු ඔවුන් පැමිණි කැබ්රියක්, යතුරුපැදියක් හා පිහියා දෙකක් සමග සැකපිට ‍පොලිස් අත්අඩංගුවට පත්වූහ. පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ පසුගිය 09 දා මනල්කාඩු කැටේ හන්දිය ‍පොලිස් මුර‍පොළට පහරදී විනාශ කිරීම හා වෙරළාරක්ෂක නිලධාරීන්ට පහර දීමේ සිදුවීමට මොවුන් සම්බන්ධ බවයි. මේ අතර 30 දා නන්දාවිල් කෝවිල අසලදී ‍පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදීම සම්බන්ධයෙන් ද සැකකරුවන් දෙදෙනකු ඉකුත් 01 දා ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ නල්ලූර් සත්‍යනන්දා පාරේ පදිංචිකරුවකු වන තිවරාසා මධුෂන් (20) හෙවත් මධු නමැත්තා හා මානිපායිහි පදිංචිකරුවකු වන විජයරත්නම් සිවරාජ් (23) නමැත්තාය. මෙම සැකකරුවන් දෙදෙනාම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බව ‍පොලීසිය කීවද එය පිළිගැනීමට නොහැකි කාරණාවක් ද ඇත. එනම් මධූෂන් නමැති සැකකරු 20 වියේ පසුවන අතර යුද්ධය අවසන් වන 2009 වන විට ඔහුගේ වයස අවුරුදු 12 ක් විය යුතුය. කෙසේ නමුත් සැකකරුවන් දෙදෙනා යාපනය මහේස්ත්‍රාත් එස්. සදිස්වරන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 10 දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් 10 දා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය. 
මෙම සිදුවීම් ජාලය පිළිබඳව විමසිලිමත් වන දකුණේ ජනතාව අසන ප්‍රශ්නය වන්නේ උතුරේදී මේ මොකද වෙන්නෙ යන්නයි. නැවත එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ඇතිවේ යැයි බියක්ද පළ කරති. මෙහිදී ‍පොලිස්පතිවරයාගේ ප්‍රකාශය අනුව නැවත ත්‍රස්තවාදය ඇති වීමේ අවදානමක්ද පවතී, ඒ මක්නිසාද යත් උතුරේ බෙදුම්වාදී අරගලයේ ඉතිහාසය විමසිල්ලට ලක්කළ විට දක්නට ලැබෙනුයේ ද මේ හා සමාන සිදුවීම්ය. 1970 දශකයේදී හා 1980 දශකයේ මුල් කාලයේදී ත්‍රස්තවාදීන්ගේ මුල්ම ඉලක්කය වූයේ දෙමළ ජාතික ‍පොලිස් නිලධාරීන්ය. එම කාලයේදී ඝාතනය වූ ‍පොලිස් නිලධාරීන් වැඩි පිරිස දෙමළ ජාතිකයන් වූහ. උදාහරණයක් ලෙස එල්.ටී.ටී.ඊ.ය විසින් යාපනයේදී මරා දමන ලද මුල්ම ‍පොලිස් නිලධාරියා වන කරුණානිධි ද යාපනයේ පදිංචි දෙමළ ජාතිකයෙකි. දෙමළ නිලධාරීන් ඝාතනය කිරීමේදී අහඹු ලෙස ඊට මැදි වූ සිංහල නිලධාරීන් දෙතුන් දෙනකු මරණයට පත්වූහ. දෙමළ නිලධාරීන්ට අන්තවාදීන් පිළිබඳව තොරතුරු ලැබිම හා ප්‍රදේශය පිළිබඳව අවබෝධය තිබිම ආදී හේතු නිසා දෙමළ නිලධාරීන් එලෙස ඉලක්ක වූයේය. මෑත කාලයේදී ප්‍රහාරයට ඉලක්ක වූවන්ගෙන් වැඩි පිරිස දෙමළ නිලධාරීන් හෝ දෙමළ කතා කරන මුස්ලිම් නිලධාරීන් වූහ.
අනෙක් අතට උතුරේ රාජකාරි කරන ‍පොලිස් නිලධාරීන් කියනුයේ රජය මේ වනවිට අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව තම රාජකාරිය ඉතා පරෙස්සමට කිරීමට සිදුව ඇති බවයි. දෙමළ ජනතාව සමග රාජකාරි කරන විට එම ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරන ලෙසට උපදෙස් ලැබි ඇතැයිද කියති. ඒ නිසා අණ නොතකා පලා යන විට හා පහර දෙන විට රැකියාව ගැන සිතා කටයුතු කිරීමට සිදුව ඇති බවද ඔවුහු කියති. එම උපදෙස් නොතකා කටයුතු කළ  කීපදෙනකුම රැකියාව අහිමිව බන්ධනාගාරගතව සිටින බවද පැවැසීය. එම නිලධාරීන් කියූ දෙයක් මෙහි විශේෂයෙන් සටහන් කළ යුතුය.
පසුගිය දවස්වල ඉලංචෙලියන් විනිසුරුතුමාගේ ආරක්ෂක නිලධාරී සැරයන් සරත් හේමචන්ද්‍රගේ මරණය ගැන රටම දුක් වුණා. උතුරේ දෙමළ ජනතාව තමයි වැඩියෙන්ම දුක් වුණේ. හැබැයි එදා හේමචන්ද්‍ර පිස්තෝලය ආපහු උදුර ගන්න ගිහින් සැකකාර දෙමළ මනුස්සයා වෙඩි වැදිලා මැරුණානම් අද හේමචන්ද්‍ර හිරේ. එහෙනම් අදටත් උතුරේ හේමචන්ද්‍රට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. අපේ ඉහළ නිලධාරිනුත් අහන්නේ පිස්තෝ‍ලේ ගන්නකම් උඩ බලාගෙන හිටියද කියලා. ඕක තමයි අද උතුරේ ‍පොලිස්කාරයගේ තත්ත්වය යැයි හෙතෙම කීවේය.
පවතින තත්ත්වය පැහැදිලි වනුයේ රජය විසින් උතුරේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඉතා අලස ආකාරයට කටයුතු කරන බවයි. මෙහි අරමුණු 2020 ජනාධිපතිවරණය තෙක් උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද පදනම පවතින රජයට පක්ෂපාත ලෙස පවත්වාගෙන යාම විය හැකිය. නමුත් ප්‍රශ්නය ඇත්තේ වසර දෙකකට වැඩි කාලයක් මේ තත්ත්වයෙන් නීතිමය කටයුතු පවත්වාගෙන යා හැකිද? එතෙක් ‍පොලිස් නිලධාරීන් කී දෙනකුට ගුටි කෑමට සිදුවේද යන්නයි. 
 
මට විරුද්ධව නඩු දානවා නම් ලොකු දෙයක්
 
‍පොලිස් ප්‍රශ්න කිරීම ගැන ශිවාජිලිංගම් කියයි
 
දෙමළ මාධ්‍ය කෙසේ වෙතත් සිංහල මාධ්‍ය තුළ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පුවත් මවන්නෙකු බවට පත්ව තිබේ. ඒ වෙන මොනවත් නිසා නොව ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසාය. මෑත කාලයේදී ඔහු විසින් සිදුකළ කට කැඩිච්ච කතාවක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ ශිවාජිගේ නමින් ෆයිල් එකක් විවෘත වුණේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. එකක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුලතිව් දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට පැමිණීමට නියමිතව තිබියදී ජනපතිවරයාට එහි නොපැමිණෙන ලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කිරීමයි. එමෙන්ම බෞද්ධ හිමිනමකට අපහාස වන ප්‍රකාශයක්ද කර තිබූ බව ඔහුට චෝදනා එල්ල විය. මේ පිළිබඳව විමර්ශන කටයුතු පැවැරී තිබූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයටයි. ඒ අනුව කට උත්තරයක් ගැනීම සඳහා කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස ශිවාජිලිංගම්ට දැනුම් දී තිබුණේය. ඒ ඉකුත් ජූලි 22දාය. මෙහිදී එම්.කේ. ශිවාජිලිංගම් රහස් ‍පොලීසියට ප්‍රකාශ කළේ ප්‍රවාහන අපහසුතා සහ කාර්යබහුලත්වය නිසා කොළඹ පැමිණිය නොහැකි බවත් අවශ්‍ය නම් යාපනය වැල්වටිතුරේ වෙත පැමිණ තමාගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙසයි. ඉන් අනතුරුව ඉකුත් 31 දා කොළඹ සිට යාපනයට ගිය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් යාපනය මූලස්ථාන ‍පොලීසියේදී ශිවාජිලිංගම් ඇතුළු තිදෙනකුගෙන් කට උත්තර ගත්තේය. මෙම සිදුවීම පිළිබඳව ලක්බිම ඉරිදා සංග්‍රහයට ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා කතා කළේය. 
 
