lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

රවිගේ පනතට දයාසිරිගෙන් බාල්දි

පසුගිය සතියේ දේශපාලන ලෝකයේ උණුසුම් පුවත් මැවුවේ කඩිනමින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇතැයි  පැතිරී ගිය ආරංචියය. ඒ කතාවට තටු ලැබුණේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සිකුරාදා සවස ජනාධිපති නිල නිවසේදී පැවැති සාකච්ඡාව නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මේ සාකච්ඡාවට මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ද සිල්වා එක්ව සිටියහ. එජාපය වෙනුවෙන් රනිල් සමග කබිර් හෂීම්, තලතා අතුකෝරළ එක්ව සිටියහ.
එහිදී අවධානය යොමුවූයේ විවිධ අමාත්‍යාංශ අතර ඇතිවී තිබෙන ගැටුම් වෙතය. කැබිනට් ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු අතර ඇතිවී තිබෙන අර්බුද ගැනත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එම ගැටුම් නිරාකරණය කරගෙන ඉදිරියට යා යුතු බව මෛත්‍රීගේත් රනිල්ගේත් ස්ථාවරය විය.
ආණ්ඩුව කොතරම් හොඳ දේවල් කරනවාද? ඒත් ඒවා ගැන ජනමාධ්‍යයෙන් වැඩි ප්‍රචාරයක් ලැබෙන්නේ නෑ. අපි වැඩ කරන විදියට ප්‍රචාරයක් නොලැබිම ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයිශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි ඇමැතිවරු කියන්නට වූහ. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු ඒ ගැන වැඩි අදහසක් දැක්වීමට ගියේ නැත. අදහස් දැක්වීමේ වගකීම රනිල්ටම පවරා ඔවුහු බලා සිටින්නට වූහ.
ජනාධිපතිතුමයි මමයි කියන දේ ඇමැතිවරු කරනවා කියලා කියනවා. ඒත් සමහර ඇමැතිවරු තම තමන්ට අවශ්‍ය දේවල් කරනවා. ඒ වගේ දේවල් ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන රනිල් කීවේය.
ඒවා නිවැරදි වෙන්න ඕනමෛත්‍රීද පැවසුවේය.
අපි සහයෝගිතා ආණ්ඩුව හදන වෙලාවේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර එකඟතාවයක් ඇතිවෙලා තිබුණානේ. තීරණාත්මක අවස්ථාවේදී එක් කැබිනට් සංශෝධනයක් විතරක් කරනවා කියලා එකඟතාවයක් ඇතිවුණා. මේ වෙලාව තීරණාත්මක වෙලාවක් නම් අපි කැබිනට් සංශෝධනය කරමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු යෝජනා කළහ. එහෙත් ඒ ගැන අවසන් එකඟතාවක් ඇති කරගැනීමට හැකියාව ලැබුණේ නැත.
ලබන සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එක් කරගෙන ඒකාබද්ධව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පවත්වනවා. එහිදී අපිට තිබෙන ගැටලු ගැන සාකච්ඡා කරන්න පුළුවන් මෛත්‍රී කීවේ සාකච්ඡාව අවසන් කරමිනි.

