Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මහින්ද-ඇමැති හමුවේ රහස් හෙළිවේ

සුපුරුදු පරිදි මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා උදෑසන ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඩෙංගු 
මර්දනය ගැන කැබිනට් මණ්ඩලයේ වැඩි අවධානයක් යොමුවී තිබුණේය. ඩෙංගු මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැමිණි නියෝජිතයන් ඩෙංගු ගැන කැබිනට් ඇමැතිවරු දැනුවත් කළහ. ඔවුන්ගේ පැහැදිලි කිරීමෙන් පසුව ඇමැතිවරු ප්‍රශ්න ඇසූ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයෝ ඒවාට උත්තර දුන්හ.
“ඩෙංගු රෝගය තුරන් කිරීමට සියලුම මන්ත්‍රීවරු තමන්ගේ ගම්බිම්වලට ගිහින් වෛද්‍යවරුන්ගේ සහභාගිත්වය ඇතිව ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන. ඇමැතිවරු ඒ සඳහා පෙරමුණ ගන්න” මෛත්‍රී ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.
දූෂණ විරෝධී කමිටු ‍ලේකම් කාර්යාලයේ කාලය දීර්ඝ කිරීම ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහය. 
“දූෂණ විරෝධී කමිටු ‍ලේකම් කාර්යාලය මාස හයකට දික් කරමු” රනිල් යෝජනා කළේය.
“දැන් දූෂණ විරෝධී කමිටු ‍ලේකම් කාර්යාලය දීර්ඝ කිරිමේ අවශ්‍යතාවක් නෑ” මෛත්‍රීගේ අදහස විය. එහෙත් දයාසිරි ජයසේකර අදහස් දැක්වූයේ දූෂණ විරෝධී කමිටු ‍ලේකම් කාර්යාලයේ කාලය දීර්ඝ කළ යුතු බවට පක්ෂවය. එහෙත් මෛත්‍රීගේ ස්ථාවරයේ වෙනසක් නොවීය.
“දූෂණ වංචා සෙවීම සඳහා ආයතන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා. මූල්‍ය අපරාධ කොට්ඨාසය තිබෙනවා. ඒ ආයතනවලට පරීක්ෂණ කරන්න පුළුවන්. ඒ නිසා දූෂණ විරෝධී කමිටු ‍ලේකම් කාර්යාලය ඉදිරියට පවත්වාගෙන යා යුතු නැහැ. දැන් මේ කමිටු කාර්යාලයට ලැබි තිබෙන පැමිණිලි ‍පොලිස්පතිවරයාට ලබාදෙන්න. ඊට පස්සේ වහලා දාන්න”මෛත්‍රී අවසානයේදී කීවේය.
 