ඔබ කටඋත්තරයක් දෙන්න යාපනයට ගියා කියන්නේ ඇත්තද?
ඔව්, මීට කලින් මට කට උත්තර දෙන්න කොළඹට එන්න කියලා තිබුණා. මම බැහැ කියලා ගියේ නැහැ. ඊට පස්සෙ එයාලා (‍පොලීසිය) යාපනයට ඇවිත් කටඋත්තර ගත්තා. මා එක්ක ත්‍යාගරාජා හා පසුපතිපිල්ලෙ කියන දෙන්නත් ගියා.
 
ඇයි ඔබ කොළඹට ගියෙ නැත්තෙ?
අපි සාමාන්‍ය ආදායමකින් ජීවත් වෙන්නෙ. මගේ ප්‍රකාශ 10ට පැමිණිළි 10ක් ආවොත් ඒ දහ පාරම කට උත්තර දෙන්න මට කොළඹට යන්න බැහැනෙ. නමුත් ‍පොලීසියට එහෙම නමෛයිනෙ. එයාලට නිලධාරීන් ඉන්නවා. වාහන තියෙනවා. එහෙමත් නැතිනම් වොරන්ට් (නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර) අරගෙන කෝච්චියෙන් යාපනයට එන්න පුළුවන්නෙ. ඒ නිසයි මම එහෙම කීවේ. 
 
ඇයි ඔබ ජනාධිපතිතුමාට චෝදනා එල්ල කරන්නේ?
මම වර්තමාන ජනාධිපතිතුමාට විතරක් ‍නෙවෙයි 1948 ඉඳන් හිටපු සිංහල නායකයෝ සියලු දෙනාටම චෝදනා කරනවා. දෙමළ ජනතාව සංහාරය කරා කියලා. යුද්ධයේ අවසාන සතියෙදී තමයි දෙමළ වැසියන් වැඩිපුරම මැරුණේ. ඒ දිනවල රාජපක්ෂ මහත්තයා ලංකාවේ හිටියේ නැහැ. ඒ වෙනුවට වැඩබලන ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළේ වර්තමාන ජනාධිපතිතුමා. ඒ නිසයි ජනාධිපතිතුමාටත් මම චෝදනා එල්ල කරන්නේ.
 
මොකක්ද ඔබට තියෙන චෝදනාව? 
යාපනය මාධ්‍ය සමාජයේදී මම කළා කියන ප්‍රකාශයක්. මැයි 18 දා ජනාධිපතිතුමා මුලතිව් දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයට එන්න තිබුණා. වර්තමාන ජනාධිපතිතුමත් දෙමළ ජන සංහාරයට වගකිව යුතු කෙනෙක් නිසා 18 දා මුලතිව්වලට එන්න එපා කීවා. මොකද 18 දා මුලතිව් වෙල්ලමුල්ලිවෛක්කාල්වලදී මිය ගිය දෙමළ ජනතාවගේ සැමරුමක් තිබුණා. ඒක ජන සංහාර සතිය කියලා නම් කරලා තිබුණා. ඉතිං මගේ ප්‍රකාශ ගැන වීඩියෝ පටිගත කිරීම් හා මාධ්‍යවේදීන් දෙදෙනකුගේ ප්‍රකාශයන් සාක්ෂි ලෙස අරගෙන ඇවිත් තමයි මගෙන් ප්‍රශ්න කළේ. 
 
ඔබගෙන් මොනවාද ප්‍රශ්න කළේ?
දෙමළ ජන සංහාර කියන වචනය පාවිච්චි කරලා ප්‍රකාශ නිකුත් කළේ ඇයි කියලා ඇහුවා. මම කීවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් සකස් කළ දරුස්මාන් වාර්තාව මගින් දෙමළ ජනතාව 40,000 ක් මැරුණා කියලා තියෙනවා. තවත් වාර්තා කීපයකින් 60,000 - 70,000 වගේ මැරුණා කියලා කියනවා. ඒ වගේම 2015.02.20 පැවැති පළාත් සභා සැසිවාරයේදී ලංකාවේදී දෙමළ ජන සංහාරයක් සිදු වුණා කියලා යෝජනාවක් මහ ඇමැතිතුමා සී.වී. විග්නේෂ්වරන් ඉදිරිපත් කළා. ඒ යෝජනාව මම ස්ථිර කළා. එතනදී යෝජනාව එකමතිකව සම්මත වුණා. ඒ නිසා ජන සංහාරය කියන වචනය අලුත් දෙයක් නමෛයි කියලා කීවා. 
 
අන්තිමට මොකද වුණේ?
සියලු තොරතුරු නීතිපතිට යොමු කරනවා. එතනින් ලැබෙන උපදෙස්වලට කටයුතු කරනවා. නඩු දාන්න උපදෙස් ලැබුණොත් නඩු දානවා කියලා කීවා. මම එතනදී කීවා නඩු දැම්මොත් ඒක ලොකු දෙයක් මට එතකොට දෙමළ ජනතාවට වුණ අසාධාරණය ගැන ලෝකයටම කියන්න අවස්ථාවක් ලැබෙනවා කියලා.
 
සනත් ප්‍රියන්ත

ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂිකව සංවිධානය කරන අටවිසි බුද්ධ පූජා පිංකම මෙවරත් විවිධ ජාතික බෞද්ධයන් ගේ සහභාගිත්වයෙන් පසුගිය දා සිදු කෙරුනේ බුවාද වැන්සන් හි විහාරස්ථානයේ දීය. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසන භික්‍ෂුන් වහන්සේලා ප‍්‍රමුඛ දායක දායිකාවන් මෙම අටවිසි බුද්ධ පූජාවන්ට සහභාගි වූ ආකාරය මෙම ඡායාරූප වලින් දැක්වේ.






අභිමානවත් සහ පරිපුර්ණ දේශීය ටෙලිනාට්‍ය කලාවක් ගොඩනැගීම උදෙසා වන විද්වත් කතිකාවක් පසුගිය (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
වසර 21ක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් දේශීය ටෙලිනාට්‍ය කලාව ඇගයීමට ලක් කරන්නාවූ එකම සම්මාන උළෙල වන සුමති සම්මාන උළෙලට සමගාමීව පැවැති මෙම කතිකාව සුමති සම්මාන උළෙ‍ලේ නිර්මාතෘ,  නියෝජ්‍ය කථානායක, ක්‍රිකට් ආයතනයේ සභාපති, තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
සුමති සම්මාන උළෙ‍ලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පැවැති මෙම කතිකාව වැඩමුළු තුනකින් සමන්විත විය.ටෙලිනාට්‍ය හා රූපවාහිනී වැඩසටහන් නිර්මාණයේදී කතා සංකල්ප තේමාවන්, ආකෘති තෝරාගැනීම සහ චරිත නිරූපණය පළමු කතිකාවේ මාතෘකාව වූ අතර මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කතිකාව ආරම්භ විය. සුදත් මහදිවුල්වැව, ශ්‍රියන්ත මෙන්ඩිස් හා ලලිත් රත්නායක යන මහත්වරුන් මෙහිදී සංවාදයට එක්වූහ.ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා දෙවන කතිකාව මෙහෙයවූ අතර ජයන්ත චන්ද්‍රසිරි, බෙනට් රත්නායක හා රවීන්ද්‍ර ගුරුගේ යන ‍‍‍ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් මෙහිදී සංවාදයට එක්වූහ. මෙහි තේමාව වූයේ වර්තමාන රූපවාහිනී මාධ්‍යයේ නව තාක්ෂණික සහ නිර්මාණාත්මක භාවිතාවයි.‍‍‍ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු වන ජැක්සන් ඇන්තනි මහතා විසින් මෙහෙයවනු ලැබූ තෙවන කතිකාවේ තේමාව වූයේ නිර්මාණ ගොඩනැගීම, විකාශය කිරීමේ සීමාවන්, නිර්මාණ අයිතිය, ගැටලු සහ විසඳුම්ය. සුදත් රෝහණ, ආනන්ද අබේනායක සන්තුෂ් වීරමන් යන දේශකයන්ගේ සහභාගිත්වයෙන් මෙම කතිකාව පැවැත්විණ.
ප්‍රවීණ මෙන්ම නවක කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැති 2017 සුමති සම්මාන කතිකාවේ මූලික තේමාව වූයේ අභිමානවත් පරිපූර්ණ ටෙලිනාට්‍ය කලාවක් ගොඩ නැගීම උදෙසා වන කතිකාව යන්නයි.
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු, ටෙලිනාට්‍ය නිෂ්පාදකවරු සහ නිෂ්පාදක ආයතන, කලා අධ්‍යක්ෂවරු, සංස්කාරක සහ තිර රචකයන්, සංගීත අධ්‍යක්ෂ සහ ගීත රචකයන්, රංගන ශිල්පීන්, වේෂ නිරූපන ශිල්පීන් හා කැමරා අධ්‍යක්ෂවරු මේ සඳහා සහභාගිවූ අතර දේශීය ටෙලිනාට්‍ය කලාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා මෙවන් කතිකාවන් සංවිධානය කිරීම පිළිබඳව කලාකරුවන්ගේ ප්‍රසාදයද සංවිධායකවරුන් වෙත හිමි විය.