කිරි - පැණි ලැබෙන නිලධාරීන්

ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ සඳුදා රාත්‍රියේය. රාත්‍රී අටවන විට කණ්ඩායම් රැස්වීම ආරම්භ වන බව ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාටම දැනුම්දී තිබුණත් රාත්‍රී අටට රැස්වීම ආරම්භවූයේ නැත. රැස්වීම ආරම්භවීමට පෙර සියලු දෙනාට රාත්‍රී ආහාරය සූදානම් කර තිබුණේය. මැති ඇමැතිවරු පැමිණ රාත්‍රී ආහාරය ගත්තද ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එහි නොවීය. ඔවුන් දෙදෙනාම සිටියේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ඉහළමාලයේය. ඒ ඔවුන් දෙදෙනා පමණක් සහභාගීවූ රහස් සාකච්ඡාවකට එක්වෙමිනි. පැයක් පමණ යනතුරුත් ඔවුන් දෙදෙනා රැස්වීම පැවැත්වන පහළ මාලයේ ශාලාවට පැමිණියේ නැත.
අද අපිට මෙතැන කන්න දීලා ලොක්කෝ දෙන්නා උඩට ගිහින් ඉන්නවා. මේ දෙන්නා මෙච්චර පරක්කු වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා තමයි. අද නම් ෂුවර් එකට කැබිනට් සංශෝධනයක් තියෙනවාම තමයි. ඒක තමයි මේ දෙන්නා රැස්වීමට එන්න පරක්කු වෙන්නේ අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ තැනින් තැන සිටි මැති ඇමැතිවරු අතරට යමිනි.
මෛත්‍රී රනිල් අතර පැවති සතර කන් මන්ත්‍රණය අවසන් කර කණ්ඩායම් රැස්වීම ආරම්භ කිරීමට පැමිණියේ රාත්‍රී නමයට පමණය. සාකච්ඡාව ආරම්භ කළේ සතියට නියමිත පාර්ලිමේන්තු වැඩ කටයුතු ගැන අවධානය යොමු කරමින්ය.
දැන් කතා කරන්න වෙනත් දේවල් තිබෙනවාද මෛත්‍රී ඇසුවේ සතියේ පාර්ලිමේන්තු වැඩකටයුතු ගැන කතාබහ අවසන්වීමෙන් පසුවය.
දැන් තමයි නියම සම්මුතිවාදය ආරම්භවෙලා තිබෙන්නේ රවි කරුණානායක ඇමැතිවරයා කීවේය.
මේ වගේ රැස්වීම් හැම මාසයකම තියනවාද දයා ගමගේ ඇසුවේය.
අවශ්‍ය වෙලාවට විතරක් තියමු. නැතිනම් පක්ෂ දෙකේ දේශපාලන රහස් කවලම් වෙලා ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් එයට උත්තරදුන්නේ රනිල්ය.
මේ වගේ සාමූහික රැස්වීම් නිසා විනයකුත් ඇතිවේවි. කැමරාවක් දැක්කාම කටට එන හැම දේම නොකියා ඉන්නත් සමහරු උත්සාහ ගනීවිවජිරත් කතාවට එක්විය.
ඉන් පසුව නැගී සිටියේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාය.
අධ්‍යාපන අමාත්‍යාංශය හොඳ වැඩ කරනවා. රෝයල් එකට ළමයි දාන්න හදපු වෙලාවේ කරපු වැඩේ හොඳයි. ඒත් ජාතික පාසල් අධ්‍යක්ෂවරයා ගැන තව විවේචනයක් තියෙනවා. බුද්ධික පතිරණ කීවේය.
ඕක ඉතිං රංජන්ට කිව්වානම් හරි. රංජන් ප්‍රශ්නය විසඳාවි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේ මැති ඇමැතිවරුන්ගේ සිනා හඬ මැදය.
ඒ ගැන හොයලා බලලා මට පැහැදිලිව තොරතුරු දෙන්න මෛත්‍රී කීවේ එම සිද්ධිය ගැන බැරෑරුම්ව ගනිමිනි.
ඉන්පසුව නැගී සිටියේ ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයාය. ඔහු කීවේ නිතරම පාර්ලිමේන්තුවේදී ඔහුට අත්විඳීමට සිදුවන හිරිහැරයක් ගැනය.
හැමදාම ඌව පළාත් සභාවේ මහ ඇමැති ගැන චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රශ්න අහනවා. මේක ඉවරයක් කරන්න කියලා මහින්ද අමරවීර ඇමැතිතුමාත් කියලා තිබුණා. ඒත් ඒවා අහන්නේ නැතිව දිගටම ප්‍රශ්න අහනවා. මේකේ ඉවරයක් නෑ. හැමදාම ඉන්නේ ප්‍රශ්නයක් අහන්න බලාගෙනයි ෆයිසර් කීවේය.
මේක පුද්ගලික ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්නයක් නමෛයිඑතැන සිටි තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.
