lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

බහිරව දේවතාවා ලූණු කැඳ ඉල්ලලා!

මුදියන්සේ යනු මීට සියවසකට, හමාරකට ඉහත වන්නි හත්පත්තුවේ පුරාණ ගමක ජීවත් වූ ඉඩම් හිමි ධනවතෙකි. තම පිය උරුමයෙන් හිමි වූ ඉඩකඩම්වල සේවක කාරකාදීන් ලවා ගොවිතැන් බත් කරවමින් එ්වායේ අස්වැන්න මගින් සැලකිය යුතු ධනයක් උපයා ගත් මුදියන්සේ පස් පව් දස අකුසල්වලින් තොර යහපත් දිවි පෙවෙතක් ගත කළ අයකු වශයෙන් ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධියක් ඉසිලී ය. එහෙත් එ් සියලූ යහගුණ අබිබවමින් ඔහු කෙරෙන් මතු වූ විශේෂ දුර්ගුණයක් ද තිබිණි. එනම් ඔහු සතුව තිබූ අසීමාන්තික තෘෂ්ණාව ය.
උදේ පටන් රෑ බෝ වනතුරු තමන් වෙනුවෙන් දහඩිය හෙලන සේවක කාරකාදීන්ගේ පණ රැක ගැනීමට වඩා යමක් නොදුන් මුදියන්සේ ගෙදරට පැමිණෙන යාචකයකුට තබා ගේ දොර වටා සැරිසරන බලූ කපුටකුටවත් යමක් දීමටවත් නිර්ලෝභී වූවෙක් නොවේ.
 
කෙසේ හෝ ඉතා හොඳින් තම ගෙදර දොර ජීවිතය, වගා සහ ව්‍යාපාර කටයුතු කරමින් සිටි මුදියන්සේ වයස අවුරුදු හැත්තෑවේ දී පමණ කිසියම් රෝගයක් වැළඳීමෙන් මිය ගියේ ය. 
 
මුදියන්සේට දූවරුන් තිදෙනකු සහ පුතුන් දෙදෙනකු වශයෙන් දරුවන් පස් දෙනෙක් සිටියහ. ඔහුගේ මරණයෙන් පසු දේපළෙන් කොටසක් සමඟ මහගෙදර හිමි වූයේ පවුලේ බාල පුතු වන පොඩි රාළහාමිට ය.
මුදියන්සේගේ මරණයෙන් වසර කිහිපයක් ඉක්ම යමින් තිබිණ. ඔහු ජීවත්ව සිටි කාලයේ එම ගේ දොර ඉඩකඩම්වල දක්නට තිබූ කල එළිය කෙමෙන් නැති විය. ගෙදර දොර වුව දක්නට ලැබුණේ අඳුරු මූසල වටපිටාවකි. එමෙන්ම මුදියන්සේගේ කාලයේ ක‍්‍රමවත්ව තිබූ ගෙදර දොර ආර්ථිකය නිසි කළමනාකරණයකට ලක් කිරීමට ඔහුගේ පුතු පොඩි රාළහාමිට නොහැකි විණි. එනිසාම පියා විසින් කරන ලද වගා ආදී සියලූ කටයුතු ද කෙමෙන් බිඳ වැටෙන්නට විය. එ් අනුව සේවක කාරකාදීන්ට පඩි නඩි ගෙවීම පිණිස හිතවතුන් හට ණය තුරුස් වීමට ද පොඩි රාළහාමිට සිදුවිය. මේ පසුගාමී තත්ත්වය යටතේ කලින් ඔහු පිළිබඳව ගම්මුන් තුළ පැවැති ගෞරවණීය ප‍්‍රතිරූපය ද කෙමෙන් බිඳ වැටෙමින් තිබිණ.
 