ඡායාරූප - මලිත් ගමගේ

සමන්මලී නැලිගම

එංගලන්තයේ සිටින හෘද හා උරස් විශේෂඥ වෛද්‍ය රිචඞ් පර්මන් කරාපිටිය ශික්‍ෂණ රෝහලට හොඳ හුරු පුරුදු චරිතයකි. කීප වතාවක්ම කරාපිටිය ශික්‍ෂණ රෝහලට පැමිණ ශල්‍යකර්ම කළ ඔහු මෙවර ලංකාවට ආවේ අලූත් ප‍්‍රතිකාර ක‍්‍රමයක්ද රැුගෙනය. එය හඳුන්වන්නේ එක්මෝ ප‍්‍රතිකාර ක‍්‍රමය යනුවෙනි. මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ඉගෙන ගත් විශේෂඥ වෛද්‍ය රිචඞ් පර්මන්ගේ 
ශිෂ්‍යාවක කරාපිටියේ සිටින්නීය. ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍රය. ඇය එංගලන්තයේදී ඉගෙනුම ලැබුවේ වෛද්‍ය පර්මන්ගෙනි. ට්‍රෝලූෂා හරිස්චන්ද්‍ර  එංගලන්තයේදී මෙකී ප‍්‍රතිකාර ක‍්‍රමය පිළිබඳ පුරුදු පුහුණු වූවාය.
මෙම ප‍්‍රතිකාර යන්ත‍්‍රය කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදීමට  මුල්වූයේ වෛද්‍ය රිචඞ් පර්මන්ය. ඒ සඳහා වෛද්‍ය ට්‍රෝලූෂා  
හරිස්චන්ද්‍ර සුවිශේෂීවූ කාර්ය භාරයක් ඉටු කළාය. මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ලංකාවට ලැබුණු හැටි විශේෂඥ වෛද්‍ය ට්‍රෝලූෂා 
හරිස්චන්ද්‍ර විස්තර කළේ මෙසේය.
”තරුණ ගැහැනු ළමයෙකුට ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වුණා. ඒ සැත්කම කිරීමේදී මේ යන්ත‍්‍රය අවශ්‍ය වුණා. වෛද්‍ය රිචඞ් පර්මන් මැදිහත්වෙලා  මානුෂික හේතුත් සලකා බලා මේ යන්ත‍්‍රය ගන්න අපට ණයක් දුන්නා. නමුත් සැත්කම කිරීමේදී මැෂින් එක අවශ්‍ය වුණේ නැහැ. නමුත් මැෂින් එක තියෙන නිසා මේක භාවිතා කිරීමට අවශ්‍ය වුණා. මෙවැනි යන්ත‍්‍ර තිබුණු පලියට වැඩකුත් නැහැ. ඒක ක‍්‍රියාත්මක කරන විදිය ගැනත් දැන ගන්න  ඕන. තව තවත් වෛද්‍යවරුන්ට මෙය පුහුණු කරන්න  ඕන. අපි දෙතුන් දෙනකු විතරක් මේක දැන ගෙන ඉදලා වැඩක් නැහැ. මේනිසාවෙන් මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට  එක්මෝ නැමැති (ECMO) හෘද හා පෙණහලූ යන්ත‍්‍රයක ආධාරක ක‍්‍රමය යටතේ මී උණ රෝගය වැළඳීමෙන්  දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ තරුණයකුගේ දිවි බේරාගැනීමට හැකිවුණා. 
වෛද්‍ය රිචඞ් පර්මන්ගේ හා වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍රගේ අධීක්ෂණය යටතේ මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය කළේ  කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය තුළදීය.
මී උණ රෝගීන් සඳහා මෙකී යාන්ත‍්‍රික ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිතා කළ හැකි බවට වෛද්‍ය ට්‍රෝලූ‍ෂා හරිස්චන්ද්‍ර උනන්දු කරවූයේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාලකය. එකදිනක් වෛද්‍යවරිය හමුවූ නාලක මෙසේ කීවේය. එක්මෝ ප‍්‍රතිකාර ක‍්‍රමය ගැන ඔයා දන්න බව අපි දන්නවා. ලංකාවේ මී උණ රෝගීන් විශාල වශයෙන් හමුවෙනවා. මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මී උණ වැළඳී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන් වෙනුවෙන් භාවිතා කරලා බලන්න. මේ අතරවාරයේ මී උණ වැළඳීමෙන් දැඩි ලෙස අසාධ්‍යව සිටි තරුණයකු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය.
 මෙම රෝගියා හුස්ම ගැනීම කළේ ඉතා අපහසුවෙනි. එම රෝගියාගේ රුධිරයේ හිමොග්ලෝබින් අඩු වී තිබුණි. හුස්ම ගැනීම සඳහා මෙම රෝගියාට ආධාරකයක් අවශ්‍ය විය. පසුව බටයක් දැමීමට වෛද්‍යවරු කටයුතු කළේය. පෙණහලූවලින් රුධිරය ගලා එන්නට විය. රෝගී තරුණයාගේ  පෙණහලූ දෙකම ලේවලින් පිරී තිබුණි. ඒ විතරක් නොව රුධිරයේ ඔක්සිජන් ප‍්‍රතිශතය සියයට 30 දක්වා අඩු වී තිබුණි. සාමාන්‍ය පුද්ගලයකුගේ රුධිරයේ ඔක්සිජන් ප‍්‍රතිශතය 100ක් තිබිය යුතුය. පසුව මෙම රෝගියාට බටයක් දමා ආධාරක යන්ත‍්‍රයකට සම්බන්ධ කරනු ලැබීය. එහෙත් රෝගියාගේ ඔක්සිජන් ප‍්‍රතිශතය 50ට වඩා වැඩිවූයේ නැත.  
පසුව බැලූ‍නයක් පුම්බ පුම්බා රෝගියාට හුස්ම ගැනීිමට සැලැස්වීමට වෛද්‍යවරුන් කටයුතු කළහ. එය පැය දෙකක්  පමණ කරනු ලැබීය. එයද සාර්ථක වූයේ නැත. පසුව මෙම රෝගියාට රුධිරය  දුන්නේය. රෝගියා යථා තත්ත්වයට පත්වූ විට ඔහු දැඩි සත්කාර ඒකකයේදී මැෂින් එකට සම්බන්ධ කළේය. නමුත් මැෂිමේ පීඩනයෙන් රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත්කරගැනීමට හැකිවූයේ නැත. ඒ වනවිට මෙම රෝගියාගේ පෙණහලූ දැඩි ලෙස නරක් වි තිබුණි. පසුව මෙකී රෝගියාගේ ජීවිතය බේරාගනු ලැබුවේ එක්මෝ ප‍්‍රතිකාර ක‍්‍රමය නිසාය. ඔහු කේ.පී.ජී. සුනෙත් ලසන්ත (27) නැමති ඇල්පිටිය පිටුවල ප‍්‍රදේශයේ තරුණයෙකි.‍
 මී උණ වැළඳුණ තරුණයාට ප‍්‍රතිකාර කිරීමට පෙර එක්මෝ යන්ත‍්‍රය දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බබෙකුට සම්බන්ධ කරලා තිබුණේ. ඒ බාබාගේ ජීවිතයත් බේරාගන්න  ඕන. මෙහිදී අපි ඉතා සරල ක‍්‍රමයක් අනුගමනය කළා. බබාගෙන් ගලවන්න පුළුවන් කොටසක් විතරක් ගලවා මී උණ වැළඳුණු රෝගියාට සම්බන්ධ කළා. මෙය සාමූහික ප‍්‍රතිකාර ක‍්‍රමයක් මෙය කි‍්‍රයාත්මක කිරීමේදී හදවත් ශල්‍ය වෛද්‍යවරයකුගේ සහය ඉතා අත්‍යවශ්‍ය වෙනවා. මේ යන්ත‍්‍රය ක‍්‍රියාකරවන්නත් දැනගෙන ඉන්න  ඕන. ඒ සඳහා දැඩි කැපකිරීමක් කරන්න වෛද්‍යවරුන්ට සිදුවෙනවා. සමහර විට දින ගණනාවක් නිදිවර්ජිතව ඉන්න වෙනවා. හදවත් බද්ධ කිරීමේදීත් මේ යන්ත‍්‍රය තබා ගැනීිම අවශ්‍ය වෙනවා. ඇතැම් වෙලාවට සැත්කම් කිරීමේදීත් මෙම යන්ත‍්‍රය අවශ්‍ය වෙනවා. යැයිද වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍ර කීවාය.
දැනට රටපුරා වංසගතයක් ලෙස පැතිරී යන ඩෙංගු රක්තපාත රෝගී තත්ත්වයකදී ඇතිවිය හැකි  හෘද හා පෙණහලූ සංකූලතා සඳහාද මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිතා කළ හැකියි. ඉදිරියේ  එය අත්හදා බැලීමට සූදානමක් තිබෙන බැව් විශේෂඥ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍ර පවසන්නීය.
මේ සඳහා ළමා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රධානී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා ගෙල්සෝ (gelso) සංවිධානයේ සභාපති කපිලාන විතානාරච්චිගේද සහයෝගය හිමිවී තිබේ. මීට අමතරව හෘද හා පෙණහලූ නිමේෂක අමිල බුද්ධිකගේ හා භෞතික චිකිත්සකවරුන්ගේ හදිසි ප‍්‍රතිකාර, වකුගඩු රෝග, සර්වංග රෝග, හෙද කණ්ඩායම් යන ඒකකවල හා හෙද හෙදියන්ගේ සහයෝගය හිමිවී ඇත.
 