එහෙම එකක් නෑ තවත් මන්ත්‍රීවරයෙක් පැවැසුවේය.
එතැන දේශපාලන ප්‍රශ්නයක් නමෛයි තියෙන්නේ. පුද්ගලික ප්‍රශ්නයක් නිසා තමයි ඔය වගේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ නිමල් සිරිපාලද සිල්වා තමන්ගේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු අතර ඇතිවී තිබෙන අර්බුදය පැහැදිලි කළේය.
එහෙනම් අගමැතිතුමා එක්ක ඔය අය කතා කරලා ඔය ප්‍රශ්නය විසඳගන්න පාර්ලිමේන්තුවේ ගැටලු විසඳාගැනීමේ වගකීම මෛත්‍රී රනිල්ට පැවරුවේය.
අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොළඹ කුණු දැන් අපේ පැත්තට ගේන්න හදනවා සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ කීවේ නෝක්කාඩු ස්වරයෙනි.
එතැනට කුණු ගේන්නේ නෑ. එතැන කුණු ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑරනිල් කීවේ තරමක් තද ස්වරයෙනි.
මේකට විරුද්ධ වෙන අය කරුණු දන්නේ නැතිව තමයි මේකට විරුද්ධ වුණේ. කලින් හර්ෂණ රාජකරුණාත් කිරිඳිවැලට කුණු අරගෙන එනවාට විරුද්ධ වුණා. එයත් කරුණු දැනගෙන හිටියේ නැහැ මෛත්‍රී කීවේය.
මේකට ව්‍යාපෘති වාර්තාවක් තියෙනවා. ව්‍යාපෘති වාර්තාව අනුව තමයි කටයුතු කරන්නේ රනිල් පැවැසුවේය.
ඉන් පසුව අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා නැගී සිටිමින් යමක් කියන්න උත්සාහ ගත්තේය.
අජිත් ඔයා වාඩිවෙන්න. ඔයාට මෙතැන තියෙන ප්‍රශ්නය තේරෙන්නේ නෑනේ. කුණු කියන්නේ ජාතික ප්‍රශ්නයක්. ඒකට උත්තර හොයන්න ගියාම විරුද්ධ වෙන්න එපාරනිල් තදින් කියන විට අජිත් මාන්නප්පෙරුම කිසිවක් නොකියා අසුන්ගත්තේය.
මටත් කතා කරන්න ඕන කියමින් රංජන් නැගිට්ටේය.
මොකද මොකද මෛත්‍රී ඇසුවේ කට කොනින් සිනාසෙමිනි.
පස් ප්‍රශ්නයක් තියෙනවා. මැටි කපන විටත් වැලි කපන විටත් ග්‍රාමසේවකලාට පැමිණිලි කරනවා. දැන් ඉන්න ග්‍රාමසේවකට ටිපර් හතරක් තියෙනවා. පස් ටිපර් පන්දාහක් කපන්න කියපු තැන ටිපර් හැටදාහක් කපලා තියෙනවා. මෙතැනත් පරිසරය විනාශ කරන අය ඉන්නවා රංජන් කීවේය.
සේරටම එහෙම කියන්න එපා. නම් කියන්න දයාසිරි ජයසේකර රංජන්ට කීවේ චෝදනා නිශ්චිතව කරන ලෙස පවසමිනි.
ඕන නම් මම නම් කියන්නම් රංජන් කීවේය.
නම් කියන්න ඕන නෑ. කනින් පෙන්වන්න මන්ත්‍රීවරු හඬ නගන්නට වූහ.
ඔයාගේ සේරම වැඩ හොඳයි. ඒත් මේකෙන් මෙයාගේ වරද. මේක කරන්නේ නැතිව හිටියානම් ඉවරයි නේ මෛත්‍රී කීවේ එක් අතක් කනට තබාගෙන ජංගම දුරකථනයකින් කතා කරන ආකාරය අභිනයෙන් පෙන්වමිනි.
ඉන්පසුව විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා වතුර ප්‍රශ්නයක් ගැන කියන්න විය. ඔහු වතුර ප්‍රශ්නය මතු කළේ දෙවැනි වතාවටය.
විජේදාස වාඩිවෙන්න. වෙන කෙනෙක්ට කතා කරන්න අවස්ථාව දෙන්නරනිල් විජේදාසට අසුන්ගන්න යැයි කීවේය.
රාත්‍රී දහයයි තිහ පමණ වන තෙක් කණ්ඩායම් රැස්වීම තිබුණත් ඇමැති මණ්ඩල සංශෝධනයක් ගැන කිසිවක් කතා නොකිරීමට සියල්ලෝම වගබලාගත්හ.
රංජන්ට කෝල් දෙනවා නම් පරිස්සමින්. දවසක් මම ඔය මිනිහට වෙන ෆෝන් එකකින් කෝල් එකක් ගන්න ගිහින් දවසක් මටත් කුණුහරුප කියනවා. මම වැඩිය කතා කරන්නේ නැතිව ෆෝන් එක තිව්වාමෛත්‍රී රැස්වීම අවසන් කර යන අතරවාරයේදී කීවේ සිය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ‍ලේකම් මියුරු භාෂිත සමගය.