 මෛත්‍රීගෙන් සංවේදී කතාවක් 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයාගේ පැජට් පාරේ නිවසට එන්නැයි දැනුම්දී තිබුණේ මේ සතිය මුලදීය. ඒ අනුව බදාදා රාත්‍රී අට වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පැජට් පාරේ නිවසට පැමිණියේ ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන අවධානය යොමු කිරීම මේ සාකච්ඡාවේ අරමුණක් වී තිබූ නිසාය. 
මෛත්‍රී පැමිණීමෙන් පසුව ආරම්භවූ සාකච්ඡාවේදී මුලින්ම අවධානය යොමුවූයේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය ගැනය. මෙවර සංවත්සරය රත්නපුරයේදී පැවැත්වීම ගැන සාකච්ඡාව අතර සියල්ලෝම එයට එකඟත්වය දැක්වීය.
“සමහර මැති ඇමැතිවරු ආණ්ඩුවෙන් යන්න ඕන කියලා අදහස් දක්වනවා. මේවා ගැන අපි විවෘතව කතා කරමු. මේ ගැන තියෙන අදහස් කියන්න” මෛත්‍රී මන්ත්‍රීවරුන්ට කතා කිරීමට වේදිකාවක් සකසා දුන්නේය.
“සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම අවසන් වෙන නිසා ඊට පස්සේ අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන. අපි ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණයක් අනුවයි. දැන් තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුවේ ඉන්න එක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ලොකු ප්‍රශ්නයක්. මේ විදියට ගියොත් ඊළඟ මැතිවරණයේදී අපි පැරදෙනවා. ආණ්ඩුවෙන් අයින්වෙලා අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයාට උදව්කරන ගමන් ආණ්ඩුවේ වැරදි නිවැරදි කරගනිමු. මේ වෙලාවේ ආණ්ඩුවෙන් යන එක තමයි හොඳ” ජෝන් සෙනෙවිරත්න යෝජනා කළේ විනාඩි පහළොවක පමණ කතාවක් කරමිනි.
“මහින්ද , ගෝඨා, බැසිල්, චමල්, මේ හැමෝම දැන් ඉවරයි. මේ අය උත්සාහ ගන්නේ නාමල්ව ගේන්න මිසක් රටට දෙයක් කරන්න නමෛයි. මේවා මෙයාලා රටට ආදරේට කරන දේවල් නමෛයි. දැන් මිනිස්සු මේ අය එක්ක නෑ. කවදාවත් මහින්දට ආයෙමත් දිනන්න බෑ. ඒ හින්දා අපි මේවාට කලබල වෙන්නේ නැතිව කටයුතු කරන්න ඕන” එස්.බි.දිසානායක ඇමැතිවරයා ජෝන්ගේ අදහසට විරුද්ධ අදහස් ඉදිරිපත් කළේය.
“අපි හැමවෙලාවේම කණ්ඩාමක් විදියට තීරණ ගන්න ඕන. රවිගෙන් මුදල් අමාත්‍යාංශය ගලවලා මංගලට ඒක දීපු එකත් ලොකු ජයග්‍රහණයක්. හෙට අනිද්දා බැඳුම්කර වංචාව හෙළි වුණාට පස්සේ ආණ්ඩුවට යන්න බැරි තත්ත්වයක් ඇති වුණාම ජනාධිපතිතුමා ශක්තිමත් කරන එක තමයි අපි කළ යුතු වෙන්නේ” මහින්ද සමරසිංහ කීවේය.
“කවුරු මොනවා කිව්වත් මහින්ද මහත්තයට ගෝඨාභයට මේ රටේ මිනිස්සු ඉන්නවා. අපි මේ වෙලාවේ කිරලා මැනලා තීන්දුවක් ගන්න ඕන” ඩිලාන් පෙරේරා අදහස් දැක්වූවේය.
“ඕව වැඩක් නෑ. යන කෙනෙක්ට යන්න කියලා අපේ වැඩ අපි කරගෙන යමු” සරත් අමුණුගම කීවේය.
“අපි තනි තනියෙන් තීන්දු අරගෙන වැඩ කරන්න ඕන නැහැ. කණ්ඩායමක් විදියට තමයි වැඩ කරන්න ඕන. අපි යනවා නම් හැමෝම එකට යන්න ඕන. ඉන්නවා නම් එකට ඉන්න ඕන. මේකෙන් යන එක නමෛයි වැඩේ. අපි ඇතුළේ ඉඳගෙන වැඩ කරන එක තමයි වෙන්න ඕන” ඩිලාන් කීවේය.
“දෙසැම්බර් මාසය වෙන තෙක් අපිට කල් තියෙනවානේ. දෙසැම්බර් වනතුරු ආණ්ඩුවේ ඉඳලා ඊට පස්සේ මොකද කරන්නේ කියන තීරණය ගනිමු” මෛත්‍රී අවසානයේදී කළ අදහස් දැක්වීමට සියල්ලෝම එකඟවූහ.
මේ අතර මැති ඇමැතිවරුන්ට ඇති අඩුපාඩු ගැනත් අවධානය යොමුවිය. විශේෂයෙන්ම නියෝජ්‍ය ඇමැතිවරුන්ට ඇති අඩුපාඩු ගැනත් අවධානය යොමුවිය.
 
