lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ගුණරත්  බණ්ඩා යනු දහනව වන සියවසේ අග භාගයේ පමණ වන්නි හත්පත්තුවේ විසූ තරමක ධනවතෙකි. තරුණ කාලයේ දී විවිධ ක‍්‍රම මගින් මුදල් උපයා වන්නි හත්පත්තුවේ පුරාණ වැව් ගම් ආශ‍්‍රිත කුඹුරු මිලට ගත් හෙතෙම තරමක මසුරකු ලෙස ප‍්‍රදේශය පුරා ප‍්‍රචලිත විය. නිසි කල වයසේ දී විවාහ වූ මුත් ඔහුටත්, බිරිඳටත් දරුවෝ ද නොවූහ. කෙමෙන් වියපත් වද්දී බිරිඳ පන්සල් ගොස් සිල් සමාදන් වීමටත්, දන් පින් කිරීමටත් උනන්දු වූ මුත් ගුණරත් බණ්ඩාගේ සිත තුළ පිනක් පිළිබඳ අංශු මාත‍්‍රික හැගීමක්වත් නොවී ය.

මැදිවියට පත් වත්ම ගුණරත් බණ්ඩා ලොකු ධනස්කන්ධයක හිමිකරුවකු වූයේ තම කුඹුරු වගා කිරීම පිණිස වන්නිකරේ දුප්පත් වැසියන්ට අඳයට දීමෙනි. එමෙන්ම ඔවුන්ගෙන් තමන්ට හිමිවිය යුතු කොටස ‘‘අන්තිම වී ඇටයට’’ ගණන් බැලීමට ද ඔහු පුරුදුව සිටියේ ය.

වරදක් වශයෙන් සැලකිය නොහැකි ඔහුගේ මෙම ක‍්‍රියාවට ගම්මුන් තුළ විරුද්ධත්වයක් නොවුණ ද එමගින් ගම්මුන් තුළ මෙම මසුරු සිටාණන් පිළිබඳව වූයේ දැඩි අප‍්‍රසාදයකි.

කෙසේ හෝ කලක් ඇවෑමෙන් ගුණරත් බණ්ඩා මහලූ වන අතරේම විවිධ රෝගාබාධයන්ට ද ලක් විය. එනිසා ඔහුට තම කුඹුරු, වතුපිටි පිළිබඳව සොයා බැලීමේ නිසි අවකාශයක් ද නොවී ය. එහෙත්, තම ලෞකික දිවිය කෙරෙහි එතරම් ඇල්මක් පළ නොකළ ඔහුගේ බිරිඳ දිගින් දිගටම පින් දහම්වල නිරත වූවා ය.

සාමාන්‍යයෙන් සෑම කන්නයක් අවසානයේදීම තමන්ගේ කුඹුරු බැලීමට ගොස් අස්වැන්නෙන් තම කොටස වෙන් කර ගැනීමට පුරුදුව සිටි ගුණරත් බණ්ඩාට තම මහලූ බවත්, රෝගී බවත් නිසා පසුව එම අවස්ථාව අහිමි විය.
‘‘අනේ අර යක්කු මගේ අස්වනු කොටහත් තනියම අයිති කරගන්නවා ඇති. අනේ දෙයියනේ මටත් සිද්ධ වුණු නස්පැත්තියක්.’’
අවසාන කාලයේ ගිලන් යහනේ වැතිර සිටි ඔහු දිවා රෑ  මුළුල්ලේ එසේ කියමින් සුසුම් ලන්නට විය.