චමල් අරලියගහ මැදුරට

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රාජපක්ෂ පවු‍ලේ සාමාජිකයින් හා ආණ්ඩුවේ මැති ඇමැතිවරු අතර පසුගිය දිනවල පැවැතියේ විරසක තත්ත්වයකි. ආණ්ඩුව සමග අනෙක්
රාජපක්ෂවරුන්ට වඩා සමීපව කටයුතු කළ චමල් රාජපක්ෂ පවා මේ විරසකය නිසා පසුගිය දිනවල ආණ්ඩුවේ කටයුතුලට සහභාගි වූයේ නැත. එහෙත් පසුගිය සතියේදී චමල් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු සමග එක මේසයකට ආවේය.  ඒ හම්බන්තොට වරායේ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද අමරවීර, පැමිණ සිටි අතර එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම හා සාගල රත්නායක පැමිණ සිටියේය.
හම්බන්තොට වරායේ සංවර්ධන වැඩ කටයුතු ජනතාවට පීඩාවක් නොවන ආකාරයට කළ යුතු වෙනවා සාගල යෝජනා කළේය.
පසුගිය ආණ්ඩුව කාලයේදී හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත කලාපයකට ඉඩම් වෙන් කරගත්තා. ඒවායින් ඉඩම් කොටසක් නිරවුල් කරගත්තා චමල් පැහැදිලි කළේය.
මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට ජනතාවට අවම බලපෑමක් වන අන්දමට ක්‍රියාත්මක කරන්න ඕන. ජනතාව පදිංචිවෙලා සිටින තැන්වලින් ඉඩම් ලබාගන්නවා නම් ඔවුන්ට හොඳ ගෙවල් ලබාදෙන්න ඕන මහින්ද අමරවීර යෝජනා කළේය.
දැනට පවරාගෙන ඇති ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා දෙන්න. ඉදිරියේදී තවත් ඉඩම් අවශ්‍ය වුණොත් ඒවා අරගනිමු. එහෙම වුණොත් දැනට ඔවුන් ඉන්න නිවාස වලට වඩා හොඳ නිවාස අපි ලබාදෙමු චමල් යෝජනාවක් ගෙන ආවේය.
ජනතාවට පීඩාවක් නොවන ආකාරයට අනෙක් ව්‍යාපෘති ආරම්භ කරමුසජිත් පැවැසුවේය.
අපේ මේ සාකච්ඡා ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්න ඕන. ඒ වගේම මේවාට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වත් එකතු කරගෙන අපි මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. ඒ වගේම ජනතාවට සිදුවන පීඩාව අවම වන ආකාරයට අනෙක් ව්‍යාපෘති ආරම්භ කරමු සියල්ලෝම එකඟවූයේ හම්බන්තොට සංවර්ධන කටයුතු ගැටලුවකින් තොරව ඉදිරියට ගෙන යාමේ මාර්ගයක් විවෘත කරගැනීමේ අවස්ථාව ගැන සිතා බලමිනි.

මෛත්‍රී පසුගිය සති අන්තයේ ‍පොළොන්නරුවට ගියේ තමන්ගේ පවු‍ලේ ඥාතීන් කිහිපදෙනෙකු හමුවීමටය. ‍පොළොන්නරුවේ කිසිම දේශපාලනඥයෙක් ඔහු සමග නොගියත් තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඔහු සමග විය. තමන් කුඩා කාලයේ සිටි  ලක්ෂ උයනේ නිවසට ගිය ඔහු එහි සිට තමන්ගේ කුඩා කාලය සිහිපත් කළේය.
දිවා ආහාරය ගැනීමට ඔහු ගියේ තමන්ගේ ඥාතියෙකුගේ නිවසටය. නිවසට යන විට නිවස වටා විශාල තාප්පයක් ඉදිකර තිබුණේය. එම තාප්පය ඉදිකර තිබුණේ මෛත්‍රීගේ බාල සහෝදරයාය.
මේ අය ලොකුවට තාප්ප ගහගෙන ඉන්නවා. පිස්සු වැඩනේ කරන්නේ. මේවත් නිකං කොන්ක්‍රීට් වනාන්තර කරන්න හදනවාමෛත්‍රී තමන්ගේ බාල සොයුරාට බැණ වදින්න විය. මෛත්‍රී කියන විට සියල්ලෝම නිහඬව බලා සිටියහ.
ඉස්සර මේවායේ තාප්ප තිබුණේ නෑ. එක එක ජාතියේ ගස් හිටුවලා තිබුණේ. දැන් ඒ ගස් කපලා තාප්ප බැඳලා කියමින් මෛත්‍රී සිය සහෝදරයාට දිගටම දෝෂාරෝපණය කරන්න විය.
එතැන සිටි මෛත්‍රී ගියේ ලක්ෂ උයන දුම්රිය ස්ථානය වෙතය. දුම්රිය ස්ථානය වෙතට ගොස් එහි තත්ත්වය බැලූ මෛත්‍රී ඒ කාලයේ සිට තිබූ ළිඳක් බැලීමටද ගියේය.