මැකෝට ඇඳි ඇමැති 
 
අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාගේ නැන්දනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු ඔහුගේ නිවසට ගියේ මේ රැස්වීමෙන් පසුවය. මහින්ද අමරවීර, දුලිප් විජේසේකර, මනූෂ නානායක්කාර අවමඟුුල් නිවසට ගියේ එකටය. ඒ වන විට ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිවරයාද එහිවිය. ඔවුන් ගොස් ටික වේලාවකින් රනිල් වික්‍රමසිංහ  එහි පැමිණියේ සාගල රත්නායක ඇමැතිවරයා සමගය.
“ආ... මැතිවරණ කොමසාරිස්තුමා කොහොමද” රනිල් ලසන්තගෙන් ඇසුවේ කවුරුත් සිනා ගන්වමිනි. ලසන්ත අලගියවන්න පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ආණ්ඩුව උනන්දු කරවීම නිසා රනිල් එසේ කියා තිබුණේය.
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සෙනසුරාදා අනුරාධපුරයට ගියේ රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණය කළ වැලිමළුව ජනතා අයිතියට පත් කර සංඝාවාසයකට මුල් ගල් තැබිමටය. ඊට පෙර රනිල් අටමස්ථානාධිපති පල්‍ලේගම සිරිනිවාස හිමියන් හා සාරානන්ද පරිවේනාධිපති ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් මුණගැසී ආශිර්වාද ලබාගත්තේය. 
රුවන්වැලි සෑයේ වැලි මළුව විවෘත කිරීමෙන් පසුව රනිල් ඇතිවී තිබෙන තත්ත්වයන් ගැන අවධානය යොමු කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති තැන වෙනස් කිරීමට යනවාය යන අදහස භික්ෂූවහන්සේලාගේ සිත් තුළ පැවති අතර රනිල් ඒවාටද උත්තර දුන්නේය.
“තමන්ගේ විරුද්ධවාදියෙකුට දළදා මාලිගාවේ පූජාවක් තැබිමට ඉඩදුන්න නිසා මල්වතු පාර්ශ්වය කඩා නව නිකායක් හදන බවට ඒ නායක හාමුදුරුවන්ට තර්ජනය කළේ කවුද? දළදාවට බෝම්බ ගහනවා කියලා කිව්වේ කවුද? අටමස්ථානාධිපතිට හොරෙන් රුවන්වැලි සෑයට වඩා උස දාගැබක් හදන්න ගියේ කවුද? මහසෙන් රජ්ජුරුවෝ මහා විහාරයට සතුරුකම් කළෙත් මේ විදියටම තමයි. අන්තිමට අටමස්ථාන නායක හාමුදුරුවන්ගෙනුයි, මල්වතු නායක හාමුදුරුවන්ගෙනුයි බිම දිගාවෙලා සමාව ඉල්ලුවොත් හොඳයි. එහෙම නැතිනම් සංඝ භේදය ඇති කළා කියලා ආනන්තරීය පාපකර්මයක් කරගත්තා වෙනවා” රනිල් කීවේ මේ දිනවල ඇතිවන තත්ත්වයන් ගැන අදහස් දක්වමිනි.
 
