lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

සක්‍රයාගේ වශී ගුරුකම

ගම්මුන් ‘සක්‍රයා’ කියලා හඳුන්වපු මීට අවුරුදු සීයකට හමාරකට කලින් හත්කෝරලයේ ජීවත්වුණු සැක්‍රියන් සොයිසා කියන ප්‍රභුවරයා දැන් සූකිරි අහුරට අමුත්තෙක් නොවෙයි. හත්කෝරලයේ පොල්වතු, විශාල ප්‍රමාණයකට හිමිකම් කියපු ‘සක්‍රයා’ මහාදානපතියෙක්, සමාජ සේවකයෙක් හැටියට පෙනී ඉන්න උත්සාහ කළාට මොකද ගම රට පුරාම ප්‍රසිද්ධවෙලා තිබුණේ නොම්බර එකේ අනංගයෙක් විදිහට, සමාන්‍යයෙන් උස්මුරුත්තාවටම ධනය, බලය වගේ දේවල් හිමිවෙනකොට සමහරු නීතිය, යුක්තිය සදාචාරය කියන දේවල් ඉක්මවලා තමන්ගේ ඕනෑ එපා කම් පිරිමහගන්න එක අද වුණත් දකින්න ලැබෙන දෙයක්. නමුත් ඇහැටකණට පේන ලමිස්සියන් දිහා නිතරම ඇහැගහගෙන හිටපු ‘සක්‍රයා’ නම් ඒ අයව දැපනේ දාගැනීමේ දී එච්චරම සාහසික වුණේ නැහැ.

කොහොම නමුත් ‘සක්‍රයා’ තරුණ වයස ඉක්මවලා මැද වයසත් පහු කරන කාලේදී ඒ ගමේ හිටපු අහිංසක ඉලන්දාරියෙක් කන්ද උඩරට දුම්බරින් අඹුසිඟිත්තක් ගෙනාවා; හැමෝම කියපු විදිහට ඒ වගේ ලස්සන ගෑණු ළමිස්සියක් අහලගම් හතක හිටියේ නැහැ. කොහොමින් හරි ඉතින් දවසක් ඉතාම අහම්බෙන් වගේ මේ නෑම්බි සක්‍රයාගේ නෙත ගැටුණා කියමුකෝ. එදා ඉඳලා‍ සක්‍රයා තමන්ගේ සේරම වැඩ කටයුතු පැත්තකින් තියලා මේ ලමිස්සිව ගොදුරු කර ගන්න විදිහක් කල්පනා කළා. තමන්ගේ වතුපිටිවල ගොවිතැන් බත් කර ගෙන හිටපු ඒ ළමිස්සිගේ පුරුෂයාට තමන්ගේ කොප්පරා මඩුවක් පාලනය කරන රස්සාවක් දෙන්න පවා සක්‍රයා කැමති වුණා. ඒත් ඒ වෙනකොට සක්‍රයාගේ “කැරැට්ටුව” ගැන හොඳහැටි දැනගෙන හිටපු ඒ ඉලන්දාරියා හීන් සැරේම කර අරින්න පටන් ගත්තා.