රවිගෙන් බදු පනතක්

මේ සතියේ සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ අඟහරුවාදා උදෑසනය. රවි කරුණානායක ඇමැතිවරයා ආදායම් බදු පනත සංශෝධනය කිරීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මේ පනතට විරෝධය දක්වා තිබියදී ඔවුන් සමගත් සාකච්ඡා නොකර පනත ඉදිරිපත් කර තිබුණේය. මීට පෙර ඔහු මැකෙන්සි නම් පුද්ගලික සමාගමකට ආදායම් බදු එකතු කිරීම පැවරීමට උත්සාහ ගැනීම නිසා ඔහුගේ පනත ගැන කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු සිටියේ තරමක සැකයෙන් යුතුවය.
මහින්දටයි ඒකාබද්ධ විපක්ෂයටයි ආයුධ දෙන්න එපා. අපිව විනාශ කරන්න හදන්න එපා. අන්තිමට මේවා ඇදලා දාගෙන අපිටමයි ගහන්නේ. වැට් එක ගේන වෙලාවේත් මේ වගේ ප්‍රශ්න ඇතිවුණා. ලොතරැයියේ මිල රුපියල් විස්සේ ඉඳලා තිහට වැඩි කරලා ලොතරැයි විකුණන අය පාරට බැස්සා. සතියක් විතර ඒ අය විරෝධය දැක්වූවට  පස්සේ තමයි උත්තර හොයන්නේ. අපිටත් මේවාට උදව් කරන්න පුළුවන්. හැබැයි ඒවා කරන ක්‍රමයක් තියෙනවා. සාකච්ඡා කරලා මේවා ඉදිරිපත් කරන්න. එහෙම වුණොත් අපිට උදව් කරන්න පුළුවන්. මේ ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක කතා කරන්න. එයාල හිතාගෙන ඉන්නේ මේ පනත නිසා ආදායම් බදු දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය වෙනවාය කියලයිදයාසිරි කීවේ වේගවත්වය.
ඔබතුමාගේ අයියත් මේකේ ඉන්නවානේරවි දයාසිරිට උත්තර දෙන්න නැගිට්ටේය.
එයා අපිටත් කතා කරලා මේවාට බණිනවා. ඒ කවුරුවත් කියන ඒවා ඔයා අහන්නේ නැහැ කියලා තමයි අයියා කිව්වේ. ඒ නිසා අයියා දැන් ඔයා එක්ක කතා කරන්නේත් නැහැනේදයාසිරි වේගවත්ව කියන විට කතාවට මැදිහත්වුනේ රනිල්ය.
අපි මේක ගැන කතා කරමු. සති දෙකක් කල් දෙන්න. අපි කතා කරලා මේක කැබිනට් එකට ඉදිරිපත් කරමුකැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්නා ලෙස රනිල් කීවේය.
මේ අතර සහල් මිල පාලනය ගැනත් කැබිනට්ටුවේ කතා බහ ඇතිවිය.
හාල් මිල වැඩියි. ඒක පාලනය කරන්න ඕන. හාල් මිල වැඩිවෙන කොට සමහර අය මගේ නමත් ඒකට ඈදා ගත්තා. හාල් මිල වැඩි කරන්න බැරි වෙන විදියට මිල පාලනයක් දාන්න මෛත්‍රී උපදෙස් දුන්නේය.