කුණු ප්‍රශ්නයට බාල්දියක් 
 
බ්‍රහස්පතින්දා උදෑසනම රනිල් ගෝල්ෆේස් හෝටලයට ගියේ නීතියට හා සාමයට අදාළ සාක් කලාපීය ඇමැතිවරුන්ගේ සැසිවාරයේ සමාරම්භක සැසිය ඇමතීමටය. එතැන සිට රනිල් ආවේ හිල්ටන් හෝටලයටය. ඒ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවට එක්වීමටය. රනිල් එහි එන විටත් වැඩමුළුව ආරම්භ වී තිබුණේය. එක්සත් ජාතික පක්ෂ මහ ‍ලේකම් කබිර් හෂීම් වැඩමුළුව ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය පසුගිය දිනවල කර ඇති වැඩසටහන් ගැන පැහැදිලි කිරීමක් කරමිනි.
මේ වැඩමුළුවට ඇමැතිවරුන්ට අමතරව වෘත්තිකයෝ කිහිප දෙනෙක්ද පැමිණ සිටියේය. ඒ විවිධ කරුණු ගැන දැනුවත් කිරීමටය. ණය ලබාදීමේ වැඩසටහන් ගැන දැනුවත් කිරීමට බැංකු නිලධාරියෙක් පැමිණ සිටි අතර අතුරුදන්වූවන්ගේ පනත ගැන දැනුවත් කිරීමට පැමිණ සිටියේ නීතිඥයෙකි. 
මේ අතර මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූයේ දූෂණ විරෝධී කමිටු කාර්යාලය අහෝසි කිරීම ගැනය.
“දූෂණ විරෝධී කමිටු කාර්යාලය පටන් ගන්න විට දූෂණ වංචා සෙවීමට විශාල වැඩපිළිවෙළක් රටේ තිබුණේ නෑ. දැන් මේ කාර්යාලය හරහා එෆ්.සී.අයි.ඩී. එක හා ජනාධිපති කොමිසමත් ක්‍රියාත්මකයි. ඒත් දූෂණ මර්දන කාර්යාලය තැපැල් පෙට්ටියක් විතරයි. ඒ වෙනුවට බලතල ඇති බරපතළ වංචා කාර්යාලයක් අරිනවා. මුදල් සම්බන්ධ අපරාධත් ඒ යටතට වැටෙනවා. නීතිපතිගේ උපදෙස් මත අලුත් පනතක් ගේනවා. ඒකට කෙළින්ම පැමිණිලි කරන්න පුළුවන්. එතකොට ඒ එයම විභාග කරාවි” රනිල් පැහැදිලි කළේය.
දඹුල්ල පන්සලයි, ආණඩුවයි කැත්තට ‍පොල්ල වගේ වැඩ කරන එක හරි නැහැ” විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා ආණ්ඩුව හා දඹුල්ල විහාරය අතර ඇති වී තිබෙන ගැටුම ගැන අදහස් දැක්වූවේය.
මේ අතර පාඨලී චම්පික රණවක ඇමැතිවරයා නැගී සිටිමින් කුණු ප්‍රශ්නයට ලබාදුන් විසඳුම් ගැන අදහස් දැක්වූවේය. කුණු ප්‍රශ්නයට විසඳුම් ගැනීම සඳහා සම්මත කරගෙන ඇති කැබිනට් පත්‍රිකාව ගැනත් පාඨලී කරුණු දැක්වූවේය.
“කොළඹ තිබෙන කුණු පුත්තලමේ අරුවක්කාළුවලට අරගෙන යනවා. දවසකට ටොන් එක්දහස් දෙසීයක් අරගෙන යනවා. කෝච්චිය දෙවරක් අරුවක්කාළුවලට යනවා. එක කෝච්චියක කුණු ටොන් 600ක් අරගෙන යනවා. මේ කුණු විද්‍යාත්මක ක්‍රමයක් අනුව තමයි අරගෙන යන්නේ. විද්‍යාත්මක ක්‍රමයක් අනුව අපි ටැංකි හදලා තමයි අරගෙන යන්නේ” පාඨලී පැහැදිලි කළේය.
එහෙත් පාලිත රංගේ බණ්ඩාර ඇමැතිවරයා එයට කැමැති වූයේ නැත. ඔහු පුත්තලටම කුණු රැගෙන එනවාට විරුද්ධය.
“හැම කුණු ගොඩක්ම එන්නේ පුත්තලමට. අනික් තැන්වලට එපා කියන දේවල් තමයි පුත්තලමට අරගෙන එන්නේ. මුලින්ම නොරොච්චෝ‍ලේ විදුලි බලාගාරය අරගෙන ආවා. අනික් හැමතැනකටම මේක එපා කිව්වට පස්සේ පුත්තලමට අරගෙන ආවා. දැන් ගල් අඟුරුවලින් එන අළු නිසා අපේ දිස්ත්‍රික්කයේ ජනතාව පීඩාවට පත්වෙනවා. ඒ විතරක් නමෛයි අනික් තැන්වලින් එපා කියපු යකඩ උණු කරන කොම්පැනියකුත් පුත්තලමට ගේන්න හදනවා” රංගේ බණ්ඩාර විරෝධය දැක්වූවේය.
මේ අතර ආණ්ඩුවේ වැඩ කටයුතු ජනතාව අතට නොයෑම ගැන මන්ත්‍රීවරුන්ගෙන් මැසිවිල්ලක් මතුවිය.