මොකක්ද මේ එක්මෝ ප‍්‍රතිකාර ක‍්‍රමය? 
 
හදවත හා පෙණහලූ දැඩි ලෙස රෝගී වූ රෝගීන් වෙනුවෙන්  හෘද හා උරස් ශල්‍ය වෛද්‍යවරු භාවිත කරන ප‍්‍රතිකාර ක‍්‍රම දෙකකි. මින් එක්  ප‍්‍රතිකාරයක් වන්නේ හෘද හා පෙණහලූ බද්ධ කිරීමය. අනික් ක‍්‍රමය වන්නේ යාන්ති‍්‍රක හදවත් ආධාරක ක‍්‍රමයයි. එක්මෝ යනු  (ECMO) හෘද හා පෙණහලූ යාන්ත‍්‍රික ආධාරක ක‍්‍රමයකි. 
මෙය නවීන විද්‍යාත්මක ප‍්‍රතිකාර ක‍්‍රමයකි. මෙය මුල්වරට හඳුන්වාදී ඇත්තේ ඇමෙරිකාවේය. 
යම්කිසි රෝගියකුගේ හදවත හෝ පෙණහැල්ල එකවරම ක‍්‍රියාවිරහිත වුවහොත් මෙකී යාන්ත‍්‍රි‍ක ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිත කළ හැකිය. හදිසියේ ඇතිවන රෝගී තත්ත්වයක් නිසා හිටිහැටියේ හදවත හා පෙණහැල්ල  ක‍්‍රිියාවිරහිත වන රෝගීන්ට යළි ජීවිත දානය ලබාදීම සඳහා මෙම යාන්ත‍්‍රික ප‍්‍රතිකාර ක‍්‍රමය භාවිතා කරන්නේය. හදිසියේ යම් රෝගී තත්ත්වයක් ඇතිවී හදවත හෝ පෙණහැල්ල ක‍්‍රියා විරහිත වුවහොත් වෛද්‍යවරුන්ට එකවරම කිසිවක් කරගැනීමට නොහැකිය. සිරුරේ ඔක්සිජන් නැතිවුවහොත් අනිකුත් සෑම අවයවයක්ම මියයයි. එබැවින් එවැනි රෝගියෙකුට අනිකුත් ප‍්‍රතිකාර කරන තෙක් 
එක්මෝ මගින් කරනු ලබන්නේ තාවකාලිකව හදවත හා පෙණහලූ යළි පණගැන්වීම සඳහා යන්ත‍්‍රයක් ආධාරයෙන්  උදව් කිරීමයි. මෙය තාවකාලික ප‍්‍රතිකාර ක‍්‍රමයකි.
මැතකදී එක්මෝ ප‍්‍රතිකාර ක‍්‍රමය  ලොව පුරා ප‍්‍රචලිත විය. එයට එක් හේතුවක් තිබුණි. මැතකදී ලොවපුරා රටවල  ඉන්ෆ්ලූ‍වෙන්සා වෛරසය ශීඝ‍්‍රයෙන් ගැබිනි මව්වරුන් අතරේ පැතිරී ගියහ. එම උණ රෝගය වැළඳුණු ගැබිනි මව්වරුන් දහස් ගණනකට යළි ජීවිත දානය ලබාදීමට හැකිවූවේ එක්මෝ නමැති මෙම යාන්ති‍්‍රක ප‍්‍රතිකාර ක‍්‍රමයට පින්සිදුවන්නටය මෙකී යාන්ති‍්‍රක ප‍්‍රතිකාර ක‍්‍රමය එංගලන්තයට හඳුන්වා දීමට මුල්වූයේ  හෘද හා උරස් ශල්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිචඞ් පර්මන්ය.
 
ලලිත් ඕපාත

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන්‍යකට අනුබද්ධිත ශ්‍රීලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සාමාජීය සංවිධානය හෙවත්  සෙක්සා පදනම මගින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රීලංකා, ප්‍රංශ, වියට්නාම් , ලාඕස් ආදී පින්වතුන්ගේ ආධාරයෙන් හා 2017 ශ්‍රීලංකා දිනයෙහි ආධාර මුදල් ද සමගින් ගංවතුර හා නායයාම් වලින් විනාශයට පත්වූ පවුල් වෙනුවෙන් හා සියල්ල අහිමි වූ පුද්ගලයින් වෙනුවෙන් ආධාර බෙදාදීමේ වැඩසටහන් කීපයක් පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමිගේ මග පෙන්වීම යටතේ පසුගියදා සිදු කෙරිණි .

