lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

‘පිළිකණු සෝදිසි මෙහෙයුම’

තමන් ගේ දූ දරුවන් ‍ගේ මොන තරම් වැරදි අඩුපාඩු තිබුණත් සමාජය ඉදිරියේ ඒවා වසන් කරන්නට වෙර දරන එක බොහෝ මවුපියන් තුළ පවතින පොදු ලක්ෂණයක්. නමුත් ඒ දරුවන් සහ මව්පියන් දේශපාලඥයන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් නම් ඒ දූ දරු මව්පිය ක්‍රියාකාරකම් සමාජයේ විශාල පිරිසකට පහසුවෙන් තේරුම් ගත හැකි වෙනවා.

මීට අවුරුදු සීයකට හමාරකට විතර කලින් වර්තමාන ගම්පහ දිස්ත්‍රික්කයට අයිති සියනෑ කෝරලේ ‘කතෝනිස් ගංසැරියන් රාළහාමි’ කියලා කෙනෙක් හිටියා. දහනව වන සියවසේ මැද භාගයේ දී අපේ රටේ පොලිස් සේවය ස්ථාපිත වුණත් ඒ කාලේ අදව‍ගේ නගරයෙන් නගරයට පොලිස් ස්ථාන ඉදිවෙලා තිබුණේ නැහැ. මුළු පළාතකටම තිබුණේ පොලිස් ස්ථාන තුන - හතරක් විතරයි. නමුත් සාමය ආරක්ෂා කිරීම මුල් කරගත් පොලිස් රාජකාරී සඳහා එවක හිටපු ගම් ප්‍රධානීන්ට; ප්‍රභූවරුන්ට පොලිස් මුලෑදෑනි තනතුරු ප්‍රදානය කොට තිබුණා. සියනෑකෝර‍ලයේ පරණ ගැමියෝ ඒ අය හැඳින්වූවේ “ගංසැරියන් රාළහාමි” කියලා. මේ  සැරියන් කියන්නේ “සාජන්ට්” කියන ඉංගිරිසි වචනයට අනුව තැනුණු සැරයන් කියන සිංහල වචනය අපේ ගැමියන් උච්චාරණය කරපු විදිහයි. කොහොමත් තමුත් තමන්ගේ ධනබලයට අලුතින් එකතු වුණු මේ නිලබලය නිසා ගම්මුන් ඒ පොලිස් මුලාදෑනි වරුන්ට වඩාත් අවනත සහ පක්ෂපාතී වුණා. ඒ වගේම ගැමියන් පොලිසිය හමුවේ ඉදිරිපත් කළ යුතු පැමිණිලි එහෙමත් ඉදිරිපත් කළේ මේ ගංසැරියන් රාළහාමිලාට. 

ඔන්න කොහොම හරි ඔය කාලේ සියනෑවේ එක ගමක හැන්දෑ යාමයට බවලතුන් ඉන්න ගැමි ගෙවල් පිටුපස ඒ කියන්නේ පිළිකනුවල හොල්මන් කරන එක අද්භූත පුද්ගලයෙක් ගැන ආරංචි පැතිරෙන්න පටන් ගත්තා. ගමේ සමහරු මේ අමනුස්සයෙක් විදිහට හැඳින්වුවත් තවත් පිරිසක් නම් කිව්වේ කව්රු නමුත් මේ ගමේ බලවතුන් කළුවර වැටුණට පස්සේ පිළිකනුවලට ගිහින් කරන කියන දේවල් දිහා හැංගිලා බලාගෙන ඉන්න කැමති ලෙඩෙක්, අසහන කාරයෙක් කියලයි;දැණුත් ඔය වගේ මානසික අසහන කාරයෝ අපේ ‍රටේ විතරක් නෙවෙයි මුලු ලෝකේ පුරාම ඉන්නවනේ.

කොහොම හරි ඉතින් තමන් ගේ එදිනෙදා ජීවිත වලට එල්ල වුණු මේ නොමනා බලපෑම ගැන ගම්මුන් නොයෙක් වතාවල ගිහින් මේ කතෝනිස් ගම් සැරියන් රාළහාමිට පැමිණිලි කළා.