ඔන්න ඔය අතරේ තමයි ඒ ළමිස්සි සහේට ගත්තු ඉලන්දාරියගේ ගෙදර හිටපු වැස්සියෙක් හදිසියේම ලෙඩ වුණේ. මේ ආරංචිය අතන මෙතන පැතිරිලා යන අතරේ කොහොම  හරි ‘සක්‍රයා’ ටත් දැන ගන්න ලැබුණා කියමුකෝ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු සක්‍රයා කිසිම පැකිළීමක් නැතුව අර ළමිස්සි ඉන්න ගෙදරට ඇවිත් ළමිස්සිගේ නැන්දා - මාමා එක්ක අර වැස්සිගේ ලෙඩේ ගැන බොහොම උනන්දුවෙන් කතාකරන්න පටන්ගත්තා. ඒ විතරක් නම් බැරියැ, අනික් සේරම වැඩ තියෙද්දී හනිකට හරක් වෙදෙකුව හොයාගෙන ගිය ‘සක්‍රයා’ මෙන්න හැන්දෑ කොරේ ඒ වෙදත් එක්ක ආයිමත් ලහිලහියේ අර ගෙදරට එනවා; ඒ ඇවිත් අර වැස්සිට වෙදා නියම කරන බේත් - හේත් වලට උවමනා අඩුම කුඩුම ගැන අර දෙමහල්ලොත් එක්ක කතා කරනවා. ඒවා හොයා ගන්න හැටිත් කියලා දෙනවා. ඒ අතරේ සැරින් සැරේ ගේ ඇතුලට විපරම් කරලා අර ළමිස්සි ගැනත් හොයනවා; කොහොම හරි ඒ ළමිස්සිව ඉස්සරහට ගෙන්නා ගන්න සැරින් සැරේ බොන්න වතුරත් ඉල්ලනවා; ඒත් ඒ ළමිස්සි නෙවෙයි සක්‍රයා ඉන්න වෙලාවට බැරිවෙලාවත් එළිපහලියට ආවේ. මොකද සක්‍රයාගේ කල් ක්‍රියාව ගැන මේ වෙනකොට ඒ ළමිස්සිටත් දැන ගන්න ලැබිලා තිබුණා.

කොහොම හරි වැස්සිගේ අසනීපෙ පිටින් දාලා දවසට දෙතුන් සැරේ ගාණේ සතියක් හමාරක් ඒ ගෙදරට රිංගුවත් අඩුම තරමින් ඒ ළමිස්සිව හිතේ හැටියට දැක ගන්නවත් ඉඩක් නොලැබුණු එක ගැන ‘සක්‍රයා’ හිටියේ තදබල හිතේ අමාරුවක; ඒ හින්දා තමයි උන්නැහේ කල්පනා කළේ ගේ ඇතුලේ හැංගිලා ඉන්න මේ නෑම්බිව වශී ගුරුකමක් මගින්වත් එළියට ගන්න. කොහොම හරි දවසට දෙතුන් සැරයක් ගිහින් අර වැස්සිගේ සැපදුක් බලන අතරේ ‘සක්‍රයා’ හොර රහසේම ඒ පැත්තේ හිටපු මහා බල සම්පන්න යන්තර මන්තර ගුරුකම් කාරයෙක් හම්බු වෙලා මේ කාරණාව කිව්වා කියමුකෝ.
 “අපොයි ආයුබොවන්ඩ; ඕව අපිට නිකම් කජු කනවා වගේ වැඩනේ; වෙන කිසිම දෙයක් ඕනෙ නැහැ මට ඔය දැරිවිගේ එක කෙස්ගහක් ගෙනත් දෙන්න; වරු තුන යන්න කලින් මම කිරි ගහට ඇන්නා වගේ වැඩේ කරලා දෙන්නම්.”

“ඒත් ඉතින් තමන්ගේ දෑහට මුලිච්චිවෙන්නවත් නොඑන ළමිස්සියකුගේ කෙස් ගහක් හොයාගන්නේ කොහොමද? මේ ගැන කල්පනා කරපු සක්‍රයා අන්තිමට ඒ කොන්තරත්තුව අර ගෙදර නිතරම යන එන මෝඩ පහේ මනුස්සයෙකුට බාර කළා.

“මොකටද ආයිබොවන්ඩ; තමුන්නාන්සෙට ඒ දැරිගේ කෙස් ගහක්.” ඒ මනුස්සයා අහනකොට ‘සක්‍රයා’ උඹට එ‍්කෙන් වැඩක් නැහැ; මම ඒක හොයන්නේ බේතකට; කොහොම හරි උඹ හත්පොලේ ගාගන්නේ නැතුව මේ වැඩේ හරියට කරලා දුන්නොත් මම උඹට පනම් හතරක්ම දෙනවා.”  සක්‍රයා ඒ ගැමියට කිව්වා.

