lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

නකල්ස් මුදුනත මාවත දිගේ අහස් ගව්වට පිය නගමු (පින්තූර)

අතීතයේ සිට දුම්බර කඳුවැටි නමින් හැඳින්වුණු කන්ද උඩරට පිහිටි මනස්කාන්ත කඳුවැටි පෙළ අප රට පාලනය කළ ඉංගිරිසීන් හඳුන්වා ඇත්තේ නකල්ස් (Knuckles) යනුවෙන්. අතක් මිට මෙළවූ විට ඉස්මතු වී පෙනෙන අතැඟිලි අස්ථීන්ගේ ස්වභාවයෙන් දුරට පෙනෙන නිසා ඔවුන් මේ කඳුවැටි පෙළට ඒ නම යොදා ඇති බවයි පැවසෙන්නේ. මධ්‍යම පළාතට අයත් මේ නකල්ස් කඳු පෙළ 2010 වසරේ ශ්‍රීපාද රක්ෂිතය, හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය සමග ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
එහෙත් මේ නකල්ස් කඳුවැටි ගැන දන්නා බොහෝ දෙනෙක් නකල්ස් කඳු මුඳුනට පිවිසෙන මාවත ගැන දන්නේ නැහැ. නමුත් අප රට පාලනය කළ ඉංග්‍රීසින් මුල්වරට අපට මේ නකල්ස් මුදුන් මාවත (Knuckles Peak Road) හඳුන්වා දී තිබෙනවා.
ඒ මාවත ඔස්සේ ශ්‍රී ලංකාවේ අසිරිමත් ඉසව්වක් වෙත ඔබ කැඳවාගෙන යාමටයි අපේ මේ සූදානම. මෙම රමණීය ඉසව්ව හැඳින්වෙන්නේ ‘ගෝමර’ යනුවෙන්. නකල්ස් කඳු මුදුන් වෙත ළංවීමේ පහසුම මාර්ගයක් ලෙස ඉංග්‍රීසීන් හඳුනාගත් මෙම ප්‍රදේශයට පිවිසිය හැකි මාර්ග කිහිපයක්ම තිබෙනවා. මහනුවර සිට වත්තේගම, පන්විල, හුලුගඟ, බඹරැල්ල දක්වා බස් රථයකින් පැමිණ එතැන් සිට ඇති රළු මාවත ඔස්සේ කිලෝ මීටර් හතරක පමණ දුරක් ශීඝ්‍ර බෑවුම් මාවතක් ඔස්සේ ඉදිරියට එන ඔබට අහස් ගව්වක් සේ දිස්වන මෙම ගෝමර ප්‍රදේශයට ළංවිය හැකියි. බඹරැල්‍ලේ සිට ගෝමර දක්වා ඇති දුර ප්‍රමාණය වෑන් රථයකින් ජීප් රථයකින් හෝ ත්‍රිරෝද රථයකින් වුවත් පසු කිරීමට පුලුවන්. නමුත් මෝටර් රථ ගමන් කළ හැකි පසුබිමක් නම් ඒ රළු පරළු මාවතේ නැහැ.

මේ ගමනේ අතරමග හමුවන හුළු ගඟ කඩමණ්ඩිය අද්දර දී ඔබට හුළු ගඟ ඇල්ල දැක ගන්නට පුලුවන්. එය පසුකොට තවත් ඉදිරියට එද්දී සොබා දහමේ අපූරු නිමැවුමක් වන ජෝඩු ඇල්ලත් ඔබට දැක ගත හැකියි. මේ ඇල්ලට ඒ නම ලැබි ඇත්තේ දිය ඇල්ල දිය ඇලි යුවලක් සේ එක්වර කඩා හැලෙන නිසයි.
මේ ගෝමර ප්‍රදේශයට පිවිසෙන ඔබට එක් අතකින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන නකල්ස් රක්ෂිතයත් අනෙක් පසින් පුරවන් ගිය තේ වගාවන් සහ ඊට අමතරව කරාබු, එන්සාල්, සාදික්කා වැනි වගාවන්ද දැකිය හැකියි.
මෙම ගෝමර ප්‍රදේශයේ උස මුහුදු මට්ටමින් මීටර් 1194 හෙවත් අඩි 3917ක් පමණ වෙනවා. එනිසා නිරතුරුව තරමක් සිසිල් දේශගුණයක් පවතින මෙහි ඇත්තේ පැයෙන් හමාරෙන් ක්ෂණිකව වෙනස් වන දේශගුණයක්. මේ දැන් හාත්පස වසා ගත් ලා අවුරැල්ල එක්වරම අතුරුදන්ව ගොස් ඝන මිහිදුමකින් පරිසරය වැසී යාමත් ඒ සමගම එන වැහි කෝඩයක් මගින් ඔබේ ගත තෙතබරි වීමටත් මේ ඉසව්වේ දී පැහැදිලි ඉඩක් තිබෙනවා. මෙම රමණීය පරිසරය මැදින් ගලා හැලෙන ගල්‍පොත්තාව ඔයේ ශීතල ජලයෙන් ගත සිත සුවපත් කර ගැනීමටත් ඔබට මෙම චාරිකාවේ දී හැකිවේවි. ෙජෙව විවිධත්වය අතින් විශිෂ්ඨතම
පාරිසරික කලාපයක් වන මෙහි කඳුකර තෙත් වනාන්තරවල දැකිය හැකි ක්ෂීරපායි, පක්ෂි, උරග, මත්ස්‍ය සහ සමනල විශේෂ රාශියක්ද දුලබ ගණයේ උඩවැඩියා විශේෂ රැසක් සහිත උඩරට තෙත් කලාපීය තුරුලතා ගහණයක් ද දැක ගත හැකියි.
කඳු තරණය, ඡායාරූපකරණය, වන සතුන් නිරීක්ෂණය ආදී සොබා දහම හා සබැඳි විනෝදාංශ රැසකට මං පාදා ඇති මෙම පරිසර කලාපය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොබා වනමං පෙත් තරණයකටත් (Nature trail) කඩිනමින් කටයුතු සලසන බව මා ඔබට දන්වා සිටින්නේ ඉමහත් සතුටින්.








විස්තර සහ ඡායාරූප වෛද්‍ය සුගත් විජේවර්ධන

Comments  

+1 #1 m.kirinde 2017-04-20 07:50
Beautiful, and a great article !!
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2630

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1073

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8842

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3902

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1226

Please publish modules in offcanvas position.