“අපි කොච්චර වැඩ කරත් වැඩක් නෑ. ඒ වැඩ ගැන ගමේ ඉන්න ජනතාව දන්නේ නෑ. මේකට වැඩපිළිවෙළක් අවශ්‍යයි” මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට රැකියා ලබාදීමට ඇති අවස්ථාවන් ගැනත් අවධානය යොමුවිය. ඉඳුනිල් අමරසේන මන්ත්‍රීවරයා රාජ්‍ය බැංකුවලින් එක්සත් ජාතික පාක්ෂිකයින්ට රැකියා ලබා ගැනීමට ඇති දුෂ්කරතාවය ගැන අදහස් දක්වන්නට විය.
“එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න අය රාජ්‍ය බැංකුවල සභාපති ධුර දරනවා. ඒත් අපිට බැංකුවක රස්සාවක් දෙන්න විදියක් නෑ. අපිට සලකන්නේ නෑ”ඉඳුනිල් අමරසේන කීවේ ආවේගයකින් යුතුවය.
මේ සියල්ල අසා සිටි රනිල් අවසානයේදී අදහස් දක්වන්න විය. ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයින් ගැනත් අවධානයෙන් සිටි රනිල් මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේ ආණ්ඩුව විවේචනය නොකරමින් කටයුතු කරන ලෙසය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසට ආණ්ඩුවේ ඇමැති ධුර දරන අරුන්දික ප්‍රනාන්දු, ටී.බි. ඒකනායක සහ ඩුලිප් විජේසේකර පැමිණියේ ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීමටය. මහින්දගේ නිල නිවසේ සාකච්ඡා සඳහා සවස වේලාවක් වෙන් කරගත්තද මාධ්‍ය මගින් ඒ තොරතුරු හෙළිදරව්වීම නිසා වෙනත් තැනක සාකච්ඡාව පැවැත්වීම ගැන අවධානය යොමුවුවත් අවසන් මොහොතේදී තීරණය කෙරුණේ මහින්දගේ නිල නිවසේම සාකච්ඡාව පැවැත්වීමටය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාද එහි පැමිණ සිටියේය.
“අගෝස්තු මාසයේදී සහයෝගිතා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තිබෙන ගිවිසුම අවසන් වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න අපි එකතු වෙන්න ඕන” නියෝජ්‍ය ඇමැතිවරු අදහස් දැක්වූහ.
“කලබල වෙන්න එපා. අපි මේ ගැන බලමු”මහින්ද කීවේ දීර්ඝ දේශපාලන සංවාදයකින් පසුවය. එහිදී මහින්දගේ දායකත්වය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවයක් ඇතිකරගැනීමට නොහැකිව නියෝජ්‍ය ඇමැතිවරු ආපසු පිටත්ව ආහ.
ජල සම්පාදන හා ජලාපවහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී දිනේෂ් ගුණවර්ධන ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහු ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණේ පසුගිය සඳුදාය. කොමිසමට යාමට පෙර දිනේෂ්, ජී.එල්. පීරිස් හිටපු ඇමැතිවරයා සහ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා ඇල්‍ලේ ගුණවංශ හිමියන්ගේ ධර්මායතනයේදී හමුවූයේ එහි නීතිමය තත්ත්වය ගැන අවධානය යොමු කිරීමටය.
දිනේෂ් ජනාධිපති කොමිසමට කැඳවා ඇති බව මහින්ද දැනගත්තේ විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට අවිස්සාවේල්ල බලා ගමන් කරමින් සිටින අතරවාරයේදීය. ඔහුට තොරතුරු ලැබෙන විට ඔහු ගමන් ගත් වාහනය පාර්ලිමේන්තුව පසුකළා පමණි. 
“අපි හරවාගෙන බි.එම්.අයි.සී. එච් එකට යමු” වහාම වාහනය හරවන්නැයි දැනුම් දුන් මහින්ද මඟුල් ගෙදර යාම මදකට ප්‍රමාද කර දිනේෂ් බැලීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණියේය.
“මට මඟුල් ගෙදරක යන්න තියෙද්දී තමයි දිනේෂ් බලන්න ආවේ” මහින්ද කීවේය.
“සර් මඟුල් ගෙදර යන්න. අපි මේ ටික බලාගන්නම්” දිනේෂ් කීවේ මහින්දට ස්තුති කරමිනි.
මේ අතර ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවට කැඳවා තිබුණේ බදාදාය. අධිකරණයට ඉදිරිපත් කරන සිය සොහායුරා බැලීමට මහින්ද ද පැමිණ සිටියේය. 
 