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නායයාම් හා ගංවතුර උවදුරින් අසරණවූ පවුල් වලට ආධාර දීම විහාරස්ථාන දෙකකදී සිදුකෙරිණි. රත්නපුර ලෙල්ලොපිටිය මුචලින්දාරාමයේ දී ගංවතුර හේතුවෙන් අසරණව විහාරස්ථානයේ අවතැන් කඳවුරේ රැඳීසිටි පවුල් 84 ක පිරිසකට ආධාර ලබාදීම වෙනුවෙන් වෙලන්ගල්ලේ අනුරුද්ධ හිමිපාණන් වෙත මුදල් රුපියල් ලක්ෂයක (100000) පරිත්‍යාගයක් ලබාදුන් අතර සවස් භාගයේ කලවාන ප්‍රදේශයේ  තිලකරත්නාරාම විහාරස්ථානයේ දී කැම්පනේ අනුරුද්ධ හිමි සංවිධානය කර තිබූ පවුල් 25 ට රුපියල් දසදහස බැගින්  මුදල් පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රංශයේ වාසය කරන  නිහාල් සුජාතා හේවාවළඳන යුවල, රැවන්සිරි රේණුකා විතානගේ  යුවල  සහ දයානන්ද හේවාවිතාරණ මහතාත් සහභාගි වූ අතර මෙම කටයුතු සම්බන්ධීකරණය කළ නීතා මොරගොඩ  මහත්මිය සහ ඔස්බන්ඩ් පීරිස් මහතාත් මේ අවස්ථාවට සහභාගි වූහ.

