lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ආරක්ෂක නිල ඇඳුම ගැන මෛත්‍රීගෙන් පාඩමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ සිටියේ සෝමාවතී පුද බිමේ ආගමික වතාවන්ට සහභාගී වෙමිනි. ජනවාරි පළමුවැනිදා උදෑසන කොළඹට පැමිණි මෛත්‍රී සඳුදා උදෑසන ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගියේ තිරසර යුගයක් වැඩසටහන එළිදැක්වීම සඳහාය. ඉන්පසුව ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ නිලධාරීන් හමුවූවේ අලුත් අවුරුද්දට සුබ පැතීමටය.
ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ නිලධාරීන් බුලත් අත් රැගෙන ජනාධිපතිවරයාට වැඳීමට පැමිණි අතර ජනපති ආරක්ෂක අංශයේ නිලධාරීහු දෙදෙනෙක් නිල ඇඳුමින්ම බුුලත් අත් රැගෙන ආවේ මෛත්‍රීට වැඳීමටය. දුර තියාම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා දුටු මෛත්‍රී කීවේ තමන්ට නොවඳින ලෙසය.
බුලත් අරගෙන ආවට කමක් නෑ. යුනිෆෝම් ඇඳගෙන නැමෙනව හෙම නමෛයි මෛත්‍රී කීවේය.
ඒ වුණත් සර්'' යැයි කියමින් බුලත් අත දෙමින් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනා කියන විට මෛත්‍රී කීවේ තමන්ට වැඳිය යුතු නැති බවය.
නිල ඇඳුම ඇඳගෙන මට වුණත් නැමෙන්න ඕන නෑ මෛත්‍රී කීවේය.
බදාදා දිනයේදී මෛත්‍රී යාපනයට යෑමට සූදානමින් සිටියේය. එහෙත් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැති හදිසි රැස්වීමක් නිසා ඔහු යාපනයට ගියේ නැත. එදින සවස මැ‍ලේසියාවේ නව මහ කොමසාරිස් ලෙස පත්වූ මොහොමඩ් මුසම්මිල් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජනයකට මෛත්‍රී එක්විය.

කසාදය රැකගන්න හැටි

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතළිහක් පමණ ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ඉකුත් සඳුදා පැමිණියහ. ඒ ජනාධිපතිවරයා හමුවීමටය. සාකච්ඡාවට යාමට පෙර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තීරණය කළේ සියලුදෙනා කතා නොකර තෝරාගත් මන්ත්‍රීවරු තිදෙනෙක් පමණක් කතා කිරීමටය. ඒ අනුව මුජිබර් රහුමාන්, ජේ.සී. අලවතුවල හා ආශු මාරසිංහ පමණක් අදහස් දැක්වීමට ඉදිරිත් වූහ.
මම දිනවපු අය තමයි ඔයාලා. මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත්වූ අය හමුවීමට ලැබිමත් සතුටක්. අපි අතරේ ‍පොඩි ‍පොඩි ගැටලු තිබෙනවා තමයි. ඒත් මේ ගැටලු විසඳාගෙන ඉස්සරහට යන්න ඕන. අපි මාසයකට සැරයක්වත් හමුවෙන්න ඕන. හැම මාසෙකම හමුවෙලා අපි අපිට තිබෙන ප්‍රශ්න ටික කතා කරමු මෛත්‍රී යෝජනා කළේය.
ඔබතුමා පරාජය කරන්න වැඩ කරපු අය දැන් එක්සත් ජාතික පක්ෂයට එල්ලගෙන ගහනවා. මෙහෙම ගියොත් ලොකු අර්බුදයක් ඇතිවෙන්න පුළුවන් මුජිබර් රහුමාන් කීවේය.
අපි නිතරම හමුවෙලා තියෙන ප්‍රශ්න ගැන කතා කළාම ඒවා විසඳාගන්න පුළුවන්. ඒ ප්‍රශ්න විසඳාගන්න අපි නිශ්චිත වැඩපිළිවෙළක් අනුව කටයුතු කරන්න ඕන මෛත්‍රී කීවේය.
කසාද බැඳපු දෙන්නා දෙතැනක හිටියොත් පවුල් ප්‍රශ්න එනවානේ සර්මුජිබර් රහුමාන් කියන්න විය.
කසාද බැන්දට පස්සේ මහත්තයා ‍පොළොන්නරුවේ රස්සාව කරලා නෝනා කොළඹ රස්සාව කළොත් ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා. ගෙවල් දෙකක ඉන්නකොට කොහොමත් ප්‍රශ්න ඇතිවෙනවානේ. අපි හමුවෙලා කතා කළාම මේ ප්‍රශ්න නැතිවෙනවා මෛත්‍රී කීවේය.
ඒක තමයි සර්. නිතර නිතර හමුවෙනවා නම් කසාදය රැකගන්න පුළුවන් නේ මුජිබර් කීවේ සියල්ලන්ගේම සිනා හඬ මැදය.