නිදහසට නිවාඩු ගිය මහින්ද

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩානාරයක 64 වැනි නිදහස් සමරුවට සහභාගි වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට සහභාගි වූයේ නැත. නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවූ මහින්ද සිය පවු‍ලේ සාමාජිකයින් සමග කුරුණෑගල බලා පිටත්ව ගියේය. ඒ කුරුණෑගල පැවැති නිදහස් සැමරුම් උත්සවයකට සහභාගිවී පුත්තලමට ගොස් නිවාඩුවක් ගත කිරීමටය. මහින්ද සමග ශිරන්ති, නාමල්, යෝෂිත හා රෝහිතද විය. මහින්ද කොළඹ සිට කුරුණෑගල බලා පිටත්ව ගියේ තනිවමය. කුරුණෑගල පැවැති උත්සව අවසන් කර ඔහු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ සහෝදරයකුගේ විවාහ මංගල උත්සවයකට රාත්‍රියේදී සහභාගි විය. එම විවාහ මංගල උත්සවයට මුස්ලිම් ජාතිකයින් තුන්දහසක් පමණ පැමිණ සිටි අතර බොහෝ දෙනෙක් මහින්ද අසලටම පැමිණ කතා කළෝය.

එය අවසන් කර මහින්ද පුත්තලමට ගියේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සමගය. පුත්තලමේ නිවාඩුවක් ගත කරන ලෙස මහින්දට ආරාධනා කර තිබුණේද සනත්ය. ඔහු කියා තිබුණේ සියලුම පහසුකම් තමන් සපයන බවය.
සර්ට හැමදාම එන්න කියලා කියන්නේ ඡන්ද වලටනේ. මේ පාරනම් මම එන්න කිව්වේ නිවාඩුවක් ගත කරන්න යැයි මහින්ද සමග පුත්තලමට යන අතරවාරයේදී සනත් නිශාන්ත කීවේය. මහින්ද හා සනත් පුත්තලමේ අනන්තය හෝටලයට යන විට ශිරන්ති රාජපක්ෂත්, නාමල්, යෝෂිත හා රෝහිත කොළඹ සිට පුත්තලමට පැමිණ සිටියහ. ඒ අතර තවත් පවුල් කිහිපයක්ද විය. ඒ ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයාගේ පවු‍ලේ සාමාජිකයින් හා ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාගේ පවු‍ලේ සාමාජිකයින්ය. සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ පවු‍ලේ සාමාජිකයින්ද එහි වූයේ දේශපාලන පවුල්වල නිවාඩුවක් ලෙස එය සංවිධානය කර තිබිම නිසාය.
සනත් නියෝමාල්ටයි දයාශ්‍රිත තිසේරටයි ඇවිත් මම හමුවෙන්න කියන්න පසුදා උදෑසනම මහින්ද සනත්ට වැඩක් පැවරුවේය. ඒ අනුව ඔවුහු  දෙදෙනා අනන්තය හෝටලයට පැමිණියහ.