අමරවීරගෙන් ගෝඨාට ඇමතුමක්
 
ගෝඨා අත්අඩංගුවට ගත යුතු බවට මහින්ද අමරවීර ඇමැතිවරයා නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් සමග පැවැසූ බව මහින්දගේ කනටත් ගෝඨාගේ කනටත් වැටී තිබුණේය. ඒ සමගින් ගෝඨාත් මහින්ද අමරවීරට උත්තර දුන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේය. එහෙත් අමරවීර එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු තැනක පළවී තිබුණේ නැත. මාධ්‍ය හමුවේ මේ ගැන කතාබහට ලක්වන විට අමරවීර ගෝඨාට දුරකථන ඇමතුමක් දුන්නේය.
“ඇයි ඔබතුමා මට මේ වගේ දෙයක් කළේ” අමරවීර ඇසුවේ ගෝඨා ඒ වන විටත් මාධ්‍ය හමුවේදී අමරවීර විවේචනය කරමින් තිබූ නිසාය.
“ඒක මටත් ආපු කතාවක්. මම අයිමත් ඒක චෙක් කරල බලන්නම්. මහින්ද මහත්තයාට කතා කරල තමයි ඇමැතිතුමා කිව්වා කියන කතාව කියලා තියෙන්නේ” ගෝඨා අමරවීරට කීවේය.
ඔවුන් දෙදෙනා දුරකථන සංවාදය නිමා කළේ ඇතිවී තිබෙන තත්ත්වයන් ගැන කතා කිරීමෙන්ද පසුවය.
මේ අතර පසුගිය සතියේදී ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ උත්සවකට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිවරු හමුවූහ. කතානායක කරු ජයසූරිය, විජේදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, රාජිත සේනාරත්න මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද පැමිණ සිටිය.
මොකක්ද අර ඇමැතිතුමා ගෝඨාභය මහත්තයා ගැන කිව්ව කතාවඑහි සිටි පියල් නිශාන්ත මන්ත්‍රීවරයා ඇසුවේය.
ඒක වැරදි කතාවක්. මම ගෝඨාභය මහත්තයාට කතා කරලා කිව්වා. කවුරුහරි එතුමා නොමග යවලා තියෙනවාඅමරවීර කීවේය.
 
