lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

රූමත් යකැදුරු බිරිඳක සිටින නිවසට රිංගු ඉලන්දාරියා

වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිති වන්නිහත්පත්තුව අතීතයේ ඉඳලම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ධයි. මෑත ඉතිහාසයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධයෙන් “කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ” නමින් ප්‍රසිද්ධ වෙලා හිටපු කඩම්බාවේ සීලරතන හාමුදුරුවන් ගේ පන්සල පිහිටා තියෙන්නෙත් වන්නිහත්පත්තුවට අයත් යාපහුවේ.
වන්නිහත්පත්තුවට අයිති මල්බලිගල කියන්නේ අවුකන - ගල්නෑව ප්‍රධාන මාර්ගය අයිනේ තියන පුරාණ ගමක් මීට අවුරුදු සීයකට හමාරකට කලින් මේ ගමේ පුංචිරාළ කියලා යකැදුරෙක් හිටියා. ඉස්සර යකැදුරන් අද වගේ බොරු ආටෝපයට ප්‍රසිද්ධියට කැමති නැහැ. තමන්ගේ වැඩේ කරලා ඔහේ තමන්ගේ පාඩුවේ හිටියා. නමුත් මේ පුංචිරාළ ඊට තරමක් වෙනස් චරිතයක්. තොවිල්පවිල් ශාන්තිකර්මවල දී තමන්ගේ දස්කම් විස්කම් පෙන්නලා මිනිසුන් විස්මයට පත්කිරීමේ ලොකු කැමැත්තක් උවමනාවක් පුංචිරාළ තුළ තිබුණා‍. ඒ හින්දම වන්නිහත්පත්තුවේ ප්‍රබලම යක්ෂයෙක් වුණු කඩවරටත් උන්නැහේගේ යක්ෂ හැටහත් කට්ටුවටත් මේ තොවිල්පවිල් වල දී එල්ල වුණේ සුළුපටු පීඩනයක් එහෙම නෙමෙයි.
අද වගේ ප්‍රවාහන පහසුකම් නොතිබුණු ඒ කාලේ හුඟක් මිනිස්සු ගමන් බිමන් ගියේ තිරික්කල, බරබාගවලින්. එහෙම නැත්නම් පයින්. ඒ හින්දා මේ පුංචිරාළටත් තොවිල්පවිල් වෙනුවෙන් වැඩිපුර ඉන්න සිද්ධ වුණේ ගෙදරින් පිට.
“ගුරුන්නාන්සේ උඹ පහුගිය දවස්වල කොහේ හරි ගිහින් උන්නද?” පුංචිරාළ ගමට ආපු වෙලාවක කඩපිල් වලදී මුණ ගැහෙන ගම්මුන් එහෙම ඇහුවා.
“පහුගිය ටිකේ මට ඉහ ගහගෙන ඉන්න විදිහක් තිබුණේ නැහැ බොලව්. එක දිගටම තොවිල් පවිල්; මම පහුගිය දවස් ටිකේම උන්නේ අමුණුකොළේ පැත්තේ.”

පුංචි රාළ කිව්වා.