මෙම සියලූ බිඳ වැටීම්වල දෘශ්‍යමාන හේතුවක් සොයා ගත නොහැකි වූ තැන එ් පිළිබඳ බොහෝ දෙනකුගේ අදහස වූයේ කිසියම් අමනුෂ්‍ය දෝෂයක් නිසා එම ගේ දොර ඉඩකඩම් සම්බන්ධ මෙවන් තත්ත්වයක් උද්ගත වී ඇති බවකි. ඉන්පසුව පොඩි රාළහාමි සහ ඔහුගේ ඥති මිත‍්‍රාදීහු මෙම උපද්‍රව ඇතිවීමට කිසියම් ගුප්ත දෝෂයක් තිබේදැයි විවිධ ක‍්‍රම මගින් සොයා බලන්නට වූහ. අවසානයේ එ් කාහටත් මනාසේ පසක් වූයේ මෙම ගේ දොර ඉඩකඩම් කෙරෙහි බහිරව දෝෂයක් එල්ල වී ඇති බවකි.
 
දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ජනතාවට සාපේක්ෂව වන්නි හත්පත්තුවේ වැසියන් තුළ බහිරව විශ්වාසය දැඩිව පවතී. භූමිය මතුපිට සහ අභ්‍යන්තරය සම්බන්ධ සියලූ වස්තූන්ට අධිපති බහිරව දේවතාවා එ්වා කෙරෙහි ලොල්වීමෙන් එම වස්තුවේ හිමිකරුවන්ට එ්වා නොලැබී යන බව වන්නි හත්පත්තුවේ පවත්නා ප‍්‍රධාන ජන විශ්වාසයකි. එබැවින්, එම ගේ දොර ඉඩකඩම් කෙරෙහි ඇල්ම බැල්ම පළකරන බහිරව දේවතාවාගේ උපද්‍රව දුරුකරවීම පිණිස බහිරව පූජාවක් පැවැත්වීමට තීරණය කෙරිණ.
බහිරව පූජාව යනු දින කිහිපයක් තිස්සේ වෙහෙස මහන්සි වීමෙන් පසු රැයක් පහන් වනතුරු කළ යුතු පුද පිළිවෙතකි. එමෙන්ම එ් සඳහා මනා දැනුමක් සහ පළපුරුද්දක් ඇති ඇදුරකුගේ සහාය ලබාගත යුතු වෙයි. එ් අනුව බහිරව පූජා තැබීම කෙරෙහි විශේෂ සමත්කමක් සහ එ් සම්බන්ධ ප‍්‍රසිද්ධියක් දිනා ඇති හත්කෝරළයේ ඇදුරකු මෙම යාතු කර්මය සඳහා ගෙන්වා ගන්නා ලදී.
අතීතයේ මෙබඳු යාතු කර්මවලට සහභාගී වූ ඇදුරන් සහ කපුවන් එ්වාට එක්වූයේ ඉතා අවංකව අතිශයින් බැතිමත් හැඟීමකිනි. එ් අනුව එම ඇදුරා සිය සහායකයන් කිහිපදෙනා ද සමඟ ඊට පෙර දින පැමිණ පොඩි රාළහාමිගේ නිවසේ නතර වී බහිරව පූජාව සඳහා අවශ්‍ය පූජා භාණ්ඩ සම්පාදනයෙහි යෙදිණ.
රසකැවිලි, පලතුරු, සුදු සහල්, කිරිබත්, ධාන්‍ය, විලඳ, කිරි රොටි, හත්මාළුව, කිරිපැණි, ගිතෙල්, මීපැණි ආදී ආහාර වර්ග කිහිපයක් බහිරව පූජාවක් සඳහා අවශ්‍ය වෙයි. පූජාවට පෙරදා සවස එ් සියල්ල සම්පාදනය කරන ආකාරය පිළිබඳ පොඩි රාළහාමිට උපදෙස් දුන් ඇදුරා එදින රාත‍්‍රී නින්දට වැටිණ.
පසුදාට පහන් විය. අලූයමින් පිබිදුණු ඇදුරා හනික පොඩි රාළහාමි වෙත ගියේ ය.
‘‘හරිම වැඬේ තමයි පොඩි රාළහාමි මම කලින් නොකිව්වට බහිරව පූජාවට තවත් දෙයක් නොවරදවාම එක් කරන්න වෙනවා. වෙන මොනවත් නෙවෙයි ලූණු කැඳ ටිකක්.’’
ඇදුරා එසේ කියත්ම පොඩි රාළහාමි අන්දමන්ද විය.