පංගුව බෙදාගන්න හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු මාසයකට වරක් හමුවී තමන්ගේ ගැටලු ගැන සාකච්ඡා කිරීම ආරම්භ කළේ පාර්ලිමේන්තුවේදී දුමින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, මනූෂ නානායක්කාර හා තාරනාත් බස්නායක සමග පැවැති සාකච්ඡාවකින් පසුවය. එහෙත් පසුගිය මාස කිහිපයේදී රාජ්‍ය ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට හමුවීමට නොහැකි වූයේ අය වැය විවාදය සමග කාර්යබහුල වීම නිසාය.
මාස ගණනාවකට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසේ හමුවූයේ පසුගිය අඟහරුවාදාය. එම හමුවට එක්ව සිටි ඇමැතිවරු දෙදෙනා වූයේ දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර පමණි. ඇමැතිවරුන්ගේ හමුවක් තිබෙන නමුත් තමන්ට ආරාධනාවක් නොලැබිම ගැන ඇතැම් ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ හිත රිදී තිබුණි.
ඔයාලා අපිට හොරාට හමුවීම් තියනවා නේද එක් ඇමැතිවරයෙක් මහින්ද අමරවීරගෙන් ඇසුවේය.
නෑ... නෑ... මේකට ඇමැතිවරුන්ගෙන් යන්නේ දුමින්දයි මමයි විතරයි. අපි දෙන්නත් යන්නේ මහ ‍ලේකම්වරු විදියට විතරයි අමරවීර කරුණු පැහැදිලි කළේය.
රාත්‍රී හතට පමණ මහින්ද අමරවීරගේ නිවසේදී සාකච්ඡාව ආරම්භ කරන විටම ඔහු කීවේ තමන්ට ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගෙන් ලැබුණ දුරකථන ඇමතුම් ගැනය.
අද අපි හමුවෙනවා කියලා ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට ආරංචිවෙලා. එයාලාට කිව්වේ නෑ කියලා සමහර ඇමැතිවරුන්ගේ හිත රිදිලා. මේක නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ සාකච්ඡාවක් කියලා මම ඒ අයට කිව්වා. ඔයාලාගේ ප්‍රශ්න කතා කරන්න තමයි අපි අද හමුවෙන්නේ. ඒත් මේ සාකච්ඡා ගැන පත්තරවලත් ගිහිං තියෙනවා මහින්ද අමරවීර සාකච්ඡාව ආරම්භ කළේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ලැබිය යුතු පංගුව ගැනත් අදහස් මතුවිය.
ආණ්ඩුවේ නියමිත කොටස අපිට ලැබෙන්නේ නෑ. මේක ගැන අපි අවධානය යොමු කරන්න ඕනඒ අතර නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් මහින්ද අමරවීරටත් දුමින්ද දිසානායකටත් කියන්න විය.
මහින්ද අමරවීරට දුරකථන ඇමතුමක් ලැබුණේ මේ අතරවාරයේදීය. දුරකථනයේ එහා කෙළවරේ සිටියේ ජනපතිවරයාය.
ජනාධිපතිතුමා දැන් මෙතැනට එනවා කියලා කිව්වාඅමරවීර කීවේ දුරකථනය විසන්ධි කරමිනි.
විනාඩි කිහිපයකින් මෛත්‍රී එතැනට පැමිණියේ එක් වාහනයකින් එක් ආරක්ෂක නිලධාරියෙක් සමගය. මෛත්‍රී පැමිණි පසුව නැවත නිමල් ලංසා ආර්ථිකය ගැන කතාවක් කියන්න විය.