1987 සිට 1994 දක්වා කාලය තුළ මා උසස් අධ්‍යාපනය ලැබුවේ කියුබාවේදීය. ඒ මා ලද ශිෂ්‍යත්වයක් නිසාය. මේ නිසා කියුබාව ඩෙංගු මෙන්ම වෙනත් වසංගත රෝග මර්දනය කරන ආකාරය ප්‍රායෝගිකවම අත්දකින්නට මට හැකිවිය. 
කියුබාව 1977 වර්ෂයේ ඩෙංගු වසංගතයෙන් දැඩි පීඩා වින්දහ. එම වර්ෂයේ රෝගීන් 4,77,000 මුළු රටෙන්ම වාර්තා විය. එනම් විප්ලවයෙන් වසර 17කට පසුවය. විප්ලවයට පෙර දුප්පත් ජනතාවට රෝහල් පහසුකම් පවා නොතිබුණි. සියලු දේ උරුම වූයේ ධනපති පැලැන්තියට පමණි.
නමුත් විප්ලවයෙන් පසු සියලුම අමාත්‍යාංශවල ආයතනවල සැලකිය යුතු දියුණුවක් කළමනාකරණයක් ඇතිවූ අතර ග්‍රාමීය මට්ටමේ රෝහල් (සෑම ගමකටම ශික්ෂණ රෝහලක්) බදු සහන (Polyclinict) සහ සෑම පවුල් 120කටම වෛද්‍යවරුන් මුළු රට පුරාම ව්‍යාප්ත විය. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩාත් ශක්තිමත් විය. එමෙන්ම ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශ (Minsap) විශාල කාර්යභාරයක් ඉටුකරන්නට ඇපකැපවිණි. එක්දහස් නවසිය අසූ ගණන්වල ස්ථාපිත වූ පවු‍ලේ වෛද්‍යවරයා තමාට භාරවූ පවුල් 120 ගැන මනා අවබෝධයකින් පසුවිය.
සතියකට වතාවක් ඔහු / ඇය නිවෙස්වල චාරිකාවක යෙදේ. ඔහු / ඇයට අයත් ප්‍රදේශයේම දෙමහල් නිවසක් රජයෙන් ලබාදී ඇති අතර පහත මාලය සායනය සඳහා වෙන්විය. මේ ආකාරයට තම ප්‍රදේශයේ ජනතාව සමග සුහදශීලීව ජීවත්වීමටත්, නිසි අධීක්ෂණයක් කිරීමටත් මේ වෛද්‍යවරයාට අවකාශ සැලසේ.
1977 වර්ෂයේ ඩෙංගු වසංගතය රට පුරාම පැතිර යන්නට වත්ම කියුබානු රජය වහා ක්‍රියාත්මක විය. සියලුම රජයේ නිලධාරීන් අමාත්‍යාංශ මට්ටමින් මෙන්ම රාජ්‍ය නායකයා වූ ෆිදෙල් කැස්තේ‍රා් පවා මේ වෙනුවෙන් සිය උපරිම සහයෝගය දැක්වීය. කියුබානු ජනතාව තුළ උදේ‍යා්ගයක් ඇති කිරීමට විශාල ආකල්පමය වෙනසක් ඇති කිරීමට ඔවුන් තුළ ෆිදෙල් කෙරෙහි වූ විශ්වාසය, ආදරය හේතුවිය.
ඩෙංගු වෛරසය රැගෙන යන Aedan egepta (වාහකයා)ගේ වාස්ථාන විය හැකි ස්ථාන ඉලක්ක කොටගෙන මහා පරිමාණයේ වැඩසටහන් ක්‍රියාත්මක විය. මේ වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව (Primary Helthcare) විශාල කාර්ය භාරයක් හිමිවිය. එනමුත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සීමා වූ කාර්යයක් නොවීය. වෛද්‍යවරුන් මෙන්ම ඉංජිනේරුවන්, ගුරුවරු, ජීව විද්‍යාඥයන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම පාසල් සිසුන්ද එක් රොක් වී කණ්ඩායම් සැදී ශ්‍රමදානවල යෙදුණු අතර සතියකට වරක් තවත් කණ්ඩායම් රැසක් තම තමන්ට බෙදා දෙන නිවාස, ගෙවතු පමණක් නොව පාරවල් පවා පරීක්ෂා කිරීමට යෙදුණි. සිවිල් ආරක්ෂක බළකායක්ද නිර්මාණය කෙරුණි.
ප්‍රථමයෙන්ම සියලුම නිවෙස්වල වැහිපීලි ඉවත් කෙරිණ. අලුතින් ඉදිවන නිවෙස්වලටද වැහිපීලි නොයෙදෙන්නට විධිවිධාන සකස් කෙරුණි. මෙය එක් ප්‍රදේශයකට ආයතනයකට සීමා වූවක් නොවීය. මුළු රටටම එක සේ ‍පොදු විය.
එමෙන්ම කියුබානු ජනතාව මෙවැනි දේ මුළු රටේමත් තමාගේත් යහපත වෙනුවෙන් සතුටින් පිළිගත්හ. 
ඩෙංගු ව්‍යාප්තියට විශාල රුකුලක් වන කසළ කළමනාකරණය අද කියුබාවේ ඉතාමත් ක්‍රමානුකූල ලෙස සිදුකෙරේ. කසළ වර්ගීකරණය පිළිබඳ දැනුවත් කිරීම, දිනපතා රජය මගින් මේ අපද්‍රව්‍ය නිවෙස්වලින් රැගෙන යෑම නිසා එය ජනතාවට හිසරදයක් වී නැත. එමෙන්ම තවත් විශේෂත්වයක් නම් ප්ලාස්ටික්, ‍පොලිතින් කියුබාවේ ඇත්තේම නැති තරම්ය. අප අතීතයේ පාවිච්චි කළාක් මෙන් තවමත් ඔවුන් පාවිච්චි කරන්නේ Brown Paper bags ය. සිලිසිලි බෑග් ඇත්තේම නැත. Lunch sheet භාවිතයක් නැත. සියලුම කියුබානුවන්ට රැකියා ස්ථානයෙන් දිවා ආහාරය ලැබේ. දරුවන්ට පාසලෙන් ආහාරය ලැබේ. මේ නිසා කෑම පාර්සල් ඔතාගෙන යෑමක්ද නැත. ඉතින් කසළ කළමනාකරණය පහසු නොවන්නේද? 
ඩෙංගු වසංගතය රට ආක්‍රමණය කරන බවත් ඉන් වැළකීමට ගතයුතු ක්‍රියාමාර්ගයක් ගැන දැනුවත් කිරීමත් ආයතන මට්ටමින්, ගම් මට්ටමින්, නිවසින් නිවසට ගොස් නිලධාරීන් විසින් සිදුකරන ලදී. කියුබානු ජනතාව මේ කරුණු පිළිගත්හ. ඒ අනුව සිය ආකල්ප වර්ධනය කරගත්හ.
ෆිදෙල් ජනතාව ආමන්ත්‍රණය කළේ ආදරයෙනි. සෑම ප්‍රදේශයකම සිටින ඩෙංගු රෝගීන් ගණන යම් හෙයකින් ඩෙංගු රෝගයෙන් මරණයක් සිදුවුවහොත් ඒ ගැන සියලු විස්තර ඔහු සතුවිය. සියලු දේ ගැන ඔහු තත්වාකාරයෙන් දැනුවත් වීම ජනතාවට ඔහු කෙරෙහි විශ්වාසය තැබිමට රුකුලක් විය. 
මෙලෙස තම නිවස පමණක් නොව ගම, නගරය රටම පිරිසිදුව තබා ගැනීමේ වුවමනාව ඔවුන්ගේ මනසට කාවද්දන්නට ෆිදෙල් සමත්විය.
ප්‍රශ්නයක් ඇති වූ විට එහි හේතු මූලය සෙවීම කියුබානු රජයේ පිළිවෙතය.
කොතැනද වැරැද්ද සිදුවුණේ යන්න අධ්‍යයනය කොට එයට පිළියම් හැකි ඉක්මනින් යෙදවීම තුළින් මේ වසංගතය 1977 4,77,000 සිට 1980 වනවිට 169 දක්වා අඩුකර ගැනීමට හැකිවීම ඔවුන් ලද ජයග්‍රහණයකි.