කිරි ඉතිරිවීම නැතහොත් කිරි ඉතිරුම් මංගල්‍යය යනු වන්නි හත්පත්තුව ඇතුළු පුරාණ වැව් ගම් ආශ‍්‍රිත ගොවි ජනතාව දුරාතීතයේ සිට ඉටුකරනු ලැබූ පූජා චාරිත‍්‍රයකි. කිරි ඉතිරිවීම යනු වැව් කණ්ඩිය මත ‘මුත්තා පොළ’ වශයෙන් විශේෂයෙන් වෙන්කර ගත් ස්ථානයක සිට අස්වැන්නේ මුල්ම සහලින් ගමම එකතු වී විශාල කිරිබතක් පිසීම ය. මෙම කිරි බත සඳහා ප‍්‍රධාන වශයෙන් මුං ඇට එක්කරන අතර එය රසවත් වීම සඳහා පැණි, හකුරු, කජු වැනි දේ ද එක් කෙරෙයි. ඉන්පසුව බුද්ධ පූජාව වශයෙන් කොටසක් වෙන් කරන මෙම කිරිබත පුද දෙනුයේ එම ප‍්‍රදේශයට, භූමියට, කෙත් වතුවලට අරක්ගත් බහිරව දේවතාවුන් වහන්සේ ඇතුළු වෙනත් ගම් හිමි, බිම් හිමි දේවතාවුන් වහන්සේලාට ය.

අතීතයේ මෙම ගම්බිම්, කෙත්වතු හිමිව සිට මියගිය ගම්පතියන්, ජන ප‍්‍රධානීන් ඇතුළු ප‍්‍රමුඛ පෙළේ වැඩිහිටියන් මරණයෙන් පසු මෙලෙස 'මුත්තා දෙවිවරු' වශයෙන් ඇදහීමට ලක්වෙති. ඇතැම් පුරාණ වැව් ගම්වල බහිරව දේවතාවුන් වහන්සේ හැඳින්වෙනුයේ ද බහිරව මුත්තා වශයෙනි. ගම්මුන් එකතු වී තෝරා ගන්නා දිනයක පෙරවරුවේ සිදුකෙරෙන මෙම කිරි ඉතිරුම අවසානයේ ගමම එක්වී එම කිරිබත සප්පායම් වීමෙන් පෙරවරුවේම හමාර වේ. එහි දී එම කිරි ඉතුරුම සඳහා සහභාගී නොවන කුඹුරු හිමියන්, එම ගම්වල වෙසෙන වෙළහෙළඳාම් කරන්නවුන්, රෝගීන්, මහල්ලන් හට ගෙන ගොස් දීම ද පුරාණ වැව් ගම්වාසී ගොවීන්ගේ සිරිතකි.

සිරිත් පරිදි එලෙස එක් කන්නයක් අවසානයේ සුපුරුදු ‘මුත්තා පොළට’ පැමිණි ගම්වාසීහු මහත් උනන්දුවෙන් හා කැපවීමෙන් යුතුව මෙම කිරි ඉතුරුම සිදු කළහ. සාමාන්‍යයෙන් කිරි ඉතිරුම දින රාත‍්‍රියේ හෝ ඊට ආසන්නතම දිනයක එම ප‍්‍රදේශයට සිහින් වැසි වලාවක් පතිත වන බවට ප‍්‍රබල විශ්වාසයක් ගැමියන් තුළ පවතී. එය එම කිරි ඉතිරුම කෙරෙහි දෙවියන් සතුටු වීමේ ලක්ෂණයක් සේ ඔව්හු සලකති. එහෙත්, එදින රාත‍්‍රියේ ප‍්‍රදේශයට ඇද හැළුණේ විදුලි කොටමින් හෙණ හඬ තලන මහා වර්ෂාවකි.

පසුදාට පහන් විය. ඒ සමඟම ගම පුරා පැතිර ගියේ එක්තරා උණුසුම් ආරංචියකි. ‘අන්න ගුණරත් බණ්ඩා මුත්තා ඊයේ රෑ නිදි පැදුරේදීම මැරිලා’ යනු ඒ ආරංචියයි. එමෙන්ම මෙම පුවතත් සමඟ ගැමියෝ වහ වහා ඔහුගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු විපරම් කරන්නට වූහ. එවිට ඔවුන්ට ඒත්තු ගියේ කිසිවකුත් අපේක්ෂා නොකළ දෙයකි. එනම් පෙරදා පැවැති කිරි ඉතිරුම් මංගල්‍යයෙන් කිරිබත් ස්වල්පයක් ගුණරත් බණ්ඩාගේ නිවසට ගෙන යාමට සියල්ලන්ටම අමතක වී ඇති බවකි.
‘මෙදා නම් අපේ අතින් සිද්ධ වුණේ ආයිත් හදාගන්න බැරි බරපතළ වැරැද්දක්. ගුණරත් බණ්ඩා මුත්තාගේ කුඹුරුවලින් ගත්තු අස්වැන්නෙන් කරපු කිරි ඉතිරුම් මංගල්‍යයේ කිරිබත් ටිකක් ගිහින් නොදීම හින්දා උන්දෑ මැරෙන්න ඇත්තේ අපි ගැන ලොකු වෛරයකින්.’ මෙම මරණය සැලවූ පසු ගැමියෝ එලෙස සුසුම් හෙලන්නට වූහ.