සමහරු දැන් අපිට ආණ්ඩුවෙන් යන්න කියලා කියනවා. අපි අවුරුදු දෙකක් විතර ආණ්ඩුවේ ඉඳලා  ඉවත් වුණොත් ඉතිරි අවුරුදු තුන එක්සත් ජාතික පක්ෂය
තනිවම ආණ්ඩුව කරගෙන යනවා. ඒ අවුරුදු තුනේදී කරන දේවල් සේරම ඒ අයගේ ගිණුමට බැර කරගන්නවා. ඡන්දයකට කලින් අන්තිම අවුරුදු දෙකේදී කරන දේවල් ඡන්දයට බලපානවා. අපි විපක්ෂයේ ඉඳලා ඡන්දයකට ගියොත් ඒක පක්ෂයට අවාසිදායකයි මනූෂ ආණ්ඩුවෙන් ගියොත් වෙන දේ පැහැදිලි කළේය.
සුසන්ත පුංචිනිලමේ ආණ්ඩුවේ ලැබිය යුතු භාගය ගැන කතා කරන්න වූයේ මේ අතරය.
ආණ්ඩුවේ නියමිත භාගය අපිට ලැබෙන්න ඕන. අපිට හයියක් ඕන. මහින්ද සාධකය ගැන දැන් කතා කරමින් ඉඳලා වැඩක් නෑ. අපි ජනතාවට වැඩ කරන්න ඕනපුංචිනිලමේ කීවේය.
මේ ආර්ථික කඩා වැටීම කොහොමත් වෙන්න තිබුණ දෙයක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කලින් ඡන්දයකට ගියේ ආර්ථිකය වැටෙන නිසයි. කලින් ඡන්දයකට යන්න එපා කියලා මම ලියුම් ලියලා ඉල්ලුවා. ඒත් එයා ඡන්දයට ගියේ මේ ආර්ථික අවුල එන නිසයි. කලින් ඡන්දයකට ගිහිල්ලා තුන්වැනි වතාවටත් ජනාධිපති වෙලාම මේ ආර්ථික අවුලට මුහුණ දෙන්න ඕන කියලා තමයි එයා හිතුවේ. මේ ආර්ථික ගැටලුව ලෝකයටම බලපානවා. මේ වෙලාවේ තනි අරමුණු වෙනුවෙන් වැඩ කරනවා වෙනුවට ‍පොදුවේ එකතුවෙලා වැඩ කරන්න ඕන. දැන් හැමෝම 2020දී තියෙන මැතිවරණයක් ගැන කතා කරනවා. තවම ඒ ගැන කතා කරන්න වෙලාව වැඩියි මෛත්‍රී කීවේය.
ආර්ථික ගැටලුව ලොකුවට තිබෙනවා. බිලියන 3.9ක් ණය ගෙවීමට තිබෙනවා. ඒත් ආදායම ගැන ප්‍රශ්න තිබෙනවාලක්ෂ්මන් යාපා අබේවර්ධන මුදල් රාජ්‍ය ඇමැතිවරයා මූල්‍ය තත්ත්වය ගැන පැහැදිලි කළේය.
සමහරු තනි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හැදීම ගැන කතා කරනවා. තනි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න නම් හැමෝම එකට ඉන්න ඕන. එක එක්කෙනාගේ වැරදි ගැන දැන් කිය කිය ඉන්නවා. අපේ අය එකට ඉන්න පුළුවන් නම් දැඩි තීන්දු ගන්න පුළුවන් මෛත්‍රී කීවේය
මේ අතර නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන කොටස ගැන කතා කරන්න විය.
ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් ඉන්නවා. ඔයාලාගෙන් ගොඩක් අය ඇමැතිවරු. ඒත් එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු ඉන්නවා. ඔය තියෙන ප්‍රශ්න පක්ෂ දෙකේ නායකයන් රැස්ව රැස්වීමේදී කතා කරන්න. කොහොම නමුත් ඔයාලාට ගමට යන්න පුළුවන් විදියට කොටස ලැබෙන්න ඕනමෛත්‍රී කීවේය.
සර් විල්පත්තුව ගැන ගනිපු තීන්දුව හොඳ තීන්දුවක් මනූෂ කීවේය.
මට හමුවෙන හැමෝම මේ ගැන හොඳ කියනවා. මේ අයට ගෙවල් දෙන්න ඕන. හැබැයි රක්ෂිතය කපලා ගෙවල් දීලා හරියන්නේ නෑ. මන්නාරම පැත්තේ වෙන ඉඩම් තියෙනවානේ. ඒ තැන් වලින් ඉඩම් දෙන්න පුළුවන්.