සර්, අපේ දිස්ත්‍රික්කයේ සංවිධායකයින් හය දෙනෙක් ඉන්නවා. මම ගිය පාර කිසිම ආසන සංවිධායක කමක් නැතිව ඡන්දේ කරලා දිස්ත්‍රික්කෙන් පළමුවෙනියාට ආවා. අපේ ආසන සංවිධායකයින් හය දෙනාට දිස්ත්‍රික්කය බාරදෙන්න. ඒ අයට අලුතින් හදන පක්ෂයේ ආසනයක් ලැබෙන එකක් නැහැ කියලා හිතන නිසා තමයි ඒ අය පස්ස ගහන්නේ. මට ආසනයක් ඕන නෑ. අනික් අයට ආසන ටික දෙන්න සනත් නිශාන්ත කීවේය.
ඒ අනුව තමන් හමුවට පැමිණි අයට දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු කරන ලෙස මහින්ද උපදෙස් දීමටද අමතක කර තිබුණේ නැත. මහින්දට තේ වේලක් දීමට අවස්ථාව දෙන්නැයි පළාත් සභා මන්ත්‍රීවරයෙක් සනත්ගෙන් ඉල්ලා තිබුණේය. සනත් ඔහුට කියා තිබුණේ තේ නොව දිවා ආහාරය සූදානම් කරන ලෙසය. ඒ අනුව පිරිසම එම මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් දිවා ආහාරය ගත්තේය.
අයියේ ඔයා අද හවසට තේ ලෑස්ති කරන්නසනත් කීවේ නියෝමාල් පෙරේරාටය. නියෝමාල්ගේ ගෙදරට මහින්ද යන විට ප්‍රියංකර ජයරත්නටත් එහි එන්නැයි පණිවුඩයක් යවා තිබුණේය.
ප්‍රියංකර ඔයා ඇවිත් අපිත් එක්ක වැඩ කරන්න මහින්ද ආරාධනා කළේය.
අලුතෙන් එන්න දෙයක් නෑ. මම කොහොමත් සර් එක්ක ඉන්නවානේප්‍රියංකරත් උත්තර දුන්නේය.
ඒකත් ඇත්ත තමයි. ප්‍රියංකර කොහොමත් අපිත් එක්කනේ ඉන්නේමහින්ද සිනාසෙමින්ම උත්තර දුන්නේය. පැය භාගයක් පමණ නිවසේ සිටි මහින්ද ගියේ කල්පිටියේ මොහොට්ටි දූපතටය. කල්පිටියේ සිට කිලෝමීටර දොළහක් පමණ ඈතින් පිහිටි මොහොට්ටි දූපතට මේ දිනවල ෆෝ වීල් වර්ගේ වාහනයකින් යා හැකිය. ඒ වැලි කඳු ගොඩ ගැසීම නිසාය. මොහොට්ටි දූපතේ ඇති 'ඩච් බේ' හෝටලයට මහින්ද ඇතුළු පිරිස ගියේ වාහන වලිනි. ඔවුන් වැලි කඳු මතින් යන අතරවාරයේදී ධීවරයින් පිරිසක් හමුවිය.
සර් මෙතැන බහින්න එපා. ආරක්ෂාව මදිමහින්ද වාහනයෙන් බැසීමට උත්සාහ ගන්නා විට ආරක්ෂකයින් බාධා කළහ.
මම හිටපු ධීවර ඇමැති. මම ගිහින් මේ අය හමුවෙනවා කියමින් මහින්ද ඔවුන් හමුවට ගොස් කතා බස් කළේය.  එදින රාත්‍රියේ
ඩච් බේ හෝටලයේ සිටින අතරවාරයේදී මහින්ද හමුවීමට පුත්තලමේ තවත් දේශපාලනඥයෝ පිරිසක් පැමිණියෝය.
පසුදා උදෑසන මහින්ද ඩොල්ෆින් මසුන් බැලීමට ගියේය. ඩොල්ෆින් මසුන් බලන අතරවාරයේදී තවත් ධීවරයින් පිරිසක් ඔහුට හමුවිය.
පසුදා යළිත් කල්පිටියට පැමිණි මහින්ද කොළඹ ආවේ එදින සවස රොහාන් වැලිවිට ලියූ ‍පොතක් එළිදැක්වීමේ උත්සවයට පැමිණීමට තිබූ නිසාය.