1997 දී නැවත ඩෙංගු රක්තපාත රෝගය සන්තියාගෝ දෙ කියුබා (santhiago de cuba) නම් වූ පළාතේ පමණක් පැතිරුණු අතර මාස 2ක් වැනි කාලයකින් එය පාලනය විය. එබැවින් එය රට පුරාම පැතිරුණේ නැත. මේ වනවිට පවු‍ලේ වෛද්‍යවරයාගේ කාර්ය භාරය මෙන්ම ජාන තාක්ෂණ විද්‍යාව ඉතා දියුණු මට්ටමක විය. BTI බැක්ටීරියාවද මේ වනවිට ඔවුන් නිෂ්පාදනය කොට තිබුණි. එහි ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රබල මෙහෙවරක් ඉටුකරයි. ඔවුන් ඩෙංගු රෝගීන් ඇතත් නැතත් නිතරම ඒ ගැන අවධානයෙන් සිටිති. මේ නිසා වසරින් වසර රෝගීන් සංඛ්‍යාව අඩු කොටගෙන අවම කර ගැනීමට (2016 රෝගීන් වාර්තා වී නැත) කියුබාවට හැකිවී ඇත්තේ මේ නිසාය. 
ඔවුන්ගේ අප්‍රතිහත උත්සහයේ ප්‍රතිඵලයෙන් අප උගත යුතු දෑ බොහෝය. ඇද පළුඳු සොයමින් සිනහවට ලක් කිරීම පසෙකලා ඔවුන් ලද සංවර්ධනය හා ඔවුන් එය ළඟා කරගත්තේ කෙසේද යන්න විමසා බැලීම වටී.
වසරක් පාසා රෝගීන් අවම කර ගැනීමට ඔවුන් ආශ්චර්යයක් සිදුකළේ නැත. මූලිකවම සිදුවූයේ රජයෙන් නියම ආකාරයට සිදුකළ කසළ කළමනාකරණයයි. ඒ සමගම ඩෙංගු තිබෙන කාලසීමාවට පමණක් සීමා නොවී අධීක්ෂණ කටයුතු වසර පුරාම නිරන්තරයෙන් සිදුකෙරිණ. වසංගත සමයේ සතියෙන් සතියට සෑම නිවසක්ම (මුළු රටේම 100 නිවාස හා ගෙවතු මෙන්ම පාරවල්) පරීක්ෂා කෙරුණු අතර ඒ දිනවල එක් මදුරු කීටයකුට පෙසෝ 10 ගණනේ දඩ අය කිරීමක් සිදුවිණ. කල් යත්ම වසංගත තත්ත්වය සමනය වූ අතර ඉන්පසුවත් සෑම සති 2කට වරක්ම කණ්ඩායමක් විසින් සෑම නිවසක්ම අධීක්ෂණය කෙරුණි. (100) වසර කිහිපයකට පසු එම අධීක්ෂණය මසකට වරක් කිරීමට හැකිවිය. නමුත් අදටත් ඩෙංගු රෝගීන් අවම වී ඇතත් මසකට වරක් කෙරෙන අධීක්ෂණය එලෙසින්ම සිදුකෙරේ.
එමෙන්ම වසංගතය පැතිරුණු අවධියේ මුළු කියුබාවේම (100) නිවාසවලට දුම් ගැසීම සිදුකරන ලදී. මෙය දින 10න් 10ට ක්‍රමානුකූලව සිදුවූ ක්‍රියාවලියකි.
මේ දුම්ගැසීම නිවෙස් ඇතුළතටත් ගෙවතුවලටත් මෙන්ම අතුරු පාරවල් ප්‍රධාන පාරවල්වලද සිදුකෙරිණි. වසංගත තත්ත්වය තදින්ම තිබුණු කාලසීමාව තුළ දින 10න් 10ට සිදුකෙරුණු මෙම ක්‍රියාව මඳින් මඳ රෝගීන්ගේ ගණන අඩුවන විට දුම් ගසන කාල පරාසය වැඩිවිය. රෝගීන් අවම වූවත් දුම්ගැසීම මසකට වරක් හෝ දැනටත් සිදුකෙරේ.
එමෙන්ම ඩෙංගු වසංගතය මර්දනය කිරීමේදී අවධානය යොමු කෙරුණු තවත් කරුණක් වූයේ කාණු පද්ධතියයි. නිසි පිළිසකර 
කිරීම්, ශුද්ධ පවිත්‍ර කිරීම් රජයෙන් මෙන්ම ශ්‍රමදාන හරහා ජනතාවගෙන්ද ඉටුකෙරිණි. 
එදා මෙන්ම අදටත් කියුබාවේ වසංගත රෝග මර්දනය කිරීමෙහිලා පහත සඳහන් ත්‍රිත්වය ක්‍රියාත්මක කෙරේ. එය ඉතා වැදගත්ය. 
නිසි කළමනාකරණය (Organization)
විනය (Discipline)
ක්‍රියාකාරී ඒකකය (action unit)
මහල් නිවාසවල අධීක්ෂණ කටයුතු සඳහා වෙනමම පුද්ගලයකු සේවයේ යොදවා ඇත. මේ  නිවාසවල කසළ කළමනාකරණය, ජල අපවහනය, ජලය එකතු වන තැන් වේ නම් ඒ ගැන අධීක්ෂණ කටයුතු පිළිබඳ ඔහු රජයට වාර්තා සැපයිය යුතුය.
ඕනෑම කාර්යයක්, සිතුවිල්ලක් වෙනස් කිරීමකට භාජනය කිරීමේදී පසු විපරම් ඉතා වැදගත්ය. එහි වාර්තා රජයට ලබාදිය යුතුය. පෙර කී පරිදි මේ පසු විපරමද සතියකට වරක් වන අතර රෝගීන් අවම වුවද මසකට වරක් හෝ මේ අධීක්ෂණය කිරීම තුළින් රෝගය බෝවීම අවම කරනු ලැබේ.
අප රටේ නිවෙස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රතු නිවේදනය ලබාදුන් අයට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැතිකර එය එසේ කළ බවට නිවැසියන් විසින් ලිපියක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට භාරදීම සිදුකළද නිලධාරීන් විසින් පසු විපරමක් කරනවා නම් මෙය වඩාත් සාර්ථක වනු ඇත.
ඩෙංගු රෝගීන් වාර්තා වූ විට රෝහල්ගත කෙරෙන අතර මොවුන් සඳහා වෙනම වාට්ටු ඒ රෝහල්වල ඇත. (isolation) සියලුම රසායනාගාර සේවා නොමි‍ලේ සිදුකෙරෙන නිසා ජනතාවට සහනයකි. වසංගත සමයේදී කඩිනම් සේවාවක් ලබාදීමට සෞඛ්‍ය සේවකයන් නිලධාරීන් යොදවා ඇත.
දිනෙන් දින කියුබාවේ වෛද්‍ය විද්‍යාව ජාන තාක්ෂණ විද්‍යාව දියුණු වෙමින් පවතී. 2014 වර්ෂයේදී ඩෙංගු රෝගයට එන්නතක් සොයා ගැනුණි.
කියුබාවේ ප්‍රජා සෞඛ්‍ය සේවාව (Minsap) පවු‍ලේ වෛද්‍යවරයා, වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු, මෙන්ම ජීව විද්‍යාඥයන්, ජෛව තාක්ෂණවේදීන්, සිවිල් ආරක්ෂක කමිටුව, ප්‍රජාව මේ සියලු දෙනාගෙන්ම සමන්විත නිරන්තරයෙන් අධීක්ෂණ (OisiLance) කටයුතුවල නියැලෙන නිසා ඩෙංගු වසංගත තත්ත්වයන් මර්දනය කරගත හැකි වී ඇත. රජය මේ ගැන නිරන්තර අවධානයෙන් සිටී. මෙය ජාතික ප්‍රශ්නයක් මෙන්ම පෞද්ගලික ප්‍රශ්නයක් ලෙසද සලකා සියලුම ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම තුළින් ප්‍රායෝගික නිවාරණයක් කරා යෑමට ඔවුන්ට හැකිවී ඇත.
අපටද ඔවුන්ගෙන් උගත යුතු බොහෝ දේ ඇත. අප එයට නිහතමානී විය යුතුය. ඔවුන් අතර කිසිම භේදයක් නැත. ඔවුන් සියලු දෙනා කියුබානුවෝ පමණකි.
සමාජ ස්ථරණයක් නැත. ජාති ආගම් භේද නැත. මේ නිසා ඕනෑම ගැටලුවකට මුහුණ දීමට පහසුය.
 