මෛත්‍රීට රෝස් පාන්

මේ අතර ප්‍රියංකර ජයරත්න ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැනත් කතාවිය. බොහෝ දෙනා මෛත්‍රීගෙන් මේ ගැන අසන්න විය.
ප්‍රියංකර මට ඇවිත් කියපු කතාව නමෛයි මාධ්‍යයට ඇවිත් කිව්වේ. මම හමුවෙන්න ඇවිත් ඉල්ලා අස්වීම දුන්නාම ඒක භාරගන්න මම කැමැති වුණේ නෑ. ඒත් පුද්ගලික හේතු මට කිව්වා. ඒ නිසා මම ඒක බාරගත්තා. හැබැයි එළියට ඇවිත් මාධ්‍යයට කිව්වේ වෙන කතාවක් මෛත්‍රී කීය.
මේ අතර මහින්ද අමරවීර මෛත්‍රීට රාත්‍රී කෑමට ආරාධනා කළේය. බුරියානි, ආප්ප, කොත්තු වැනි විවිධ කෑම වර්ග එහි තිබුණේය. මෛත්‍රී රෝස් පාන් කෑලි දෙකක් හා ‍පොල් සම්බෝල ටිකක් බෙදාගෙන කෑමට සූදානම් විය.
ඇයි සර් වෙන මොනවාත් බෙදාගන්නේ නැද්ද ඒ අසලට පැමිණි ලක්ෂ්මන් යාපා ඇසුවේය.
මම ගමේ මිනිහා. ‍පොල්සම්බෝලයි රෝස් පාන් හරි රසයි. මම ඒකට කැමැතියි. ඇයි ලක්ෂ්මන් කැමති නැද්දමෛත්‍රී ඇසුවේය.
නෑ.. සර් මමත් ගමේ කෑමට තමයි කැමති. ඒත් රෝස් පාන් දැක්කේ නෑ ලක්ෂ්මන් යාපා ලැජ්ජාවෙන් කීවේ තමන්ගේ කෑම පිඟාන දෙස බලමිනි.
මෛත්‍රී කෑම කන අතරවාරයේ අනෙක් මැති ඇමැතිවරු කෑම මේසයට වටේට වී මෛත්‍රී සමග කතා කරමින් සිටියහ. ඒ අතර යළිත් ඉල්ලා අස්වන ඇමැතිවරු ගැන කතාවක් ඇදී ආවේය.
ඉල්ලා අස්වීම නමෛයි වැදගත් දේ වෙන්නේ. කට්ටියම එකට එකතුවෙලා ඉන්න එක තමයි වැදගත් මෛත්‍රී කියන්න වූයේ විල්පත්තුව සම්බන්ධයෙන් ගත් තීන්දුවට වඩා තද තීන්දු ගන්නා බවත් පවසමිනි.
අගමැති රනිල් වික්‍රමසිංහ ජනවාරි 2 වැනිදා උදෑසනම අරලියගහ මන්දිරයට පැමිණියේ අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කිරීමටය. ඒ අතරේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් නව වසරේ වැඩකටයුතු ආරම්භ කළේ අරලියගහ මන්දිරයට ගොස් අගමැතිවරයා සමග කිරිබත් කෑල්ලක් කෑමෙන් පසුවය.
මේ අතර සමහර මැතිඇමැතිවරු රනිල්ගේ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසටද ගොස් අලුත් අවුරුද්ද සැමරුවෝය. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ගියේ පස්වැනි පටුමගේ නිවසටය.
“පහුගිය අවුරුදු දෙකේ ඔයා හොඳට වැඩකරලා තියෙනවා. අලුත් අවුරුද්දේ ඊටත් වඩා හොඳට වැඩකරන්න” රනිල් සජිත්ට කීවේය.