අයියා - මලෝ ගැටුම්

උඩුගම්‍පොල සති‍පොළ විවෘත කිරීමට නියමිතව තිබුණේ සෙනසුරාදා දිනයේය. එහෙත් සති ‍පොළ විවෘත කිරීමේ සමරු ඵලකයේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ නම තිබුණේ නැත. තමන්ගේ නම සමරු ඵලකයේ නැති බව දැනගත් ඔහු ඉසුර දේවප්‍රිය මහ ඇමැතිවරයාට ඇමතුමක් දුන්නේය.
සමරු ඵලකයේ මගේ නමත් නැහැ. ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමාගේ නමත් නැහැප්‍රසන්න එයට විරෝධය දැක්වූවේය.
ඒ සමරු ඵලකයේ වරදක් තිබෙනවා නම් ඒක නිවැරදි කරලා අලුත් සමරු ඵලකයක් සවි කරන්නඉසුර ප්‍රසන්නට කීවේය. ඒ අනුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් අලුත් සමරු ඵලකයක් සවි කිරීමට සිකුරාදා උදෑසනම ආවේය. එහෙත් රුවන් රණතුංගගේ කණ්ඩායමක් එතැනට පැමිණ සමරු ඵලකය සවිකිරීමට විරෝධය දක්වන්න විය. ඒ වන විට පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් සමග නිවසේ සිටි ප්‍රසන්නට මේ ගැන ආරංචි විය. ඔහු එහි යන විට රුවන්ගේ නියෝජිතයෝ විරෝධය දක්වමින් සිටියහ.
අලුත් සමරු ඵලකය හයි කරන්න. ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් නැති සමරු ඵලකයක් මෙතැනට එපාප්‍රසන්න විරෝධය දැක්වූවේය. එහෙත් රුවන්ගේ කණ්ඩායමද එතැනට වී විරෝධය දක්වන්නට විය.
ගිහින් ඔයාලගේ ලොක්කට එන්න කියනවා ප්‍රසන්න තදින් කීවේය. ප්‍රසන්නට කේන්ති ගොස් සිටින බව දැනගත් රුවන් එතැනට ආවේ නැත. ටික වේලාවක් බලා සිටි ප්‍රසන්න ඉසුර දේවප්‍රියට ඇමතුමක් ගත්තේය.
මෙතැන ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසන්න කීවේය.
ප්‍රසන්න, ඔයාට ඕන විදියට ඔය සමරු ඵලකය හයිකරගන්න. තව සමරු ඵලකයක් ගහන්න සල්ලි තියෙනවානේ. ඒක කාටවත් ප්‍රශ්නයක් නමෛයි. ඔයා සමරු ඵලකය ගහන්න. ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් නෑඉසුර කීවේය.
තිරසර - පෙරමග විද්වත් ලිපි එකතුව එළිදැක්වීමේ උත්සවය පසුගිය සතියේදී පැවැත්වුණේ් අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. පාඨලී චම්පික රණවක ඇමැතිවරයා කළ ආරාධනය අනුව රනිල් උත්සවයට සහභාගි වන විට කරු ජයසූරිය, සරත් අමුණුගම ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එහි පැමිණ සිටියහ.
චම්පික කියන්නේ හොඳ දේශපාලන චරිතයක්නේ. නිදහසින් පසුව බිහිවුණ ප්‍රබල චරිතයක් තමයි චම්පික රනිල් අසල සිටි අමුණුගම රනිල්ට කීවේ චම්පික පෙන්වමිනි.
චම්පික සාර්ථකව තමන්ගේ මතය සමාජයට ඉදිරිපත් කරනවා. ඔහු හොඳ සන්නිවේදකයෙක්. ඔහුගේ අදහස් කලින් කලට කාලීනව වෙනස් කරගත්තාරනිල් කීවේ චම්පික අසල සිටියදීමය.
මේ අතර නව රැකියා අවස්ථා දෙන ස්වශක්ති වැඩසටහන ආරම්භ කිරීමට රනිල් සහභාගි වූයේ චන්ද්‍රානි බණ්ඩාර, නිරෝෂන්
පෙරේරා ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙක් සමගය. උත්සවය අවසන්වීමෙන් පසුව තරුණ ව්‍යවසායකයින් හමුවීමටද ඔහු අමතක නොකළේය.
සර් මේ ඉන්නේ අලුතින් ණය අරගෙන ව්‍යාපාර කරන්න ඉන්න ව්‍යවසායකයින් නිරෝෂන් පෙරේරා රනිල්ට පිරිස හඳුන්වා දුන්නේය. රනිල් ඔවුන්ගෙන් ඉදිරි කටයුතු ගැන විමසුවේ ඔවුන් ධෛර්යමත් කරමිනි.

තිලකජය

Comments  

+9 #1 Alugolle. 2017-02-13 03:31
හැම එකාගෙම අරමුණ බලය ලබාගැනීමය.බලය ඇති එකා රටට හෙන ගැහුනත් බලය රැක ගැනීමට දහ බලුකම් කරමින් සීටී. නැති එකා පන්සල් යමින් නැවත බලය ලබා ගැනීමට බුද්ඩාගම විකුණමින් සිටී. මුන්ගේ හැම වැඩකටම වියදම දරන්නේ දුප්පත් ජනතාවය. මුන් හැම එකෙක්ම duty free වාහන විකුණා කොටිපත්යන් වී ඇත. කිව යුත්තේ රන්ජන් රාමනායක කී පරිදි මුන්ට හෙනගහපන් කියාය.
Quote
-1 #2 ranjith 2017-02-13 15:21
Quoting Alugolle.:
හැම එකාගෙම අරමුණ බලය ලබාගැනීමය.බලය ඇති එකා රටට හෙන ගැහුනත් බලය රැක ගැනීමට දහ බලුකම් කරමින් සීටී. නැති එකා පන්සල් යමින් නැවත බලය ලබා ගැනීමට බුද්ඩාගම විකුණමින් සිටී. මුන්ගේ හැම වැඩකටම වියදම දරන්නේ දුප්පත් ජනතාවය. මුන් හැම එකෙක්ම duty free වාහන විකුණා කොටිපත්යන් වී ඇත. කිව යුත්තේ රන්ජන් රාමනායක කී පරිදි මුන්ට හෙනගහපන් කියාය.



haha i can see you everywhere... what i can say are you happy mr alugolle about this goverment.. why you keep on blaming MR.. its not personal.. my all family UNP.. but its not clour.. i will vote MR until i died..you know why MR has done somethings good for srilanka..
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.