වෛද්‍ය නිශා ප්‍රනාන්දු
 
ශ්‍රී ලාංකික වෛද්‍යවරියක්කි යුබාවේදී ලද අත්දැකීම් 

ලාෆ්ස් ගෑස් සමාගම විසින් බංග්ලාදේශයේ මෙහෙයුම් අරඹා වසර 02 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (13) පස්වරුවේ ඩකා අගනුවරදී පැවැත්වුණු විශේෂ ව්‍යාපාරික හමුවේප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

ලාෆ්ස්ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා විසින් මෙම හමුව සංවිධානයකර තිබූ අතර විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී  ශ්‍රී ලංකාවේආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා පිළිබද විශේෂ දේශනයක් පැවැත්වීය.

බංග්ලාදේශයේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාසහ තොරතුරු තාක්ෂණය පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ද ව්‍යාපාරික හමුව ඇමතූහ.



ඡායාරූප : සුදත් සිල්වා

අපි සැවොම සිහින දකින්නෝ වෙමු. මේ සිහින අතරින් අප සැබෑ කර ගැනීමට වඩාත් රුචි කරන සිහිනය වනුයේ ලක්ෂපතියෙකු වීමේ සිහිනයය. අතීතයේ එයට තිබූ හොඳම මෙන්ම පහසුම ක්‍රමය වූයේ ලොතරැයිපතක් මිලට ගෙන එය දිනුම් අදින තුරු සතියක් ඉවසා සිටීමය.
වර්තමානයේ දිනකට හය හත බැගින් දිනුම් අදිනා ලොතරැයිවලින් තරගයට මෙන් පිරිනමනා කෝටි ගණන් වන ත්‍යාග නිසා අද වන විට ලක්ෂපති සිහින දකින්නන් විරලය. අප බොහෝ දෙනකු දැන් දකින්නේ කෝටිපතියන් වීමේ සිහිනය. එහෙත් තවමත් ලක්ෂ ගණන් දිනන්නට සිහින දකින්නෝද වෙති. එවන් එක් පුද්ගලයෙකු පසුගිය ඉරිදා ලක්ෂපතියකු නොව විසිලක්ෂපතියකු වන්නට සමත් වූයේය. ඔහු ගාල්ලේ මෝක්ෂ මධුසංඛ ‍පොන්නම්පෙරුමය. 
මෝක්ෂ මධුසංඛ දෙමිලියනපතියකු වනුයේ අනුන් තේරූ තුණ්ඩුවකින් හෝ  ඉබේ උඩට එන ප්ලාස්ටික් පන්දුවකින් නොව තමා සතු නිසග බුද්ධි මහිමය නිසාය. ඒ ප්‍රකට රූපවාහිනී වැඩසටහනක් වන 'සිරස ලක්ෂපති' වැඩසටහනේ ප්‍රශ්න 15ටම නිවැරදි පිළිතුරු දීම මගිනි.
රටේම අවධානය දිනාගත් දැනුම මිනුම වැඩසටහනක් වන සිරස ලක්ෂපති තරගයට ඉදිරිපත් වන තරගකරුවන්ගෙන් බහුතරයකට එහි අවසන් ප්‍රශ්නය තෙක් පැමිණ රුපියල් මිලියන දෙක දිනා දෙමිලියනපතියන් වෙන්නේ නැත. ඇතැමුන් කඩඉම් ප්‍රශ්නයේදී එතෙක් දිනූ ත්‍යාගය රැගෙන තරගයෙන් ඉවත් වෙති. එහෙත් මෝක්ෂ මධුසංඛ සිය නැණ නුවණ පිළිබඳ බොහෝ විශ්වාස කළේය. මේ තරගයට නරඹන්නෙකු ලෙස එක්වූ දින සිට තරගයේ ප්‍රශ්න 15ටම නිවැරදි පිළිතුරුදී මිලියන දෙක දිනනතුරු මෝක්ෂ තුළ එකී විශ්වාසය නොනැසී තිබුණේය. බොහෝමයකට පැනගන්නට අසීරු කඩුල්ල පැනගන්නට ඔහු බලගැන්වූයේ එකී විශ්වාසයයි.
දැනුම මිනුම වැනි තරග  සඳහා වඩාත් උනන්දු වන්නේ පාසල් සිසුන්ය. එබැවින් දැන් බොහෝ දෙනකු සිතන්නේ මෝක්ෂ කුඩා කල සිට දැනුම මිනුම තරග සඳහා උනන්දු වූවෙකු බවය. එබැවින් අප මොක්ෂගේ පාසල් දිවිය ගැන  විමසා බැලුවෙමු.
මම ඉස්කෝල දෙකකට ගියා. එක වසරේ ගියේ ගොඩගම සුභාරතී විදුහලට. ඒත් අපේ තාත්තට ලැබුණු ස්ථාන මාරුවක් නිසා අපි ගාල්ලේ පදිංචි වුණා. දෙක වසරේ ඉඳන් මම යන්නේ ගාල්ලේ මහින්දෙට. දැනට මම පදිංචි ඇල්පිටියේ මෝක්ෂ පවසන පරිදි ඔහුගේ ජීවිතයේ බොහෝ දේ ඔහුට හිමිවනුයේ ගාල්ලේ මහින්දය නිසාය.
ඇත්තටම මහින්ද විද්‍යාලයට ඇතුල්වීම මට ලොකු වාසනාවක් වුණා. ජීවිතේ ගොඩක් දේවල් මං ගොඩනගා ගන්නේ මහින්දය නිසා. විනය තරගකාරීත්වය වගේ ගොඩක් දේවල් මට මහින්දෙන් පුහුණු වුණා. මෝක්ෂ කියන්නේය.
ස්ථිර ලෙසම මෝක්ෂ මධුසංඛ මහින්ද විද්‍යාලයේ දැනුම මිනුම පිල නියෝජනය කරන්නට ඇතැයි ඔබ සිතනවා ඇත. මේ ඒ පිළිබඳ ඔහුගේ පිළිතුරයි. 
මම දැනුම මිනුම  සාමාන්‍ය දැනුම වගේ තරග සඳහා උනන්දුවක් දැක්වූවා. ඒ වගේම තමයි මට සෑහෙන දැනුමක් තිබුණා. ඒත් මහින්ද විද්‍යාලයේ දැනුම මිනුම කණ්ඩායමට ඇතුල් වෙන්න. මගේ දැනුම ප්‍රමාණවත් වුණේ නෑ. ඒක පුංචි යුද්ධයක්.
මහින්දයේ දැනුම මිනුම කණ්ඩායම තෝරා ගන්නේ තරග විභාගයක් පවත්වාය. කණ්ඩායමට එක්වීමට අවශ්‍ය කරන උදවිය එකී තරග විභාගයට පෙනී සිට එය ඉහළින්ම ජයගත යුතු වන්නේමය.
මහින්ද විද්‍යාලයේ දැනුම මිනුම කණ්ඩායමට ඇතුල් වෙන්න තියෙන විභාගය මම දෙතුන් පාරක් ලීවා. ඒත් මට අවශ්‍ය ලකුණු මට්ටමට එන්න බැරිවුණා. මොකද ඒ විභාගය ආණ්ඩුවේ විභාගයකට වඩා තියුණුයි. හැම සිසුවෙකුම එක වගේ දක්ෂ නිසා තරගකාරීත්වය දරන්න බැරිතරම් ඉහළින් මෝක්ෂ මේ නොකියා කියන්නේ මහින්දයේ දැනුම මිනුම කණ්ඩායමේ තරාතිරම ගැනය.
විදුහ‍ලේ දැනුම මිනුම පිලට නොතේරුනද මෝක්ෂගේ ලෝකය පිළිබඳ කුතුහලය ඉන් නතර වූයේ නැත. ඔහු නිතර පත ‍පොත කියෙව්වේය. අද මෙන් එකල ගූගල් සෙවීම් යන්ත්‍ර හෝ විකිපීඩියා විද්‍යුත් විශ්ව කෝෂ තිබුණේ නැත. විදුසර, මිහිර වැනි පුවත්පත්ද, මුතුහර, සමුදුර වැනි සඟරාද මෝක්ෂගේ දැනුම පවස නිවාගන්නට බොහෝ උපකාරී විය. එහෙත් මෝක්ෂ කිසිම දිනක දැනුම සෙවීම සිය එකම විනෝදාංශය කර ගත්තේ නැත. එමෙන්ම ඔහු දවස පුරා ඒ පිළිබඳ වෙහෙසුණේද නැත.
මං ගොඩක් වුවමනාවෙන් කරේ ‍පෝතක බාලදක්ෂ කණ්ඩායම් වැඩ. මගේ දැනුම ගොඩක් වැඩි කරන්නට බාලදක්ෂ ව්‍යාපාරය හේතු වුණා. පාසල් වැඩ වගේම ඉඩකඩ තියෙන වෙලාවට ක්‍රීඩාත් කරා. මම මහින්දයේ බාස්කට් බෝල් පිලටත් මං ක්‍රීඩා කළා
මේ සියල්ල කරනතුර ඔහු දැනුම සොයා ගන්නටද අමතක නොකළේය. 
සැහැල්ලුවෙන් විනෝදයෙන් කටයුතු කරන අතරතුරු දකින කියන අලුත් දේවල් ඔහු සිය මනසේ පිළිවෙළට තැන්පත් කර ගත්තේය. සිරස ලක්ෂපති කිරුළ දිනාගන්නට ඔහු එලෙස පිළිවෙළට මතක ගබඩාවේ තැන්පත් කළ දේ නිසි පිළිවෙළට ලබා ගත්තේය.
මෝක්ෂට සිරස ලක්ෂපති තරගයේදී මුහුණදීමට සිදුවූ අසීරුතම ප්‍රශ්නය කුමක්දැයි මම විමසුවෙමි.
වඩාත් අභියෝගාත්මක ප්‍රශ්නය වනුයේ නායක්කාර් වංශිකයන්ගේ රජ පෙළපත උරුම වන ආකාරය ගැන ඇසූ ප්‍රශ්නයයි. එහි උත්තරය කිසිසේත් අප සිතන්නේ නෑ. නායක්කාර් වංශිකයන්ගේ රජකම රජුට පුතෙකු නැතිවිට බිරිඳගේ සොහොයුරාට උරුම වෙනවා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කිරුළ ඔහුගේ බිරියගේ සොහොයුරා (මස්සිනා) වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හිමිවනුයේ ඒ අනුවය. ඒ වගේම තමයි මම මුහුණදුන් අවසන් ප්‍රශ්නය සමකය ගමන් නොකරන්නේ කුමන රටකින්ද යන්නය. එයට පිළිතුරු දීමත් ‍ලේසි වුණේ නැ. දිල්ශාන් සිල්වා කියන මගේ මිතුරා තමයි මට යම් ඉඟියක් ලබා දුන්නේ අවසන් ප්‍රශ්නයට පිළිතුර ලෙස මෝක්ෂ ලබාදුන්නේ පැනමාව යන්නයි. ඒ පිළිතුර නිවැරදි බව ප්‍රශ්න විචාරක ප්‍රකාශ කරන්නට ගත වූ විනාඩි කිහිපය මෝක්ෂට දැනී ඇත්තේ ජීවිතේ දිගම  කාලය ලෙසිනි.
ලක්ෂපති කිරුළ දිනන්නට මෝක්ෂ් මධුසංක තරග කළේ තනිවම නොවේ. එහි සැලකිය යුතු බරක් ඔහුගේ සෙනෙහෙබර බිරිඳ මහේෂිකාද දැරුවාය. අවසන් දින දෙක තුනේ විවිධ ‍ලේඛන පරිශීලනය කරමින් මෝක්ෂ සිය දැනුම වර්ධනය කරගනිද්දී ඔහුගේ නිවසේ එදිනෙදා කටයුතු සියල්ල පැවැරුණේ මහේෂිකාගේ කනටය. ඈ ඒ සියල්ල ඉත සිතින් ඉටු කළාය. කුඩා පුතු ප්‍රභාෂිතටද කල්යත්ම තාත්තා බරපතළ දෙයකට කරගසා ඇති බව වැටහෙන්නට විය.
මෝක්ෂ් බාහිර උපකාර ලැබිය හැකි අවස්ථාවල පවා එසේ නොකර හිතුවක්කාර ලෙස තරග කිරීම මධුෂිකාගේ නොසතුටට හේතු වූ අවස්ථා බොහෝය. කෙසේ හෝ ඇයටද දැන් ඉතා හොඳ සාමාන්‍ය දැනුමක් හිමිව ඇත්තේය. ඉදිරියේදී 'නෝනාව' මෙවැනි තරගයකට යවන්නට අදහසක් නැතිදැයි මා ඔහුගෙන් විමසා සිටියෙමි. ඔව්, ඒක හොඳ අදහසක් මෝක්ෂ පැවැසුවේ සිනාසෙමිනි.
මෝක්ෂ් මධුසංඛ වෘත්තියෙන් බැංකු නිලධාරියෙකි. ඔහු දැනට හැටන් නැෂනල් බැංකුවේ මාතර ශාඛාවේ සේවය කරයි. පාසල් වියේ සිට ලද දැනුමෙන් මෝක්ෂ දෙමිලියනපතියකු වූවා පමණක් නොව රට සුපතළ චරිතයක්ද වී ඇත. දැන් රටේ බොහෝ දෙනකුට ඔහු පිළිබඳ ඇති ප්‍රශ්නය මේ ලියුම්කරුටද ඇතිවී ඇත්තේය. 
මේ තෑග්ගට මොකද කරන්නේ යැයි මම ඔහුගෙන් විමසා සිටියේ එබැවිනි.
තරගය ආරම්භයේදීම මම කීවා මහින්ද විද්‍යාලයට මූල්‍ය පරිත්‍යාගයක් කරන බව. මුලින්ම ඒක කරනවා. ඉතුරු මුදලින් ගේ හදාගන්නත් අනාගත ආයෝජනයක් කරන්නත් බලා‍පොරොත්තු වෙනවා මෝක්ෂ පවසන්නේය.
තමුන්ට පෙර පාසල සිහිවූයේ ඇයි දැයි මා ඔහුගේ විමසා සිටියේය. මේ ඔක්කොම මට ලැබුණේ මහින්දේ නිසානේ.
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු 

Page 1 of 4

IMAGE

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 198

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 1861

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 1413

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1128

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 676

අත්තනගලු ඔයේ මාළුන්ට දන්සලක් (Video)

IMAGE 2017 Aug 14 12:58
ලක් ඉතිහාසයේ එදා මෙදා තුර වාර්තා වන සුවිසල්ම දානය සිරිසඟබෝ රජතුමා විසින් පිරිනමන ලද්දකි. ඒ...
Views - 2029

Please publish modules in offcanvas position.