මේ අතර බ්‍රහස්පතින්දා උදෑසනද රනිල්ට හිතවත් මැති ඇමැතිවරු පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ. පාර්ලිමේන්තුවේ පැවැති කමිටු රැස්වීම් කිහිපයකට සහභාගීවීමට පෙර රනිල් අරලියගහ මන්දිරයට පැමිණ, මෙම මැති ඇමැතිවරු පිරිස හමුවිය.
“හම්බන්තොට සංවර්ධනයට විරුද්ධ අය වගේම ඊට පක්ෂ ජනතාවයි හාමුදුරුවෝ දහස් ගණනකුයි හත්වැනිදාට හම්බන්තොට එන්න අහනවා” ඇමැතිවරු කිහිපදෙනෙක්ම පැවැසූහ.
“ස්වේච්ඡාවෙන් එනවා නම් ප්‍රශ්නයක් නෑ. එපා කියන්න බෑ. හැබැයි සාමය රකින්න ඕන” රනිල් කීවේය. ඒ අනුව විවිධ පළාත්වල සිට හම්බන්තොට සංවර්ධනයට සහය දක්වන පුද්ගලයන් මහා මාර්ග ඔස්සේ, ගුවන් මාර්ග ඔස්සේ හා මුහුදු මාර්ග ඔස්සේද හම්බන්තොටට පැමිණීමට ඉඩදීමට ඒ අනුව තීන්දු විය.
“සමහරු අධිවේගී මාර්ගවලටත් විරුද්ධයිනේ. ඔබතුමාටත් කට්ටියක් හූ තිව්වා නේද” නවීන් දිසානායක ඇමැතිවරයා ඇසුවේ ලක්ෂ්මන් කිරිඇල්ලගෙනි.
“දකුණු හා කටුනායක අධිවේගවලට වන්දි ගෙවූ පදනමින්ම නුවර අධිවේගයටත් වන්දි ගෙවනවා. මේ පාර නිසා පැයෙන් දළදාව වඳින්න පුළුවන් නිසා දකුණේ ජනතාවටයි ඒක වැදගත් වෙන්නේ. මේ පිංකමට විරුද්ධවෙලා පව් පුරවාගන්න නරකයි. මහින්ද මේ පාරට මුල්ගල තිව්වා විතරයි. අපි ඉඩම් මැනලා, සල්ලි හොයලා, වන්දි ගෙවලා සාධාරණව කරන නිසා මේ මල් වට්ටියට කවුරුත් අත ගහන්න ඕනෑ. මට හූ කිව්වාට කමක් නෑ. දළදාව වඳින පාර හැදීමේ පිංකමට කවුරුත් දායකවීම අවශ්‍යයි. හූ පාරක් කෑවම ඇඟට ‍පොඩි හයියකුත් එනවා” කිරිඇල්ල කීවේ සිනා හඬ මැදය.
“මහින්ද ආණ්ඩුවට අභියෝග කළා. අපි ඒ අභියෝගය භාරගන්නවා” රනිල් කීවේය.
“විපක්ෂය මෙච්චර දඟලන්නේ අපි මේ කරන වැඩේ එච්චරම හොඳ නිසයි. මේක සාර්ථක වුණාම ඒ අය ඉවරයටම ඉවර වෙනවා. ඒ නිසා තමයි ඒ අය දඟලන්නේ” රනිල් කීවේ සංවර්ධන පනත ගැනත් අදහස් දක්වමිනි.
“මේ සීමා නිර්ණය වාර්තාව එකතැන තවම පල්වෙන්නේ ඇයි?” නවීන් ඇසුවේය.
“ඒ වාර්තාවේ තවමත් සුළු සුළු අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු ගැන කියලා ඔය කමිටුවේ සභාපති මට ලියුමකුත් එවලා තියෙනවා. මම ඒක පක්ෂ නායක රැස්වීමට දාලා අනුමැතිය ලැබුණාම එක්සත් ජාතික පක්ෂයත් ඒ වාර්තාවට අත්සන් කරනවා. ඡන්දය කල්දැමීමට හෝ බොරු කිරීම එක්සත් ජාතික පක්ෂයට ඕනෑ නෑ” රනිල් පැවැසුවේය.