එමෙන්ම පෙරදා රාත‍්‍රියේ හටගත් එම ධාරානිපාත වර්ෂාව දින හතක් එක දිගටම පැවැති බවත් ඉන් පුරාණ වැව්වල වේලී සිදී ගොස් මහා ගංවතුරකින් ප‍්‍රදේශය යට වූ බවත් කියනු ලැබේ. මින් මහත් වික්ෂිප්ත බවට පත් ගැමියෝ මෙම ස්වාභාවික විපතට හේතුව කුමක්දැයි විමසීමට පේන ඇසීමට විවිධ ප‍්‍රදේශවලට ගියහ.

එවිට ඉබ්බාගමුව, කිරිඳිවැල්ල ප‍්‍රදේශයේ දේවාලයකින් ඇසූ පේනයකින් කියවුණේ හදිසියේ මියගිය ගමේ ප‍්‍රභූ වැඩිහිටියකු ගම්මුන් කෙරෙහි කෝප වී යක්ෂාත්මයක් ලබා එම ගම ඇතුළු අහල ගම් හතකට විපත් පමුණුවන බව ය. එම පුරාණ දේවාලය පිහිටි ප‍්‍රදේශය අදත් දේවාලලන්දවත්ත යනුවෙන් හැඳින්වෙයි. මේ අතර ගුණරත් බණ්ඩාගේ කුඹුරු අඳයට ගෙන අවසන් කාලයේ ඔහුට නොසැලකූ ගැමියන් හමුවේ සිහිනයෙන් පෙනී සිිටි ගුණරත් බණ්ඩා ඔවුන්ට ද තර්ජනය කරන්නට විය. කෙසේ හෝ මින් මහත් බියටත්, කම්පාවටත් පත් ගැමියෝ ගුණරත් බණ්ඩාගේ යක්ෂ ආත්මයෙන් අත් මිදෙන උපාය මාර්ග සොයන්නට වූහ. එහි දී එම ශාස්ත‍්‍ර, පේන, නිමිති, අංජනම් ආදියෙන් පැවැසුණේ මින් පසු ගුණරත් බණ්ඩා ද මුත්තා දෙවි කෙනකු සේ සලකා ඔහුට පුද පූජා පැවැත්වීමෙන් ගමට එල්ල වන සියලූ ව්‍යසනයන්ගෙන් අත්මිදිය හැකි බව ය.

ඒ අනුව ඉන්පසු වන්නි හත්පත්තුවේ බහිරව ඇතුළු මුත්තා දෙවිවරුන් අතරට ගුණරත් බණ්ඩා මුත්තා ද එක් වූ අතර කිරි ඉතිරුම් මංගල්‍යය සිදු කෙරෙන ‘මුත්තා පොළේ’ ද මෙම දෙවියන්ට විශේෂ ස්ථානයක් හිමිවිය.

කෙසේ හෝ අදත් වන්නි හත්පත්තුවට අයත් ඇහැටුවැව ප‍්‍රදේශයේ ඇදහීමට ලක්වන බහිරව සහ මුත්තා දෙවිවරුන් අතර මේ ගුණරත් බණ්ඩා ද සැඟවී ගම්මුන්ගේ පුද පූජාවලට ලක්වනු ඒකාන්ත ය.

(වන්නි හත්පත්තුවේ ජනශුැති අධ්‍යයනයක් ඇසුරෙනි)

තිලක් සේනාසිංහ

Page 1 of 5

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 1232

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1020

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 4634

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2685

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1715

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 888

Please publish modules in offcanvas position.