‘‘එ් මොකද ගුරුන්නාන්සේ?’’
එ් අනුව ඔහු ඇදුරාගෙන් ඇසුවේ විස්මයෙනි.
‘‘හරි වැඬේනේ වුණේ. ඊයේ  මං නින්දට ගියාට මොකද එක තත්පරයක් හරියට ඇහැපියා ගන්න දුන්නේ නැහැ. බහිරව දේවතාවුන්නන්සේ ඇවිත් මගෙන් ලූණු කැඳ ඉල්ල ඉල්ලා කරදර කළා. මට නම් හිතාගන්නවත් බෑ හේතුව. මීට කලින් කිසිම දවසක එහෙම දෙයක් වෙලා නැහැ.’’ 
ඇදුරා එසේ කීවද ඊට හේතුව පොඩි රාළහාමිට සහ ඔහුගේ පවුලේ ඥතීන්ට කිසිදු රහසක් නොවිණි. හේතුව වූයේ පොඩි රාළහාමිගේ පියා මුදියන්සේ ජීවිතයේ අවසන් කාලයේ ගිලන්ව යහන මත වැතිර සිටිය දී නිතර නිතර ලූණු කැඳ ඉල්ලමින් කෑ මොර දීම ය. එ් බව එම පවුලේ සාමාජිකයන් සේම අසල්වැසියෝ ද දැන සිටියහ.
‘‘කිසිම පිනක් දහමක් නොකර තමන්ගේ දේපළ ගැන තණ්හාවෙන් පීඩිත වෙලා එ්වාට විතරක් ඇල්ම බැල්ම හෙලාගෙන හිටපු අයත් මැරුණට පස්සේ බහිරවයෝ හැටියට එ් ගේ දොර ඉඩකඩම් වතුපිටිවලට අරක් අරගෙන උපදිනවා. එ් මිනිස්සු පස් පව්, දස අකුසල් කළා නම් පේ‍්‍රත ආත්මයක උපදින්න පුළුවන්. නමුත් එහෙම පව් නොකරපු අය උපදින්නේ පේ‍්‍රතයන්ට වඩා බලවත් බහිරව දේවතාවුන් හැටියට. කොහොම හරි එ් බහිරව පූජාවට ලූණු කැඳ තියපු පොඩි රාළහාමි ඊට පස්සේ ඉස්සර හිටපු අපේ නායක හාමුදුරු නමකගේ උපදෙස් මත ගෙදර සාංඝික දානයක් දීලා ඊට පස්සේ එ් පළාතේ දුගී, මගී යාචකාදීන්ටත් දාන මාන දීලා, ගේ දොර ඉඩකඩම්වලට අරක් ගත්තු සියලූ දෙවි දේවතාවුන් වහන්සේලාටත්, අමනුෂ්‍යයන්ටත් ඒ පින් අනුමෝදන් කළා. ඊට පස්සේ පොඩි රාළහාමිට කිරි උතුරනවා වගේ හරි ගියා.’’ මීට වසර ගණනාවකට ඉහත බොහෝ දෙනකුගේ කුතුහලය පිබිද වූ මේ කතා ප‍්‍රවෘත්තිය වන්නි හත්පත්තුවේ උප ප‍්‍රධාන සංඝනායක පදවිය හෙබවූ පූජ්‍ය පොතානේගම ධීරානන්ද හිමියන් විසින් සංරක්ෂණය කොට තබන ලද්දකි.
 
තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 197

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 1849

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 1411

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1128

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 676

අත්තනගලු ඔයේ මාළුන්ට දන්සලක් (Video)

IMAGE 2017 Aug 14 12:58
ලක් ඉතිහාසයේ එදා මෙදා තුර වාර්තා වන සුවිසල්ම දානය සිරිසඟබෝ රජතුමා විසින් පිරිනමන ලද්දකි. ඒ...
Views - 2029

Please publish modules in offcanvas position.