රනිල්ගේ නියෝජිතයා නායක හිමිවරු හමුවට
 
මේ දිනවල ආණ්ඩුව හා විහාරස්ථාන අතර කිසියම් මතභේදයක් ඇතිවී තිබෙන්නේ දඹුල්ල විහාරස්ථානය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත නිසාය. අස්ගිරි හා මල්වතු නායක හිමිවරු හමුවීමට ආණ්ඩුවේ නියෝජිතයෙක් පිටත් කර යැවීම රනිල් තීරණය කළේ ඇතිවෙමින් තිබෙන තත්ත්වය එතරම් සුභදායක නොවන බව තේරුම්ගෙන සිටි නිසාය. ඒ අනුව වජිර අබේවර්ධන ඇමැතිවරයා මල්වතු හා අස්ගිරි නායක හිමිවරු හමුවීමට ගියේය. රටේ මේ වන විට ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන ගැන අදහස් දැක්වූ වජිර අගමැතිවරයාට කතා කිරීමට අවශ්‍යවී ඇති බව අස්ගිරි මල්වතු නායක හිමිවරුන්ට දැන්වූහ. ඒ අනුව වජිරගේ දුරකථනයෙන්ම උන්වහන්සේලාට කතා කිරීමට රනිල්ට ඇමතුමක් ගත්තේය.
“හාමුදුරුවනේ මේ වන විට රටේ විශාල වැඩ කොටසක් සිදුවෙනවා. ව්‍යවස්ථා සංශෝධනයේදී බුද්ධාගමට ඇති තැන වෙනස් වෙන්නේ නෑ” රනිල් රටේ දේශපාලන තත්ත්වය ගැන මහනායක හිමිවරු දැනුවත් කළේය.
මේ අතර රනිල් අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාට උපදෙස් දී තිබුණේ අස්ගිරි නායක හිමිවරුන් හමුවී සාකච්ඡා කරන ලෙසය. ඒ දඹුල්ල විහාරය සම්බන්ධයෙන් වන තත්ත්වයට මැදිහත්ව සිටියේ අකිල නිසාය.  ඒ අනුව සිකුරාදා උදෑසන අස්ගිරි නායක හිමිවරු හමුවූ අකිල කාරක සංඝ සභාවේ හිමිවරුද හමුවූහ.
 
ජවිපෙ කසළ බඳුන් ඉල්ලයි
 
ඩෙංගු රෝගය උත්සන්න වන විට ජනතා විමුක්ති පෙරමුණ ඒ ගැන අවධානය යොමුකර තිබූ අතර රතු තරුව එක්ව දින දෙකක ශ්‍රමදානයක් සංවිධානය කළේ ඒ නිසාය. ඔවුන්ගේ තෝරාගැනීම වූයේ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමය.ඒ අනුව තෝරගත් පාසල් දෙසීයක් පිරිසිදු කළේය. කැලණියේ විදුහලක පැවැති ශ්‍රමදානයේදී විජිත හේරත් මන්ත්‍රීවරයා ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
“ඩෙංගු මර්දනයේ පළමු පියවර වෙන්නේ කසළ බැහැර කිරීම විධිමත් කිරීමයි. විධිමත් කසළ කළමනාකරණය කරන්න ඕන. ඒකට පාසල් ළමුන්ට ‍පොඩි කාලයේදීම පුරුදු කරන්න ඕන. විධිමත් කසළ කළමනාකරණයක් සහිතව කසළ බැහැර කිරීම පාසලින් ආරම්භ කරමු. පාසල්වලට කසළ බදුන් දෙක ගානේ දෙන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලනවා. ආණ්ඩුවට මේක කරන්න බැරිනම් ව්‍යාපාරිකයන්ට ඒක කරන්න කියලා මම ඉල්ලනවා. එහෙම වුණොත් අපේ දරුවන්ට ‍පොලිතීන්, වීදුරු, දිරන ද්‍රව්‍ය විදියට කසළ වෙන් කරන්න පුළුවන්” විජිත ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කළේය.
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

පිරිමින්ට වඩා කාන්තාවන්ට වේදනා දරා ගන්න පුළුවන්ද?

IMAGE 2017 Sep 26 10:26
අපි හිතාගෙන ඉන්නෙ පිරිමි අය ශක්තිමත් නිසා මානසික සහ කායික වේදනාවන් කාන්තාවන්ට වඩා වැඩියෙන්...
Views - 243

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 871

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 1134

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 791

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 7170

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 3346

Please publish modules in offcanvas position.