කොහොම හරි ඒ කාලේ හැටියට පනම් හතරක් කියන්නේ ලොකු සල්ලියක්. ඒ හින්දා ඒ වැඩේ ගොඩින්ම බේරාගන්න හිතපු ඒ මෝඩ ගැමියා කෙලින්ම ගිහින් අර දැරිවිගේ පුරුෂයා  හම්බවුණා.

“අපේ සක්‍රයා මහත්තයා පුංචි බේත් බඩුවක් හොයනවා.” මෝඩ ගැමියා එහෙම කියනකොට ඉලන්දාරියත් විස්තර ඇහුවා. ඔන්න එතකොට තමයි උන්නැහේටත් හරියට තේරුණේ සොයිසා ඉල්ලන බේත් බඩුව මොකක්ද කියන්න.

“කාරි නෑ; කාරි නෑ; සක්‍රයා මහත්තයා බේත් බඩුවක් නේ හොයන්නේ? මම මායියාගෙන් කෙස් ගහක් ගලවලා ගෙනත් දෙන්නම්; හැබැයි උඹ උන්නැහේට මම දුන්නා කියන්න එහෙම එපා; එතකොට උන්නැහේ ඔය පනම් හතර උඹට දෙන එකක් නෑ; ඒ හින්දා උඹ උන්නැහේට කියපන් හීන් සීරුවෙ උඹම ඒක ගලෝ ගත්තා කියලා.” මෙහෙම කියපු ඒ නෑම්බිගේ පුරුෂයා ඒ කෙස්ගහ ගැමියා අතට පත් කළා. කොහොම හරි; ඉතින් ඒ කෙස් ගහ අතට ගත්ත ‘සක්‍රයා’ පොරොන්දු වුණු පනම් හතර අර ගැමියට දීලා හනික අර මන්තර ගුරුකම් කාරයා ගාවට ගියා. ඒ වශීගුරුකම කරලා වරු තුනක් ගිය හැටියෙම වෙනදාටත් වඩා ජැන්ඩිපහට ඇඳගත්තු ‘සක්‍රයා’ බොහොම උජාරුවෙන් වැස්සිගේ ලෙඩ බලන මුවාවෙන් අර ගෙදරට ගෑටුවය කියමුකෝ; ඒ වෙලාවේ ගෙදර කිසිම කෙනෙක් පේන්න නොහිටියට මොකද ගෙදර පැත්තක තියන මඩුවේ ලෙඩ ගානේ බිම වැතිරිලා හිටපු වැස්සී මෙන්න එක පාරටම නැගිටලා ඔළුවත් කෙලින් කරගෙන අමුතුම තාලෙකට ‘සක්‍රයා’ දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා හුස් ගාලා පිඹ පිඹ සක්‍රයාගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තේ නැතැයි; දැන් මොකද කරන්නේ? සක්‍රයාටත් දෙලෝරත්වෙලා පණ එපා කියලා දුවන්න පටන් ගත්තා; ලෙඩවෙලා හිටපු වැස්සීත් හුස් හුස් ගගා පිඹ පිඹ සක්‍රයාගේ පස්සෙන් එලවන්න පටන් ගත්තා; දැන් සක්‍රයා පොල්වතු මැදින්, බඩවැටි ළඳු කැලෑ මැදින්, හේන් කුඹුරු මැදින් පණ කඩාගෙන මෙලෝ සිහියක් නැතුව දුවනවා; වැස්සිත් පුදුම ජවයකින් සක්‍රයව ලුහුබඳිනවා.

කොහොම හරි මේ ජංජාලයෙන් ටික දවසකට පස්සෙයි ගමේ කාටත් තේරුණේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා වශී ගුරුකමට අර නෑම්බිගේ කෙස් රොදක් කියලා ඒ ඉලන්දාරියා සක්‍රයාට එවලා තියෙන්නේ අරවැස්සිගේ වලිගේ ලොම් ගහක්; කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සේ සක්‍රයාගේ ගෑණු පිපාසය සෑහෙන්න අඩුවුණා වගේම අර වැස්සිගේ අසනීපෙත් හොඳ වුණා ලු.


සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 389

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 764

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 2426

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 1825

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2395

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3783

Please publish modules in offcanvas position.