“කොහොමත් ඕකා අමනුස්සයෙක් වෙන්න බැහැ. ගෑනුන්ට වහවැටුණු ගෙවල පෙරේතයෙක් වගේ නොහොබිනා එකෙක් වෙන්න ඕනේ; කෝකටත් උඹලා හැම තිස්සෙම ඕකා ගැන ඇහැ ගහගෙන ඉඳලා අල්ලා ගෙන මගේ ළඟට අරගෙන වරෙල්ලා; මම ඕකව කුදලාගෙන ගිහින් ගම්පහ පොලිසියේ ඉස්පෑටර් මහත්තයම බාර දෙන්නම්; ඒ වගේම මේ ගමේ ඔය වගේ අසමජ්ජාති වැඩ කරන්නේ මොකාද කියලා මාත් හොඳ හෝදිසියකින් ඉන්නම්කෝ.”  ගංසැරියන් රාළහාමි තමන් වෙතට පැමිණිලි ගේන හැමෝටම එහෙම කිව්වා.

ඔන්න දවසක් රෑ කෑම කාලා පඩික්කමත් ළංකරගෙන හාන්සි පුටුවට වෙලා නිවීහැනහිල්ලේ බුලත් විටක් හප හපා ඉන්න ගංසැරියන් රාළහාමිට හුළුඅතු පත්තු කරගෙන තමන්ගේ ගෙදර පැත්තට එන ලොකු සෙනඟක් කළුවර අස්සෙන් යාන්තමට පේනවා. ඒ එක්කම ඒ සෙනඟ මිදුලට ආවාම ඊට මැදිවෙලා ඉස්සෙක් වගේ ඇඹරි ඇඹරි ඉන්න හාදයෙක් වත් පේන්න පටන් ගත්තා. කනප්පුව උඩ තියන චිමිනි ලාම්පු එළියෙන් හොඳට හෝදිසියෙන් බලනකොට තමයි උන්නැහේ දැක්කේ ගම්මුන් ඒ විදිහට මැදි කර ගෙන ඉන්නේ තමන්ගේ පුතණ්ඩියාව බව. මේක දැක්කා විතරයි ගංසැරියන් රාළහාමිට තරු වීසිවුණා.

“අනේ ආයුබෝවන්ඩ තරහා ගන්ඩ නම් එපා; තමුන්නාන්සේ කියපු විදිහටම අපි පහුගිය දවස් ටිකේම හැන්දෑවට අපේ පිළිකනු ගාණේ ‍හොල්මන් කරන එකා ගැන ඇහැ ගහගෙන හිටියා. එතකොට තමයි මුන්නැහේ හොරෙන් හොරෙන් ගෙවල් වල පිළිකනුවලට රිංගනකොට අපේ අතටම අහුවුණේ.” ගැමියෝ එහෙම කියන කොට තමන් ඇඳගෙන හිටපු සරම දෙපාමුල කඩාවැටුණා වගේ රාළහාමිට දැනුණා. ඒත් මොහොතකින් ඒ ලැජ්ජාව අමතක කරපු රාළහාමි ගම්මුන්ට මෙන්න මෙහෙම ගිගුරුවා.

“හැබෑට බොලාලට විකාරද? බොලාගේ පිළිකනු අස්සේ හැන්දෑවට හක්කලං කොරන ගෙවලයා මොකාද කියලා බලන්න ඕවා අස්සේ රිංගන්න  මට බැරි හින්දා මම අපේ පුතණ්ඩියට ඒ රාජකාරිය පැවරුවා; දැන් බොලාල ඔය කියන ගෙවලයාට එහේ ඉන්න ඇරලා අපේ පුතන්ඩියව කුදලගෙන මෙහේ එනවා; අනේ හැබෑට බොලා වගේ ගොංබඳින කණු.”

අහස ගොරවනවා වගේ සද්දේ දාලා රාළහාමි මෙහෙම කිව්වා විතරයි ඒ ඉලන්දාරියව එක්ක ආපු ගම්මුන්ට හීන් දාඩිය දැම්මා. ඒ හින්දා පුතණ්ඩියව ගම් සැරියන් රාළහාමිට බාර දීලා ඒ දෙන්නාගෙන්ම වැඳලා සමාව ගත්තු ගම්මු “දෙයිහාමුදුරුවනේ අපිත් මෙහෙම ගොන් කමක් නම් මේ සම්මජ්ජාතියෙදී  කරගන්න නැතුව ඇති” කිය කියා ආපහු හැරුණා.

සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 483

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.