මේ පුංචි රාළගේ අඹුව පුංචි රාළට වඩා හුඟක් තරුණයි; ඒ වගේම හරිම හැඩකාරයි; ඒ හින්දම ගමේ ඉන්න කොළු ගැටව් වගේම දෙගොඩහරි වයසේ උදවියගේත් ඇල්ම, බැල්මත් මේ  නෑම්බිට හිමිවෙලා තිබුණා.
“එතකොට කවුද ගුරුන්නාන්සේ පහුගිය දවස්වල හැන්දෑ කොරේ වටපිට බල බලා උඹලගේ ගේ පැත්තට ගාටපු ඉලන්දාරියා; ඒකා හීන් සැරේ උඹලගේ ගේ ඇතුලට රිංගනවත් සමහරු දැකලා තියෙනවනේ.” ගම්මු එහෙම කියනකොට පුංචි රාළගේ මුළු සරුවාංගෙම හීතල වෙලා ගියා. ඒ වගේම තමන් ගෙදර නැති දවස්වල හැන්දෑවට තමන්ගේ ගේ වටේ කවුරුහරි ඉලන්දාරියෙක් හොරගල් අහුලන බවත් ඊට පස්සේ වට පිට බලලා හීන් සීරුවට ගේ ඇතුලට රිංගා ගන්න බවත් පහුවෙන‍ කොට පුංචි රාළට දිගට හරහට ආරංචි වෙන්න පටන් ගත්තා. කොහොම හරි පුංචි රාළත් පහු පහු වෙනකොට මේ ගැන හාමිනේගෙන් විපරම් කළත් ,ඒ කතා තමන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බැරි වුණු කවුරුහරි ඉරිසියාවට පතුරවපු ගජ බින්න කියලයි හාමිනේ එක හඬින්ම කියා සිටියේ.
කොහොම හරි ගම්මුන්ගෙයි, හාමිනේගෙයි එකකට එකක් වෙනස් කතාවල ඇත්ත නැත්ත දැන ගන්න අදහස් කරපු පුංචි රාළ එක දවසක් තොවිලෙකට යන මුවාවෙන් ගෙදරින් පිටවෙලා ගිහින් හීන්සීරුවෙම හැන්දැ කොරේ ආයිමත් ගෙදර ඇවිත් ගේ අද්දර තියන පඳුරකට මුවාවෙලා බලාගෙන හිටියා.
ඇත්තම නේන්නම්; ගෙදරට එන අඩිපාර දිගේ ආපු හොද උස මහත ඉලන්දාරියෙක් මෙන්න වටපිට බලලා කඩුල්ලත් පැනලා හාමිනේ විතරක් ඉන්න ගේ ඇතුළට රිංගා ගත්තේ නැතැයි. මේ සිද්ධිය දෑහින්ම දැක්කා විතරයි පුංචි රාළට යකා වැහුණා. මේ වගේ දර්ශනයක් කීයටවත් උහුලන්න බැරි හින්දා අසිහියෙන් වගේ පුංචි රාළ ගේ ඇතුළට කඩා වදිනකොටම මෙන්න මායියා ඉස්සරහට ආවා.
“පට්ට බැල්ලි; තෝ කරන ඔය අවලම් වැඩේ අද මගේ අතටම අහුවුණා; කෝ තෝ ගෙන්න ගත්තු ඔය පාහර බල්ලා.” එහෙම කියපු පුංචි රාළ මරුවිකල්ලෙන් වගේ ගේ පුරාම ඒ ඉලන්දාරියාව හෙව්වා; ඒත් ගේ ඇතුලේ කොහේවත් මිනිස් පුළුටක් නැහැ. ඒ හින්දා පුංචි රාළ මාරාවේශයෙන් වගේ බිරිඳගේ ඇඟට කඩා පැන්නා.
“තෝ හැමදාමත් මට දෙන මේ වදේටත් සීමාවක් තියෙන්න ඕනේ; හිටපිය අද මම තෝව කම්මුතු කරන්න.” මෙහෙම කියපු හාමිනෙත් මොකද කරන්නේ? ගේ ඇතුලේ තිබුණු මෝල්ගස් කෙටිය ගෙනැල්ලා පුළුවන් තරම් වෙර වීරිය යොදලා පුංචි රාළගේ ඉහමතට පත බෑවේ නැතැයි. හාමිනේගේ ඒ මෝල්ගස් ප්‍රහාරේ කොච්චර ප්‍රබලද කිව්වොත් පුංචි රාළ ලේ විලක් මැද එතැනම මිය පරලොව ගියා.
මේ සිද්ධියෙන් ටික කාලෙකට පස්සේ වන්නි හත්පත්තුවේම එක තොවිල් පලක දී ආරූඩයට පත් ආතුරයා හෙවත් ශාන්ති කර්මයේ නිමිත්ත වන රෝගියා එම යකැදුරාට මෙහෙම කිව්වා.
“මම තමයි බොල කඩවර, මල්බලිගල ඇදුරාගෙන් මටයි, මගේ හැට හත් කට්ටුවටයි සිද්ධ වෙන විනාසේ නතර කරගත්තේ උන්දැගේ අඹුව විතරක් ඉන්න ගොම්මං වෙලාවේ ගමේ උන්ටයි ඒකාටයි පේන්න හොල්මන් කරලා. ඒ හොල්මන් කළේ වෙන කවුරුවත් නොවෙයි බොල මේ මම. බලපිය ඒකෙන් මල්බලිගල ඇදුරට මොකද වුණේ කියලා.”
“තමන්ගේ මහන්තත්තේ පෙන්නන්න මිනිහෙකුට නෙවෙයි යකෙකුටවත් ඕනවට වඩා හිංසා පීඩා කරන්න හොඳ නැහැ කියන්නේ ඕකටයි.”
මේ පුංචි රාළගේ කතාව සිහිපත් කරන වන්නිහත්පත්තුවේ පැරණි ගැමියෝ අදත් කියනවා.

සහන් සංකල්ප සිල්වා

 

Comments  

-5 #1 arschfikaa 2017-01-27 20:48
kohomawunath,punchi raalage tharuna biriyata
ara tharunayaa,100 vathaawakwath hukala ege
[********] rasa athvindala etgineda?
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 483

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.