රනිල් නම් ලකුණු කරයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පසුගිය සතියේදී ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ දිගුකාලයකට පසුවය. පසුගිය කාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතැම් සාමාජිකයන් පැමිණ තිබුණේ නැත. දිගින් දිගටම කෘත්‍යාධිකාරී මණ්ඩලයට නොපැමිණෙන සාමාජිකයන් ගැන රනිල්ගේ අවධානය යොමුවී තිබුණේය.
“කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරලා තිබෙන සමහර සාමාජිකයන් පසුගිය රැස්වීම්වලට නියමිත ආකාරයට පැමිණ තිබුණේ නෑ. ඒ අය සම්බන්ධයෙන් අපිට තීරණයක් ගැනීමට වේවි. මෙහෙම ගියොත් ලබන අවුරුද්දේදී මේ අය අයින් කරලා අලුත් අය පත්කිරීමට අපිට වෙනවා” රනිල් කීවේය. ඒ අතර රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිසිපරිදි සහභාගී නොවන සාමාජිකයන්ගේ නම් ලයිස්තුවක් ද ඉදිරිපත් කළේය.
පසුව රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් නම් කියවූයේ පැමිණීම සටහන් කරගනිමිනි. පැමිණ සිටි සාමාජිකයන් “ඉන්නවා සර්” යැයි කියන විට පැමිණ නොසිටි සාමාජිකයන්ගේ නම් කියවන විට “නෑ....” යැයි කීය. මේ අතර පී. හැරිසන් ඇමැතිවරයාගේ නමද රනිල් කීවේය. ඒ.පී. හැරිසන් ලෙස නොව වී. හැරිසන් ලෙසය. එවිට සියල්ලෝම සිනාසුණේ මේ දිනවල වී ප්‍රශ්නයට මැදිවී සිටින්නේ ඔහු නිසාය. වී හැරිසන් යැයි කීවත් ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණ තිබුණේ නැත.

මෛත්‍රීගේ සහෝදරයාට හැරිසන්ගෙන් ඇමතුමක්

පී. හැරිසන් ඇමැතිවරයා හා ඩඩ්ලි සිරිසේන අතර මේ දිනවල ඇත්තේ සීතල යුද්ධයකි. ඒ වී ප්‍රශ්න මුල් කරගෙනය. මේ අතර පී. හැරිසන් ඩඩ්ලි සිරිසේනට ඇමතුමක් දී තිබුණේය.
“ඔයා මම වී වලින් කොමිස් අරගෙන තියෙනවා කියලා තියෙනවා. මම කොමිස් අරගෙන තියෙනවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න. එහෙම ඔප්පු කළොත් මම ඇමැතිකමින් විතරක් නමෛයි මන්ත්‍රීකමිනුත් ඉල්ලා අස්වෙනවා. ඔයාට පුළුවන් නම් හාල් කිලෝ එකක් රුපියල් පහකින් අඩුකරලා පෙන්වන්න” හැරිසන් දුරකථනයෙන්ම කීවේය.

පාප් වහන්සේ හමුවූ ඇමැති

නත්තල් කාලයේදී ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා සිටියේ ඔස්ට්‍රියාවේය. ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය වන්නේ පාර්ලිමේන්තුවේ හිටපු මහ ‍ලේකම් ප්‍රියානි විජේසේකරය. ගයන්ත කාලයකට පසුව ප්‍රියානි හමුවූ විට ආගිය කතා කතාකරමින් සිටියේ ප්‍රියානි පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමැතිවරු සමග සුහදව කටයුතු කළ නිලධාරිනියක නිසාය.
මේ අතර ඔස්ට්‍රියාවේ ඔම්බූඩ්ස්මන් කාර්යාලයට ගිය ගයන්ත ඇතුළු කණ්ඩායම එරට පාර්ලිමේන්තු වැඩකටයුතු ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. ඒ අතර වතිකානුවට ගිය ගයන්ත පාප් වහන්සේද හමුවී ආශිර්වාද ගැනීමට අමතක කළේ නැත.

ප්‍රසන්න බිරිඳ සමග අතුරුදන් වූ හැටි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අලුත් අවුරුදු උදාවට සිටියේ කතරගමය. හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ අවසන් කටයුතුවලින් පසුව මහින්ද මත්තල ගුවන්තොටු‍පොළට ගියේ නීරීක්ෂණ චාරිකාවකටය. ඉක්බිතිව ඔහු බණ්ඩාරනායකවරු සිහිපත් කර සෑම වසරකම දෙසැම්බර් 31 වැනිදා කතගරම පැවැත්වෙන පින්කමටද එක්විය. මේ පින්කම සංවිධානය කර තිබුණේ ලංගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතියයි. ඒ අවස්ථාවට චන්ද්‍රිකා බණ්ඩාරනායකද එක්ව සිටියාය.
පින්කම අවසානයේදී චන්ද්‍රිකා එතැනින් පිටත්ව ආවේ මහින්ද දෙසවත් නොබලාය. මේ අතර රාත්‍රියේ කතරගම දේවාලයට මහින්ද යන විට දුමින්ද දිසානායක දේවාලය ඇතුළට ආවේය. ඔහු අත් දෙකම එක් කර ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි දුමින්දට කියමින් මහින්ද දේවාලය ඇතුළට ගියේය.
ජනවාරි පළමු වැනිදා උදෑසනම මහින්ද දුරකථන ඇමතුමක් ගත්තේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාටය. ඒ ඔහුගේ පනස්වැනි උපන් දිනයට සුබපැතීමටය.
“ප්‍රසන්න ඔයා හාෆ් සෙංචරියක් දාගත්තා නේද” මහින්ද ප්‍රසන්නට සුබපතමින් කීවේය.
සිය පනස්වැනි උපන්දිනය වෙනුවෙන් ඔහු උදෑසනම කිරි අම්මාවරුන්ගේ දානයක් පැවැත්වීය. ඉන්පසුව ආගමික වතාවත්වලට සහභාගි වූ ප්‍රසන්නට ආණ්ඩුවේ මැති ඇමැතිවරුද දුරකථන ඇමතුම් දෙමින් සුබ පැතුම් එක් කළේය.
“මල්ලී, මට දැන් නම් මේක ඇතිවෙලා තියෙන්නේ” ප්‍රසන්නට සුබ පතමින් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කීවේය.
“ඇයි සර් මොකටද ඕකේ ලැගලා ඉන්නේ. අයින් වෙලා ආවනම් ඉවරයිනේ” ප්‍රසන්න කීවේය.
“ඔව්. දැන් නම් තීන්දුවක් ගන්න වෙලාව හරි” ඇමැතිවරයා කීවේය.
මේ අතර දහවල් දොළහ පමණ වන විට ප්‍රසන්න කාටත් හොරෙන් සිය බිරිඳ සමග වාහනයට නැග නිවසින් පිටත්ව ගියේය.
“සර් කොහේද ගියේ” ගෙදර සිටි ප්‍රසන්නගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් අසන්නට විය. එක් නිලධාරියෙක් හැරෙන්න වෙන කිසිවෙක් ඒ ගැන දැන සිටියේ නැත. ප්‍රසන්න හා බිරිඳ හොර රහසේම ගොස් තිබුණේ හෘද රෝගවලට ලක්ව සිටින ළමුන් වෙනුවෙන් සහන සැලසීමේ වැඩසටහනකටය.

ජී.එල්. විෂය බෙදයි

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුව මහින්දගේ මිරිහානේ නිවසේ පැවැත්වුණේ අඟහරුවාදා සවසය. එහිදී මුලින්ම අවධානය යොමු වූයේ හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම ගැනය.
“අපි අත්සන් කළ ගිවිසුමේ චයිනා හාබර් එකට සියයට හැටපහක් හා අපිට තිස් පහක කොටස් ලැබෙන්න තිබුණේ. ඒත් දැන් අත්සන් කරන්න යන ගිවිසුමෙන් චයිනා මර්චන්ට් සමාගමට සියයට 80ක කොටස් ලැබෙනවා. අපි අවුරුදු තිහකට වරාය දෙන්න හැදුවේ. ඒත් ආණ්ඩුව අවුරුදු අනූනමයකට වරාය දෙන්න හදනවා” ජී.එල්. ගිවිසුමේ කරුණු ගැන කියන්න විය.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබූ විවාදය ගැනත් කතාවිය. ඒ වන විට පාර්ලිමේන්තු විවාදය කල් ගොස් නොතිබූ අතර ජී.එල් එක් එක් කථිකයන්ට විෂය පථයන් බෙදා දුන්නේය.

තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6547

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3359

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2370

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.